ආදරය හා මිතුදම

Saturday, February 5, 2011

              




                         ඔයාගේ හොඳම මිතුරා කව්ද?


                            කවුරු හරි චේ උන්නැහේගෙන් ඔය ප්‍රශ්නෙ ඇහුවොත් චේ උන්නැහේ කියන්නේ "මගේ හොඳම මිතුරා මගේ අම්මා" කියලා. මොකද අම්මා කියන වච්නේ මට එච්චරට බැඳිලා තියෙන්නේ. මට එන හැම ප්‍රශ්නෙකදිම , හැම ගැටලුවකදිම මගේ අම්මා ලඟ ඒකට පිළිතුරක් අනිවාර්යෙන් තියනවා. ඒක අම්මගේ ආදරේ වෙන්න ඇති. ඒ උනත් මට එන හැම ප්‍රශ්නයක්ම වගේ අම්මට කියන්නනම් අම්මා කියන පුද්ගලයා ගොඩක් සමීප පුද්ගලයෙක් වෙන්න ඕනා. ඒ කියන්නේ ළඟම මිතුරෙක් වෙන්න ඕනා. අද සමාජයේ තමන්ගේ අම්මාව මිතුරෙක් විදිහට සලකන කීදෙනෙක් ඉන්නවද කියලනම් මම දන්නේ නැ. ඒක තමුන්ටම තීරණය කරන්න පුලුවන් තමුන්ට සාපේක්ෂව හිතලා.

                            හරි, මම කියන්නේ යන්නේ අම්මා ගැනනම් නෙමෙයි. ඇයි අපි මෙච්චර අම්මාට ආදරය කරන්නේ....? අපි පුංචි කාලේ අම්මා තමයි අපේ ලෝකේ සුරංගනාවි.... තාත්තා ඒ ලෝකේ වීරයාගේ චරිතයට පණ පොවනවා. ඉතින් අපිට අම්මා තාත්තාගෙන් තොර ලෝකයක් නැ. ඒත් ටික කාලයක් යනකොට තාත්තා ටික ටික ඒ ලෝකෙන් මැකිලා යන්න ගන්නවා. ඒ ලෝකෙට අලුත් වීරයෝ එනවා. මේක වෙන්නේ තාත්තා කියන පුද්ගලයා අපිව ජීවත් කරන්න කරන සටනත් එක්කයි. ඒ සටන අතරෙදි එයාට අපිත් එක්ක ගෙවන්න ලැබෙන කාලය බොහෝම සීමිතයි. නමුත් අම්මා එහෙම නෙමෙයි. ( මම මේ කියන්නේ රැකියාවක් නොකරන අම්මලා ගැන) අම්මාට අපිත් එක්ක ගෙවන්න ඕනැ තරම් කාලය තියනවා. එයා අපිගැන හොයලා බලනවා, කවනවා පොවනවා. මේ නිසා අපිතුල අම්මා ගැන තියන ආදරය එන්න එන්නම වැඩි වෙනවා. ගැහැණු දරුවෙක්ටනම් අම්මා තරම් හොඳ ලෙන්ගතු යාලුවෙක් තවත් නැ. ඒ වගේම පිරිමි දරුවෙක්ටත් අම්මාට හොඳ යාලුවෙක් වෙන්න පුලුවන්.( හරියට චේ උන්නැහේගේ අම්මා වගේ ). කොහොම උනත් අපේ අම්මා හොඳම මිතුරා උනත් , අපි ගොඩාක් ආදරය කරන කෙනෙක් උනත් අපි කවදාවත් අම්මට තියන ආදරේ ගැන ලෝබ හිතන්නේ නැ. ඒ ආදරය වෙනුවෙන් කරදර වෙන්නේ නැ. මොකද ඒක නිරායාසයෙන් ලබාගන්නා ආදරයක්. ඒක සමාජීය වශයෙන් ලබන ආදරයකට එහා ගිය ආධ්‍යාත්මික ආදරයක්. ඒ ආදරේ ඒ නිසා පිවිතුරුයි. නිර්මලයි.


දැන් අපි මෙහෙම ප්‍රශ්නෙකට එමු.


     ඔයා දැන් වැඩිපුරම ආදරේ කරන්නේ කාටද...?


