ඔයා මගේ නෙමේ

Monday, February 14, 2011


හඩන කදුලු මගේ ඇස් වලට බර වුනාට...
එ කදුලු ඔයාට දුකක් වෙන්න දෙන්න මට බැ...
මගේ හැම සුසුමක්ම ඔයාව ඉල්ලුවට...
ඒ ...ආසාව මට දෙන්න ඔයාට බැ...
ඔයා මගේ නෙමේ ...
මම ඔයාගෙත් නෙමේ..
අපි අපේත් නෙමේ...


අපි දෙන්නෙක්..
එක මාර්ගෙක මම ඉන්නව..
එක සන්ධියක ඔයා ඉන්නවා...
රෙල්පිලි දෙකක් වගේ...
ලං වෙන්න කවදාවත් බැරි...


හඩන හිත හිත් ගැඹුරට ගෙන..
නුඹට නොපෙන්න මගේ උනුහුමේ..
මගේ ආදරය වලලා ගන්නම්..
නුඹට නොහැගෙන මගේ ආදරය...
නොතෙරෙන්නම මියැදවන්නම්...
ඒ රිදුම් මට සේ නුඹට නොහැගෙන්න...

14 ප්‍රතිචාර:

  • මාරයාගේ හෝරාව says:
    February 14, 2011 at 10:16 PM

    දෑසින් දෑසට ලංව බලාගෙන..
    දෑගිළි තුඩගින් අත් පටලාගෙන..
    කිසිදා එක් නොවනා බව දැන ගෙන..
    ගමනක් යමු අප දුක ඉවසාගෙන..

    සිතින් මෙන්ම හදවතින් බැඳී ඇති..
    ඒ මුත් කිසිදා අපට උරැම නැති..
    ආදර සිහිනය ගිලිහී යද්දී..
    හඩා වැටෙමු දුක් කඳුළු දරාගෙන..

    මා ලොව ඈතයි එය හරි කටුකයි..
    නුඹ දකිනා සුව සිහිනය නොම වෙයි..
    ඒමුත් නුඹ සිත මා සිත ගාවයි..
    හඩා වැටෙන මගේ සිත මුමුණා යයි..

    අපට උරුම නැති අපේ ලොවක් ගැන..
    සැමදා සිතමින් හඩා වැටෙනු ඇර..
    සුවිසල් මාළිග මැඳුරු තනන්නට..
    ඒ ලොව කිසිදා අපට ඉඩක් නැත..

    දිනයෙන් දිනයට සෙනෙහස පිබිදී..
    මොහොතින් මොහොතට මැරි මැරි ඉපදේ..
    එක්වීමක් කිසි දිනක නැති ලොවේ..
    වෙන්වී යන්නට උරුම වූ මෙසේ..

    දෙදෙනා යන මුත් එකට එක මගේ..
    හමුවීමත් සිහිනයක් සේ හැගේ..
    අනන්තයට යන රේල් පීලිසේ..
    එක්නූනත් යායුතුය එක මගේ..

  • Bunny says:
    February 14, 2011 at 10:20 PM

    අප්පට සිරි මාර කාවිය බලාපල්ලාකෝ :D

    ඕකේ සෝදු පත් බලන්න වගේ, ඔයා ඔය කවිය/නිසදැස මට දුන්න වෙලාවේ මං කීව දේ මෙතන කොපි පේස් කරමි...

    ....
    රේල්පීලි යකඩ හා වානේ මිශ්‍ර කියලා දන්නවද ?
    යට කොටස යකඩ
    උඩ ලාවට වානේ තට්ටුවක් ගාලා
    ඒක උඩ තමා රෝද යන්නෙ..
    ඔය හැම ලෝහයක්ම නවන්න පුලුවන් :):)
    ඒ කියන්නේ
    පීලි දෙක එක ලගට ගන්න බැරි කමක් නැ..
    .....

    පීලි දෙක ලංකරන්න බැරිකමක් නැ සුදු නංගි..

  • චතුවා says:
    February 14, 2011 at 10:29 PM

    පීලි දෙක ලංකරන්න බැරිකමක් නැ සුදු නංගි.. උවමනාව තියෙනවානම්.. ආදරය තියෙනවානම්...

  • තාරා says:
    February 14, 2011 at 10:58 PM

    කවි පේලි දෙකම නියමයි...

  • ItalyDilan says:
    February 15, 2011 at 1:40 AM

    මෙතන එක්කෙනෙක්ට කවිය හොදයි කියන්න බෑ,,,දෙන්නටම දෙන්න වෙනවා,,,මාරයියා,නිම්ශා නගා සතිය ආරම්භයේදිම හොදම කවි 2ක් එලියට පැන්නා...

  • MaRLaN says:
    February 15, 2011 at 1:58 AM

    මම නම් ඔන්න මුකුත් කියන්නේ නෑ.... කතා කරලා වැඩක් නෑ කවිය ගැනනම්...
    එච්චරටම හොදයි...
    මේ කවියේ ඉන්න කෙනාටත් කියන්න තියෙන්නේ "හිතට ඉඩ දෙන්න " කියලා තමයි

  • Prabhath says:
    February 15, 2011 at 8:03 AM

    රේල් පීලි ලං කලොත් කෝච්චිය පීලි පනී....ඒ නිසා ඔය යන විදියට ගියාපුදෙන්.... :)

  • පිණිබිඳු... says:
    February 15, 2011 at 9:19 AM

    නමක් නැති තවත් ආදරයක්

  • චතුවා says:
    February 15, 2011 at 12:41 PM

    -වැරදි නිවැරදි කිරීම-

    මා විසින් කලින් කමෙන්ටුවේදී "පීලි දෙක ලංකරන්න බැරිකමක් නැ සුදු නංගි.. උවමනාව තියෙනවානම්.. ආදරය තියෙනවානම්..." ලෙස කළ ප්‍රකාශයේ වරදක් ඇති බව පෙනේලු.

