Showing posts with label අත්දැකීම්.... Show all posts
Showing posts with label අත්දැකීම්.... Show all posts

Tuesday, November 29, 2011

අකරතැබ්බය

9 ප්‍රතිචාර | Read more...

අද මම කියන්න යන්නෙ අපේ ඉස්කෝලෙ ගීතිකා කන්ඩායමේ කට්ටියට වුන අකරතැබ්බයක් ගැන. හිකිස්. මතක් වෙනකොටත් හිනා යනවා. මෙන්න මේකයි කතාව.


අපේ ඉස්කෝලෙ තමයි මුලු කොළඹ දිස්ත්‍රක්කෙන්ම දෙවනියට ඉන්න ගීතිකා කන්ඩායම. පලවෙනියට කියලා කියන්නත් පුලුවං. හැමදාම පලවෙනියා වෙන ඉස්කෝලෙ හොර කරන්නෙ නැත්තං අපි තමයි හැමදාම පලවෙනියා වෙන්නෙ. මොනා කරන්නද ඉතිං. අපේම සහෝදර පාසලක් නිසා කට පියං ඉන්නවා. සමස්ත ලංකා 2008 අපි තමා දෙවෙනියා. ඒකත් හොර කරලා පලවෙනියා ගත්තෙ. හොටු පෙරාගෙන කිව්වයි කියලා වුන්ට ලකුණු තුනක් වැඩියෙන් දුන්නා. >:(

ඔන්න ඉතිං අපිට වැල්ලවත්තෙ තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ අපේ සහෝදරී පාසලක් ආරාධනා කරනවා BMICH එකේ සංගීත ප්‍රසංගයක් තියන්න. ඒ ගැන කෝල් කරලා අපේ ගීතිකා කන්ඩායම බාර ෆාදර්ට කියපු ගමං අපෙන් ඇවිල්ලා ඇහුවා යන්ද කියලා. ආයෙ ඉතිං මොන කතාද.. කන්න දෙනවනම්, අපිට බොන්න දෙනවනම්, කෙල්ලො ඉන්නවනම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නෙ කිව්වලු. ෆාදරුත් මාර කතා අහන්නෙ. ඕක අපෙන් අහන්නත් දෙයක්යැ. මොකද කියනවනම් ෆාද අපි ගැන නොදන්නවයැ. අපිත් ඉතිං කට ඇරලා හා ෆාදර් යං යං කිව්වා. දැං ඉතිං අම්මා... බලන්න එපෑයැ කට්ටියයගෙ තියෙන උද්යෝගෙ. සමහර එවුන් උදේට ඉස්කෝලෙ එන්නෙ නැතුව හවස 2.30 ට සිංදු පුහුණු වෙන්න එනවා. ( ඔන්න මමනම් නෙමේ හොඳේ. මම බදාදාට විතරයි ඉස්කෝලෙ කට් කරන්නෙ. එදාට පීරියඩ් 4ක්ම ප්‍රැක්ටිකල්නෙ. වෙන දවසක ගිහිං එදා කරපුවා නිවී හැනහිල්ලෙ කරනවා. ඉතිං එදාට පුහුණුවීම් තිබුනොත් ඉතිං කරන්න දෙයක් නෑ. හවස යන්නම වෙනවා. මොකද ඉතිං ඒ කාලෙ බේස් පාට් එක බාර වෙලා තිබුනෙ මටයි තව යාලුවෙක්ටයි.) අපි කරන්න හිතං හිටියෙ The Wonders ලගෙ That thing you do (මම කැමතිම සිංදුවක්. මමයි යෝජනා කලේ.) කියන සිංදුවයි Neil Diamond ගෙ Red Red Wine (UB 40 Version) කියන සිංදුවයි. 


