පුංචි බේබි තමයි මමත්..

Monday, February 7, 2011


නොවැසුන දෙපා...
ගුරු පාර දිගේ...
හනික දිව යන
මහ වලව්ව වෙත....

දෑවැදි නැති මහ ලොකුවට..
කඹුරන්නිය ලොකු හාමුට...
මහත්තයෙක් ඒවි සොයා..
කවදා හරි මේ කෙල්ලව...

පරණ ගවුම් කොටය..
හිස්වූ කන් පෙති...
පුංචි බේබිගේ වගේ නොවේ...
උරුමයි මා හට..පුරුදුයි මා හට.....

අත පය රනින් නොදිලුනාට...
සිනිදු සලු පිලි නොඇන්දාට..
පුංචි බේබි තමයි මමත්...
අපෙ ගැරැහුණු පුංචි පැලට...

9 ප්‍රතිචාර:

  • Anonymous says:
    February 7, 2011 at 2:58 AM

    නොදිලුනාට අත පය රනින් ...
    දිලෙනවා නුඹ හිත යුතුකමින්..
    නොවුනත් නුඹ පුංචි බෙබි නමින්..
    නුඹත් කුමරියෙක් තමයි සිතින්..
    දිලෙයි කෙදිනක හෝ නුඹ..
    ලොවට...
    දිනයි නුඹ ලොව...
    මතුයම් දිනක...
    කුමරෙකුද එයි අසු පිටින් අද හෙටම.
    නුඹ ගෙන යයි කෙදිනකම...

    මම නම් ආසයි ඔයා ලස්සනට ලියලා ... ..හොදට දැනෙනවා...සුපර්... ඔයාගේ පලමු ලිපියනේ අක්ශර යට..සුබම සුබ පැතුම්... දිගටම ලියන්න... <3 :)

  • ItalyDilan says:
    February 7, 2011 at 3:03 AM

    මෙහෙම හරි බ්ලොග් එකක ලියන්න හිතුන එක ලොකු දෙයක් ඉශ්වි,,දිගටම ලියමු...
    හා,,හා..පුංචි බේබිව එක්කගෙන යන්න එක්කෙනා,,කෙල්ලව ගෙනියන්න ඉඩ තියනවා

  • MaRLaN says:
    February 7, 2011 at 7:08 AM

    අක්ෂරය දැන් 10යි...
    කවියත් ලස්සනයි...
    දැන් නම් හැමදාමත් කියෙවුවෑකි...

    "අත පය රන් දැයි කවුද බලන්නේ...
    දෑවැදි ඉල්ලා කවුද යදින්නේ...
    හිස් වූ කන් පෙති කවුද බලන්නේ...
    නුබේ සිත පමනයි කුමරු පතන්නේ..."

    SuPpEr aA....

  • චතුවා says:
    February 7, 2011 at 9:03 AM

    අහ් හා.. නයිස් පෝස්ට් ඉශ්වි... & වෙල්කම් ටු අක්ෂර...

  • Unknown says:
    February 7, 2011 at 1:06 PM

    ඉස්සිටත් මරු අදහස් එනවනේ.. සා නියමයි ඉස්සියේ... ඔහොම යං ඔහොම යං

  • චේ උන්නැහේ... says:
    February 7, 2011 at 3:41 PM

    ඉශ්වි.....
    විශිෂ්ඨයි නංගෝ........ ඔන්න මගේ ලයික් එක.....
    ඒවගේම අක්ෂරේට සාදරයෙන් පිළිගන්නවා........

  • ඉශ්වි says:
    February 7, 2011 at 7:34 PM

    අනේ ... කස්ටියටම තැන්කූ අප්පා.... මට නිකන් ලැජ්ජයි වගේ....
    මාව අක්ෂරේට ඇඩ් කරගත්තටත් ගොඩාක් තැන්කූ.... :D

  • සංකල්ප says:
    February 7, 2011 at 9:28 PM

    ඔයාද අක්ෂරේට අලුතින් එකතු උන සාමාජිකාව ? දිගටම ලියන්න සුබ පැතුම් !!!!

  • ඉශ්වි says:
    February 8, 2011 at 8:29 PM

    @මධුරංග - ඔව් මම තමයි.... ගොඩාක්...තැන්කූ..... :)

Post a Comment