කුමක් කරන්නද දිය හැක්කේත් එකෙකුට නම්..

Sunday, February 6, 2011


දහසක් දෙනෙක් ඉල්ලන මුත්..
එකෙකුට පමනක් දිය හැකි මුත්...
නමසිය අනුනමයකගේ හිත රිදෙන්නට හැකිමුත්...
කුමක් කරන්නද දිය හැක්කේත් එකෙකුට නම්..


හැකි නමුත් දී සනසන්නට දහසක් දෙන හට...
එක් සිතින් පෙම් කරන අය නම් එකෙකුටමය..
ඉල්ලුවත්..ගහ මරාගත්තත්...
කඩු කිනිසි පෙන්වා බිය ගැන්වුවත්...
නොහැකිවෙයි වෙනස් කිරිමට...
කුමක් කරන්නද දිය හැක්කේත් එකෙකුට නම්..


දුක් වි පලක් නොමැත සිතා...
ලොව සැමට ඇත එකෙකු මවා ...
කල වයසට හොයා ...
සිත් බැන්දොත් හොදට හොදා...
සිත් බැදිමෙන් යසට හිතා...
කලවහත් ඉක්මන් කරනු හොදා..
නැතිනම් කැමත්ත යයි ඉගිලි වෙන කෙනෙකුට නුඹට හොරා...

28 ප්‍රතිචාර:

  • චතුවා says:
    February 6, 2011 at 6:28 PM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්.... සෑහෙනට හිතන්න වෙන ප්‍රශ්නයක්...!

  • MaRLaN says:
    February 6, 2011 at 6:34 PM

    බොන්න වෙන ප්‍රශ්නයක් මන් පොඩ්ඩක් ගිහින් Milo 1ක් බීල එන්නම්....
    මොනා උනත් නිම්ශා අක්කගෙ කතාවනම් නියමයි.... දැන් නිම්ශා අක්ක මොකද හදිස්සියෙම මෙහෙම එකක් දැම්මේ....?
    කැමැත්තට එහෙම ඉගිල්ලෙන්න දෙන්න පුලුවන්ද?

  • මාරයාගේ හෝරාව says:
    February 6, 2011 at 6:34 PM

    නවසිය අනූ නවයක..
    පසු කරලමින් එක විට..
    එන්නට පෙරට හැකිවිට..
    තවත් නම් කුමන අරුමද..
    ඔහුය සිත්ගත් කුමරු සකිසඳ..

    බිඳවාලන්න කිසිවිට..
    නොසිතූ නමුත් අන් අය..
    කරමුද කුමක් ඒකට..
    දෙන්න ඇත්තේ එක සිතක් නෙව..
    උරණ වන්නට එපා කිසිවිට..

    ඉකිමන් වීම යහපති..
    වෙන්නට නොදී ළතැවිළි..
    තම සිත් ගියත් දැවි දැවී..
    මෙවන් මොහොතක..
    නොවන් උකටලී...

  • Unknown says:
    February 6, 2011 at 6:38 PM

    මල් 28....

    නිසි කලට හමුවන තුරු
    නොබැදි සිත බලා සිටියා
    ඇය හමු වි තෙපලු වදන්
    මා සිත කිති කවාලූවා

    නොහැකි නිසා ඉවසන්න
    කැමත්ත විමසා සිටියා
    මගේ කරුමෙට මා ප්‍රමාදැයි
    අගේ මුවින් නොකියා කියවුනා.... :(

    නොහැකි නම් පෙම් කරන්න
    හිටිවනම සිටිතැනම
    මගේ ජීවය පුරාවට මා
    නැතේ පෙම් කරුනු ආයේ....

    ජීවය නැති මල කඳක් වන තුරු
    මගේ පෙම මැකී නොයාදෝ
    සිතට නැගුනු හැගුමන් මාගේ
    ඉගිලිලා ගියාදෝ......

  • mhasantha says:
    February 6, 2011 at 6:38 PM

    දහසක් අය ඉල්ලු නමුත්....
    ඉල්ලුමේ මානයේ වත්
    සැපයුම නොමැති මුත්
    ඉල්ලු දහසක් දෙනා
    ඉල්ලු එකම හිත....
    ඉල්ලුවේ එකම හිතින්ද යන්න
    මැන බලන්නට හැකිනම්...
    දහසක් තියා, හිත් දහයක් වත්
    එක හිතින්ම ඉල්ලා නැති වග...
    ඔබට හැගේවි....
    ~ Mahesh4ever ~

  • ItalyDilan says:
    February 6, 2011 at 6:50 PM

    මාත් මේ තාම කල්පනා කරනවා,,මේ ටිකේම මේ නගා දෙන්නේ අමුතුම කයි පද නොවෑ

  • Prabhath says:
    February 6, 2011 at 6:59 PM

    හිහ් ඒක හැබෑව.... මට පේන්නෙ නගා ගෙ හිතට මොකෙද්ද එකෙක් රිංගල තියෙන පාටයි.

