ඇරඹුමට පෙර අවසානයේදී....,නුඹට

Saturday, February 12, 2011


දන්නවද....?
අද ඉදන් මම ඔයාගෙ ආදරේ ළග
හිගන්නියක් වෙන්නෙ නෑ..
ඒත් දවසක ඔයාට තේරේවි මාව,
අද ඔයාට මාව නැති වෙයි..
ඒ වගේම මගේ ජීවිතේම සතුට
මටත් නැති වෙයි..
දවසක් ඒවි කවදාහරි
ඔයාට මාව මතක්වෙන..
එදාට ඔයාට දැනේවි,
අද ඔයාට නැති වුනේ මාව නෙමෙයි
මේ ලෝකේ ඔයාට වැඩියෙන්ම ලැබුණු
ආදරේ බව..
මේ පුංචි හිත ඒ තරම්ම ඔයාගෙ වෙලා
දැනෙන්නෙ නෑ නේද ඔයාට..?
ඔව්,ඔයාට අද දැනෙන්නෙ නෑ,
එත් දවසක ඔයාට දැනෙනවාමයි..
මම ඉන්නම් ඒ වෙනකම්,මම ඉන්නම්..
ඒ දවසට මම සතුටුවේවි මුළු හිතෙන්ම,
සතුටු කදුළු වලින් මගේ දෑස් සේදේවි..
ඒ වෙනකන් මම දුක් නොවී ඉන්නම්,
මම කදුළක් වෙන්නෙ නෑ තවත්
ඔයාටයි පව් පිරෙන්නේ..
මම වෙනස් වෙන්නෙත් නෑ..
හැමදාම දකින සුරගන හීනවලට,
මම ආදරෙයි හැමදාමත්..
ජීවත් වෙන්නම් නු‍ඹේ නමින්ම..
මං වෙනුවෙන් කළ හැමදේටම,
ඔබට පිං..

21 ප්‍රතිචාර:

  • චතුවා says:
    February 12, 2011 at 6:51 PM

    ඔයා බලාපොරොත්තුව ඉන්න ඒ දවස ඉක්මනින්ම ආවොත්.. අපිටත් ගොඩක් සතුටුයි.. ඉක්මනින්ම ඒවි ඒ දවස.. දුක්වෙන්න එපා.. :)

  • Prabhath says:
    February 12, 2011 at 6:52 PM

    අපිට හම්බුන්නෑනෙ මෙහෙම කෙල්ලෝ.... හම්බුනානම් අපි යනවද දාල... කොහෙත්ම නෑ.... නේද ළමයිනේ

  • ItalyDilan says:
    February 12, 2011 at 6:55 PM

    ඒකනේ දෙයියනේ අපි තාම හොයනව මේ වගේ කෙල්ලෝ,,ආසවට එහෙම එහෙම කෙනෙක් දකින්නත් නෑ

  • MaRLaN says:
    February 12, 2011 at 6:57 PM

    මේකනම් නියමයි.. හිතට වදිනවා හොදටම ලස්සනට ලියලත් තියනවා සහෝදරී

  • Anonymous says:
    February 12, 2011 at 6:58 PM

    ආදරේ ලග හිගන්නියෙක් නොවෙන එක තමයි අක්කේ වටිනාකම... එ වගේ වටිනාකමක් තියෙන දේක අගයක් ඔය කියන පුද්ගලයා ගාව නැත්නම්.... ඒ අගේ අවතක්සෙරු වෙන්න තියෙන ඉඩ වැඩියි.... බලාපොරොත්තුවක් කියන්නේ ජිවත් වෙන්න තියෙන ශක්තියක්...ඔයාගේ බලාපොරොත්තුවත් ඉක්මනට සඵල වෙයි... :)

  • ආඩම්බරකාරී says:
    February 12, 2011 at 7:11 PM

    @ළමයා-ඔව් එහෙම දවසක් කවදම හරි එනවා කියලා හිතාගෙන මාත් ඉන්නවා..සමහර විට එහෙම දවසක් එන එකක් නෑ ඒත් මේ බලාපොරොත්තුව මාව ජීවත් කරාවි..
    ස්තුතියි ළමයෝ..

    @ප්‍රභාත් අයියා-කීප දෙනෙක් හැම ‍කෙල්ලෙක්ම මෙහෙම තමා අයියා.ආදරේ ලැබෙන විදියටයි මෙහෙම කෙල්ලෝ නැති වෙන්නේ..ස්තුතියි කමෙන්ටුවට..

