Home » Posts filed under මතක කඩඉම
මේක සීතල අයියාට වෙනස්ම විදියෙ අත් දැකීමක්.ඒ තමයි මම පලවෙනි පාරට කතාවක් කියන්න යාම.
මම මේ කියන්න යන්නෙ මගේ යාලුවෙක්ට නමක් වැටුන හැටි.ඉස් ඉස්සෙල්ලාම මඩක් නේද?මඩක් නැති ලොවක් කොහෙද?
අපි කියමුකො ඌට දිනුක කියලා.මූ මොනා උනත් හොද එකා.අමුම අමු පිස්සා.ගහගන්නද මරා ගන්නද.ඕන එකක්.හැබැය කටිං විතරයි.කව්රු හරි එකෙක් වලියට එනකොට මූ එතනිං මිසිං.එක්කො මූ රෙක්ටාගෙ ඔෆිස් එකේ.නැත්තං ස්ටාෆ් රූම් එකේ.මූ හද්ද බයයි චණ්ඩියා වගේ හිටියට.
මේක උනේ අපි අ.පො.ස උ.පෙ කරන කාලේ.දන්නවා ඇතිනෙ කව්රු කව්රුත් මම ඉන්නෙ මොරටුවෙ කියලා.මම එතකොට ඒකාලෙ ඉගෙන ගත්තෙ මොරටුවෙ හොද ප්‍රසිද්ධ පාසලක.ඔන්න අපි 12 වසරෙ පලවෙනි වාර විභාගයෙ අනිතිම පේපර් එක ලියලා ගෙදර එන ගමං දිනුක කිව්වා මචං අද විහාගෙ ඉවරත් එකේ, වේලාසනිං ඇරුනත් එකේ යංද රවුමක් ගහන්න.මමත් ඉතිං හා කියලා කට්ටියත් එක්ක ගියා.කට්ටිය කියන්නෙ මමයි, කොටයි, දිනුකයි, ගැබයි.අපි ඉතිං ඉස්පිරිතාලෙ හරියෙං බීච් එක පැත්තට දාලා අපි බීච් එකේ පොඩ්ඩක් ඉදලා යන්න හැදුවෙ.ඒත් අව්ව වැඩි නිසා අපි ගෙදර එන්න හැදුවෙ.මූ කියනවා අනේ බං ඉදපංකො පොඩ්ඩක්.තාම ආවා විතරනෙ.අපි කිව්වා පිස්සුද බොල තොට මේ හද්ද අව්වෙ මෙතනට වෙලා ඉන්න..ම්හ් .මූ එන්නෙම නෑ.මම ඇහුවා උබේ අහවල් එක නැවකින් මෙතනට ගෙනෙල්ලා දෙනවද මෙච්චර මේ කට්ටෙ ඉන්නෙ කියලා.මූ අපිට කොලේ හංගනවා.මූ ඉන්නෙ ෂුවර් එකටම කෙල්ලෙක් එනකං කියලා අපිට තේරුණා.මූ මහ ඇඹලයානෙ.මූ ටික වෙලාවක් කතා නොකර ඉදලා මූ කියන්න පටන් ගත්තා.මම කෙල්ලෙක් එනකං තමයි ඉන්නෙ කියලා.
කොටා- ආ ඒකනෙ කියන්නෙ.උඹ අපිට කොලේ වැහුවනෙ.දැන් කීයටද එන්නෙ?
දිනුක- ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට
මම- දැන් උඹ සෙට්ද?
දිනුක- නෑ.මම ඊයෙ ඇහුවා.අද උත්තරයක් දෙන්නම් කිව්වා.
ගැබා- දැන් මෙතනටද එනවයි කිව්වෙ?
දිනුක- නෑ.එයා කිව්වෙ නෑ එනවයි කියලා.එයා **** ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ.ගෙදර යනකොට එයාව අල්ලගන්න ඕන.
මම- දැන් මේ හරියෙන්ද යන්නෙ?
දිනුක- නෑ.ඉස්කෝලෙ ඉවර වෙනකං මේ ඉන්නෙ.එයා මොරටුවෙ ස්ටෑන්ඩ් එකට යන්නෙ බස් එක ගන්න.
