නුඹ

Wednesday, February 2, 2011


ඉවසීමේ සිමා ඇත...
නුඹ තරම්...
ඉවසු කෙනෙකුද නැත...
දනිමි...අද...
හැරයන වග නුඹව...
හිත නොපිලිගත්තත් අද නුඹ ව...
එදා සේ අදත් හිත නුඹව අමතනවා...
ඒ හිතම නුඹ ව මග හරිනවා...
ඒ හිතම නුඹට ආදරය කරනවා...
නොහැගෙයි අද මට...
කුමක් කෙරුමටද කියා...
කරන් අමතක අපේ ආදරය...
හරවමු එය අද මිතුරුදමකට...
නොහගවමු ලෝකයට අපේ මතකය...

35 ප්‍රතිචාර:

  • රත්ගමයා says:
    February 2, 2011 at 8:29 PM

    මට නම් ආදරේ නැතුව මිතුරු දම් පාන්න එන්න එපා..ඒක මම කියලා තියෙන්නේ අදාල පුද්ගලීට.... :) ඔය ඉන්නේ යස අපූරුවට කිරි පැනී වගේ....

    සැ.යු - ඉදලා හිටලා කූඹි වහන අවස්ථාද නැතුවාම නොවේ

  • චතුවා says:
    February 2, 2011 at 8:30 PM

    හ්ම්ම්ම්ම්ම්...

  • Anonymous says:
    February 2, 2011 at 8:35 PM

    රත්ගමයා : මුල් පද ටික තෙරුනා කියමුකෝ.... එත් කුඹි වහන කතාව නම් තෙරුන් නැ...

    ළමයා : මොකෝ හ්ම්ම්....

  • Unknown says:
    February 2, 2011 at 8:45 PM

    පුලුවන් වෙයිද ඉන්න
    මිතුරන් වගේ.......
    පුන්චි අවුලක් නම් ලෙහාගමු
    ලොකෙට මොනව මොනවිදිහට
    පෙනුනත්........
    ජීවත් වෙන්න ඔනෙ අපි
    අපිත් එක්ක..........

  • MaRLaN says:
    February 2, 2011 at 8:57 PM

    ආදරේකට වඩා මිතුරුකමක් වටිනව නේ..
    ආදරයකදි පොඩි සැකයක් ඇති ලොකු ප්‍රශ්නෙකට...
    ඒත් යාලුවෙක් කවදාවත් එහෙම කරන්නේ නෑ නේ?

    අදහස ලස්සනයි... gr8..

  • Anonymous says:
    February 2, 2011 at 9:11 PM

    @ blog walk on dew... : ඔයා කියන එක හරි.... :) මේක ඉතින් සිතුවිල්ලක් නේ... තැන්කු ඔයාට...

    @Marlan : ඔව් ආදරයේදි ප්‍රශ්න තමා.. සැකය කියයි අරක මේක ඔක්කොම...එ උනාට මිතුරුකම ලග එහෙම නැ... තේරුම් ගන්නවා හරි ඉක්මනට...

  • චතුවා says:
    February 2, 2011 at 9:14 PM

    Friendship is greater than love ලු..

  • ayesh says:
    February 2, 2011 at 9:16 PM

    මටත් කියන්න තියෙන්නෙ Marlan කියපු එකම තමයි.මොකද කියනවනම් මමත් ඔය මාතෘකාව යටතේ හොදට බැට කාපු එකෙක්.යාලුවා හොඳයි ආදරවන්තිට/වන්තයට වැඩිය.හැබැයි එයත් එක්ක යාලුවෙක් විදියට ආස්‍රය කරන එකනම් පොඩි ප්‍රශ්නයක් වෙනවා.

