නුඹේ හිතුවක්කාරි...

Wednesday, February 23, 2011


හඩන හිත මගේ සනසන්න..
සනසා ලගින් හිදින්න...
කදුලු තෙරෙපෙන දැස මගේ..
පිහිදා හිනාහෙන්න...
නුඹ තරම් වෙන කෙනෙකු...
දන්නේ නැ නේද..


උණුසුම් නුබේ හුස්ම පොද ලග...
ගැහෙන හිත තදකර...
ආදර කතාවක පාට තවරන්න...
ලංවී හිනැහෙන්න...
ආදරයෙන් මා අමතන්න...
නුඹ තරම් වෙන කෙනෙකු නැ මට...


වෙන කෙනෙකු ගැන හිත හිතන්න...
ලංවි නුඹ හැරදමා හිනාවෙන්න..
නුඹේ දුක සතුට කර පා කර යවන්න...
දන්නේ නැ නුඹේ හිතුවක්කාරි...
දන්නේ නැ කෙදිනකවත්..

14 ප්‍රතිචාර:

  • චතුවා says:
    February 23, 2011 at 7:18 PM

    මේකත් හීන ලොකෙන් කියලා කිව්වොත් ඒක බොරුලු.. ;)

  • Bunny says:
    February 23, 2011 at 7:18 PM

    ඔහොම වෙනවා නම් කොල්ලාට අබ සරණයි :D :P

  • Anonymous says:
    February 23, 2011 at 7:31 PM

    @චතු: හීනයක් තමයිලු :P...

    @pirate bunny: කොහොම උනොත්ද කොල්ලාට අබ සරණ...ඇ... ??

  • Bunny says:
    February 23, 2011 at 7:35 PM

    ඔය කියලා තියෙන එව්වා කරන්න ගියොත්..
    Eg:
    හඩන හිත මගේ සනසන්න..
    සනසා ලගින් හිදින්න...
    කදුලු තෙරෙපෙන දැස මගේ..
    පිහිදා හිනාහෙන්න..

    මෙහෙම කර කර ඉන්නෙ කෝමද ? පික්සු හැදේ :P

  • Anonymous says:
    February 23, 2011 at 7:41 PM

    @pirate bunny : එහෙනම් මතක තියගත්තොත් හොදා බනියෝ මේ ආත්මේ නම් තට කෙල්ලෙක් ලැබෙනවා බොරු...ඔං කිව්වා... :P

  • සීතල අයියා says:
    February 23, 2011 at 7:44 PM

    හඬනා නුඹේ සිත සනසා ලන්නට
    හැමදා එකසේ එකට සිටින්නට
    කඳුලු ගලන නෙත්දෙක පිස සතුටු කරන්නට
    මා තරම් කෙනකු නෑ නුඹට
    මා තමයි නොමියෙන යාලුකම

    අනේ සමාවෙන්න.මම මේක කීපපාරක් කියෙව්වත් මට හරියටම පැහැදිළි වුනෙ නෑ.මට තේරුනේනම් තමා ආදරය කරන කොල්ලා සදහටම ලඟ ඉන්නවනම් මේක කියන ගෑණු ළමයා සතුටු වෙන බව.
    ඒත් ගොඩක් වෙලාවට ඒ කෙනාම තමාට අයිති වෙන්නෙ නෑ.නමුත් යාලු කම කියන එක හැමදාම තියෙනවා.

  • ItalyDilan says:
    February 23, 2011 at 7:47 PM

    හීනලෝකේ තියන්න පුලුවන් කෙනාට කරන්න තියන දේවල්ද මේ

  • Anonymous says:
    February 23, 2011 at 7:56 PM

    @සීතල අයියා : ඔයා තේරුම් අරන් තියෙනවත් හරි...එයා ලග ඉන්න කෙනාට එයා ලගම හැමදාම ඉන්න කියලයි මේ කියන්නේ...ඔයා කියනවත් මේ කියන කෙනා අයිති වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...එත් යාලුකමටත් මේ හැමදේම කරන්න පුලුවන්..එත් යාලුකමයි ආදරයයි දෙකක්.. යාලුවෙක්ට යන්න පුලුවන් උපරිම මට්ටමක් තියෙනවා..එතනින් එහා එයාට අර අඩන කෙනාව සනසන්න බැ..

    තැන්කු සීතල අයියේ..

    @italydilan: ඔව් ඔව් මේ එයාට කරන්න තියෙනව වැඩ නෙන්නම්..ඔය ටිකයි...තව පස්සේ දාන්න ඔනා..

  • රත්ගමයා says:
    February 23, 2011 at 7:56 PM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්.....කවුරුන් විසින් කාහට කියන ලදී ද?

  • සීතල අයියා says:
    February 23, 2011 at 8:06 PM

    සමහර විට තමාට ආදරය කරන කෙනාට වඩා තමාගෙ යාලුවා තමාට ආදරය කරන්න පුලුවං.මමනම් හිතන්නෙ එයා හොඳ යාලුවෙක් නම් ඔයාට එයාව හොඳට විශ්වාසනම්,එයා ඒ විශ්වාසය රකිනවනම් උපරිම මට්ටමක් කියලා දෙයක් තියෙන්න විදියක් නෑ.

  • අඳුරෙන් එලියට says:
    February 23, 2011 at 10:22 PM

    ඇත්ත නැත්ත

    http://aththanaththa.blogspot.com/2011/02/blog-post_23.html

  • මාරයාගේ හෝරාව says:
    February 23, 2011 at 11:08 PM

    දිනක් හමුවී අහම්බෙන් මෙන්..
    රිදුනු හදවත සනසවාළු..
    කප්පරක් සැනසුම් වදන් දී..
    දැවෙන හදවත ගිනි නිවාළු..
    නුඹට මෙන් කිසිවෙකුට ඒ දෙය
    කරන්නට නොම හැකිළු යාළු..

    හද වෙණෙහි තත් සිහින් ස්වරයෙන්..
    ගීතයක් මෙන් සර නගාළු..
    ගැහෙන හදවත ළදල්ලක් මෙන්..
    දහස්වර සැලි සැලී යාළු..
    ඒත් නුඹ ළග අදත් මාගේ..
    මුවේ දොරගුළු වැසී යාළු..

    සදාකල්හිම ළගින් රැ‍ඳෙමින්..
    හදේ හිස් තැන් පිරිමසාළු..
    නුඹෙ සිත ලඟ වැතිර හිඳිමින්..
    අදත් මතු දින හිදින්නේළු..
    ළගින් ඉන්නා බව ඉතින් තව..
    නොදන්නේ නුඹ කිමද යාළු..

  • lkgossipnews says:
    February 23, 2011 at 11:11 PM

    ඵයා නම් මට පිටුපාලා ගිහින් ගොඩක් කල්

  • පිණිබිඳු... says:
    February 24, 2011 at 9:44 AM

    හීන තියෙන්න හැබෑ වෙන්නනෙ. දුක හිතන්න එපා.

Post a Comment