(අ) සත්‍ය කථාවක් ඇසුරෙනි - පළමු ප්‍රහාරය..

Tuesday, February 22, 2011

                                      

                                ඔන්න සහෝදර සහෝදරියනි අද ඉඳන් අපි තවත් අසත්‍ය කථාවක් අක්ෂරයෙන් අරගෙන එනවා. අසත්‍ය කථාවක් කිව්වට මේක අසත්‍ය ආදර අන්දරයක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි...හරි... අපි වැඩිය කියවන්නේ නැතුව කථාවට යමු..

                                මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කොලුවො දෙන්නෙක්.. අපි උන්දෙන්නව රයිගමයයි ගම්පොලයයි කියලා හඳුන්වමු. ඔන්න ඉතින් මේ රයිගමයයි ගම්පොලයයි ගජයාලුවෝ.. කන්නෙ බොන්නේ, ගමන් බිමන් යන්නේ තියා කෙලි පොඩ්ඩියෙක්ට ලයින් දැම්මත් ඒත් එකට.( ගේ නෙමෙයි) , මුන් දෙන්නා ඉගෙන ගත්තෙත් එකම ඉස්කෝලේ එකම පන්තියේ, ඒ වගේම මුන් දෙන්නා තරම් නාහෙට අහන්නෙ නැති යක්කු දෙන්නෙක් මුලු ඉස්කෝලෙටම හිටියෙ නැ. ගුරුවරු කියන කිසිම දෙයක් අහන්නේ නැ. දෙයක් කරන්න හිතුනොත් කරලම තමා පස්ස බලන්නේ. කොහොමෙන් කොහොමෙන් හරි දෙන්නත් එක්ක ඕලෙවල් කරලා යන්තමින් පාස් වෙලා ඒ ලෙවල් වලට බයෝ කරන්න සෙට් උනා.

                               පරණ පුරුදු ඉස්කෝලෙට උනත් උසස්පෙළට එනකොට ඉන්ටවිව් එකකට මුහුණ දීල එන්න ඕනනේ.. ඉතින් අපේ මේ වැද්දෝ දෙන්නට ඉන්ටර්විව් කථාකරලා තිබුනේ හවස් වරුවේ. උදේ වරුවේ ඉන්ටර්විව් තියෙන්නේ අලුතෙන් ඉස්කෝලෙට එන ළමයින්ට. ඒ උනත් හවස් වෙලා තමන්ගෙ අවස්ථාව එනකම් බලන් ඉන්නෙ කොහොමද කියලා රයිගමයයි ගම්පොළයයි දෙන්නත් දත කට මැදගෙන විනීත දරුවෝ දෙන්නෙක් වගේ උදේ පාන්දරම ඉස්කෝලෙට එන්න පිටත් උනා...

                                   හප්පේ..... මේක පරණ ඉස්කෝලෙද කියලා අඳුරගන්නත් බැ.... අලුත් ළමයි හැම තැනම ... පාට පාට ටයි දාගත්ත කෙල්ලෝ සූ ...... ගාලා. අපේ ලොක්කෝ දෙන්නත් ඉතින් හොඳ කෙල්ලො ඉන්නවද කියලා පොඩ්ඩක් සර්ච් කරලා බැලුවා.. මෙන්න ඉන්නවා ලස්සන සුවිනීත සුකොමල චූටි පැංචියෙක්..කෙල්ලව දැක්කා විතරයි වැද්දෝ දෙන්න ගොලු උනා.. එච්චරටම ලස්සනයි කෙල්ල. දෙන්නත් එක්ක ඒ වෙලාවෙම අනික් අයට වාරණ නියෝගයක් නිකුත් කලා. " අර කෙල්ලට කිසිම කෙනෙක් පැණි හලලා තිබුනොත් බලාගෙනයි " කියලා. මෙහෙම කිව්වම සමහර කොල්ලොන්ගේ මූණු බලාගෙන ඉඳිද්දි හතරැස් උනා.ඒත් මොනා කියලා කරන්නද....... සත්තු දෙන්නගේ හැටි දන්න නිසා සෙට් එකම කට පියාගෙන හිටියා.

                                  දැන් වැද්දො දෙන්නගේ සිහියේ තියෙන්නේ එකම දෙයක් විතරයි. ඒ කොහොම හරි කෙලි පොඩ්ඩිගේ නම අහගන්න. කොහෙ අහන්නද...??? තියන ආඩම්බරකම. ලස්සන නිසා වෙන්න ඇති.. ඇවිදින්නෙත් පොළවෙන් අඩි දෙකක් විතර උඩින්. ඒත් කොහොම හරි නම අහගන්නත් එපැයි.