  • MaRLaN says:
    February 2, 2011 at 9:32 PM

    @ chathuwa Friendship>>>> Love :))

  • MaRLaN says:
    February 2, 2011 at 9:34 PM

    @ Ayesh : අන්න එතනට අපේ හිත පාලනය කරගන්න එක පුරුදු වෙන්න වෙනවා... නේද බං..
    මටත් ඔය සන්තෑසියම උනා :D

  • හිස් අහස says:
    February 3, 2011 at 12:19 AM

    කෙල්ලෝ ඔහොම්මමයි ...එයාල නම් අමතක කරයි යස අපූරුවට අපි එපෑය විඳවන්න

    මටත් එකියක් ඔහොම්මම කිවුවෙ නැතෑ ..

    මොනව උනත් ලස්සනයි අදහස කවුද මේක ලියන්න ඇත්තේ ? අපි දන්න කෙනෙක්නම් වෙන්න බෑ ..?

  • Anonymous says:
    February 3, 2011 at 1:42 AM

    @ලමයා : ඔව් යාලුකම වටිනවා ආදරේට වඩා අයියේ... ආදරේ කරන කෙනාට උනත් මුලදි යාලුවෙක් වෙන්න පස්සේ නිකම්ම හොද ආදරවන්තෙකුත් වෙයි...

    @ayesh: බැරිවෙන එකකුත් නැ අයේශ් අයියේ අමතක කරනවා කියන්නේ හිතින් උදුරලා දාන එක.. මොකටද හිතේ තියන් ඉන්නේ යාලුවේක් වගේ ආශ්‍රය කරන්න බැරි කමක් නැනේ ඉතින්..

    @ marlan: ඇයි හිත මොනාටද පාලනය කරන්නේ..

    @හිස් අහස : එයා එහෙම්ම කිව්වා නම් මටත් මොකො ඔයා එහෙම නම් මමත් එහෙමයි කියලා දානවනේ අයියා...ආහ් ඔක ලිව්වේ නම් නිම්ශා :)

  • MaRLaN says:
    February 3, 2011 at 2:01 AM

    @ නිම්ශා : මේකනේ නංගි අපි මිනිස්සුනේ අපිට හැගීම් දැනීම් තියනවනේ අන්න එතකොට අපි ගන්න තීරන(විශේශයෙන් හැගීම් මත ඉදන්) වරදින්න පුලුවන් අන්න ඒකයි කිවුවෙ හිත පාලනය කරගන්න පුලුවන් නම් හොදයි කියලා..

    ගොඩාක් වෙලාවට හොද යාලුවෙක් අපිට ගොඩක් වැදගත් ආදරවන්තයෙක්/තියෙක්ට වඩා... මටත් වැරදුනු තැනක් ඕක... දැන් ඒ හින්දා විදවනවා....

  • මාරයාගේ හෝරාව says:
    February 3, 2011 at 9:36 AM

    හැකිවෙද වෙන්වන්න..
    මිතු දමක වෙළිලා..
    නිමා වූ පෙම් පුවත..
    සදහටම වළදමා..

    ලස්සන දේකට පිළිවදන් බඳින්න ගිහිං මට උනේ දිග රචනාවකට යන්න..

  • Prabhath says:
    February 3, 2011 at 10:41 AM

    ඇයි කෙල්ලෝ මෙච්චර චපල?

  • ayesh says:
    February 3, 2011 at 4:18 PM

    @ පොඩ්ඩා-ඒක ඉතින් අහන්න තියෙන්නෙ කෙල්ලන්ගෙන්ම තමයි.
    @ L.P.-ඔයාට ඒක හිතින් අමතක කරන්න ඔයා මැරිලා ඉපදිලාද?කොච්චර ඔයා ඔහොම කිව්වත් හිත යටින් කියනවා නේද අයියෝ මට මෙයත් එක්ක සදහටම ජීවත්වෙන්න තියෙනවනම් මම කොච්චර වාසනාවන්තද කියලා...එයාව දකින දකින හැම වතාවක් ගානෙම ඒ වගේ හැගීමක් එනවා නේද?ඔයාට එහෙම දැනෙන්නෙ නැත්තම් ඔයා හිතක් නැති කෙනෙක්...