  • චතුවා says:
    February 6, 2011 at 7:14 PM

    හරි.. අක්සරේට තවත් පාටියක් එහෙනම්.. :))

  • MaRLaN says:
    February 6, 2011 at 7:22 PM

    අන්න නිම්ශා වෙඩින් කාඩ් බෙදනවලු..

  • MaRLaN says:
    February 6, 2011 at 7:27 PM

    සැ.යු.- නිමශා අක්ක වෙඩින් කාඩ් බෙදන්නේ එයාගේ යාලුවගෙ වෙඩිමටලු... දැන් ලැබුනු ආරංචි මාර්ග අනුව

  • Anonymous says:
    February 6, 2011 at 7:57 PM

    @චතුවා : හිතන්න හිතන්න....

    @ marlan : හරි බිලා ආවද....ඇයි මල්ලි මෙහෙම එකක් දාන්න අවසර ගන්න ඔනේද අහ්... හිත කියන්නේ කොච්චර හිතන්න පුලුවන් අවකාශයක්ද...


    @ මාරයාගේ හෝරාව : ඉකිමන් වීම යහපති..
    වෙන්නට නොදී ළතැවිළි..
    තම සිත් ගියත් දැවි දැවී..
    මෙවන් මොහොතක..
    නොවන් උකටලී...

    අන්න කතාව... :)




    @පොඩි මහත්තයා : මල් හත නම් අහලා තිබ්බා අද තමා විසිඅට දන්නේ... ( මට කිව්වාට කමක් නැ මම නංගා නේ ඉතින් ඔය ලියලා දැම්මේ අත්දැකිමද මන්දා )


    @mhasnatha: අනිවාර්යෙන්ම අයියා.... ඉල්ලු දසක් දෙනා..
    ඉල්ලුවේ එක හිතින් නොවන බව මමත් දනිමි... හෙහෙහෙ...මෙක සිතුවිල්ලක්ම පමණි...

  • Anonymous says:
    February 6, 2011 at 8:04 PM

    Italydilan : අමුතු කයිපද නෙමේ ඔං ඇත්ත ඇති සැටියෙන්... නගා නම් කිව්වා කියමු..පිලිපදින්න ඔනා ඉතින් ඔය ඇත්තෝ තමා නගා ට නම් මොකො දාහ අට නොවැ තාම... අයියන්ඩි ට නම් කලවහක් කර ගන්න කල් ඔං කිව්වා..

    @පොඩි මහත්තයා : අප්පා එහෙම රිංගුවා නම් කයි පද නෙමේ රබන් පද ගහන්නේ පොඩ්ඩෝ....

    @චතුවා : අනේ පාටියක් නෙමේ වාටියක් හරි දෙන්නම්කො..මේ ටිකේ නම් රිම්... ( වැඩි කතා දැම්මොත් පාර්ටි දෙන්න ඔනා මමද කියලා කියනවා ඔන්න )

    @marlan : ඔව් ඔව් යාලුව බදිනවා නම් මොකෝ...ලගදි මගුලක් හම්බුනෙත් නැති එකේ... :(

  • චතුවා says:
    February 6, 2011 at 8:08 PM

    මම මින් මතු කිසිත් නොකියමි..! :S =;

  • Prabhath says:
    February 6, 2011 at 8:13 PM

    ආ..... චතුවගේ හොර වැඩක්....

  • රත්ගමයා says:
    February 6, 2011 at 8:19 PM

    නිම්ශාට ප්‍රතිචාර වැඩියි නේ...මම නම් ඔන්න කල වයස හරි යනකොටම කෙලි පැටික්කියෙක් හොයා ගත්තා.....ඉකේයියා නෑ හරි....

  • ItalyDilan says:
    February 6, 2011 at 8:22 PM

    අනේ අපිත් මොනවත් දැක්කෙත් නෑ දන්නෙත් නෑ...

  • මාරයාගේ හෝරාව says:
    February 6, 2011 at 8:44 PM

    අනේ ඩිලෝ අපිත් එහෙමයි..