මම- එහෙනම් මොන මගුලකටද යකෝ මෙතන ඉන්නෙ? යමං පාක් එකට.මෙතන මේ අව්ව තැප තැප ඉන්නෙ.කාලකණ්නියා(ඒ ඉස්කෝලෙට අල්ලපු වත්ත තමයි පාක්එක තියෙන්නෙ)
අපිත් ඉතිං ඔහොමම පාක් එකට ගිහිං බංකුවක වාඩිවෙලා වල් පල් කියෝ කියෝ හිටියා ටික වේලාවක්.මුලදිත් කිව්වනෙ මූ මහ පිස්සා කියලා.මූට අමුතුම දේවල් තමයි හිතෙන්නෙ.ඔහොම ටික වෙලාවක් කතාකරන ගමං මූ අනේ කම්මැලියි බං කියගෙන නැගිට්ටා.මූ නැගිටලා අර පොඩි උංට හදලා තියෙන ලිස්සන බෝට්ටුවේ යනවා.මූට අමු සයිකො.ඕකගෙ හැටිනෙ කියලා හිතාගෙන අපි අපේ පාඩුවේ කයියක් ගගහා හිටියා. ඔහොම සිද්දිය සිද්ද වෙන ගමං වෙලාවත් යනවා.1.25 ට වගේ ඇති.මූ එනවා දෙකට නැවී ගෙන.අපි බැලුවා මූට උන්ඩුකපුඡ්යේ අසාදනයක් වත් හැදිලද කියලා.ඒ එක්කම වගේ ඉස්කෝලෙ බෙල් එකත් වැදුනා.මූ දෙකට නැවීගෙන ඇවිත් අපේ හරියෙන් වැඩි උනා.අපි මුගෙන් සිද්දිය ඇහුවට මූ අපිට සිද්දිය කියන්නෙ නෑ.මූ බංකුවට හේත්තු වෙලා කිසිම දෙයක් කියන්නෙ නැතුව ඉන්නවා.දන්නවනෙ පොඩි ළමයිනුයි, අම්මලායි, ලව් කරන උනුයි දැන් මෙතන පිරිලා.
මම- උබ දැන් අහන්න යන්නෙ නැද්ද බොල මෙතනට වෙලා පුටුව රත් කරන්නෙ?
දිනුක- අද බෑ.අද බෑ..
ගැබා- ඇයි අද උබට ඩේට්ද?
අපි ඔක්කොම උන්ට හිනා.(ඌට හැර)
කොටා- මොකද බං උනේ?
දිනුක- යකෝ මගේ කලිසම ඉරුනා.....
මම- මොකක් කිව්වා?
දිනුක- එක පාරක් කිව්වා ඇහුන්නෙ නැද්ද යකෝ.
මම- අප්පට හුඩු.(හිනාව තද කර ගනිමින්)
කොටා- මල කෙළියයි.
ගැබා- :O , කොහොමද ඉරුනෙ?
දිනුක- අර *** බෝට්ටුවෙ ඇනයක් තිබිලා.මම දන්නෙ නැතුව ඒක උඩිං ගිහිල්ලා.
මම- ඔවද බං වෙන්නෙ.ඕක මොකක්ද.ෂර්ට් එක පොඩ්ඩක් එළියට දාපං.පේන්නෙ නෑ එතකොට.
දිනුක- යකෝ *** මම අද පරණ ෂර්ට් එකක් ඇදං ආවේ උබලා නිල් ගහයි කියලා.මේක කොටයි ගොං හරකො.
මම- හරි ඉතිං.ඕකේ මොනා බලන්නද බං?උබට එකක් තියෙන්න එපෑනේ බලන්න හිකි හිකි.....
දිනුක- අනේ මේ ***. *** කතා කියන්නෙ නැතුව ඉදපං.
(මූව පොඩ්ඩක් චයිං කලාම ඇති.පැය ගානක් තියෙනවා.කට්ටියටම ඉතිං බඩ අල්ලං හිනා.)
කොටා- ඕක මොකක්ද බං.උබ යටට ඇදලනෙ?
දිනුක- නෑ යකෝ.ඒකනෙ මේ අවුල :O :O :O :O :O
ඔන්න එදා ඉදං දිනුක, ජංගියා උනා.