                       කවුරු හරි තරුණ කෙනෙක්ගෙන් ඔය ප්‍රශ්නේ ඇහුවොත් ඒකට දෙන උත්තරේ මොකක් වේවිද? 10% ක් විතර කියයි මගේ අම්මට කියලා. අනෙක් 90% ම කියන්නේ තමුන්ගේ පෙම්වතාට හෝ පෙම්වතියට කියලා. ඔබ අයිති වෙන්නේ මොන කොටසටද කියලා ඔබම තීරණය කරන්න. චේ උන්නැහේනම් ඉස්සර හිටියේ 90%ක් ඉන්න ගොඩේ. බොරු කියන්න ඕනෙ නැහැනේ. දැන්නම් මට තේරෙන විදිහට මගේ අම්මා තරම් මට ආදරේ කෙනෙක් තවත් නැ.ඒ නිසා මගේ අම්මා තරම් මම ආදරේ කරන කෙනෙක් තවත් නැ.

                       කොහොම උනත් පෙම්වතියට හෝ පෙම්වතාට ආදරය කරන කෙනෙක් එයාට දෙන්නේ මොන වගේ ආදරයක්ද..? ඇයි එයාට ආදරය කරන්නේ ? මෙහෙම ඇහුවොත් හැමෝම දෙන්නේ ගොඩක් සරල වගේම පොදු පිළිතුරු සෙට් එකක්.
                          
  • එයාගේ රූපෙට මම ආදරෙයි.       
  • එයාගේ ගතිගුණ වලට මම ආදරෙයි
  • එයාගේ කතාවට මම ආදරෙයි.
  • එයාගේ හිනාවට මම ආදරෙයි.
  • එයාගේ අවංක කමට මම ආදරෙයි.
                   
                        ඔයවගේ පොදු පිළිතුරු සෙට් එකක් තමයි ගොඩක් අයට තියෙන්නේ. එහෙම බලාගෙන යනකොට අපි ආදරේ කරන්නේ ඒ පුද්ගලයගේ තියන මොකක් හරි දෙයකට. ඒක අපි සතු කරගන්න බලාපොරොත්තුව ඇතුව. අපි ඒ පුද්ගලායා ගැන තණ්හාවක් ඇති කරගන්නවා. එයාව හිතින් තමන්ගේ කරගෙන, එයා ගැන බලාපොරොත්තුවක් ඇති කරගෙන ඒ බලාපොරොත්තුව යථාර්ථයක් කරගන්න මහන්සි වෙනවා. පෙම්වතා හෝ පෙම්වතිය තුල තමන් පිළිබඳ කැමැත්තක්, ආකර්ෂණයක් ඇති වෙන විදිහට කටයුතු කරනවා. සරලව කිව්වොත් ලව් එක වෙනුවෙන් කට්ට කනවා. ඕක තමයි වර්තමානයේ ආදරය කියන එක. කෙල්ලො බලන්නේ පුලුවන් තරම් කලර්ෆුල් වෙලා කොල්ලො අල්ලගන්න. කොල්ලො බලන්නෙ පුලුවන්තරම් කලර්ස් පෙන්නලා කෙල්ලො අල්ලගන්න. ඕක අද සමාජයේ සාමාන්‍ය තත්වය. මීට වඩා වෙනස් අය ඉන්නත් පුලුවන්. හැබැයි බහුතරයක් මෙහෙමයි. වෙන එකක් තියා චේ උන්නැහේ බලන්නෙත් කොහොමහරි වැඩ පෙන්නලා කෙල්ලගෙ කැමැත්ත තමන්ට ලබාගන්නනේ. ඔබ මොනවගේ කෙනෙක්ද කියලා ඔබේ හිතින් අහලා බලලා ඔබම තීරණය කරන්න.

          එතකොට ආදරේ කරන්න ඕනෙ නැද්ද...?




