වරද මගෙම වෙන්නැති..

Monday, February 14, 2011




පිරිසිදු සිතින් කියූ වදනක්..
සතුටු සිතින් නැගූ සිනහවක්..
කවට කමින් කියූ කතාවක්...
කනින් අසා පිට කෙරූ කියමනක්...


සිනා ගෙනා, කන් පිනවූවා..
විටෙක තෙත් කල දෙනෙත් පවා...
වෙනස් උනේ නෑ කාටත්..
හිතුවේ නෑ කළ හොද හඹයි කියා...


කරත් විහිලුවක් කථා පෙට්ටිය...
සිතුවේ නෑ විහිලුවක් වෙන්නට...
සිතක් රිදුනත් ඒ වෙලාවට...
සිතුවෙ සිනහවක් ගෙනත් දෙන්නට....


සිත තැලුනත් සිනාසුනා මං...
නෙතු හැඩුවත් වහන් කලා මං...
එහෙත් වරද මගෙම වෙන්නැති..
සුහද කමට ඉඩ නැති ලොවේ....

11 ප්‍රතිචාර:

  • ItalyDilan says:
    February 14, 2011 at 2:51 AM

    හැමදාම අපි හිනාවෙන්ම ඉදිමු නගේ...ඕනා වෙලාවට ඕනා තරමක් අඩමු...

  • Anonymous says:
    February 14, 2011 at 8:19 AM

    ලස්සනයි අප්පා.. ටිකක් දුකත් හිතුනා.

  • පිණිබිඳු... says:
    February 14, 2011 at 9:26 AM

    අපිව හරියට තේරුම් ගන්න අයට වඩා වැරදියට තේරුම් ගන්න අය වැඩියි

  • සංකල්ප says:
    February 14, 2011 at 9:46 AM

    ඕනම දුකකදි උනත් හිනාවෙලා ඉන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ අතින් ඉශ්වි අක්කා නියමයි !!!!!! ආයෙ ඉතින් කවි ටික ලස්සනයි කියලා කියන්න ඕනැන්නේ නෑ නේ.

  • රත්ගමයා says:
    February 14, 2011 at 11:53 AM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

  • චතුවා says:
    February 14, 2011 at 6:13 PM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........ අනේ මන්දා බං :|

  • Anonymous says:
    February 14, 2011 at 7:29 PM

    මටත් දුක හිතුනා ....

  • Bunny says:
    February 14, 2011 at 8:01 PM

    මේ මේක මටද ලීවේ ? O_o

  • ඉශ්වි says:
    February 14, 2011 at 8:05 PM

    @ItalyDilan aiya - හැමදාම හිනා වෙලා ඉන්න එක කියන තරම් ලේසි නෑ... ඒත් එහෙම කියලා අඩ අඩ උන්නට පලකුත් නෑනේ... එහෙම බලද්දි කරන්න තියන හොදම වැඩේ අයියා කියපු දේ තමයි...

    @prasanna86k ගොඩාක් ස්තූතියි.. මොකෝ අප්පේ දුක හිතුනේ??

    @පිණිබිඳු.. ඒක නම් ඇත්ත...

    තැන්කූ මධුරංග...

    @රත්ගමයා &චතුවා (ළමයා) මොකෝ දෙන්නා හ්ම්ම්ම්ම්ම්ම්... විතරද??

    @ නිම්ශා මොකෝ දුක හිතුනේ..??

    @Pirate Bunny අපොයි නෑ... මොකෝ එහෙම හිතුනේ??

  • මාරයාගේ හෝරාව says:
    February 14, 2011 at 9:14 PM

    ඇයි අප්පා මේ ඔක්කෝම හැගීම් බර වෙන්නම ලියන්නේ..?
    ඔවා බැළූවම මගෙත් මූඩ් එක අප්සැට් යනවා..

  • ඉශ්වි says:
    February 16, 2011 at 1:17 AM

    අනේ මූඩ් එක අප්සෙට් කරන්න හිතන් ලිව්වා නෙමේ... ඇත්තනේ... :)

Post a Comment