මූට ඒ කාලේ ඒ හරියෙ හමේ රෝගයක් තිබිලා.දොස්තර මූට කියලා පොඩි කාලෙකට යට ඇදුම් අදින එක සීමා කරන්න කියලා.අදිනවනම් කොට්න් ඒවා අදින්න කියලා.මූ හරකා වගේ මොනාවත් අදින්නෙ නැතුව එදා ඇවිල්ලා තියෙන්නෙ. හික්ස්....
මොනා උනත් ඉස්කෝලෙ රිපොට් කාඩ් දෙන දවසෙ මිනිහටනම් හොද කාඩ් එකක් ලැබුනා.අපි උදේ පාන්දරම ඉස්කෝලෙ ගිහිං (ගියාමද මංදා වේලාසනිං) බෝඩ් එකේ ලොකුවට ලිව්වා ජංගියාව සාදරයෙන් පිළිගනිමු කියලා.අපිට ඉතිං එදා කුණු බැනුම්.සීන් එක කොහොම හරි ඉස්කෝලේ කට්ටියටම ආරංචි වෙලා කොච්චර ප්‍රසිද්ද උනාද කිව්වොත් දිනුක කියලා කව්රු හරි ඇහුවොත් කව්රුත් නොදන්න ගානටත් ජංගියා කියලා ඇහුවොත් ආ 12 ගණිතය පංතියේ ඉන්නෙ කියලා කියන ගානටත් මිනිහා ප්‍රසිද්ධ උනා.සර්ලා අතරෙත් මිනිහා ගොඩාක් ප්‍රසිද්ධයි.
අදටත් අපිට ඌව හම්බ උනාම අහන්නෙ "දැන්වත් ගත්තද ජංගියක්?"
ඔන්න හොදට මතක තියා ගන්න නම.ඉස්සරහට ලියන්න තියෙන කතා වලදි මූත් එක් විදියක ප්‍රධාන චරිතයක්.
මුළු ජීවිතේම එක තැන නතර වෙලා වගේ හැඟීමක්, මේ මොහොත වෙනකන් තිබුණා.ජීවිතේ වෙලා ගත්ත දරුණු පාළුවට ජීවිතේ තව දුරටත් බදලා අල්ලගන්න ඉඩ දෙන්න ඕනේ නැහැ කියලා හිතුණා..මම මේ ටිකේ මිනිස්සු කියන ජාතිය ගැන ඇත්තටම කළ කිරීමෙන් හිටියෙ.අපේ ජීවිත වල සතුට අනෙක් අය අතේ තියෙන එක ඇත්තටම විහිළුවක් කියලා අද මට හිතෙනවා.
මම අනුන් ගෙන් ඇයි සතුට හොයන්නෙ? මගේ සතුට අනුන් අතේ තියෙන්නෙ කොහොමද? මම හිතුවා හුඟාක් හිතුවා..මිනිස්සු ආදරේ කියලා කරන්නෙ බොරුවක්..අපි යාළුවො කියලා හිතන අය අපව රවට්ටනවා...මේ වනකොට මම ඒක පරීක්ෂණ ඇසුරෙන් නිර්ණය කරගෙන ඉවරයි...
ජීවිතේ හැක් කර නොගෙන ඉදිරියට යන්න ඕනේ...මගේ කලින් ලිපිය මතක අයටයි මේ කියන්නේ.ආදරේ කියන්නෙ ලස්සන නොවෙයි.කියන අය අප අතරෙ ඉන්නව.ඒත් ඒ අය ආඩරේ කියන්නෙ සල්ලි වෙන්න පුළුවන්.
මේක මගෙ පෞද්ගලික අත්දැකීමක්..මගේ මිත්‍රයෙක්ගෙන් මම ඇහුව,ඒ ගැහැණු ළමයගෙ ආදරේ නැති වුණාම ඔයාට මොකද හිතුණේ කියල?ඔහු ගත් කටටම කිව්ව,අපරාදෙ හොඳ දෑවැද්ද .පවුලෙ එකම ළමය.කෝටි ගාණක් අපරාදෙ කියලා.
මට ඇත්තටම ඒ ගැහැණු ළමයා ගැන සතුටක් ඇති වුණා.මෙහෙම හිතන කෙනෙක් නොලැබීමම ලොකු භාග්‍යක් නේද?
