අයිති නෑ මා නුඹට....

Friday, February 25, 2011



හිත දෙමංසලක තනිවි..
නුඹ එක පසක ...
ඔහු එක පසක...
කුමක් මම කරන්නද...
සිතත් මගේ දෙමංසලක...

ඇරඹුම ගත්තේ නුඹ....
නිමාවෙහි තත් ගත්තේ ඔහු..
ඇරඹුමට පෙම් කරත්...
අද නිමාවට වශි වි මම

කලක් පෙම් කලා නුබට...
හැරගියා නොකියාම..
ඔහුට පෙම් නොකලද..
අහම්බෙන් මාපිය යෝජනාවක..
ප්‍රථිපලය වි ඔහු අද...

නොසිතුවත් පෙම් කරන්නට...
ලං වුනා ඔහු හෙමිහිටම...
හිත මතට සොදුරු සිත්තමක්ම විලසින..
පිලිවෙල කලා දුහුවිලි වු මා සිතම...

එදා හැරගිය නුඹ ...
අදත් ඇවිදින් කලඹනවා මා තුන් හිතම..
එනමුදු මිනිස් වෙස් ගත් ඔහු හැරදමා...
පිටුපාන්නට බැ පලාගිය අයෙක් වෙනුවෙන...
ඉතින් හැර දමන් මා..
අයිති නැ මා නුඹට....

14 ප්‍රතිචාර:

  • MaRLaN says:
    February 25, 2011 at 11:01 PM

    හැර ගිය කෙනාට වඩා ලගින් ඉන්න කෙනා වටිනව නේද?

    නියම අදහසක් ඕන්....

  • චතුවා says:
    February 25, 2011 at 11:03 PM

    කියන්න දෙයක් නෑ.. මුල සිට අඟ දක්වාම දැනෙන්න ලියලා තියෙනවා..

    අක්ෂර තුල පල වුනු නිර්මාණ වලින් මම කැමතීම නිර්මාණයක්..! අනේ මන්දා මීට වඩා කියන්න දෙයක්.. තිබුණත් මට මෙතන කියන්න බෑ.. ස්තූතියි නංඟා මේ නිර්මාණයට..

  • pavithra weerapperuma says:
    February 25, 2011 at 11:11 PM

    හ්ම්ම් හරිම භාවාත්මකයි.. ඒ වගෙම ලස්සනයි... හික් හික්...

  • ItalyDilan says:
    February 25, 2011 at 11:15 PM

    ගිය අය ගැන හිත හිත ඉන්න අයට බලන්න හොද නිර්මානයක්

  • රත්ගමයා says:
    February 25, 2011 at 11:28 PM

    මොනව කියන්නද...ගොඩාක් ලස්සනයි....මම ගොඩක් වෙලා බැලුවා...කොහෙන්ද මේ පින්තූරේ හොයා ගත්තේ....?? :) හික්

  • Anonymous says:
    February 26, 2011 at 1:54 AM

    @marlan:ඔව් මාලන් අයියා.. අතහැරිලා ගිය කෙනෙක් වෙනුවෙන් කදුලු,කාලය වැයකරලා පලක් නැ...එයාට අපිව ඔන නැති හන්දානේ ගියේ...ගිය කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිත වට්ටගන්න ඔනා නැ..ඒ කෙනාම නෙමේ මේ ලොකේ ඉන්නේ...එයා නොගැලෙපන හින්දායි ගියේ...එයාට වඩා ජිවිතේට ගැලපෙන කෙනෙක් අපිට මේ ලොකේ මවලා ඇති..කාලය හැමදෙයකක්ම විසදයි...

    තැන්කු අයියා...

    @චතුවා : ඔයාටත් තැන්කු අයියේ..මාව අක්ශරේට ගත්තේ ඔයානේ.. අද ඔයා හන්දා නේ මම මේ පද හීන අක්ශරේට දෙන්නේ.. :) ගොඩාක් තැන්කු

    @සුලැගිල්ල : තැන්කු අලේ... :)

    @italydilan: තැන්කු ඩිලාන් අයියා... කිව්වත් වගේ ගිය අය ගැන හිතන එකත් පාඩුවක්...

