වැස්ස

Friday, February 4, 2011

වැස්ස
සොඳුරුය සීතලය
වැටෙන ජල බිඳිති පියකරුය


වැස්ස
මොරසූරණ වැසි ඇද හැලේයි
ගංගා වැව් අමුණු දෙගොඩතලා යයි
කොහිද එහි සොඳුරු බව
සැඟව ගොස් දුඹුරු පැහැ දිය යට...


වැස්ස
නැති දා පෙලයි නියඟය
දඬුවම් දෙයි හිරු රැස් කසයෙන් පිටහං තලා...
නැතිදාට වැසි මිය යනු නියතයි සියල් ජීවය ලෝ පුරා


වැස්ස
අපූරු නිමැවුමකි ලොවේ පැවතුම උදෙස
ඇති දාට මා ආදරෙයි වෙනදටත් වඩා
වැසි වසිනා පොලෝ තලය සරු සාරයි සැමදා


වැස්ස
නැති කලේ උන් හිටිතැනුත්
ඇති කලේ රෝ බිය වසංගතයත්
වරදින්ම නේද මේ ලෝ වැසි මිනිසුන්ගේ....


මදක් සිතන්න...
වැස්ස අපිට අවැසියි...
වැසි නිසා කරදරවූ කලට ඒ මන්දැයි සිතනු යෙහෙකි....

11 ප්‍රතිචාර:

  • සංකල්ප says:
    February 4, 2011 at 4:50 PM

    අපොයි ඔව් අක්කා. වැස්ස මතක් කරන්නවත් එපා. අපේ දිහාවෙත් ගංවතුර ගලලා. එහෙන් කුඹුරු යට වෙනවා.

    ඒ උනාට වැස්ස නැතුවත් බෑ. සමහර කාලවලට වැස්ස ලැබෙන්න කියලා රජරට ගොවියෝ සිරි මහ බෝධියට බාර ත් වෙනවා

  • Unknown says:
    February 4, 2011 at 6:00 PM

    මධුරංග කොලුව අක්කා කිව්වේ නදී අක්ක කියල හිතාන වෙන්ටැති...
    එයාලගේ දිහාවත් ඕං යට වෙලා... මේ පැත්තෙ එන්නත් විදියක් නැතිලු....
    මීට පොඩි මහත්තය

  • සංකල්ප says:
    February 4, 2011 at 6:54 PM

    හෙනම විනාසයක් සිද්ද උනේ. මම හිතුවේ මේක ලියලා තියෙන්නේ නිම්ෂා අක්කා කියලා. බැලින් නම් මේක ගොඩක් කට්ටිය අප්ඩේට් කරන බ්ලොග් එකක් නේ.
    ඕන් මට සමා වෙන්න පොඩි මහත්තයෝ. මධුරංග කොලුවා ලගදි ආපු හින්දා වෙච්චි අත් වැරද්දක්

  • MaRLaN says:
    February 4, 2011 at 7:26 PM

    මේ බ්ලොගය 9 දෙනකු විසින් ලියනු ලබනවා කියලා තමා කියන්නේ

  • චතුවා says:
    February 4, 2011 at 7:34 PM

    ඔව් නවදෙනෙක් ලියනවා.. තව ඇබෑර්තු තියෙනවා.. හැබැයි ලේඛිකාවන්ට... :) කැමති කෙනෙක් වෙතොත් දැනුම් දෙන්න..

  • Anonymous says:
    February 4, 2011 at 8:15 PM

    වැස්ස
    අපූරු නිමැවුමකි ලොවේ පැවතුම උදෙස
    ඇති දාට මා ආදරෙයි වෙනදටත් වඩා


    ඔං පොඩි මම ආසා කරන දෙයක්... වැස්ස. ලස්සනයි අලේ.. :)

  • MaRLaN says:
    February 4, 2011 at 8:26 PM

    @ චතුවා: චතුවා කුකුලාද? දැන් කවුද මේකේ ප්‍රදාන පාලකයා...?

  • චතුවා says:
    February 4, 2011 at 8:29 PM

    ඇයි බං උඹ හිතුවද අක්ෂරේට ලියන්න කියලා කෙල්ලෝ ගන්නේ වෙන පෙම් කරන්න කියලා..? නෑ බං.. :D එහෙම නෙවෙයි.. ලියන්න අය විතරයි ඇහුවේ.. :))

  • MaRLaN says:
    February 4, 2011 at 8:34 PM

    ලියන්න...? ප්‍රශ්නයකි

  • Unknown says:
    February 4, 2011 at 9:10 PM

    @නිම්ෂා: ටෑන්කූ.... වැස්ස කොච්චර වැස්සත් මට නං එපා වෙන්නෑ......

    @මාලන්: නෑ මනුස්සයෝ... චතුව කුකුල නෙමේ. මං ඇතුලු අනිත් අය අවසරදෙන්නේ කෙල්ලෙකුට විතරයි... ඒකයි ඔය ළමය කිව්වේ හිකිස් :P

    @ළමයා: හැබෑට නැද්ද තාම හම්බුවුනේ ;)

  • චේ උන්නැහේ... says:
    February 5, 2011 at 1:34 PM

    වැස්ස......
    කාලෙකට නැතුව බැරි, කාලෙකට ඇතුව බැරි ( කෙල්ලන් වගේ) දෙයක්....
    ලස්සනයි පොඩ්ඩෝ.... අනර්ඝයි....!

Post a Comment