මොකක්ද හැබෑට උනේ? :-\

Monday, May 9, 2011


මේක සීතල අයියාට වෙනස්ම විදියෙ අත් දැකීමක්.ඒ තමයි මම පලවෙනි පාරට කතාවක් කියන්න යාම.
මම මේ කියන්න යන්නෙ මගේ යාලුවෙක්ට නමක් වැටුන හැටි.ඉස් ඉස්සෙල්ලාම මඩක් නේද?මඩක් නැති ලොවක් කොහෙද?
අපි කියමුකො ඌට දිනුක කියලා.මූ මොනා උනත් හොද එකා.අමුම අමු පිස්සා.ගහගන්නද මරා ගන්නද.ඕන එකක්.හැබැය කටිං විතරයි.කව්රු හරි එකෙක් වලියට එනකොට මූ එතනිං මිසිං.එක්කො මූ රෙක්ටාගෙ ඔෆිස් එකේ.නැත්තං ස්ටාෆ් රූම් එකේ.මූ හද්ද බයයි චණ්ඩියා වගේ හිටියට.
මේක උනේ අපි අ.පො.ස උ.පෙ කරන කාලේ.දන්නවා ඇතිනෙ කව්රු කව්රුත් මම ඉන්නෙ මොරටුවෙ කියලා.මම එතකොට ඒකාලෙ ඉගෙන ගත්තෙ මොරටුවෙ හොද ප්‍රසිද්ධ පාසලක.ඔන්න අපි 12 වසරෙ පලවෙනි වාර විභාගයෙ අනිතිම පේපර් එක ලියලා ගෙදර එන ගමං දිනුක කිව්වා මචං අද විහාගෙ ඉවරත් එකේ, වේලාසනිං ඇරුනත් එකේ යංද රවුමක් ගහන්න.මමත් ඉතිං හා කියලා කට්ටියත් එක්ක ගියා.කට්ටිය කියන්නෙ මමයි, කොටයි, දිනුකයි, ගැබයි.අපි ඉතිං ඉස්පිරිතාලෙ හරියෙං බීච් එක පැත්තට දාලා අපි බීච් එකේ පොඩ්ඩක් ඉදලා යන්න හැදුවෙ.ඒත් අව්ව වැඩි නිසා අපි ගෙදර එන්න හැදුවෙ.මූ කියනවා අනේ බං ඉදපංකො පොඩ්ඩක්.තාම ආවා විතරනෙ.අපි කිව්වා පිස්සුද බොල තොට මේ හද්ද අව්වෙ මෙතනට වෙලා ඉන්න..ම්හ් .මූ එන්නෙම නෑ.මම ඇහුවා උබේ අහවල් එක නැවකින් මෙතනට ගෙනෙල්ලා දෙනවද මෙච්චර මේ කට්ටෙ ඉන්නෙ කියලා.මූ අපිට කොලේ හංගනවා.මූ ඉන්නෙ ෂුවර් එකටම කෙල්ලෙක් එනකං කියලා අපිට තේරුණා.මූ මහ ඇඹලයානෙ.මූ ටික වෙලාවක් කතා නොකර ඉදලා මූ කියන්න පටන් ගත්තා.මම කෙල්ලෙක් එනකං තමයි ඉන්නෙ කියලා.
කොටා- ආ ඒකනෙ කියන්නෙ.උඹ අපිට කොලේ වැහුවනෙ.දැන් කීයටද එන්නෙ?
දිනුක- ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට
මම- දැන් උඹ සෙට්ද?
දිනුක- නෑ.මම ඊයෙ ඇහුවා.අද උත්තරයක් දෙන්නම් කිව්වා.
ගැබා- දැන් මෙතනටද එනවයි කිව්වෙ?
දිනුක- නෑ.එයා කිව්වෙ නෑ එනවයි කියලා.එයා **** ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ.ගෙදර යනකොට එයාව අල්ලගන්න ඕන.
මම- දැන් මේ හරියෙන්ද යන්නෙ?
දිනුක- නෑ.ඉස්කෝලෙ ඉවර වෙනකං මේ ඉන්නෙ.එයා මොරටුවෙ ස්ටෑන්ඩ් එකට යන්නෙ බස් එක ගන්න.
මම- එහෙනම් මොන මගුලකටද යකෝ මෙතන ඉන්නෙ? යමං පාක් එකට.මෙතන මේ අව්ව තැප තැප ඉන්නෙ.කාලකණ්නියා(ඒ ඉස්කෝලෙට අල්ලපු වත්ත තමයි පාක්එක තියෙන්නෙ)