    @ItalyDilan-කවදාහරි ඔයාට ලැබේවි..බොහොම ස්තුතියි

  • රත්ගමයා says:
    February 12, 2011 at 7:15 PM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

  • සංකල්ප says:
    February 12, 2011 at 7:15 PM

    නම ආඩම්බරකාරි උනාට කිසිම ආම්බරකමක් නැතුව ලස්සනට ලියලා තියෙනවා. ආඩම්බරකාරිගේ ලිපියක් කියවන පලවෙනිම අවස්ථාව. මොකද ඉතින් මම අක්ශරයට අලුත් නේ.

  • ආඩම්බරකාරී says:
    February 12, 2011 at 7:21 PM

    @MaRLaN-ගොඩාක් ස්තුතියි ඔයාටත්..හිතේ තියෙන දුක අකුරු කලා මිසක් හිතුවෙ නෑ මම මේ වචන පේළි ඒ තරම් ලස්සනයි කියලා

    @නිම්ශා-ඒ වටිනාකම එයා නොදන්නවා නෙමෙයි නංගා.එයා ඇර වෙන කිසිම කෙනෙක් මේ ආදරේ වටිනකම නොදන්නවාත් ඇති.එහෙම නොවෙන්න මම එයා ළග දණීන් වැටෙන්නෙ නෑ කවදාවත්.ආදරේ අගය මටත් කියා දුන්නෙ එයා.ඒත් මොන පවක්ද මන්ද මට මගේ ජීවිතේම නැතිවෙලා..
    බොහොම ස්තුතියි ඔයාටත්..

  • ආඩම්බරකාරී says:
    February 12, 2011 at 7:28 PM

    @රත්ගමයා-ඇයි හ්ම්ම්?

    @මධුරංග-ආඩම්බරකාරී කියන්නෙ මේ නිර්මාණයෙන් කියවෙන කෙනා ආදරේට කියු නමක් විතරයි යාලු..බොහොම ස්තුතියි ඇවිත් කමෙන් කලාට

  • MaRLaN says:
    February 12, 2011 at 8:17 PM

    නිර්මානයක ලස්සන ‍රැදෙන්නේ ඒ නිර්මානය අපේ හදවතින්ම එද්දි...
    ඒත් එහෙමයි කියලා ඔය ගැනම හිතන්න යන්න එපා අක්කෙ... ඉවසන්න කාලයට ඉඩ දෙන්න ආදරේට වටිනාකම්ක එකතු වෙන්න දෙන්න,,,
    ඔව් ආදරේ කියන්නේ ලොකු දුකක් තමයි අක්කේ.... ඒත් ඒ දුකම වෙලාවකට ලොකූ සතුටක් වෙනවා...

  • Prabhath says:
    February 12, 2011 at 8:45 PM

    නැතිවෙන්න කලිං ඇතිවෙන්නෙපෑ නගේ....කතාකරල වැඩක් නැ

  • ප්‍රාර්ථනා says:
    February 12, 2011 at 10:14 PM

    ඔයා ලියලා හිතෙන්නේ මගෙ හිතද කියලා මට හිතෙනවා සහෝදරී..
    මමත් ඔය තරම්ම කෙනෙක් ගැන හිතුව (මම හිතන්නෙ තාමත් හිතන) කෙනෙක්.. ඒත්.. අනේ මංදා.. මම නම් බලාගෙන ඉන්නෙ නෑ තවත්.. මට හිතෙනවා ඒකෙන් ඵලක් නැති වෙයි කියලා..

    ආදරේ කියන වචනේ තෙරුම මම දන්නෙ නෑ..
    මගේ හිතේ තියෙන්නේ එහෙම හැහීමක්ද කියලා මම දන්නේ නෑ..
    ඒත් දන්න එකම දේ තමයි මම කෙනෙක්ට ගොඩාක් කැමති..
    ඒ අළුපාට කහ්‍රිතෙ ඇතුලේ තියෙන හැම කළු , සුදු ගතිගුනයකටම කැමති..

    ඒ සිතිවිල්ල.. හිතේම ඉපදිලා හිතේම මැරිලා ගියාවේ..

    හරිම ලස්සනයි ඔයාගේ නිසැඳැස..