මේ ලෝකෙ මිනිස්සුන්ට කොයි තරම් ප්‍රශ්න තියෙනවාද?...මට ඒ අතින් කිසිම ප්‍රශ්නයක් නැහැ...එහෙම ගත්තාම ඒ තරම් වාසනාවන්ත මට ඇයි හිතේ සතුටක් නැත්තේ?..මම කල්පනා කළා...
අච්චර මහන්සි වෙලාඅ වැඩ කරලා ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලෙ ඩික්ටින්ටිඔන් එක නැති වුණු එකද?...මම ඒ ගැන නම් ඇත්තටම කළ කිරිලා හිටියේ..ඒ අසාධාරණය ගැන මම කවදා හරි කතා කරනවා...ඒකට කල් තියෙනවා.
මම බුදු පිළිමයක් වගේ ආදරේ කරපු රූපයක්..නික්ම්ම නිකම් මැටිගොඩක් කියලා මට මේ ළඟදි දැන ගන්න ලැබුණා...මම ම තමයි හොයා ගත්තේ...ජය ශ්‍රී මහ බෝදිය කියලා හිතන් ළඟට යද්දි වැට මාර ගස් පේන කොට හිතට දැනෙන්නෙ පුදුම දුකක්....
මේ ඔක්කොම ජීවිතේ කඩයිම්...ගිය අවුරුද්දම ජීවිතෙන් අයින් කරලා, මේ මාර්තු ඉඳන් ජීවිතේ කියවනවා...අද මාර්තු 14..හෙට මාර්තු 15..හෙට මට කෙනෙකුට පොරොන්දුවක් ඉටු කරන්න තියෙනවා...ඒත් මම ඒක කරන්නෙ නැහැ....ඒක වැඩක් නැති දෙයක්....
මිනිහෙකුගෙ කොතන හොඳ වුණත් වැඩක් නැහැ සිතිවිලි අයහපත් නම් කිසිම දෙයක් හොඳින් සිදු වෙන්නෙ නැහැ.,යහපත් සිතිවිල්ලෙන් කෙනෙක් කරන දෙයකින්,තව කෙනෙකුට අපහසුවක් ඇති වුණත්,ඒකෙන් කවදා හරි හොඳක් සිද්ධ වෙනවා.
අපිව හැම දේටම ටියුෂන් අරිනවා.ඒත් ජීවිතේ උගන්නන්න අපිට කවුරුත් ටියුෂන් දීල නැහැ...ඒක කාටත් උගන්නන්න බැරිව ඇති...
කොයි දේ කොහොම වුණත්,ජීවිතේ ඉතිරි වෙන්නෙ තමන් ජීවත් වීමෙන් ලබන තෘප්තියම විතරයි...
කාලයක් හිතේ වැළලුණු හුඟාක් දේ කරන්න දැන් වෙලාව ඇවිත්...මම පටන් ගන්නවා..ඉහිහාස හීනය,සොබා දහම් හීනය,පොත් හීන එක්ක ආයෙ ජීවත් වෙනවා...ඉස්සරහ රාජ්‍ය නාට්‍ය උළෙලත් එනවානෙ...
මේ හැම දෙයක් එක්කම ළදරු අධ්‍යාපනය ගැන හිත ටිකක් යොමන්න ඕනේ...ඒකත් මගේ එක සිහිනයක්...බලමු...
මම මගේ සතුට කවදාවත් අනුන්ට දෙන්නෙ නැහැ....කවදාවත් නැහැ.
මේ ලගදි දවසක නිම්ශා දාලා තිබ්බා පෝස්ට් එකක් හරියා කියලා ..ඒක දැකලා තමයි මට මේ කතාව මතක් උනේ..මේක රත්ගමයා බ්ලොග් එකේ දාන්නද ..අක්ෂරේ දාන්නද කියලා ගොඩක් හිතුවා..මේ කතාවට ගැලපෙනම තැන තමා මේක..මම සන්වේදීව ලියන පලවෙනි කතාව තමයි මේක
සුභා අක්කා...ඇත්තටම කවුද මේ...