අපිත් ඉතිං ඔහොමම පාක් එකට ගිහිං බංකුවක වාඩිවෙලා වල් පල් කියෝ කියෝ හිටියා ටික වේලාවක්.මුලදිත් කිව්වනෙ මූ මහ පිස්සා කියලා.මූට අමුතුම දේවල් තමයි හිතෙන්නෙ.ඔහොම ටික වෙලාවක් කතාකරන ගමං මූ අනේ කම්මැලියි බං කියගෙන නැගිට්ටා.මූ නැගිටලා අර පොඩි උංට හදලා තියෙන ලිස්සන බෝට්ටුවේ යනවා.මූට අමු සයිකො.ඕකගෙ හැටිනෙ කියලා හිතාගෙන අපි අපේ පාඩුවේ කයියක් ගගහා හිටියා. ඔහොම සිද්දිය සිද්ද වෙන ගමං වෙලාවත් යනවා.1.25 ට වගේ ඇති.මූ එනවා දෙකට නැවී ගෙන.අපි බැලුවා මූට උන්ඩුකපුඡ්යේ අසාදනයක් වත් හැදිලද කියලා.ඒ එක්කම වගේ ඉස්කෝලෙ බෙල් එකත් වැදුනා.මූ දෙකට නැවීගෙන ඇවිත් අපේ හරියෙන් වැඩි උනා.අපි මුගෙන් සිද්දිය ඇහුවට මූ අපිට සිද්දිය කියන්නෙ නෑ.මූ බංකුවට හේත්තු වෙලා කිසිම දෙයක් කියන්නෙ නැතුව ඉන්නවා.දන්නවනෙ පොඩි ළමයිනුයි, අම්මලායි, ලව් කරන උනුයි දැන් මෙතන පිරිලා.
මම- උබ දැන් අහන්න යන්නෙ නැද්ද බොල මෙතනට වෙලා පුටුව රත් කරන්නෙ?
දිනුක- අද බෑ.අද බෑ..
ගැබා- ඇයි අද උබට ඩේට්ද?
අපි ඔක්කොම උන්ට හිනා.(ඌට හැර)
කොටා- මොකද බං උනේ?
දිනුක- යකෝ මගේ කලිසම ඉරුනා.....
මම- මොකක් කිව්වා?
දිනුක- එක පාරක් කිව්වා ඇහුන්නෙ නැද්ද යකෝ.
මම- අප්පට හුඩු.(හිනාව තද කර ගනිමින්)
කොටා- මල කෙළියයි.
ගැබා- :O , කොහොමද ඉරුනෙ?
දිනුක- අර *** බෝට්ටුවෙ ඇනයක් තිබිලා.මම දන්නෙ නැතුව ඒක උඩිං ගිහිල්ලා.
මම- ඔවද බං වෙන්නෙ.ඕක මොකක්ද.ෂර්ට් එක පොඩ්ඩක් එළියට දාපං.පේන්නෙ නෑ එතකොට.
දිනුක- යකෝ *** මම අද පරණ ෂර්ට් එකක් ඇදං ආවේ උබලා නිල් ගහයි කියලා.මේක කොටයි ගොං හරකො.
මම- හරි ඉතිං.ඕකේ මොනා බලන්නද බං?උබට එකක් තියෙන්න එපෑනේ බලන්න හිකි හිකි.....
දිනුක- අනේ මේ ***. *** කතා කියන්නෙ නැතුව ඉදපං.
(මූව පොඩ්ඩක් චයිං කලාම ඇති.පැය ගානක් තියෙනවා.කට්ටියටම ඉතිං බඩ අල්ලං හිනා.)
කොටා- ඕක මොකක්ද බං.උබ යටට ඇදලනෙ?
දිනුක- නෑ යකෝ.ඒකනෙ මේ අවුල :O :O :O :O :O