  • චේ උන්නැහේ... says:
    February 3, 2011 at 4:25 PM

    මම ආදරය නමැති කෂේත්‍රයට තවමත් ආධුනික බැවින් කොමෙන්ටුවක් දමන්නට තරම් හෝ අත්දැකීම් මා සතුව නොමැත. නමුත් මාගේ මහානර්ඝ වූ මොළගෙඩිය මහත් සේ වෙහෙසවා පිළිතුරක් ලබාගතිමි...

    පෙම්වතිය වෙනමයි යාලුවා වෙනමයි තියාගන්නේ නැතුව පෙම්වතියව යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න, නැත්නම් යාලුවව පෙම්වතිය වගේ ආශ්‍රය කරන්න. ප්‍රශ්න මතුවීම අවමම අවමයි. අතිසාර්ථකයි. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි......

    නිකමට වගේ ටෙස්ට් කරලා බලන්න.. යහතින් ඉන්න හම්බුනොත් මට දන්වන්න. බුදු සරණයි....!

  • චතුවා says:
    February 3, 2011 at 5:50 PM

    චේ උන්නැහේ‍ගේ ආධුනික බව සාක්ෂි සහිතව මම ඔප්පු කරමි.. :P

    ආදරේ කරන කෙනාට උනත් මුලදි යාලුවෙක් වෙන්න පස්සේ නිකම්ම හොද ආදරවන්තෙකුත් වෙයි..." ලයික්.. <3 :D

  • Prabhath says:
    February 3, 2011 at 7:35 PM

    ආං ඒකනං අලුත් ඕපිනියැං එකක්... මාත් පට්ටම ලයික්...
    ඒත් ඉතිං කොරන එකනේ පුරස්නේ... යාළු වෙන වෙන එකා අක්කෙක් නැත්තං අහවල් එකෙක් ඉන්න පුත්තලම් බූරියක්.

  • Anonymous says:
    February 3, 2011 at 7:35 PM

    @ marlan : ඔව් ඔයා හරි හිත පාලනයක් අවශ්‍යයි..මමත් එකගයි...

    @මාරයාගේ හෝරාව: හැකිවේවි වලලන්න
    මිතුරුදමක සිත් දරා...

    ලස්සනයි ලස්සනයි රචනාවත්...


    පොඩ්ඩා : කෙල්ලෝ විතරක් නෙමේනේ කොල්ලොත් චපලයි අයියේ,,,එහෙම කියන්න අපිට බැ...

    අයේශ් : කාලයත් එක්කම ඒ මතකෙනුත් මැකිලා යයි.නොලැබේන දෙවල් මත්තේ නැහෙන කාලය වෙන යමක් වෙනුවෙන් වැය කරන එක හොදයි..හිත එයාවම ඉල්ලුවත් අපි අපිට ගැලපෙන් නැත්නම් ,,වෙන වෙන ප්‍රශ්න නම් හැමදාම දුක් විදිනවාට වඩා එක මාසයක් දුක් විදිලා අතාරින එක හොදයි..හැබැ‍යි හොද හිතින් මොකටද වයිර කාරයෝ වෙන්නේ...මොනා හන්දාද.. යාලුවෙක් විදියට හැමදාම ඉන්න පුලුවන්...

    මේ සිතලයෝ මේක L.P ට අහම්බෙන් ආව සිතුවිල්ලක්..මම දන් නැ මගේ සිතුවිල්ල නම් එහෙමයි...විසික් කරාට පස්සෙ අහුලන්න යන්න්න එ ගැන හිතන්න මම විසික් කලේ නැ...මට හිතෙයි මම එයාව අතැරියාට එයාට මට වඩා ගැලපෙන කෙනෙක් හම්බවෙවි නේ...කියලා පස්සෙ කාලෙත් එක්ක ඒ මතකයන් එයාටත් මටත් අමතක වෙයි... ( සමහරවිට ඔයා කියනවා වගේ මට හිතක් නැද්ද දන්නේ නැ )

  • Anonymous says:
    February 3, 2011 at 7:41 PM

    චේ උන්නැහේ : අම්මෝ කුප්ප කම මුණේන් බේරෙනවා.... පෙම්වතියව යාලුවෙක් වගේ ආශ්‍රය කරන එක නම් කමක් නැ...එත් ලැජ්ජාවේ බැරි යාලුවාව පෙම්වතිය වගේ ආශ්‍රය කරන්න පුලුවන්ද...ඔන්න යාලුවා ගැන ආදරයක් හිතිලා දැනිලා අහලා නම් කමක් නැ... මේ චේ උන්නැහේ ව යාලුවෙක් සේ ආශ්‍රය කිරිම පිලිඹද සැහෙන ප්‍රශ්නයක් ආවේ...



