Showing posts with label අනේ මංදා.... Show all posts
Showing posts with label අනේ මංදා.... Show all posts

Sunday, July 1, 2012

හිනාවෙන් මැණික......(by රත්ගමයා)

10 ප්‍රතිචාර | Read more...

ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ


පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා


කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා

Thursday, June 21, 2012

මතකය........

4 ප්‍රතිචාර | Read more...
 
 
වැව් බැම්මට උඩින් ඉදන් හුලං පොදක් විද ගන්නට
ආල කතා කොදුර කොදුර ඔයත් එක්ක ගුලි වෙන්නට
නුග ගස් යට වාඩි වෙලා නුඹෙ තනුවට ගී හදන්ට
පෙරුම් පිරුව පුංචි හිතට සිද්ද උනේ දුක් විදින්ට

ඈත අහසේ පියඹන්නට මාත් එක්ක පෙරුම් පිරුව
වලාකුලක සැගවෙන්නට ආසාවෙන් බලන් උන්න
පාලු රැයක එලි වෙනකල් කන් පිරෙන්න කතා කෙරුව
පුංචි හිතට දුකක් දුන්නේ කොහොමද ඔබ මට කියන්න

දෑ අවුරුදු ප්‍රේමය හිත විදව විදව රිද්දනකොට
අපේ පුංචි මතක අස්සේ හීනෙන් මම තනි වෙනකොට
ඔයා කියපු බොලද වදන් දෙසවන් මගේ පුරවනකොට
ඇස් පියාන නිදා ගන්නේ කොහොමද මම සදහටම

Saturday, December 31, 2011

අපෙ සෙකට්ට්‍ර අක්කා

4 ප්‍රතිචාර | Read more...

මා ඉදිරියේ
තිරයෙන් එහා
දබරැගිල්ල හප හප
තිරය දෙස බල බල
වැඩක් ඇතා හෝ නැතා
G චැට් කරනා
අපෙ සෙකට්ට්‍ර අක්කා
අයිස් ගසයි..

Wednesday, December 7, 2011

මාතෟකාවක් නොදනී

13 ප්‍රතිචාර | Read more...

සුවඳ දෙන
සඳුන් උයනක
ඇවිද ගිය මා,
කෝටුවක් ගෙන
ගෙදර ගිය මට
ඇයි පෙරදි මෙන්
සුවඳ නොදැනුනෙ??:( :(

ප.ලි- මම මේ කියලා තියෙන්නෙ අන්තඃ පුරයක් තියන් හිටපු කොල්ලෙක්ට කසාඳ බැන්ඳම වෙන ආනිසංසෙ. ආයෙත් පාරක් එහෙනම් කියවලා බලන්නකො :D

Tuesday, September 20, 2011

මගෙ කොම්පීතරේ

7 ප්‍රතිචාර | Read more...
අනේ හ‍‍පොයි ම‍ට වුන වියෝයා
PC එකේ මව් පුවරුව පිච්චී ගියෝයා
එය සාදන්නට වොරන්ටි ක්ලේම් කලෝයා
එහි පින් දෙකක් ඩැමේජ් වී ඇති බව එතනිං කියෝයා

කොහොම වුනත් එතන අයියා හොඳ එකාය
බලමු මල්ලි මොනාහරි කරන්න ඔහු කීවේය
මම ඌට පිං දී ගෙදර ආවේය
ගෙදර තිබුන පරණ මැසිමක් සාදා ගත්තේය

7 වලින් XP බහින්න සිදු උනානේ

සසර කළකිරී හොල්මං උනානේ
දවසක් මා turn off බොත්තම ඔබා ගමනක් ගියානේ
ගෙදර එන කොටත් ෂට් ඩවුන් වින්ඩො එක ඕපන් වී තිබුනානේ

2GB රැම් එක 128 උනානේ

වින්ඩෝස් ඕපන් වෙන්න හෙන වේලාවක් යනවානේ
බට්න් එක ඔබා කාබී එන්නටත් වෙලා තියෙනවනේ
අනේ මට මෙව්වා දැක්කම ජීවිතේ එපා වෙනවානේ

හාඩ් එකක් ඇත්තේ XP පමනක් දමන්නටනේ

එය 15 GB වී කරුම පරිසං දෙනවානේ
මූවි එකක් දාගන්නට ඉඩ නැති දුකිනී
TV සීරි එකක් දා ගත්තෙමි දුක් බරිනී

කම්මැලිකමට එය බැලුමට මම පුටුවේ වාඩි වුනානේ

හෙන වේලාවක් එය open වීමට ගත වුනානේ
open වුනත් එහි කොටු කොටු පෙනුනානේ
VGA memory is too low කියා මැසේජ් එකක් ආවානේ :(