අපි ඉතිං පාට් පුහුනු වෙන වෙලාවෙ කොල්ලෙක් ෆාදට යෝජනා කොලේ නැද්ද පොඩි නැටුමකුත් දැම්මොතින් කොහොමද කියලා. ෆාදත් හනේ ගුඩ් අයිඩියා කිව්වෙ නැතෑ. අපිට මල කියන්නෙ මල අරගෙන උගෙ මූනෙ උලන්න හිතුනා ඒ වෙලේ. මොනා කරන්නද අරූ කියලා දෙන පියවරවල් අපි බලාගෙන කරනවා. අම්මෝ හෙන ගේමක් දෙන්න වුනා නටන ගමං සිංදුව කියන්න ඉගෙන ගන්න. එක්කො නටන වෙලාවට සිංදුව කියන්න අමතක වෙනවා, නැත්තං සිංදුව කියන වෙලාවට නටන්න අමතක වෙනවා. හරි ඉතිං කොහොමෙන් කොහොම හරි ඔන්න ඉතිං දිනෙත් ලං වුනා. අපි ඉතිං ලස්සනට ඇඳලා VIP ලා වගේ අපේ ස්කූල් බස් එකේ ඇවිත් BMICH එකෙන් බැහැලා, පොඩි එවුන්වත් ආන්බාන් කරගෙන අපි එනකොට මඟ අපි දිහාවට එනවා අපිට ආරාධනය කරපු ඉස්කෝලෙ චීස් කෑල්ලක්. අනෙ අම්මේ්්්්්....ඇඟ සලිත වෙනවා. කෙල්ලත් ඉතිං මාත් එක්ක හිනා වීගෙනම මගේ ඉස්සරහටම එනවා. මමත් ඉතිං පොඩි හිනාවක් දාගෙන ඉස්සරහට ආවා. ලඟට එනකොටම මම හෙලෝ කියන්න අතට අත දෙන්න හදනකොටම මෙන්න මේකි මාවත් පහු කරං මගෙ පිටිපස්සෙ හිටපු ෆාද ගාවට ගියෙ නැතෑ. හෆොයි නෝංඩි ගොඩයි. ඔන්න ඉස්සෙල්ලම කියන්න ඕන මම පොඩි එවුන්ගෙන් නෝංඩි වුනේ නෑයි කියලා. ( මගේ යාලුවනම් කිව්වෙ, මම යාලුවන්ට කරන ඉතාමත් යහපත් වැඩවලට ලැබුන ආනිසංස තමයි මේ කියලා.) ඒ ස්වීට් කෙනා අපිට අපේ කාබරේ පෙන්නලා රිහසල් කරන්න තියෙන වෙලාවත් කියලා නොපෙනී ගියා. :'( අපි ඉතිං පොඩ්ඩක් ඉඳලා රිහසල් තියෙන වෙලාවට ස්ටේජ් එකට ගිහිල්ලා සිංදු දෙකත් කියලා ආයෙ අපේ කාබරේට ඇවිත් ඇඳුම් මාරු කරගෙන ෂෝ එක පටන් ගන්නකං හිටියා. ඒත් මටයි තව සෙට් එකකටයි එක දෙයක් ගැන හෙන අප්සට්. මොකද කියනවනම් කට්ටියට නටන්න බැරි සීන් එකක් උද්ගත වෙලා තිබුනා. කොහොමෙන් හරි කට්ටිය තිරනය කලා හෙමින් කකුල් වලින් දාන්න ඕන කරන පියවරයන් හෙමින් දදා නටන්න (ඇල්ටො පාට් එකේ එවුන්ට කිව්වෙ නෑ. මොකද කියනවනම් අර පණ්ඩිතයා හිටියෙ ඒ පාට් එකේ.) කරන්න දෙයක් නෑ. ඌට වැඩක් දෙන්න ඕනනම් පාට් එකටම දෙන්න වෙනවා. සොරි තමා. බට් වට්ටු ඩූ කිව්වලු. කියන්න එපා කියලා අයිඩියාව ගෙනාවෙ මගෙ එහා පැත්තෙ ඉන්න යාලුවා. ඌට හොඳටම මලක් තිබ්බෙ ඒකත් එක්ක. හිකිස්... මම පව් කියලා කිව්වට කොහෙ...මූ කනකට ගන්නෙ නෑ. දැන් ඉතිං කට්ටිය පෝලිං ගැහිලා ස්ටේජ් එකේ ලීවලින් හදලා තියෙන පඩි පෙළවල්වලට නැගලා ඔන්න ඉතිං ලස්සනට සිංදුව කියන්න පටන් ගත්තයි කියමුකො. දැං ඉතිං කට්ටිය සිංදුව කියන ගමං නටනවා. That thing you do සිංදුවේ තියෙනවා හරහට කකුල් දෙක දෙපාරක් තියලා ඒ කකුල ඒ පැත්තට උස්සන සීන් එකක්. අර හරියට සූර පප්පා කථාවෙ කට්ටිය නටන්නෙ. අන්න ඒ වගේ සීන් එකක්. ( කක්කුට්ටො ඇවිදිනවා වගේ හරහට) එක පාට්ටම දඩ බඩාං කියලා සද්දයක් ආවෙ නැතෑ ඇල්ටො පාට් එක ඉන්න පැත්තෙං. ඒ එක්කම වගේ බලන්න ආපු කට්ටියගෙ පැත්තෙං හූ කියනවා වගේ සද්දයක් ආවා. මම පොඩ්ඩක් ඉස්සරහට නැවිලා බැලුවා හැබෑටම මොනාද වුනේ කියලා. අප්පට හුඬු ඇල්ටො පාට් එකේ වුන් සේරම ඒ පඩියත් එක්කම බිමටම පත බෑවිලා. ඇත්තම කියනවනම් ඒකට පඩියක් කියලා කියන්න බෑ. රීප්ප පටිවලිං ඒ මැස්ස හදලා තිබ්බෙ. අරුං ඉතිං හොඳට කකුලට වෙර අරං කකුල පද්දලා. ඉතිං වැටෙන එක අහන්නත් දෙයක්යැ. අපිනම් රිහසල් කරනකොටම දැනගත්ත නිසා අපි බේරුනා. බලන්න ආපු එවුන්ටනම් පට්ට ආතල්. කට්ටිය ලොකු හූ සඡ්ජායනයක නිරත වුනා. හැබැයි ඉතිං අපේ කොල්ලො ටික තප්පර ගානට නැගිටලා ඊට යටිං තිබුන පඩියට නැගලා සිංදුව නවත්තන්නෙ නැතුව කිව්වා. පස්සෙ ආවෙ නැතෑ ලොකු චියර් පාරක්..