                            මොන විකාරද...? අනිවාර්යෙන් ආදරේ කරන්න ඕනා. හැබැයි ඒ ආදරේ  බොරුවට කරන එකක් වෙන්න බැ. කරන්නම් වාලේ කරන ආදරයක් වෙන්නත් බැ. අද කාලේ තියන ආදර සම්බන්ධතා ගැන හිතලා බලන්න. මුලින්ම දැකපු දවසෙම ටෙලිෆෝන් නොම්බරේ දෙනවා. දවස් දෙක තුනක් කතා කරනවා. මෙන්න සතියක් යනකොට යාලුත් වෙලා. මෙහෙම ආදරයක් කල්පවතින එකක් වෙයිද..? එකිනෙකා ගැන නිසි අවබෝධයක් නැ. , කොහොම කෙනෙක්ද , ගතිගුණ මොනවගේද කියලා දන්නෙත් නැ. කොටින්ම කියනවනම් හරියට එකිනෙකාව දැකලත් නැ. චේ උන්නැහේ නම් ඔය වගේ ආදර කතා දකින්නේ විකාර විදිහට. ආදරේ කරන්නනම් ටික කාලයක් නෙමෙයි අඩුම තරමේ අවුරුද්දක් විතරවත් එකිනෙකාව ආශ්‍රය කරලා බලන්න ඕනා. ගතිගුණ කොහොමද බලන්න ඕනා. හිතන විදිහ ගැලපෙනවද කියලා බලන්න ඕනා. එහෙමයි ඇත්ත ආදරයක් පටන්ගන්නේ. එහෙම නැතුව දැකපු ගමන් කරන ආදරයට ආදරය කියලා නෙමෙයි කියන්න වෙන්නේ "ආදර මේනියාව" කියලා. සමහරු කියනවා
 
             " මම ඔයාව දැක්ක දවසෙ ඉඳන්ම ආදරය කලා කියලා"

                       ඇත්තම කිව්වොත් ඒකට කියන්නේ ආදරය කියලා නෙමෙයි "ආසාව" කියලා. ඇහැට ලස්සන රූපයක් දකින්න ලැබුනම අපි ඒක අපෙම කරගන්න හිතනවා. ඒකට ආසා කරනවා. අද කාලේ කොල්ලො කෙල්ලො මේක ආදරේ කියලා හිතාගෙන නිකම් බොරුවට ආදරය කියන වලට පැනලා මැරෙන්න හදනවා. 

                         ආදරය කරන්න.... හැබැයි තමන්ට හොඳටම ගැලපෙනවා කියලා තේරුම් අරගත්තු තමන්ටත් ආදරය කරන කෙනෙක්ට.  සමහර කොල්ලො කෙල්ලො ආදරයේ නාමයෙන් මැරෙනවා කියලා , තමුන් ගැන සත පහක් තරමටවත් හිතන්නේ නැති කොහෙවත් යන එකෙක් වෙනුවෙන් මැරෙන්න යනවා. එහෙම මැරෙන්න යන එකෙක්ගෙන් ඇහුවොත් ඇයි මැරෙන්න හදන්නේ කියලා කියන්නේ මොකක්ද..? 

           " මම කෙනෙක්ට ආදරය කරනවා. එයා මගේ ආදරය පිළිගන්නේ නැ , ඒ නිසා මම මැරෙනවා "

                         මේක මහ මෝඩ කතාවක්නෙ. අපි ආදරය කරපු පලියට ඒ කෙනත් අපිට ආදරය කරන්න ඕනද.?. අනික ආදරය කරනවා කියලා එයාව තමුන්ගෙම කරගන්න ඕනද..? ඒකට කියන්නේ ආදරය කියලා නෙමෙයි කියලා මම කලිනුත් කිව්වා. ඒක පැහැදිලිවම ආසාව, තණ්හාව.. මම මේ කියන්නේ ආදරය කරන කෙනාව බඳින්න ඕනේ නැ කියන එක නෙමෙයි. එයත් කැමතිනම් ඔබත් කැමතිනම්, දෙන්නට දෙන්න ගැලපෙනවනම් එක්වීම කලයුතු දෙයක්. ඒත් සමහර කොල්ලො, තමන් කැමති කෙල්ල තමුන්ට කැමති නැත්නම් ඒ කෙල්ලව මානසිකව පීඩාවට පත් කරනවා,තර්ජනය කරනවා, සමහර වෙලාවට මිනීමැරුම් පවා කරනවා. ඒක ආදරේද ...? නමුත් ඒක එක්කෙගෙන්ගේ තනි කැමැත්තට අනික් කෙනාව බය කරලා හෝ තර්ජනය කරලා ලබාගන්න එක සාධාරණයිද කියලා ටිකක් කල්පනා කරලා බලන්න.

