ප්‍රශ්න - ජීවිතය

Monday, February 7, 2011


ලියන්න දෙයක් හිතනකොට ඒකත් ප්‍රශ්නයක් නේද කියලා වැටහෙද්දි,උදේ මූණු පොතේ යාළුවෙක් කියු දෙයක් මතක් වුනා.
යාළුව අලුත් ප්‍රශ්නයක් හොයනවලු.ඇහුවාම ඔයාට ප්‍රශ්න නැත්ද ඔයා සතුටින්ද ඉන්නෙ කියලා එයාම කියනවා ප්‍රශ්න නැත්තෙ කාටද කියලා..ඒක ඇත්ත,එහෙනම් එයා සතුටින් ඉන්නෙ..?හ්ම්ම් කතාව එතනින් නැවතුනත් ඊට පස්සෙත් ඒකම හිතුනා.ඒකත් මට නම් ප්‍රශ්නයක්..මොකද මාත් එක්ක බලනකොට මගේ ඒ යාළුව ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් එහෙනම් ඇයි එයා අලුත් ප්‍රශ්නයක් හොය හොයා ඉන්නෙ..?අනේ මටනම් ජීවිතේම ප්‍රශ්නයක්..

අන්තිමට මට දැනුන දේ තමයි මම මේ විදියට අකුරු කරන්නෙ..

ලතත් කම් සැප මහත්
සනසවා සිත් පුබුදුවා..
ගෙනේවිද සොම්නස මහත්
දින දින ගෙවා ඒ සැප මහා..
සොවින් බර නිල් නුවන් යුගලට
අසෙනියක් වී රෑ දිවා..
කදුළු දුක් පැනයන් හගයි
නුඹ දිවි ගෙවන වග
දිනයක් පතා..
නුඹ දිවි ගෙවන වග
සොම්නස පතා..


හිතට ආපු පුංචි දෙයක් අකුරු කලාට ලිවීමට මම එතරම් දක්ෂ කෙනෙක් නම් නෙමෙයි..ඔයාලට පුළුවනි නම් මගේ අදහස තේරුම් ගන්න ඒකයි මගෙ සතුට..
(මේක කියවලා මගේ මූණු පොතේ යාළුව අමනාප වෙයිද දන්නෙ නෑ..හෙහේ එහෙම වෙන එකක් නෑ ඔයා අලුත් අදහසක් දුන්න ජීවිතේට.ස්තුතියි යාළුවේ..!!)

6 ප්‍රතිචාර:

  • Unknown says:
    February 7, 2011 at 1:47 PM

    ප්‍රශ්න කියන්නෙ ජීවිතේ... ජීවිතේ කියන්නෙ ප්‍රශ්න... ප්‍රශන නැති වුනාම අපි ජීවත් වෙනවද නැද්ද කියලවත් හොයාගන්න බැරි වෙනවා...ආං ඒ නිසා ජීවිතේ දැනෙන්න ප්‍රශන තියෙන්න ඕනැ....
    හැබැයි ප්‍රශ්න කියල ඔලුවෙ තියං හිටියොත් නම් හරියන්නෑ.... ප්‍රශ්න තිබුනට එව්ව පැත්තකට දාල (කනා ලප්ලමක් ගහල) ඉස්සරහට යන්න ඕනි... ආං එතාකොට ජීවිතේ ගලං යන්නේ... හරිම නිදහස්...

  • රත්ගමයා says:
    February 7, 2011 at 2:17 PM

    අනේ මන්දා..ජීවිතේ කියන්නේ මොකක්ද හැබෑට......මම යාලුව නම් නෙමේ...මම තරහා නෑ ඕන්......

  • ආඩම්බරකාරී says:
    February 7, 2011 at 2:36 PM

    @පොඩි මහත්තයා-පොඩීගෙ කතාව ඇත්ත ඒත් කීයෙන් කී දෙනාටද ප්‍රශ්න අමතක කරන්න පුළුවන්..?ඒහෙම කරන කෙනා දිනනවා.ස්තුතියි කමෙන්ටුවට

    @රත්ගමයා-අපොයි නෑ ඒ ඔයා නම් නෙමෙයි.ජීවිතේ අපි කාටවත් තේරුම් ගන්න බෑ රත්ගමයො.ස්තුතියි ඔයාටත්..

  • චේ උන්නැහේ... says:
    February 7, 2011 at 3:49 PM

    ප්‍රශ්ණ කියන ඒවා එහකොට පෝලිමට එනවා. ඒ උනත් එවායින් සැලෙන්නේ නැතිව ඉන්න පුලුවන්නම්.... අනුන්ට පෙනෙන්න නෙමෙයි තමුන්ටම දැනෙන්න ප්‍රශ්න ගැන ඕනවට වඩා හිතලා ඔලුව අවුල් කරගන්නේ නැතිව ඉන්න පුලුවන්නම් , ඒ පුද්ගලයා අනිවාර්යෙන් ජීවිතය ජයගන්නවා. මොකද ජීවිතය තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයිනෙ....
    අනුගමනය කරන්න චේ උන්නැහේව..... නැව ගිලුනත් බැන් චූන්....... කොච්චර දුකකදි උනත් හිනා වෙලා ඉන්න. දුක් නොවී ඉන්න... එතකොට ප්‍රශ්නෙ විසඳගන්න ක්‍රමය කල්පනාවට එයි.....

  • චතුවා says:
    February 7, 2011 at 5:28 PM

    ප්‍රශ්න... ස්පෙෂලි පරණ ප්‍රශ්න.. හූ කෙයාර්ස් අනේ..

  • Anonymous says:
    February 7, 2011 at 10:13 PM

    ඇත්ත ප්‍රශ්න කියන්නේ එච්චරම හිතන්න ඔනේ දෙවල් නෙමේ.. අපෙ තාත්තා කියන්නේ ප්‍රශ්න නැති ජිවිතේ පරිප්පු නැති හොටලේ වගේ කියලයි.... ප්‍රශ්න නැත්තේ ඉපදෙන්න ඉන්න කිරිකැටියෙක්ටයි..මැරිච්ච මනුස්සෙක්ටයි විතරයි මේ ලොකේ..ප්‍රශ්න එනවා යනවා.... එ දේවල් වලින් පැනලා යන්නේ නැතුව හරියට හොදම උත්තරේ හොයාගත්තා නම් ප්‍රශ්න ආවා වගේම යයි..ප්‍රශ්නයක් ආවා වගේ එකට උත්තරෙකුත් තියෙනවා...පොඩි ප්‍රශ්නකේට තියෙන්නේ ( ඔන්න එකත් ප්‍රශ්නයක් :) ) හරි උත්තරේ හොයා ගන්න එක ... ජිවිතේ කියන්නේ එක නේ අක්කා... දුක .සතුට......ප්‍රශ්න..විසදුම්...මේ හැමදෙම එකට කැටිවෙච්ච විදවන්න නෙමේ විදින්න තියෙන දෙයක්...

Post a Comment