සිංදු ටික ඉවර වෙලා කට්ටිය බහිනකොටයි දැක්කෙ ලමයි දෙන්නෙක්ට තුවාල වෙලා හෝ ගාලා ලේ ගලනවා. මේ බූරුවො රිදිල්ල කාගෙනම සිංදුව කියලා. මම ඉක්මනට එතන ඉන්න කෙනෙක්ට කියලා අයිස් බෑග් දෙකක් ගෙනෙල්ලා දිලා වාහනේකින් රෝහලකට යැව්වා. මගේ ඇදුමෙ ලේ එකයි.එකෙක්ගෙ අතක්. අනිත් එකාගෙ ඇහි බැම. අත තුවාල වුන එකාට මැහුම් 2ක් ගහලා. පස්සෙ ඉතිං මේ හැම දේටම හේතු කාරයා වුන පුද්ගලයට, කණ්ඩායමෙන් සමාව ගන්නත් වුනා. එදායින් පස්සෙ ඇස් රතු වෙන විහිලු එයා කාටවත් කරන්නෙ නෑයි කියලා පොරොන්දු වුනා ෆාදට.

ඉතිං යාලුවනේ මම මේකෙන් කියන්න උත්සහ කලේ කෙනෙක්ට විහිලුවක් කරනවනම් ඒ ගැන දෙපාරක් නෙමෙයි සිය පාරක් හිතන්න. ඒක ඒ පුද්ගලයාට කොහොම බලපාවිද කියලා...
මේ සිද්ධිය ඇත්තටම මගේ යාලුවගෙ ජීවිතේ වෙනම මාවතකට යොමු කලා කියලා කිව්වොත් 100% නිවැරදියි . දැං එයා යහපත් ළමයෙක්ලු..