    චතුවා : L.P lama ඉන්න ඔනා ඔවා කියන්න ... :PPPP

  • චතුවා says:
    February 3, 2011 at 7:46 PM

    L.P Gas :P

  • චේ උන්නැහේ... says:
    February 3, 2011 at 8:31 PM

    @ නිම්ශා.....
    මාගේ කොමෙන්ටුව වරදවා වටහාගෙන ඇති සෙයක් පෙනේ.... මම කිව්වේ කරන්න කියලා මිසක් මම එහෙම කරනවා කියලා නෙමෙයිනේ....

    කොහොමත් ඉතින් මට මොන ලව්ද මෙයා......... ඕන ඉලව්වක් කියලා ඔහේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කොලුවෙක්නේ මේ චේ උන්නැහේ.......

  • This comment has been removed by the author.
    සංකල්ප says:
    February 3, 2011 at 8:33 PM

    This comment has been removed by the author.

  • Prabhath says:
    February 3, 2011 at 8:33 PM

    අපි නොදන්න චේ...
    චේ වනාහි ක්ෂණික පටස් කාරයෙක් නොවැ නැද්ද...

  • සංකල්ප says:
    February 3, 2011 at 8:48 PM

    ලස්සන කවි ටික. ඔන්න මමත් අද ඉදන් නිම්ෂා ගේ අඩවියට එනවා. රීඩර් එකට ත් දා ගත්තා

  • Anonymous says:
    February 3, 2011 at 9:55 PM

    @චේ උන්නැහේ : ඔයා කිව්ව එක වැරදියට තෙරුම් ගත්තා කියමුකෝ එහෙනම්...එත් ඉතින් අනිත් අයට ටෙස්ට් කරන්න කියන එවා නම් කැත වැඩ... ඔං කිව්වා.. :P

    @පොඩ්ඩා : ඔව් ඔව් මෙයා ක්ෂනික පටස් වගේ තමයි...

    @ මධුරංග : තැන්කු :)

  • ayesh says:
    February 3, 2011 at 10:15 PM

    @ චේ-මමනෙ බං දන්නෙ උඹේ යාලුකම...යාලු හැම කෙල්ලටම මගේ පැටියො කියලා කථා කරන්නෙ..
    @ ළමයා-කාටද ආ L.P. gas කියලා කියන්නෙ?උඹ තමයි gas දාන්නෙ.නිම්ෂා හරි හොද ළමයා(අසිහියෙන් සිටි අවස්ථාවක ලියන ලදී)
    @ L.P.-කාගෙන් බේරිලා හිටියෙ නැතත් චේගෙන් බේරිලා ඉන්න.ඕකා මහ අමුම අමු කුප්පයා.
    "නොලැබේන දෙවල් මත්තේ නැහෙන කාලය වෙන යමක් වෙනුවෙන් වැය කරන එක හොදයි."ඒක හරි.මමත් පිලිගන්නවා.ඒත් ඔයාට පුලුවන්ද ඒ කෙනාව දැක දැක පරන දේවල් අමතක කරන්න?මටනම් බෑ.කොහෙත්ම බෑ.ඔයාට එහෙම අමතක කරන්න පුලුවන්නම් ඔයා ඇත්තට ආදරේ කරලා නෑ.හිතේ කොහෙහරි තැනක ඒ තුවාලෙ පැහැව පැහැව තියෙනවා.මැරෙනකල්ම ඒ තුවාලෙ තියෙයි.
    "හිතින් මොකටද වයිර කාරයෝ වෙන්නේ"දැන් කව්ද කිව්වෙ ​වෛර කරනවයි කියලා?අපෝ එයාට එහෙම කරන්න තියා හිතන්නවත් අමාරු වැඩක්.මම ඇත්තටම කැමතියි එයාට හොඳක් වෙනවනම්.