ඔන්න එදා ඉදං දිනුක, ජංගියා උනා.
මූට ඒ කාලේ ඒ හරියෙ හමේ රෝගයක් තිබිලා.දොස්තර මූට කියලා පොඩි කාලෙකට යට ඇදුම් අදින එක සීමා කරන්න කියලා.අදිනවනම් කොට්න් ඒවා අදින්න කියලා.මූ හරකා වගේ මොනාවත් අදින්නෙ නැතුව එදා ඇවිල්ලා තියෙන්නෙ. හික්ස්....
මොනා උනත් ඉස්කෝලෙ රිපොට් කාඩ් දෙන දවසෙ මිනිහටනම් හොද කාඩ් එකක් ලැබුනා.අපි උදේ පාන්දරම ඉස්කෝලෙ ගිහිං (ගියාමද මංදා වේලාසනිං) බෝඩ් එකේ ලොකුවට ලිව්වා ජංගියාව සාදරයෙන් පිළිගනිමු කියලා.අපිට ඉතිං එදා කුණු බැනුම්.සීන් එක කොහොම හරි ඉස්කෝලේ කට්ටියටම ආරංචි වෙලා කොච්චර ප්‍රසිද්ද උනාද කිව්වොත් දිනුක කියලා කව්රු හරි ඇහුවොත් කව්රුත් නොදන්න ගානටත් ජංගියා කියලා ඇහුවොත් ආ 12 ගණිතය පංතියේ ඉන්නෙ කියලා කියන ගානටත් මිනිහා ප්‍රසිද්ධ උනා.සර්ලා අතරෙත් මිනිහා ගොඩාක් ප්‍රසිද්ධයි.
අදටත් අපිට ඌව හම්බ උනාම අහන්නෙ "දැන්වත් ගත්තද ජංගියක්?"

ඔන්න හොදට මතක තියා ගන්න නම.ඉස්සරහට ලියන්න තියෙන කතා වලදි මූත් එක් විදියක ප්‍රධාන චරිතයක්.

14 ප්‍රතිචාර:

  • රත්ගමයා says:
    May 9, 2011 at 8:49 PM

    මම මෙතන දාන්න ද සීතල අයියට නම හැදුන හැටි,..හික්
    එක්කෝ සිරිපාදේ ගිය සැට් එකේ එකෙක් දාවි මීට යටින් :))

  • චතුවා says:
    May 9, 2011 at 8:53 PM

    මේ නම වැටුනේ චේ උන්නැහේ කියලා කෙනෙක්ටද මන්දාලු.. මොකද මේ කියලා තියෙන චරිත ලක්ෂණ උට ගොඩක් සමානයිනේ නේ.. නේද රත්ගමයෝ?

  • Unknown says:
    May 9, 2011 at 11:00 PM

    හනේ ඉතිං කාට කාටත් නම් හැදෙනවා නොවැ..... සීතලයා නමේ පුරාවෘතෙ හාර අවුසන එක හරි මදිද මංද ඉතිං නේ ;) 

  • චේ උන්නැහේ... says:
    May 9, 2011 at 11:08 PM

    @ චතුවා.....
    යකෝ සිතලයයි මමයි එක වයසෙද බොල එකට ඉස්කෝලෙ යන්න... මේ මම නෙමෙයි. මට ඔච්චර සරල නම් හැදිලා නැ... :P

    @ සීතල අයියා...
    මට පේන්නේ මේකත් අර එක්සෑම් එකක් ඉවර වෙනකම් බයිසිකල් කට්ටකුත් තියාගෙන අමු කට්ටක් කකා අහවලාගේ අහවලා එනකම් බලන් හිටියා වගේ වැඩක්ද කොහෙද.....(දන්නෝ දන්නා ප්‍රසිද්ධ රහසකි)

  • පන්සල් හංදිය says:
    May 9, 2011 at 11:12 PM

    එල කතාවනේ ..........