                            මේක බලලා ඔබ කියන්න පුලුවන් චේ උන්නැහේ මානසික රෝගියෙක් කියලා.. නමුත් මේ මම හිතන විදිහ. මම විශ්වාස කරන විදිහට ආදරය කරනවනම්, තමන් ආදරය කරන කෙනා තමුන්ගේම නොවුනත් එයාගේ සතුට දිහා බලලා සතුටු වෙන්නත්, එයාට දුකක් කරදරය වෙච්ච අවස්ථාවකදී එයාට උදව් කරන්නත්, එයාගේ දුක බෙදාගන්නත් හැකියාව තියෙන්න ඕනා. එතකොට ඒකට ආසාව කියලා කියන්න බැ. මොකද එතනදී අපි ආදරය කරන්නේ භෞතිකව පෙනෙන රූපයටවත්, ලස්සනටවත් නෙමෙයි. අපි ආදරය කරන්නේ ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මයට. අන්න ඒකයි ඇත්තම ඇත්ත ආදරේ. 

                           අවසාන වශයෙන් මම මේ ලිපියට ආදරය හා මිතුදම කියන නම යොදන්න හේතුව කියන්නම්. තමන්ගේ පෙම්වතාව හෝ පෙම්වතියව තමුන්ගේ හොඳම මිතුරා , මිතුරිය කරගන්න. ඒ කියන්නේ සා මාන්‍යයෙන් ඔබ මිතුරෙක්ට පමණක් කියන දේවල් තියනවනේ. අන්න ඒ දේවල් ඔබේ සහකරුවා එක්ක කියන්න. උදාහරණයක් විදිහට ඔබ බසයේ යනකොට ලස්සන කෙල්ලෙක් ඔබ දිහා බැලුවා කියමු. ඔබ ඒක තමුන්ගේ කෙල්ලත් එක්ක කියනවද.? සමහර කෙල්ලොනම් ඕක කියපු ගමන් යක්ෂාවේස වෙලා දුම්මල වරම අතට ගන්නවා. ඔබේ කෙල්ලත් ඒ වගේද.? සමහර විට එහෙම වෙන්න ඇති. නමුත් එයා එහෙම උනයි කියලා ඔබට මේ ක්‍රමය අනුගමනය කරන්න බැරි කමක් නැ. ඔබට පුලුවන් එයාව වෙනස් කරන්න. එයා තුල ඔබ ගැන විශ්වාසය ගොඩ නගන්න. ඔබ එයට ඇත්තටම ආදරය කරන බව එයාට තේරෙන්න ඉඩ හරින්න. ප්‍රශ්නයක් ඇති උනාම හැම තිස්සෙම කතා කරලා විසඳගන්න. රණ්ඩු වෙලා ප්‍රශ්ණ විසඳන්න බැ. ඔබ ඇයව  ඔබේ හොඳම මිතුරියක් හා සම කරලා සලකන බව ඇයට තේරෙන්න ඉඩ හරින්න. එහෙම උනයි කියලා ඔබ දෙදෙනා අතරේ පමණක් තියන පෞද්ගලික දේවල් සීමා කරන්න හෝ නොකර ඉන්න අවශ්‍ය නැ. ආදරයකදී ඒ දේවලුත් අවශ්‍යයි.  ආදරය කරනවා කියන එකේ එක මූලික අරමුණක් තමයි තමයි ශාරීරිකව එකිනෙකාගේ වීම. නමුත් ආදරය කියන්නේ ඒක විතරක් නෙමෙයි කියන එක කල්පනාවෙන් සිහි තබාගෙන වැඩ කලොත් , සමාජයට පෙනෙන්නට හෝ කායික අවශ්‍යතාවයන් සපුරාගන්නට පමණක් නොව ඔබේ සහකරුවා හෝ සහකාරිය පිළිබඳව ලොකු සැලකීමක් සහිත සැම අතින්ම පිරිපුන් ආදරයක් ඔබට ලබාදෙන්නට පුලුවන්නම් ඔබේ ආදරයත් අති සාර්ථක එකක් වනවා නොඅනුමානයි. 

                          