    අන්න එදායින් පස්සෙ මම කෙල්ලො කියන මාතෘකාව මගේ ජීවිතෙන් අයින් කරල දැම්මා.දැන් නෑ දුකක්.හැබැයි එකක් තියෙනවා.මට තනිකම දැනෙන හැම වෙලාවකම....වචන නෑ.මම මගේ පාඩුවෙ සතුටෙන් ඉන්නවා.

  • චතුවා says:
    February 3, 2011 at 10:32 PM

    මේ පෝස්ට් එකට මගේ අන්තිම කමෙන්ට් එක.
    මේ නිම්ෂා ලියලා තියෙන දේටත් වඩ නිම්ෂා කමෙන්ට් වලදී කියපු සමහර දේවල් වලට මම ලයික්.. :))

  • MaRLaN says:
    February 4, 2011 at 11:03 PM

    චේ අයියා වෙත ලියමි: යෙහෙලියක්ව පෙම්වතිය ලෙස ආස්‍රය කිරීමට ගොස් ගුටි නොකා බේරුනේ 99නි, පෙම්වතියව යෙහෙලියක් ලෙස ආස්‍රය කිරීමට ගොස් ඇය වෙන එකෙක් එක්ක යාලු විය.... එම නිසා යෙහෙලිය යෙහෙලියක් ලෙස ආස්‍රය කිරීම යෙහකි... පෙම්වතියන් ගැන කවර කතාද? (පෙම්වතිය= දත්වතිය)

    ඔය L.P. කියන්නේ Linkin Park නේද?

  • Kavindya says:
    February 5, 2011 at 8:52 AM

    යාළුකමක් ආදරයක් වෙන්න දගලනවනම්.....?????

  • චේ උන්නැහේ... says:
    February 5, 2011 at 1:41 PM

    @ මාලන් මලයා........
    මිතුරිය පෙම්වතිය ලෙස ආශ්‍රය කිරීම පිළිබඳව අත්දැකීම් මා සතු නොවන මුත් පෙම්වතිය මිතුරියක් කරගැනීම පිළිබඳව අත්දැකීම් මා සතුය. මට සාපේක්ශව එය මම කල නුවණක්කාරම ක්‍රියා වලින් එකකි. ඇයත් මාත් අතර ප්‍රශ්ණ ඇති නොවන තරම්මය. කෙසේ වෙතත් මට හරියන තියරිය ඔබට හරි නොයන්නේ එය ක්‍රියාත්මක කරන අන්දමේ ඇති අවුලක් නිසා විය යුතුය. වෙන විදිහකට ට්‍රයි කර බලන්න. වැඩිදුර විස්තර අවැසිනම් චේ උන්නැහේ අමතන්න..

  • Anonymous says:
    February 5, 2011 at 8:47 PM

    සුදු හංසි : යාලුකමක් ආදරයක් වෙන්න දගලනවා නම්..ඔයාත් ඒ ආදරේට එකග නම් එක ප්‍රශ්නයක් නෙමේ නේද....එකම දේ මම දන්න හිතට ඇහුම්කන් දෙන්න ඔනා..ඔයාගේ හිත ඉල්ලන දේ දෙන්න...

  • Buddhika Krishanha says:
    February 6, 2011 at 11:43 AM

    බලන් යද්දි කෙල්ලො ඔක්කොම මෙහෙම කියනවනේ...

  • MaRLaN says:
    February 6, 2011 at 4:13 PM

    @ චේ අයියා: හොදමයි අයියා... මං ඔයාගෙ පෝස්ට් 1ත් කියෙවුවා... ඒක හොදයි ආ.... අපි තව බලමුකෝ....

Post a Comment