Monday, October 3, 2011

කඩුගන්නාව-ඉහලකෝට්ටේ රේල් සවාරිය.

14 ප්‍රතිචාර | Read more...



මේ අපේ සයිබරේ සෙට් එකත් එක්ක මම(පොඩි මහත්තය) පහුගිය දිනක ගිය අපූරු චාරිකාවක් ගැන සංෂිප්ත දිගහැරුමක්.

රඹුක්කන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගය දල බෑවුමකින් යුකත් අතර දුම්රිය මගේ සීග්‍රතම නැග්ම මෙම කොටසේදී දැකිය හැකියි. ශ්‍රීලංකාවේ දෙවන තැනට දිගම බිම්ගෙය වන 9A බිම්ගය ද මෙම කොටසේ පිහිටා ඇත. ශ්‍රීලාංකේය දුම්රිය ගමන් මග පහත තැනිතලා භූමිය පසුකර කඳුකරයට පිවිසෙන පිවිසුම් මාර්ගය මෙය වන බැවින් පරිසරය පද්ධතියේ සීඝ්‍ර වෙනසක්ද මෙම කලාපයේදි දැකිය හැකිය. කඳු පන්ති අතරින් දිවෙන දුම්රිය මගේ සොඳූරු ඉසව්වක් ලෙසද මෙම කලාපය හැඳින්වීම වරදක් නොවේ.

සැප්තැම්බර් මස තුන්වනදා මම නොයිවසිල්ලෙන් බලා සිටියේ ඒ අපූරු චාරිකාවට එකතුවීම සඳහාමයි. උදේ පාන්දරින්ම ගෙදරින් පිටතුවුන මම පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී අනෙක් සගයන්ද පැමිණි පොඩිමැණිකෙ දුම්රියට ගොඩ වුනා.

උදේ 8 පමණ වන විට කඩුගන්නාව දුම්රියස්ථානයට ලඟා වුන අපි උදේට කාල බීල හෙම ලෑස්තිවුනා චාරිකාවට. කඩුගන්නාව දුම්රිය ස්ථානය ආසන්නයෙන් රේල් පාරට ගොඩවුන අපි ඒ ඔස්සෙ පහලට ඇවිදිගන එමින් ගමන් ඇරඹුවා.


මේ ඉන්නෙ කට්ටිය... ඔය වම් පැත්තෙන් ඉන්නෙ නඩේ ගුරා කෝච්චියා අයියා.
වැහි කොඩෙත් සවාරියට අපූරු චමත්කාරයක් එකතු කරන්න අමතක කලේ නෑ. පරිසරය නව ජීවයක් ලද්දකු මෙන් නැවුම් බවකින් පිරී ඉතිරී ගොස් තිබුනා. තෙත බරිත පරිසරය සිතටත් ගතටත් මහා සැහැල්ලුවක් එකතු කලේ ගමන් වෙහෙස පවා සුන්නද්දූලි කරමින්. 

තෙතබරිත සුන්දරත්වය
 අපිට සිග්නල් නෑ හැබැයි අපි ඉදිරියටම යනෝ....

වැස්සෙම පොටෝ ගන්න පොටෝ කනී...

බිම් ගෙවල් තුලින් දුම්රියේ යන්නෙකුට එතුල මෙතරම්ම කලුවර බව වැටහුනාදැයි සැක සහිතය. අඳුර කොතෙක් පැතිර තිබුනේද යත් අප ගෙනගිය විදුලි පන්දම් වලින් නිකුත්වූ ආලෝකය අපට දැනුනේ කනාමැදිරි එළියක් ලෙසිනි.