    පීලි දෙකක්, උවමනාව ආදරය ‍තියෙනම් ලංකල නොහැකි බව හැබෑව. මම අදහස් කලේ රේල් පීලි දෙකට හරස් වුන සිල්පර වගේ එකතු වෙන්න බැරිව ප්‍රශ්න වලට මැදි වෙලා ඉන්න පෙම්වතුන්ට අවංක ආදරයක්, උවමනාවක්ථ උත්සාහයක් තියෙනවානම් ඒ ප්‍රශ්න වලට කොහොම හරි උත්තර හොයගෙන එකතු වෙන්න පුලුවන්ය කියන එකලු.

    තේරුනෙයි?

  • Rv says:
    February 15, 2011 at 3:20 PM

    ඔයා මගේ නෙමෙයි .... මම ඔයගෙත් නෙමෙයි
    දයිවයේ සරදමට අහම්බෙන් හමු වුනා පමණයි.
    මට අයිති එක දෙයක් ඔයා ලඟ නැවතිලා!!!

    ඕන කම තිබුණත් ... අයේ ලබාගැනුමට
    නොවෙන බව දනිමි මේ භවය තුළ
    නීතියෙන් ඔබ ඔහුගේ වෙන්න තා ටික දවසයි... :'(

  • Anonymous says:
    February 15, 2011 at 4:16 PM

    @මාරයාගේ හෝරාව: මුකුත් කියන්නේ නැ මම ..කියන්න වචන නැ අද...

    @ pirate bunny : මාර අයියාගේ කවිය සුපර් නේ බනි...

    ඔය කියන යකඩ..වානේ නමන්න හිතක් මට නැ ... බලෙන් පීලි ලං කරලා පොඩි අයියා කිව්වා වගේ කොච්චිය පෙරලුනොත්...අද අඩන කදුලු වලට වඩා ඇඩිමක් මට හෙට අඩන්න වෙයි...

    @තාරා: තැන්කු තාරා...:)

    @italydilan: තැන්කු ඩිලන් අයිය...:)

    @marlan: තැන්කු මාලන් අයියා එත් හිතට ඉඩ දෙන්නේ මොනාටද කවියේ ඉන්න එක්කෙනා....

    @පොඩි මහත්තයා : ඔව් මම එකගයි.. :)

  • Anonymous says:
    February 15, 2011 at 4:20 PM

    පිණිබිදු : නමක් නැති ආදරයක් කිවේ...මේ ටිකම පිණිබිදු අක්කා මට ප්‍රශ්න ඉතුරු කරලම යනවා.. o.O

    ලමයා : ආදරයක් ගලන්නේ ප්‍රශ්න එක්ක කොහොමත්..එකට කොහොමත් සිල්පර,කොට කැලි අනන්තවත් එයි..එහෙම ආවම පස්සට යනවානම් දැන්ම..ඉස්සරහට එන ප්‍රශ්න වලට විසදුම් එයාල හොයා ගන්නෙත් හරි අඩුවෙන්..උවමනාකමක් නැතිවෙයි..වටිනකමකුත් නැතුව ඇති.. ආදරයත් තෙරුම් ගැනිමත් තියෙනව නම්... එකතු වෙල එන ප්‍රශ්න අයින් කරන්න බැරිකමක් නැ..
    ඔයා කිව්ව දේ තෙරුනෝ..මම හරි නේ කිව්වා... :)

    @සිතුවිල්ල:

    නීතියෙන් මම ඔහුගේ වෙන්නට ...
    ඇත්ත තව ටිකම දවසයි...
    හදවතින් මම නුබේගේ සදහට...
    මියෙන තෙක්... මගේ හදවත...
    නොහඩන් පෙම්වත...කිසිකලක..
    මේ භවයේ මම නුඹේ නොවුනත්...
    මතු ආත්මයේ මම නුබේම විතරයි...

    තැන්කු ඔයාටත් ... :)

  • චතුවා says:
    February 15, 2011 at 4:30 PM

    නිම්ශා
    ආ.. එල එල.. ඔය තියෙන්නේ.. දැන් එහෙනම් නාඬා ඉන්න... :P

  • Rv says:
    February 16, 2011 at 11:12 AM

    නොහඬමි යළි කිසි දිනෙක .. ඔබ තුටින් නිසා ..
    කඳුලු වියළී සුසුම් පමණයි හෙළන්නේ ..!
    නොයෙමි ඔබට දිස්වෙන්න මතු කිසි දිනක ..
    මට උරුම කඳුලු ඔබට දිය නොහැකි නිසා ..!

    @නිම්ශා : තෑන්ක්ස් .. ඔයා කියපු ටික එයා මටත් කිව්වනම් ..............................................

Post a Comment