මම සහ වැරැද්ද

Thursday, September 15, 2011


පරාජය වූ කලී
විජයග්‍රහණයේ පාඩමයි....
කලකට ඉහත එසේ අරථකතනය කල
මම
පරාජය යනු හුදෙක් පරාජයම බව
සත්‍යාපනය කර ඇත.

කලකට ඉහත විද්‍යාවට ඇලුම්කල
මම
අවිද්‍යාව පෙම් බඳිමින්...
ජීවිතය සොඳුරු නවාතැන්පලක්...
වැරදි තේරුමක් දුන් 
මම
මරණයට ආවඩමින්...  

 

4 ප්‍රතිචාර:

  • Bunny says:
    September 16, 2011 at 6:41 AM

    පරාජය යනු හුදෙක් පරාජයම බව
    සත්‍යාපනය කර ඇත.

    නෑ පුතා..


    පරාජය යනු නව නිපැයුමක අඩිතාලමයි.. :) (උත්සාහවංතයාට)

  • නදී says:
    September 16, 2011 at 8:23 AM

    ඉවසාපන් මලේ ඉවසාපන්.උඹ කවද හරි දිනනවා.
    විකාර හිතන්නෙ නැතුව මොළේ කල්පනා කරලා වැඩ කරහන්.

  • Anonymous says:
    September 16, 2011 at 5:17 PM

    මමත් පරායජ උනා, මම හිතන්නෙ, එ්ත් මම විද්‍යාවට වෛර කරන් නෑ! මට හිතෙනව මම පැරදිලා වගේ පෙන්නට තාම පැරදිලා නෑ කියල

  • Anonymous says:
    September 17, 2011 at 11:33 AM

    ජීවිතය එක්තරා නවාතැන්පලක්. එය සොඳුරු කරගන්නේත්, අඳුරු කරගන්නේත් අප විසින්මයි, අපගේ කල්ක්‍රියාවන් තුළින්.

    වැරදි තේරුම් ගත්තේ නම් ජීවිතය ට ඉඩ දෙන්න. විද්‍යා, අවිද්‍යා භේදය අමතක කර සිත ට එකඟව ජීවත් වන්න. ජීවිතය ජීවත් කළ හැකි වන්නේ එවිටයි......

Post a Comment