    @රත්ගමයා : තැන්කු රත්ගමයෝ.... මේ පික් එක හොයගත්ත එක මොකො දැන් අහ්..හෙහ්... :P

  • MaRLaN says:
    February 26, 2011 at 12:09 PM

    දෙමංසලක නතර උනු හිත..
    යලි නුබ ලගට ගෙනෙන්නට,
    අවසරයි මට

    සමාවෙන්නේ...
    මම දෙවියෙකු නොවෙයි..
    හිත හරි කලබලයි..

    මතක් වෙයි ඒ අතීතය..
    උත්සහ කලත් අමතක කරනට..
    මා දුර්වලයි..

    ඒත් මා දැන් නුබේම පමනයි..
    හිත දිව ගියත් සැම තැන..
    මගේ ආදරේ නුබටමයි..

    කාලය දෙන්න, හිත හදා ගන්න
    මතක් උනු ඒ අතීතය..
    වලලා දමන්නට...

    නගාගේ කවියට මගෙන් පිලිතුරු කවියක් ;) ලස්සන නොවෙන්න ඇති ගනන් නොගන්න

  • Rv says:
    February 26, 2011 at 7:13 PM

    අනේ ........... :'(

    කිව්වත් පහසුවෙන් අකුරු කර
    බෑ මකන්නට මහද සිතුවිලි

    අන් සතු වූ ඔබ දෙස
    බලනු කෙලසද මගේ දෑසින් ...

    නිමාවෙහිම නවතින්න ඔබ ..
    මම සදා ඇරඹුමේ තනි වෙන්නම්.....

  • ඉශ්වි says:
    February 26, 2011 at 7:47 PM

    හැරගියත් මා එදා තනි කර...
    හදවතෙන් නෑ ගියේ මා දුර...
    හේතුවක් තිබුනත් ම හද තුල...
    වැටහුනේ නෑ පහද දෙන්නට...

    සිතට වහල් වී සොයා ආ කල...
    වෙන කෙනෙක් සතු වෙලා මා පෙම...
    යලි නො එන්නම් ඔබේ දිවියට...
    ඔබේ සොම්නස පතා සදහට...

    ලස්සනයි කවිය... :)

  • Anonymous says:
    February 27, 2011 at 3:43 AM

    @marlan : ඔයා කියන්නේ ''නුඹ '' ලග ඉදන්ද... නුබ ලග ඉදන් නම් ...නුඹ මොනා කිවත් කාලය ගොඩාක් දෙවල් පහුකරන් ඇවිත්...



    @සිතුවිලි :

    නිමාවෙහි නතරකර..
    අතරමං කෙරුවේ නුඹ නේද...
    දුකක් නැ මා සිත තුල...
    බලන් හිදින් මෙලෙසම..
    හැරෙන්නට හැකි නැ අද...
    අන්සතු පෙමක් අද මා නුඹට

    තැන්කු සිතුවිලි ඔයාටත්...
    :)

  • Anonymous says:
    February 27, 2011 at 3:49 AM

    @ඉශ්වි :

    හේතු අද හැදුවත් නුඹ මට..
    අන්සතු වි මම...
    නුඹේ පහදා නොදෙන ඒ හිත..
    රිද්දුවේ මුලු හිතම මගේ නේද...
    නොදැනුනා නම් එදා මේවග...
    නො එන් අදද මා ලගට..
    සොම්නස ඔහුයි අද මට...

    ඔයාගේ කවියත් ලස්සනයි ඩලා... :)

  • MaRLaN says:
    February 27, 2011 at 7:06 AM

    ඒ මෝඩි.... ඔතන නුබ කියන්නේ අවසානය ගැන ඔයාගෙම පැත්තෙන්

  • මාරයාගේ හෝරාව says:
    February 27, 2011 at 11:10 PM

    කොයි තරං බැළුවත්..මොන තරං හිතුවත්..ලිය වෙන්නෙම නැහැ අද පද වැල්..මේ දිහා බලා ඉඳලම හිත තෝන්තු වෙලා..

    නන්දා මාලිනියගේ.."රන් කෙන්දෙන් බැඳ.." වගේ නොවුනොත් එච්චරයි...

  • Anonymous says:
    March 7, 2011 at 9:02 PM

    harima lassnai

Post a Comment