ප. ලි. :
             මේ කියපු හැම එකකම වගේ කිව්වේ චේ උන්නැහේගේ පෞද්ගලික අත්දැකීම් එක්ක සසඳලා . සමහර කෙනෙක් මේකට එකඟ නොවෙන්න පුළුවන්. ඒකට එයාට වැරැද්දක් කියන්න බැ. මොකද ඒක ඒ පුද්ගලයාගේ රටාව, විදිහ. හැබැයි චේ උන්නැහේටනම් අම්මා හැරුනම ඉන්න හොඳම යාලුවා චේ උන්නැහේගේ දයාබර පෙම්වතිය. අපි දෙන්න අතරේ රණ්ඩු ඇති වෙන්නෙම නැති ගානයි, මොකද අපි දෙන්නා අතරේ හොඳ වටහාගැනීමක් තියනවා. එයා කැමති අකමැති දේවල් පිලිබඳව චේ උන්නැහේ හොඳට දන්නවා. එහෙම උනේ අපි දෙන්නා ආදරණීය පෙම්වතුන් විදිහට වගේම හොඳම යාලුවෝ විදිහටත් සිතුවිලි වලින් බැඳිලා ඉන්න නිසා.  වෙන එකක් තියා චේ උන්නැහේ කරන තරමක් හොර වැඩ කරන්නෙත් ඔය යාලුකම ප්‍රයෝජනයට අරන් තමයි. ( ඒක කිව්වේ මගේ වෙන්ඩ නෝනා මහත්තයා ඉන්ටර්නෙට් භාවිතා නොකරන බව සක්සුදක් සේ දන්නා නිසයි ).

               
මේ ලිපිය විවේචනයට සම්පූර්ණයෙන් විවෘතයි. හිතට දැනෙන ඕනම දෙයක් කියන්න. චේ උන්නැහේ බලාගෙන ඉන්නවා................

 











13 ප්‍රතිචාර:

  • Kavindya says:
    February 5, 2011 at 3:08 PM

    හ්ම්ම්ම්ම්ම්ම් :) :( :'(

  • රත්ගමයා says:
    February 5, 2011 at 3:22 PM

    පට්ට පෝස්ට් එකක් නේ...මැක්සා...උපරිමෙන් වින්දා.........ලයික් හොදේ

  • Prabhath says:
    February 5, 2011 at 3:56 PM

    චේ උන්නැහැ පුදුම අත්දැකීම් සම්භාරයක් නෙව.....
    දැං චේ උන්නැහැ කොරන හොර වැඩ සේරම චේ උන්නැහැගේ පෞද්ගලිකයි රහසිගතයි ගිනුමට බැරවෙනව ඇති නෙවද....

    කොහොම නමුත් ලිපියනම් පට්ට...මමත් පට්ටම ලයික් ඕං...

  • ayesh says:
    February 5, 2011 at 4:16 PM

    මෙන්න බොලේ වැඩක්.මූට ගැලපෙන්නෙම නැති මාතෘකා තෝරගෙනනෙ posters ලියන්නෙ.එක්කො ලියපන් කොහොමද කෙල්ලෙක්ට සපත්තුවක් තෑගි කරන්නෙ කියලා.අන්න එහෙම දෙයක් ලිව්වනම් මූට 100% ගැලපෙන post එකක් ලියලා තියෙන්නෙ කියලා හිතන්න පුලුවන්.ඒත් මෙහෙම එකක් :-O
    අර සිංදුවකුත් තියෙනවනෙ,
    පින් මාලු වලේ කුසල් හාමි මාලු බානවා
    සිල් අරන් ඇවිත් සීලවතී මකුනො මරනවා
    ධනපාල උනත් මිනිහා මහපාරෙ හිඟනවා
    මම අහලා නෑනෙ සත්‍යපාල ඇත්ත කියනවා

    කාරුණික දැනුම් දීමයි "සත්‍යපාල = චේතන"

  • චේ උන්නැහේ... says:
    February 5, 2011 at 5:42 PM

    @ සුදු හංසි. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :O

    @ ර්ත්ගමයා........ ටැන්කූ ඇ....

    @ පොඩී..... ඔව් ඔව් හොර වැඩ ඔක්කොම ප්‍රයිවෙට් ඇන්ඩ් කොන්ෆිඩන්සල් එකවුන්ට් එකට යන්නේ....

    @ අයේශ්..... චික් විතරක් මෙහෙමත් යක්කු... අපිට ටිකක් හොඳ වෙන්ට දෙන්නෙ නැති හැටි...

  • Anonymous says:
    February 5, 2011 at 6:03 PM

    ජය වේවා චේ උන්නැහේ දෙන්න පහක් උඩින්ම... මම එකගයි...