මට වයස අවුරුදු 5ක් වෙනකොට මට හිටිය හොදම යාලුවා තමා මෙයා. එතකොට එයාට වයස 16ක් විතර වෙන්න ඇති..සුභා අක්කා කියන්නේ අපේ ගෙදර වැඩ වලට උදව්වට හිටපු කමලා නැන්දගේ දුව.අපේ මල්ලිටයි මටයි හිටපු හොදම යාලුවා තමයි එයා
පොඩි කාලේ මාව බලා ගත්තු කෙනා තමයි එයා..
ගොඩක් වෙලාවට පොඩි කාලේ මමයි අපේ මල්ලියි ගහ ගන්නවා..ඒ වෙලාවට දුවගෙන ඇවිල්ලා අපේ රන්ඩුව මැද්දට පැනලා ඒ රන්ඩු නවත්තන්නේ සුභා අක්කා..
එයා හරියට මට සහෝදරියක් වගේ..මමත් එයාට ගොඩක් ආදරේ කරා..එයත් එහෙමයි.. මගේ අතින් අල්ලගෙන ඉස්කෝලේ වෑන් එක ලගටම ගෙනල්ලා ඇරලවනවා..ඊට පස්සේ තමා එයා ඉස්කෝලේ යන්න ඇදගන්නේ..මම ඉස්කෝලේ ඇරිලා කෙලින්ම දුවගෙන එන්නේ සුභා අක්කත් එක්ක සෙල්ලම් කරන්න...ඒක මහා පුදුම බැදීමක්
මේ සිදුවීම උනේ මට වයස අවුරුදු 6 ක් විතර උනාම මම හිතන්නේ..එදා පුරුදු විදිහටම අපි වත්තේ සෙල්ලම් කර කර ඉදියා..
එතකොටම කොහේද ඉදලා දුවගෙන ආපු තඩි බල්ලෙක් බුරාගෙන අපේ දිහාවට එනවා..සුභා අක්ක්යි මමයි විතරයි මිදුලේ..අපි දෙන්නටම කර ගන්න දෙයක් නෑ..බල්ල කඩාගෙන ආවේ මගේ දිහාවට..සුභා අක්කට හොදටම පුලුවන් කම තිබුනා දුවලා බේරෙන්න..ඒත් එයා එහෙම කරේ නෑ..
එයා කෙලින්ම දුවගෙන ආවේ මගේ දිහාට..ඇවිල්ලා මාව වඩා ගත්තා.වඩාගෙන අඩි දෙකක් තියෙන්න උනේ නෑ අර බල්ල අක්කව හැපුවා..මට හොදට මතකයි..මම අක්කගේ අතේ ඉදගෙන කෑ ගහනවා..අක්ක එක අතකින් මාව වඩාගෙන අනිත් අතින් බල්ලව එලවන්න මහන්සි ගන්නවා..ඒ මදිවට අක්කගේ කකුලෙන් ලේ ගලනවා..ඒත් අක්ක කොයිම මොහොතකවත් මාව අත ඇරියේ නෑ..
අපේ කෑ ගැහිල්ල ඇහිලා අම්මලා දුවගෙන ඇවිල්ලා බල්ලව එලවලා දැම්මා.. ඌ පිස්සු බල්ලෙක් කියලා පස්සේ තමා දැන ගත්තේ..ලේ ගලන අස්සේ සුහා අක්කා අහනවා 'මල්ලිට කරදරයක් නෑ නේද ' කියලා..ඒක මට තාමත් මතක් වෙනවා අක්කේ..
කොහොම හරි අක්කට ගොඩක් අමාරු උනා..අක්කව කෙලින්ම ගෙනිච්චේ කරාපිටිය ඉස්පිරිතාලෙට..අවාසනාවට මට යන්න උනේ නෑ..
ගෙදරට වෙලා මම හිටියේ ගොඩක් බයෙන්..අනේ සුභා අක්කට කරදරයක් වේවිද....මගේ හිතට ගොඩක් බයයි...
ටික වෙලාවකින් ආයේ අක්කව ගෙනාවා..අක්කගේ ඇස් වල කදුලු..මම ගොඩක් බය වෙලා...අඩනවා...අක්ක මගේ ලගට ආපහු ආවා..ඇවිල්ලා ඇහුවේ ආයෙමත් පරන ප්‍රශ්නෙමයි..."මල්ලිට තුවාල නෑ නේද"
ඊට මාස තුනකට විතර පස්සේ අක්කායි කමලා නැන්දයි අපේ ගෙදරින් ගියා..ඒ යන දවසේ අපි ගොඩක් වෙලා ඇඩුවා...