                                      නම අහගන්න ක්‍රමයක් දස අතේ කල්පනා කරලා කරලා අන්තිමේදි රයිගමයගේ ටිකිරි මොලේට ටොප් අයිඩියා එකක් ආවා. ඇයි බොලේ ඉන්ටර්විව් එකට කතා කරන්නේ නම කියලනේ .. එතනට ගියානම් කිසි අවුලක් නැතුව නම අහගන්න තිබුනා. ඒත් එතනට යන්නෙ කොහොමද ??? ගියොත් පින්සිරිපාල සර්ගෙන් නොමිලේ වේවැල් කසාය වඩියක් ලැබෙනවා ශුවර්. එතනට යවන්න පුලුවන්නෙක්ව හොය හොය ඉඳලා අන්තිමට  සත පනහේ බුල්ටෝ එකක් අරන්දෙන්න පොරොන්දු වෙලා ලඟ හිටපු පොඩි කෙල්ලෙක්ව නම හොයන වැඩේට බොහෝම අමාරුවෙන් පිටත් කරපු අපේ ලොක්කො දෙන්නා කෙල්ල නමත් අහගෙන එනකම් තාප්පයක් උඩට වෙලා අයිස් පැකට් දෙකකුත් ලෙව කකා බලාගෙන ඉන්නවා.

                                   දැන් කෙල්ල ගිහිනුත් පැය භාගයක් විතර වෙනවා. තවම කෙල්ලත් නැ නමත් නැ. මුන් දෙන්නතත් අම්බානෙකට යකා නැගලා ඉන්නේ. ඉවසීමේ රතු කට්ට පනින්න ඔන්න මෙන්න කියලා තියෙද්දි  අර කෙල්ල හැටට හැටේ දුවගෙන එනවා... කෙල්ලට හති. කතා කොරගන්නත් බැ... අන්තිබේදි තටඹලා තටඹලා මේ කෙල්ල කියපි.

           " රයිගම අයියේ රයිගම අයියේ... ඒ අක්කගේ නම ලෙන්චිනා "



                                                    
                                                                                    ..............ටූ බී කන්ටිනියුඩ්................

12 ප්‍රතිචාර:

  • Anonymous says:
    February 22, 2011 at 8:53 PM

    ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට..........

  • Bunny says:
    February 22, 2011 at 8:54 PM

    ඔය රයිගමයයි ගම්පලයයි = රත්ගමයයි චේතනයයි වෙන්න බැරිදැ ?

    :P අඩේ මට හිනා ගියේ නැනෙ බං ? :P :P

  • චතුවා says:
    February 22, 2011 at 8:58 PM

    රත්ගමයයි චේතනයි නෙවේ හාවෝ..මේ චේතනයයි සීතලයයි.. මුන් දෙන්නා තමා බෙදාගෙන වැඩ කරන්න කතා වෙලා ඉන්නේ.. :P

  • චේ උන්නැහේ... says:
    February 22, 2011 at 9:00 PM

    @ ඇනෝ.......... ඔව් බං .. ඒ කාලේ ඉඳන්ම එක මල තමා...

    @ බනියා & ළමයා... නැ බොල මේ රයිගමයයි ගම්පොලයයි....

  • pavithra weerapperuma says:
    February 22, 2011 at 9:56 PM

    මුන්දෙන්නගෙ වැඩේ හැටියට අනිව රත්ගමයත් හවුල් වෙන්න ඔනෙ. ඔය වගෙ කුප්ප වැඩකට මුල පිරුවොත් ඉහින් ඌ තමා.. හික් හික්.. අඩෙ මට හිනා යනවනෙ.. :D :D :D :D

  • නෙරංජි සුලක්ඛනා says:
    February 22, 2011 at 10:03 PM

    හිනා හගියෙ නැතෝ.....කමක් නැ කමක නැහැ.ලස්සනයි අප්පා

  • රත්ගමයා says:
    February 22, 2011 at 10:33 PM

    චේතනයයි සීතලයයි ගේ ද? :O :O :O

  • Ishanuk77 says:
    February 22, 2011 at 10:39 PM

    නින්ජාකරයා(චේ උන්නැහේ) නම් මේකට සම්බන්දයි... සුවර්

  • Kavindya says:
    February 23, 2011 at 8:44 AM

    ලෙන්චිනා....?? හෑ....??

  • සීතල අයියා says:
    February 23, 2011 at 12:49 PM

    චේ මම ඉතුරු ටික ලියන්නද?

  • චේ උන්නැහේ... says:
    February 23, 2011 at 2:20 PM

    @ සුළැඟිල්ල....... නැ සහෝ මේකේ රත්ගමයා නැ :P

    @ තිනු...... හික්ස් මට හිනා යන්නෙත් නැ අනේ.. :D :D :D

    @ර්‍ රත්ගමයා........ පිස්සුද සීතලයා ගේ නැ :P :P

    @ ඉෂ්........... චරිත ඝාතන ..... ඔව්වා කැත් වැඩ හොඳේ... :(

    @ සුදු හංසි...... ඔව් අලේ ලෙන්චිනා.... :) :)

    @ සීතලයා.... නැ නැ ඕනේ නැ... මමම ලියන්නම්... :P

  • ඉශ්වි says:
    February 23, 2011 at 4:01 PM

    අහ්හා ලෙන්චිනා.. මාර නේම් එක... ඔය හොදම හරිය යද්දි නවත්තන එක තමයි අස්පට්... :D

Post a Comment