වැස්ස තුරන් වූ සැනෙන් අවට පරිසරය ගිලගත් මීදුම අපූරු චමත්කාරයක් පරිසරයට එක්කලේ අපේ රටේ සොබා සිරිය මොනවට කියාපාමිනි.
සිංහ කට ලෙස හැඳින්වෙන ගල් කුල මීදුමෙන් වැසී ඇති අවස්ථාවක...

බලන මොටන අලගල්ල පැනලා, සුද්දා මෙහාට එනවා බොරු...
-මෙන්න මෙහෙමයි ඒ කාලෙ කන්ද උඩරට පිවිසුම ගැන කියවිලා තියෙන්නෙ.
අද දුම්රිය මර්ගය දිවෙන්නෙ මෙම කඳු පන්ති අතරින.

දුම්රිය මගට බතලේගල දිසුවන අයුරු.
බලන දුමරිය ස්ථානය.
බලන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති දිසානායක මහතා ලංකාවේ තනිමාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා බාවිතාවන ටැබ්ලට් පද්ධතිය ගැන අපව දැනුවත් කරමින්.

දුම්රිය මගට දිස්වන අලගල්ල කඳු මුදුන.
ඈත කඳු පන්තිය දිස්වන අයුරු
අපේ ගමනාන්තය වුනේ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයයි.


මේ ඉන්නෙ සෙට් එක. ඡායාරූප අනුග්‍රහය ප්‍රවීන් ඉන්ද්‍රනාම අයියගෙන්.

කිලෝ මීටර 12ක පමණ දුරක් වූ කඩුගණ්නාව දුම්රිය ස්ථානයේ සිට ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය දක්කවා දුර පයින්ම ගමන් කලද ගතටත් සිතටත් කිසිම වෙහෙස මහන්සියක් නොදැනුනේ සොබා සෞන්ධර්යෙන් අනූන වූ කලාපයක සිහිල් පිරිසිදු වාතාශ්‍රෙයන්ද පෝෂිතවූ නිසාවෙන්මැයි සිතේ.

සොබා දහම රැකගනිමින් ඔබත් පරිසර චමත්කාරය විඳගන්නට එක්වන්නට ඇරයුම් කරමින්, තවත් සොබා සුවිසැරියකින් හමුවන තුරු ඔබට ජය.
පරිසරය සුන්දරයි-රැකගැනුම යුතුකමයි!

Saturday, July 30, 2011

කම්මැලි කම..

5 ප්‍රතිචාර | Read more...
මේ දවස් වල ටිකක් හිතේ හා කයේ අප්සට් එකකිං ඉන්නෙ.. ප්‍රදාණම හේතුව මේ අපේ ප්‍රවීන සූපවේදීනියං හා වේදකයංද මංදා, කොම හරි හදන කෑම ජාති අත්හදාබැලීම් කරලා.. පොඩි පොඩි බඩේ කචල් නිසා තමා අවුල් ගහලා ඉන්නෙ..! :D :D


ලියන්න කියලා කිසිම හෝම්කමිං එකක් මතක් වෙන්නෙම නැහැ.. නොලියත් හිතට මොකදෝ වගේ නිසා.. ඔන්න ඔහේ ලියලා දානවා...

මේ මේකේ තෙරුම නම් මගෙන් අහන්න එපා මං දන්නෙත් නැ


අනේ මට බැහැ කම්මැලියි අෆ්ෆා :-/

පේනවානේ ?
ඔන්න ඕක තමා කම්මැලි කම කියන්නෙ.. ඕක ලෙඩක්ලු.. යකඩ අඩු උනාමත් ඕක වෙනවා.. සෝ මං එහෙම කිවා කියලා.. ගෙදර ග්‍රිල් ගේට්ටු එහෙම කන්න ගිහින්... දත් අඩු කරගෙන මට මුකුත් කියන්න එපා හරිද.. ඔය මොනා හරි යකඩ අඩංගූ කෑම ටිකක් කන්න.. යකඩ කඩයක් පැත්තෙ ගියා නම් ගන්න හැකි..
නැනැ මං කියන්නෙ යකඩ ගෙට්ටු එහෙම ගහලා තියෙන ඩොකෙක් ගාවට ගිහින්.. ලියා ගන්න බෙහෙතක්.. මං කිවා කියලා නම් කියන්න එපා.. මොකද මං අත්දැකිමෙන් කිවාට.. ශුවර් නැනේ..