තවත් අවුරුද්දකට ව්තර පස්සේ තමා අපිට ආරන්චි උනේ අක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වෙලා කියලා...එදා අපි ගියා මල ගෙදර...අක්කගේ ලස්සන මූන බැන්ඩේජ් පටි වලින් ඔතලා..ඒ අක්කද කියලා අදුර ගන්න බෑ..මම එතනත් කෑ ගගහා ඇඩුවා මේ ඉන්නේ මගේ අක්ක නෙමේ කියලා...
අදටත් මම ආදරේ සුභා අක්කට..මට ආදරේ කියලා ඔප්පු කරපු එක්කෙනෙක් තමා එයා....
එයා අපිත් එක්ක හිටිය නම් සමහර විට එයාගේ ජීවිතේ විතරක් නෙමේ අපේ ජීවිතත් වෙනස් වෙන්න තිබුනා
නිම්ශා...ඔයා මට මතක් කරේ මේ අමතක කරන්න බැරි මගේ ජීවිතේ තියෙන කල්ම අමතක වෙන්නේ නැති කතාව...එදා අර බල්ල මාව හැපුව නම් සමහර විට අද මම මෙතන නෑ....ඒත් අද ඒකේ අනිත් පැත්ත වෙලා ත්යෙන්නේ...මම මෙතන ඉන්නවා..මගේ අක්කා මෙතන නෑ...
ඇත්තටම මේ කතාව මම මෙතන ලියන්න කැමතියි....එතකොට ඒ ගැන දන්න කවුරුත් මේක කියවන්නෙ නැහැ...ඒක මට ලොකු සහනයක්...නැත්තම් ඔයා මට බනීවි..ඇයි ඔයා ගැන ලිව්වෙ කියලා...ඊයෙ වැලන්ටයින් දවස ..මට මල් ගොඩාක් හම්බුණා...මම ඒ මල් වලට හරි කැමතියි...ඒත් ඒවා දුන්න කාටවත් මම කැමති නැහැ....
ඔයා ට මතකද? මම ඉස්සර ඔයාගෙ පන්තියට දුවලා එනවා...ඔයා කොයි තරම් දේවල් එතකොට කතා කරනවාද?.... ඔයා කතා කරන විදිහ අහගෙන ඉන්න මම හරිම පෙරේතයි...මම ආසා නෑ අපේ පන්තියට ඒ වෙලාවට සර් එනවාට...මම ඔයාලාගෙ පන්තියෙ ඉන්න ආසා නිසා ඔයාලාගෙ සර් මට හරි ආදරෙයි...එයා හිතන් ඉන්නෙ මම එයාගෙ සබ්ජෙක්ට් එකට ආසයි කියලා...ඒ නිසා මම ඔයාලාගෙ පන්තියට ආවාම සර් මාව තියා ගන්නවා.....
ඔයාට මගේ ආදරේ විහිලුවක්..මට ගොඩාක් දේවල් ඔයාගෙන් ඕනෙ කළේ නෑ...මට ඕනෙ කළේ ඔයා දිහා බලන් ඉන්න විතරයි....
මට ලොකු හීන තිබුණෙ නැහැ...රතු පාට මල් වැටිච්ච සුදුපාට සමනළ අත් දාපු ගවුමක් ඇඳගෙන ඔයාගෙ අතේ එල්ලිලා රතු නෙළුම් මල් ගොඩාක් තුරුලු කරන් වලාකුළු බැම්ම වටෙන් වටෙන් ගිහින් දළදා මාළිගාව වඳින්න යන්න ආසාවක් තිබ්බා...අපි යද්දි,පොරි විකුණන පොප් කෝන් මමා කෙනෙක්ගෙන් පොරි අරගෙන...වැව රවුමෙ පාත්තයින් ට වීසි කරන්න ආසාවක් තිබ්බා...දළදාව වැඳලා ඔයා ළඟට වෙලා කරඬු හතක් ඇතුළෙ තියෙන දළදාවෙ පින් බර සිතුවම හිතේ මවාගෙන වැඳ ගන්න ආසාවක් තිබ්බා...ඒ තමයි මට තිබුණු ලොකුම හීනේ.....
