මගෙ කොම්පීතරේ

Tuesday, September 20, 2011

අනේ හ‍‍පොයි ම‍ට වුන වියෝයා
PC එකේ මව් පුවරුව පිච්චී ගියෝයා
එය සාදන්නට වොරන්ටි ක්ලේම් කලෝයා
එහි පින් දෙකක් ඩැමේජ් වී ඇති බව එතනිං කියෝයා

කොහොම වුනත් එතන අයියා හොඳ එකාය
බලමු මල්ලි මොනාහරි කරන්න ඔහු කීවේය
මම ඌට පිං දී ගෙදර ආවේය
ගෙදර තිබුන පරණ මැසිමක් සාදා ගත්තේය

7 වලින් XP බහින්න සිදු උනානේ

සසර කළකිරී හොල්මං උනානේ
දවසක් මා turn off බොත්තම ඔබා ගමනක් ගියානේ
ගෙදර එන කොටත් ෂට් ඩවුන් වින්ඩො එක ඕපන් වී තිබුනානේ

2GB රැම් එක 128 උනානේ

වින්ඩෝස් ඕපන් වෙන්න හෙන වේලාවක් යනවානේ
බට්න් එක ඔබා කාබී එන්නටත් වෙලා තියෙනවනේ
අනේ මට මෙව්වා දැක්කම ජීවිතේ එපා වෙනවානේ

හාඩ් එකක් ඇත්තේ XP පමනක් දමන්නටනේ

එය 15 GB වී කරුම පරිසං දෙනවානේ
මූවි එකක් දාගන්නට ඉඩ නැති දුකිනී
TV සීරි එකක් දා ගත්තෙමි දුක් බරිනී

කම්මැලිකමට එය බැලුමට මම පුටුවේ වාඩි වුනානේ

හෙන වේලාවක් එය open වීමට ගත වුනානේ
open වුනත් එහි කොටු කොටු පෙනුනානේ
VGA memory is too low කියා මැසේජ් එකක් ආවානේ :(

7 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    September 20, 2011 at 2:02 PM

    අපරාදේ කොළඹ ඉදන් බදුලු යන උඩරට මැනිකේ කෝච්චිය මේ දැන් පේරාදෙණිය ඉස්ටේසමෙන් ගියා විතරයි. කලින් කිව්වා නම් මොනා හරි කරන්න තිබ්බා. හක හක හක :)

    සීරීයස් ලි....
    දැන් කවද්ද මැෂින් එක හදලා දෙනවා කිව්වේ ?

  • Bunny says:
    September 20, 2011 at 2:07 PM

    මචං මේක කවිපේලියක්ද ? මට නිකං එහෙමයි කියලා හිතෙනවා..!

  • නදී says:
    September 20, 2011 at 2:10 PM

    ඒක තමයි ඔයා පේන්න ගහිටියෙ නැත්තේ.මම් ඒත් බැලුව මොකද කියල.මැශින්ස් ඔහොම තමයි.කැඩෙනවා...හදනවා...

  • Praසන්ன says:
    September 20, 2011 at 3:29 PM

    ඉස්සර කාලෙ ඩුවල්කො තිබුණේ නැතේයා
    ඒ කාලෙත් මේ වැඩටික ‍කළෝයා.

  • Anonymous says:
    September 20, 2011 at 7:03 PM

    පහුගිය අවුරුදු පහකට මේ පාවිච්චි කරන්නේ මගේ තුන්වෙනි අම්මබෝඩ් එකය!

  • Anonymous says:
    September 21, 2011 at 1:23 AM

    ඔය කවියම
    මන් ගැයුවේ
    ලැප අකුණට
    කරුමෙට මෙන්
    මියැදුණු ඒ වෙලාවේ..

  • නදුන් උයන says:
    September 21, 2011 at 10:39 PM

    මරේ මරු ඈහ්......!!!

Post a Comment