You are here: Home » අනේ මංදා... » හිනාවෙන් මැණික......(by රත්ගමයා)
Sunday, July 1, 2012
ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ
පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා
කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා
Related Posts
Subscribe to:
Post Comments (Atom)
බෑ.හිනාවෙන්න බෑ....
හ්ම්ම්ම්ම්............
පෙකනිය නොදක්වා....
සළු ඇද බොලට දක්වා...
නොපා දන පෙන්වා....
සිනා නොමසෙන් දසන් දක්වා...
හික්ස් :)
හරිම මාඥ්ජමිකයි !!!
මොකද අප්පා මේ වෙන්නෙ?
සපත්තුව කාලා තියෙනවා උගුරු දණ්ඩෙම හිර වෙන්න...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
එහෙම තමා.....
මේක නම් ආය් සුපිරි සපත්තුවක් වගේ...මෑක්ක කොරන්නයෑ ආඩරේ කියන්නෙ හිමිවීමම නෙමෙය් ලු නේ...කමෝන් මෑඈන්..
"ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා " මම මේ ටිකට තමා ආසම හ්ම්ම්..ලස්සනයි යාළු! :)
හිතා ගන්න බැරිවෙන්නම් සපත්තුව කෑවද මන්දා...
අන්තිමට හුගාක් වෙලාවට වෙන්නේ මේ දේම තමයි ඉතින්...