ඔයා රෑ වෙලා මොනා හරි ලියනකොට, නැත්තම් පොතක් බලන කොට තේ එකක් හදා දෙන්න... කකුල් දෙක ළගට ඔයාගෙ මූණ දිහා බලන් ඉන්න ආසාවක් තිබ්බා... එළි වෙනකන් ඔයාගෙ දේශපාලන කතා, සමාජයේ වුණු වැරදි ගැන කතා අහගෙන ඉන්න මට ලොකු ආසාවක් තිබ්බා.ඒවා විතරයි මට තිබුණු හීන....
ඒත් ඔයාගෙ හීනේ හිටියෙ මට වඩා ගොඩාක් ලස්සන කෙනෙක්....මම එයා වගේ උණා නම්,අද මම අනාගතේ ගැන හීන මව මව සතුටු වෙන කෙනෙක්...
එයා මට වඩා ලස්සන බව ඇත්ත..ඒත් එයා ඔයාටත් තව හීනයක් ම විතරයි මහත්තයො...අපි හැමෝම නොලැබුණු දෙයක් පස්සෙ දුවනවා ...
ඔයාට මතකද? ඔයාගෙ උපන් දිනේ දවසෙ මම ඔයාව පුදුම කළ හැටි.එදා උදේ හයට මම ආවෙ,ඔයාගෙ පන්තිය රතුපාට තරු වලින් සැරසුවා...ලස්සන ක්‍රේප් පටි වලින් ඔයා වැඩ කරන කොම්පියුටරේ එතුවා.. රෝස මල් වලින් මේසෙ සරසලා එක එක තෑගි ඔතලා මේසෙ උඩ තිබ්බා....ඔයාට ලස්සන සින්දුවක් හදලා ඒක ඇහෙන්න තිබ්බා.....පන්තියෙ බෝර්ඩ් එකේ ඔයාට happy birth day කියලා ලිව්වා....පන්තිය මගුල් ගෙයක් වගේ..ඔයාගෙ යාලුවො ආවා..එයාලා මට හරි ආදරෙයි...එයාලාත් මට උදව් වුණා...එක යාලුවෙක්ගෙ ඇස් වලට කඳුළු ආවා...එයා ඇහුවා...ඔයා මේ තරම් මහන්සි වුණා ද? මේ වගේ දෙයක් වෙනුවෙන් කියලා....මම එයාව පොරොන්දු කර ගත්තා..මම මේක කළ විත්තිය කාටවත් නොකියන්න....
ඒත් කාඩ් එකෙන් ඒක මම කළේ කියලා කට්ටිය දැන ගත්තා...ඒත් ඔයාට සතුට හංගන්න බැරි වුණා..ඔයා පන්තියෙ අක්කා කෙනෙක්ට කියලා තිබ්බා...ඔයාගෙ අම්මාවත් ඔයා වෙනුවෙන් මෙහෙම දෙයක් කරලා නෑ කියලා...කට්ටිය ඉස්සරහ මට ඇවිත් ඔයා ස්තූතියි කිව්වා...එදා ඔයා කේක් කැපුවා...හැමෝටම කවලා අන්තිමට මට කැව්ව බව ඇත්ත...මම සතුටු වුණා...ඔයා මට කේක් කැව්වා කියලා හිතාගෙන...මම දුක් වුණේ නෑ...ඔයා මට කැව්වෙ හැමෝටම පස්සෙ කියලා...
ඒත් ඔයාම පස්සෙ මට කතා කරලා බැන්නා එහෙම කළාට....ඇයි ඒ? ඔයා ඒ දේට ආසා නම් ඔයා ඇයි එහෙම කළේ?...ඔයා කොයි තරම් සතුටු වුණාද?..ඒත් ඒක කළේ මම කියලා දැණුනාම ඔයාට මදි කමක් දැනුණා ද?..එයාට ඔයාගෙ උපන්දිනේ මතක් වුණේ ළඟට ගිහින් ඔයා කේක් ඇල්ලුවාට පස්සෙයි....ඔය දෙන්නම අතරෙ ආදරයක් තිබ්බා නම් මම කවදාවත් ඒ මැද්දට එන්නෙ නෑ...ඒත් ඔයා විතරයි එයාට ආදරේ කළේ... හරියට මම ඔයාට ආදරේ කළා වගේ...
