සුබ පතමිද මා...නොම වැටහෙන්..

Wednesday, February 16, 2011


දෛවය සරදම් රුදුරු ඇයි මෙතරම්...
කලක් මා එක්කල..
පෙම් කරපු ඔහු...
අද ත් වෙන කෙනෙකු හා
පෙමින් බැදුනද...
නොහැගෙනා සිත්තම නම්...
බැදුනේ ඇයි නුඹ..
සොහොයුරිය මෙන් ලගින් හිදි
මා මිතුරියම සමගින්...


මා සමග නුඹ...
පියවර තැබුව
මං මාවත්..
ඇය සමග
නොහදුනනා සේ ...
ඇවිද යන්නේ කෙලෙසක දැයි...
වටහා ගන්නේ මා කෙලෙසින්...


හිත තැලු නුඹටත්...
ලගින් හිද සොරා ගත් ඇයටත්..
නොහැකි වුවද..
සුබ පතිමිද මා...
නොම වැටහෙන්..

17 ප්‍රතිචාර:

  • Bunny says:
    February 16, 2011 at 9:34 PM

    හ්ම්හ්ම්..සුභ පතන්ට නංගි ඊට වඩා හොද කෙනෙක් ලැබෙන් නැතැ ඔයාට...

  • මාරයාගේ හෝරාව says:
    February 16, 2011 at 9:37 PM

    කියන්න වදන් නැත..
    පවසා පලක් නැත..
    මේ ලිව් කවට..
    මා පිළිතුරු දන්නෙ නැත..

  • Anonymous says:
    February 16, 2011 at 9:44 PM

    @pirate bunny :ඔව් ඔව් සුබ පතයි එයා....

    @මාරයාගේ හෝරාව : මාරයියාට කවි නැ... :O අපෝයි..

  • චතුවා says:
    February 16, 2011 at 9:46 PM

    හිහ්.. පරණ මොකක්දෝ එකක් මතක් වුනා මට.. දැන් ඉතින් හිනා යනවා.. :))

  • Anonymous says:
    February 16, 2011 at 9:51 PM

    @ලමයා : මොකක්ද අවුල... හෙහ්...මම මේ දැක්ක හීනේ ඔයාගේ නෙමේ නේ නේ? :O

  • චතුවා says:
    February 16, 2011 at 9:53 PM

    හනේ නෑ නගේ.. මේ හීනේ මට අයිති එකක් නෙවේ..

  • ItalyDilan says:
    February 17, 2011 at 1:32 AM

    මටත් පැවසීමට යමක් නොමැත.....ඊළග කවි සිතුවිල්ල එන තෙක් මගබලා සිටිමි...

  • ayesh says:
    February 17, 2011 at 2:29 AM

    ආයෙත් පටන් අරං :-(

  • Bunny says:
    February 17, 2011 at 6:52 AM

    මේක මගේ හීනයක්... :(

  • චතුවා says:
    February 17, 2011 at 9:13 AM

    ඒයි හාවෝ එහෙනම් මරුනේ.. උඹ කැමතිද එහෙනම් මේ වගේ වෙන එකට.. එහෙනම් මට කියපං.. උඹේ ආදරවන්ති එක්ක යන්නම් මම... එතකොට උඹටත් බැරියැ කවි ‍ලියන්න මේ වගේ... =))

  • මාරයාගේ හෝරාව says:
    February 17, 2011 at 9:35 AM

    හපෝයි අසරණ බනියා...

  • MaRLaN says:
    February 17, 2011 at 9:37 AM

    "සුබ පතයි එයා"
    මොකාක් හරි හොරයක් තියනවා...

  • ඉශ්වි says:
    February 17, 2011 at 4:50 PM

    සුබ පතලා අයින් වෙන එක තමා හොද... අයිත් නැති දේ ගැන දුක් වෙලා ඵලක් නෑ.. දුකයි තමා ඉතින්...

  • Anonymous says:
    February 17, 2011 at 7:38 PM

    @pirate bunny :මොකක් බනියා ගේ හීනයක් :O...මේ වගේ හීන මොකටද බනියෝ බලන්නේ......මෙන්න ඔයාගේ එයාව ලමයා ගන්නම් කියනවා...

    @මාරයාගේ හෝරාව..මටත් කිමට ඇත්තේ අහෝ අසරණ බනියා යනුවෙනි...

    @marlan: අහ්..ඔන්න ආවා එ සැරේ ආරක්ශක අංශෙනුත් හොර හොයන්න..එච්චරයි අඩු උනේ.. :p

    @ඉශ්වි : මට ඔක උනා නම් මම නම් සුබ පතන් නැ..මට බැ...කියන තරම් ලෙසි නැ කරන්න ..

  • MaRLaN says:
    February 17, 2011 at 11:20 PM

    (බෙල්ලෙන් අල්ලා හොල්ලමින්) දැන් කියනවද නැද්ද මොකක්ද මේකෙ තේරුම කියලා

  • Anonymous says:
    February 18, 2011 at 1:49 AM

    @marlan :හෙහ් හිතේ ඇති...තෙරුමක් තියෙන්නම ඔනා නැ ලියන්න...

    @Ayesh : අනේ ඔයාව කලින් අමතක වුනා නේ සිතලයෝ..කොහෙද ආපු ගමන් කට කැඩිච්ච කතාවක් නේ කියෙව්වේ...මොකක්ද මම ආයෙමත් පටන් ගත්තේ..නැ...නැ...ඔව් මේ ටිකේ විභාග තමා එකයි මේ...

  • MaRLaN says:
    February 18, 2011 at 8:17 PM

    මොනාද...?
    හිතේනම් තියනවා තමයි ඇයි ගේමද?

    තේරුමක් නැතුව කොහොමද ලියන්නේ....?

Post a Comment