ඉතිං මට දැන් කම්මැලියි.. මං නවත්තනවා..


ගිහින් එන්නම් හරිද.. ටටා..!


මේක ලියපු එකා = වල් හාවා
රට හාවා
සුදු හාවා
මුහුදු මංකොල්ල කාර හාවා
රැඩිකල් හාවා

(කැමති එකක් දාගන්න මං මුකුත් කියන්නැනේ)
.



Thursday, July 28, 2011

දුම්රිය දෙවියෝ කෝප වූ වගයි..

17 ප්‍රතිචාර | Read more...
                 
                   මම  අද කියන්න යන්නේ උණු උණුවේ උන වැඩක් . ඒ කියන්නේ අද උන වැඩක්මෞන වැඩේට විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ අප්පා..... :D :D :D

                 කස්ටිය දන්නවනේ චේ උන්නැහේගේ(ඒ කිව්වේ මගේ) වෙන්ඩ බිරින්දැ මිසිස් චේව, ඔය මිසිස් චේ මීට අවුරුදු 3කට කලින් අද වගේ දවසක කව්දෝ මන්දා ගල් ආදෙක් එක්ක ප්‍රේම පුරාණයකට මුලපුරලා තියනවා. ඉතින් ඒ තෙඅවුරුදු පූර්ණය සමරන්න චේ උන්නැහේයි, මිසිස් චේයි, මිසිස් චේගේ අතිජාත මිතුරිය ලකී නංගියි , චේ උන්නැහේගේ අතිජාත පාප මිත්‍රයා සීතල අයියයි අද පොඩි රවුමක් දාන්න කතා කොරගත්තා

               උදේ පාන්දරම ලකලැහැස්තිවෙලා කස්ටියම උදේ 11 වෙනකොට සීතලයාගේ මහගෙදරට එහෙමත් නැත්නම් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ගියා කියමුකෝ. හරිම විනෝදෙන් කාලේ ගත කලා. පොඩි කේක්ගෙඩියක් කපලා පුංචියට චාමෙට ඇනිවසරිය සෙලිබ්‍රේට් කොලා.. සීතල අයියාගේ නැදැ බැබුන් කෙනෙක්ගෙන් සීතල අයියාට වුනු අකරතැබ්බය ඇරෙන්න මුලු දවල් වරුවම බොහෝම සතුටින් සමාදානයෙන් ගෙවිලා ගියා.  

                   හවස් වෙනකොට සත්තුන්ගේ කෙලි එපා උනා. බඩත්ගිනියි වගේ. ඉතින් ට්‍රීට් කියලා එකක් දෙන්නත් එපැයි, (ඔය ට්‍රීට් කියන එක හොයාගත්ත එකාටනම් හොදක් සිද්ධවෙන්න එපා.)  . ඉතින් කට්ටියත් එක්කම රැජිනගේ කඩේ හෙවත් queens cafe අවන්හලට ගොඩ වැදුනා. හෆොයි දෙවියනේ, කැම ජාති ගේනවා විතරයි, වාශ්ප වෙනවද මංදා. කොහොමෙන් හරි අහිංසක චේ උන්නැහේගේ මුලු සේසතම හිදුනට පස්සේ කස්ටියට එලියට ආවා කියමුකෝ. වෙලාව 4.30ට විතර ඇති. තව වෙලාත් තියන එකේ එම්සී එක පැත්තේ  ශොපිං පාරකුත් දාලා 5.00 විතර වෙනකොට බම්බලපිටියේ දුම්රියපොලෙන්  මොරටුව බලා ගමන්ගන්නා අධිවේගී මන්දගාමී දුම්රියකට ගොඩ උනා.ඉස්කෝලේ කාලේ අපි ඉතින් කවදාවත් කෝච්චියේ යන්න ටිකක් ගත්ත එකක්යැ. අතීතය ආවර්ජනයක් කරන්නත් එක්ක ටිකට් නොගෙනමයි කෝච්චියට ගොඩ උනේ.. ඉතින් සිංදුවක් එහෙමත් කිය කිය ඇවිල්ලා කස්ටියත් එක්ක මොරටුව දුම්රියපොලෙන් බැස්සා......