    තමන් ආදරේ කරන කෙනා මුලින්ම තමන්ගේ හොදම යාලුවා වෙන්නත් පස්සේ පෙම්වතා ත් වෙන්න ඔනා..එතකොට තෙරුම් ගන්න ලෙසියි... අනික ප්‍රශ්න ඇති වෙනවත් හරිම අඩුයි.. දවසින් දෙකින් ආදරයක් කරන්නත් අමාරුයි එකට කියනවා වගේ කියන්නේ ආකර්ශනය කියලයි එක පවතින ආදර සම්බන්ධතා නෙමේ උපරිම මාසයක් වත් තියේයිද කියන්න බැ.. ආදරය කරන්න ආකර්ශනයට වඩා වටින්නේ තමන්ව තෙරුම් ගන්න කෙනෙක්..එ කෙනා එක්ක අපේ හැමදෙම උනත් කතා කරන්න බෙදා ගන්න පුලුවන් නම් හොදයි... මොකද අද හෙටට නෙමේ මුලු ජිවිත කාලේම අපිත් එක්ක පෑහිලා ඉන්න පුලුවන් කෙනෙකුයි වටින්නෙ..

  • Nimesh Lahiru Perera says:
    February 5, 2011 at 6:24 PM

    මචං, සිරා පෝස්ට් එක බං...... මගේ බොක්කටම වැදුනා.හරියට යකඩ පොල්ලකින් ගැහුවා වගේ..... මොනවා වුනත් අම්මා තමන්ගේ හොඳම යාළුවා විය යුතුයි කියන කතාවට මම එකඟයි.මොකද මමත් ඒක අත්විඳිනවා......
    " මම කෙනෙක්ට ආදරය කරනවා. එයා මගේ ආදරය පිළිගන්නේ නැ , ඒ නිසා මම මැරෙනවා "
    මෙතනින් පස්සේ ලියපු ඒවට කියන්න තියෙන්නේ "සහතික ඇත්ත" කියල.මොකද කියනවනම් තමන් ආදරය කරපු හිතකට, එයා තමන්ට අහිමි වුනත් කොහොමද බන් දුකක් දෙන්නේ...... තමන් ඇත්තටම ආදරය කියන එක කලා නම් උඹ කියන විදිහට දුකක් නම් දෙන්න බෑ....
    කොහොම වුනත් පොදුවේ උඹේ කතාවට මම එකඟයි.

  • සංකල්ප says:
    February 5, 2011 at 6:31 PM

    නියම පෝස් ට් එකක් නේ චේ උන්නැහේ. එලටම ලියලා තියෙනවා

  • Anonymous says:
    February 5, 2011 at 7:19 PM

    nice post..................
    me kathawata math akagai.............

  • චේ උන්නැහේ... says:
    February 5, 2011 at 9:26 PM

    @ නිම්ශා......
    ඔන්න දැම්මා පහක්..... ජයවේවා...
    ඔව් නගෝ... අපේ ජීවිත සහකාරයා හෝ සහකාරිය ගැන කලින් ඉඳන්ම දැනගෙන් ඉන්න එක කොහොමත් හොඳයිනේ. ඒ නිසා ලව් කරන්න කලින් කොහොමත් ටික කාලයක් ටෙස් කරලා බලන්න ඕනා.

    @ නිමේෂ්....
    යකඩ පොල්ලකින්...????? තත්වේ බරපතලයි නොවැ.... කොහොම උනත් ටැන්කූ අලේ...

    @ මධුරංග & Anonymous .....
    ටැන්කූ වේවා සහෝලා දෙන්නටම..

  • gayani says:
    February 5, 2011 at 9:35 PM

    Mona unath aththama kiyala thiyena eka gena santhosay. Genu daruwa internet use karanne naththe honda welawata.

    Anyway, gr8 collection of thoughts. At the sametime all these r 100% true.

    Well dn malli.

  • චතුවා says:
    February 6, 2011 at 2:34 PM

    හප්පේ චේ අමාරුවෙන් ටැබ් එක ඕපන් කරගෙන කියෙව්වා. මම මේ වෙනකම් කියෙව්ව දිගම බ්ලොග් පෝස්ට් වලින් එකක්ද මන්දා.. :D

    කොහොම වුනත් කියෙව්වේ නැත්තං අපාරාදේ කියලා දැන් හිතෙනවා. කියලා තියෙන දේවල් ගොඩකට මං එකඟයි.

    නයිස් පෝස්ට් කොලුවෝ.. :)

  • rajapaksha says:
    September 15, 2011 at 9:49 AM

    ආදරේ කරන කෙනා මුලින්ම තමන්ගේ හොදම යාලුවා වෙන්න ඔන මොකද ආදරේ කියන්නේ මිතුදමත් එක්ක බැදිලා තියන දෙයක් නිසා.

Post a Comment