  • චතුවා says:
    May 10, 2011 at 12:28 AM

    චේ උන්නැහේ ඉතින් නාකියානේ.. උඹ ඉස්කෝලේ යන කාලේ දාපු නං හෙන සංකීර්ණ ඇති..

  • නදී says:
    May 10, 2011 at 8:43 AM

    එතකොට කවුද ඔය යාලුවා අපි නොදන්න කෙනෙක් වෙන්ටැ?

  • සංකල්ප says:
    May 10, 2011 at 9:48 AM

    ඇත්තටම ඔය සීන් එක උනේ චේතනට ද? මට නම් හිතාගන්නවත් බෑ. මොනා උනත් එල කතාව. පට්ට

  • සීතල අයියා says:
    May 10, 2011 at 6:18 PM

    සමාවෙන්න ඕන මට reply කරන්න පරක්කු උන එකට.පොඩි පෞද්ගලික හේතුවක් නිසයි පරක්කු කරේ reply කරන්න.

    @රතා-මමම දාන්නම්.කව්රුත් දාන්න ඕන නෑ.නැත්තං මුං එක, දෙක කරලා කියයි.අනෙ අම්මේ.....

    @ළමයා- ඌ කොහොමද බං මාත් එක්ක exam කරන්නෙ?
    සංකීර්නදත් කියලා අහනවා.ඇහුවනම් උඹට පොළව පලාගෙන යන්න හිතෙයි.

    @පොඩ්ඩා- ඒකනෙ මාත් කියන්නෙ..

    චේ- හ්ම් කතාව සහතික ඇත්ත.මාර නම් තොගයක්නෙ තියෙන්නෙ.මම මෙතන කියන්න ගියෝතිං එළි වෙනකං කියන්න පුලුවං.
    මොකටද මගෙ කට කිව්වලු.ඒවා එක්දාස් නමසිය බර ගනං වල උන දේවල්නෙ.

    කල්හාර- thank you සහෝ.

    N.A- අපෝ මෙතන කව්රුවත් ඒ කෙනාව දන්නෙ නෑ චේ හැර.ඌත් වැඩිය දන්නෙ නෑ මේ මූ කියලා.party වලදි සෙට් වෙලා තියෙනවා.

    මදූ- නෑ බං.වෙන එකෙක්ට.බොහොම ස්තූතියි....

    එහෙනම් කට්ටියටම බොහොම ස්තූතියි...

  • සුපර් මාරියෝ says:
    May 11, 2011 at 8:45 AM

    ලොවෙත් නැති චරිත ඝාතනයක්, අර කෙල්ලව පොරට අන්තිමට සෙට් උනාද??

  • සීතල අයියා says:
    May 11, 2011 at 5:26 PM

    @සුපර් මාරියෝ ඕක මොකක්ද බං.ඔයිට වැඩිය බරපතල නම් තියෙනවා අපි දාලා..
    අර කෙල්ලද?ආ සෙට් උනා.පස්සෙ ඒක නැවතුනා...

  • සුපර් මාරියෝ says:
    May 11, 2011 at 7:45 PM

    මට හිතාගන්න පුලුවන්.. කියන්න පුලුවන් ඒවා මෙහෙමනම් කියන්න බැරි ඒවා කොහොමද කියල....

  • සීතල අයියා says:
    October 10, 2011 at 6:01 PM

    @සුපර් මාරියෝ- හික්ස්....

  • Anonymous says:
    November 30, 2011 at 10:20 AM

    Seba da???

Post a Comment