  • චතුවා says:
    February 6, 2011 at 8:49 PM

    අපායට ගියද කලින් යා යුතුය. මන්ද ලස්සන යමපල්ලියක වුව අල්ලාගත හැක අනික් උන්ට කලියෙන්.. ඉතින් මේ මනු ලොව ගැන කවර කතාද..? නිම්ශාට ටැන්කූ.. මම අදම අහනවා.. :D

  • Anonymous says:
    February 6, 2011 at 9:24 PM

    @පොඩි මහත්තයා : :) :) ඔයාට අනතුරු ඇගවිම දුන්න නිසා ඔයා හිනාවක් දාලා ඉන්නවා කියලා මම දන්නවා අලේ.. අලි ස්විට්....

    @රත්ගමයා : කෙල්ලෙක් හොයා ගත්තා නම් අර අන්තිම පදේ හැටියට කලවහත් කොරගත්තා නම් හොදා...

    @Italydilan : ඔව් ඔව් ඔයා මොනවත් දැක්කෙත් නැ කිව්වෙත් නැ නේ... ඩිලාන් අයියේ කට පරිස්සමින් ,,, අසල්වැසියෝ නිසා ඔයා ගැන බලාගන්න එක ඒ තරම් වැඩක් නෙමේ මට...ඔං නොකිව්වයි කියන් එපා

    @මාරයාගේ හෝරාව : අම්මෝ ඔයා නම් බොම්බේ....

    @චතුවා : අනේ ඔයා වත් මම කිව්ව දෙයක් පිලිගන්නවා නම් කොච්චර දෙයක්ද.... හැකි ඉක්මනින් කරගන් අයියේ...ප්‍රමාදය පසුතැවිමට හේතු වේ.. :P

  • සංකල්ප says:
    February 6, 2011 at 9:24 PM

    ලස්සන කවි ටිකක්. මාර ප්‍රතිචාර ගොඩක් නේ මේ පෝස්ට් එකට තියෙන්නේ.

  • ඉශ්වි says:
    February 6, 2011 at 10:24 PM

    දෙන එකා හොයන්න හෙන කට්ටක් කන්න වෙනව අප්පා....
    වෙන කෙනෙකුට යයි කිව්වේ..??' o.O

  • Anonymous says:
    February 6, 2011 at 10:43 PM

    @මධුරංග : තැන්කු මධු...

    @ඉශ්වි : එක නම් ඇත්ත හොයාගන්න සැහෙන්න කට්ටක් කන්න එපැයි... ආහ්..වෙන කෙනෙකුට අයිති වෙනවා කිවේ පහු බල බල ඉද්දි හිත වෙනස් වෙන්න ඉඩ තියේයි කියලා... :P

  • Prabhath says:
    February 6, 2011 at 11:35 PM

    ඉස්සි- හපෝ ඔයාල මොකටද හොයන්නෙ... ඔය හොයං ඇවිල්ල දෙන්නේ.... අපිනෙ මේක ගන්න කෙනෙක් හොයාගන්න විඳීන දුක දන්නේ :P

    ඒ කිව්වෙ පිට යයි කියල මයෙ හිතේ :o :( යන්න කලින් ඉල්ල ගන්නලු..

  • jhothishalanka says:
    February 7, 2011 at 12:12 AM

    අනේ මටත් කවි ලියන්න පුළුවන් වුනානම්...

  • Anonymous says:
    February 7, 2011 at 1:26 AM

    @පොඩි මහත්තයා : අනේද කියන්නේ නේද පොඩි ...ඔයාලා ඉද්දි මොකට අපි හොයන්නද... :P
    අහ් මොකක්ද යන්න කලින් ඉල්ල ගන්න ඔනා.??


    @JHOTHISHALANKA: බැරි නැ හිතුවොත්..හිතලා බලන්නකෝ..

  • Prabhath says:
    February 7, 2011 at 1:51 PM

    හිතනෙ අයියෝ... මෙයාට ඒකවත් තෙරෙන්නෑ... අර මං ඔයාගෙං හැමතිස්සෙම ඉල්ලන්නේ...ආං ඒක... හිහ් :D

  • ඉශ්වි says:
    February 9, 2011 at 1:31 AM

    පොඩි :හොයන් එන කස්ටියගෙන් නම් අඩුවක් නෑ තමයි.. ඒත් හොයන් ආපු පලියට පිලිගන්න ගියොත් දෙයියන්ගෙම පිහිට තමයි... :P

    ආහ් හරි හරි නිම්ශෝ ... දැන් තේරුනා... ;)

  • චතුවා says:
    February 9, 2011 at 1:49 AM

    පොඩීට අක්ෂරයෙන්ම ශ්‍රී සුභ මංගලම්.. :))

Post a Comment