  • තාරා says:
    February 12, 2011 at 11:18 PM

    ගොඩක් ලස්සනයි. කියන්න වචන නෑ. හුඟ දෙනෙක් ඔහොම තමයි.. තමන් ලඟ තියෙනකන් ගනන් ගන්නෙ නෑ කොච්චර වටින ආදරයක්ද මේ තලලා පොඩිකරලා දාන්නේ කියලා. නැති උනාම තෙරේවි.. ඒත් එතකොට සමහරවිට පරක්කු වැඩි වෙවි.. පරක්කු වැඩි උනත් ලෝකෙම ආපහු අනික් පැත්ත හරවලා හරි ඒක නැවතත් අරගෙනත් ආයෙමත් තලල පොඩිකරල දානවනම්...

  • ආඩම්බරකාරී says:
    February 13, 2011 at 9:56 AM

    MaRLaN-බොහොම ස්තුතියි මල්ලී..කවද හරි මගේ අහිංසක ආදරේ සතුට මටත් ලැබේවි..

    ප්‍රභාත් අයියා-කවදා හරි ඇතිවේවි අයියා,එයාට කවදාවත් දුකක් නම් දෙන්න එපා..

    ප්‍රාර්ථනා-යාලු,මම ගොඩක් විශ්වාස කරන දෙයක් තියෙනවා.ඒ කෙනෙක්ට අපි ඇත්තටම ආදරේ කරනවා නම් ඒ කෙනා කවදම හරි අපේ වෙනවාමයි.එහෙම කියලා ඔයත් මම වගේ නම් වෙන්න එපා.ආදරයට ආදරේ කරන්න ඒ ආදරේ එක්ක ජීවත් වෙන්න පුළුවනි එතකොට

    තාරා-අතඇරලා ගිය ආදරේ වටිනකම දැනෙන්නෙත් එහෙම කලාම යාලු.දවසක් ඒවි ආයෙත් ආදරේ මුළු හිතෙන්ම වැළද ගන්න..

  • MaRLaN says:
    February 13, 2011 at 11:37 AM

    අනිවා ඩෙෆා....
    අන්න එදාට අපිට ෆැබ් 1න් කේක් ඕනා....

  • Rv says:
    February 13, 2011 at 12:20 PM

    හ්ම්ම්ම්ම්ම් ...... හොඩක් හොදයි ...!!
    ඔයා කියපු ටිකම මටත් කියන්න තියනවා එක කෙල්ලෙකුට .. හැබයි මම තවත් මට හිතෙන්නෙ නෑ එයා අයෙමත් මාව හොයාගෙන ඒවි කියලා ...... :'(

  • ආඩම්බරකාරී says:
    February 13, 2011 at 3:13 PM

    MaRLaN-හ්ම්ම් එහෙම දවසක් ආවොතින් අනිවාර්යයෙන්ම දෙනවා..

    සිතුවිලි-ඔයා ගැනම විශ්වාස කරන්න යාලු දවසක් ඒවි අපිටත් හිනාවෙන්න කදුළු අමතක කරලා..

  • Kavindya says:
    February 13, 2011 at 3:32 PM

    හ්ම්ම්ම්ම්ම්ම් මටත් එක්කෙනෙක්ට මෙන්න මේ ටික කියන්න ඔනිවෙලා උන්නේ.... මේ නිර්මාණය අති විශිෂ්ඨයි නංගා....

  • ආඩම්බරකාරී says:
    February 13, 2011 at 3:54 PM

    @සුදු හංසි-මේක කියන්න ඕනිත් නෑ අක්කා දවසක එයාටම දැනේවි..බොහොම ස්තුතියි කමෙන්ට් එකට

  • Rv says:
    February 13, 2011 at 5:42 PM

    හ්ම්ම්ම්ම් .. එහෙම දවසක් ...... හිතාගන්නත් බෑ එදාට මට කොච්චර සතුටු හිතේවිද කියලා!!!! .... ඒත් මට විශිවාස එක දෙයක් තියනවා යාලු .. ඒ එයා දැන් මගෙන් ගොඩක් ඈත් වෙලා... අයෙ එන්නෙ නැති තරමට... එයා ඔහුත් එක්ක සතුටින් ඉදපු වාවෙ!
    ..... මගේ කඳුළුත් නවතින දවසක් ඒවි ......

Post a Comment