ඒත් කවදා හරි ඔයාට ඔයාගෙ විසි දෙවෙනි උපන් දිනය මතක් වුණොත්, මේ පුංචි කෙල්ලගෙ දුප්පත් ආදරේ ඊට යටින් පොඩ්ඩක් හරි මතක් වෙන්න ඕනේ.... නැත්තම් ඔයා මනුස්සයෙක් නෙවෙයි.........
කොලේජ් එකෙන් ඈත් වුණාම මට ඔයාව දකින්න තියෙන එක්ම මාර්ගෙත් ඔයා අහුරලා..මුහුණු පොත...මම අඩුම තරමෙ ඒකට එක කමෙන්ට් එකක් දාන්නෙ නැහැ....ඒත් ඔයාට බයයි... මම පළි ගනී කියලා.....එහෙම නේද? මම පළි ගන්න දන්නෙ නෑ අයියෙ
ඔයා පෙරහැරට පේ වුණු දවස් වල මස් නොකද්දි,තමයි අපි කොලේජ් එකෙන් චාරිකාවක් ගියෙ ....
ඔයාට මතකද? එදා අපේ රෑ කෑම වලදි නූඩ්ලස් වලට බිත්තර කවලම් කරලා...ඔයාට කන්න විදිහක් නැහැ...මම අක්කටයි මටයි බෙදා ගත්තා..එත් මම කෑවෙ නැහැ...මට කන්න බෑ...ඔයාට මම මගේ ඩෙසට් එකට තිබ්බ යෝගට් එකත් තියෙලා...මගේ රූම් එකට ආවා...ඒතකොටයි මට මතක් වුණේ...මගේ චොක්ලට් බිස්කට් එක....මට ඒක මතක් කලේ අක්කා කෙනෙක්...එයාට අවිත් ඉල්ලුවා..එයා ෆිගර් එක හදන්න රෑට කන්නෙ නැති කෙනෙක්... මම එයාට දුන්නෙ නෑ...පිස්සුනෙ නේද?..මම ඔයාව හොයන් දුවගෙන ආවා....ඒත් ඔයා කිව්වා..එයාලා වෙජි කෑම ඔයාට හදනවා කියලා...මට සතුටු හිතුනා....
ඔයා තමයි අපේ කොලේජ් මැගසින් එකේ ලොක්කා..ඔයා කැමති නෑ ඔයාට බල පෑම් කරනවාට...මතකද?..මම ඔයාව සනසවපු හැටි....කියනවා නම් කියන්න හුඟාක් දේ තියෙනවා.....ජීවිතේ කියන්නෙ මෙහෙව් දුකක් නම් මැරෙණ එක සැපක්...ඒත් මේ ආත්මෙ මේ ආත්මෙම ගෙවලා..ලබන ආත්මෙ මම නෙළුම් මලක් තරම් ලස්සන වෙනවා....එදාට ඔයාට මාව දාලා යන්න..මට බනින්න...මාව ඈත් කරන්න නොහිතෙන තරම ට මම ලස්සන වෙනවා...
ඒත් ලස්සන කියන්නෙ මොක්ද්ද?...එක එක කාලෙට ඒක වෙනස් වෙනවාද? රට අනුව, ජාතිය අනුව වෙනස් වෙනවාද?..නැත්තම් ඇහැ අනුව වෙනස් වෙනවාද?..මට ඒක ලොකු ප්‍රශ්නයක්....ඔයා ආදරේ කරන ,ඔයාට කාවත් නොලැබෙන ඇයත්,කවදා හරි වයසට ගියාම....ඔයගෙ හිතින් එයා මැකේවි...නැහැ..එතකොට ඔයාත් වයසයිනෙ....මම මේ ගැන තව හිතන්නෙ නෑ.....බුදු හාමුදුරුවන්ගෙන් මම ඉල්ලන්නෙ එකම දෙයයි...ආයෙ වඩින්න...මට නිවන් දකින්න ඕනේ බුදු හාමුදුරුවනේ...හැබැයි මහණ වෙන්නෙ නැතුව...මට කොණ්ඩෙ කපන්න නම් බැහැ.....
(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)