                          හත්වලාමයි... මෙන්න මොරටුවේ දුම්රියපොලේ ටික්කෝ පෝලිමයි. කට්ටියටම දෙලෝ රත් උනා...  ඇයි යකෝ ටිකට් ගත්තෙත් නැ.. අතේ සතෙත් නැ... ශේප් එකේ මාරුවෙන්න විදිහකුත් නැ. . හතර දෙනාම ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ බලාගෙන ඉන්නකොට මරුමුස් පාට ටික්කා අංකල් කෙනෙක් ඇවිලා ටිකට් ඉල්ලපි. කොහෙන් ටිකට් දෙන්නද,  ටිකට් දෙන්න ටිකට් ගන්න එපැයි. කොහොම හරි අංකල්ට පානිය දාලා එක්කෙනෙක්ට දඩේ ලියාගන්න සෙට් උනා..  මෙන්න ඒ අස්සෙ තව ඔටු ටික්කෙක් ඇවිල්ලා කියනවා මෙහෙම හරියන්නේ නැ හතර දෙනාටම දඩගහන්න ඕනා කියලා. ඒ වෙලාවේ උගේ අම්මට සැහෙන්න කිඹුහුං යන්ට ඇති :P :P ... 

                         ඔන්න දඩකොලේ චේ උන්නැහේගේ අතට ලැබුනා.. රුපියල් 940ක්..... පර්ස් එක හරියටම තිබුනේ රුපියල් 284යි.. කට්ටියගෙම පොකට් පර්ස් හූරලා රුපියල් 958ක් යන්තම් හොයාගත්තා. ඒකෙන් 940ක් ගෙඩිය පිටින් අර අවලං ටික්කට පූජා කරලා, ඉතිරි රුපියල් 18 ගැහැණු දැරිවියො දෙන්නට බස් එකේ යන්න දීලා සීතල අයියයි අහිංසක චේ උන්නැහේයි බොහෝම දුකසේ පයිං ගාට ගාට ගෙදර ආවා..... 

ඔන්න චේ උන්නැහේගේ ඇනිවසරියට ලැබුනු මහානුභාව සම්පන්න තැග්ග......!!!!!!!!!! 
  


මහානුභාව සම්පන්න දඩකොලේ

Sunday, July 24, 2011

සූදානම් නොවී නොසිටිනු..

15 ප්‍රතිචාර | Read more...

      මේ මගේ බ්ලොග් ජීවිතය ආරම්භ කරපු ලිපිය. අඩුපාඩුනම් කෝටියයි. මේක මම දැම්මේ "එන්න ඇවිත් යන්න" කියලා පටන්ගත්තු මගේ බ්ලොග් එකේ.. ඒකට දැම්මෙත් මේ පෝස්ට් එක විතරමයි... :D
අක්ෂරේට පෙම්බැන්ද නිසයි කාර්‍යබහුලත්වය නිසයි ඒක මම අත්හැරලා දැම්මා... මට ඉතින් නිකමට හිතුනා මේක අක්ෂරෙත් පෝස්ට් කරන්න ඕනා කියලා. අතීතය සිහිකිරීමක් විදිහට...

-------------------------------------------------------------
 
මගේ ජීවිතේ ගොඩාක් ලස්සන මතක සටහන් තියනවා. මගෙ පුංචිම කාලෙ, ඉස්කෝලෙ කාලෙ, කාලෙ, ගොඩාක් සුන්දර මතක සටහන් තියනවා. ඒ අතරින් මගේ ජීවිතේ අමුතුම වෙනසක් උන කාලයක් තියනවා, ඒ මම ශිෂ්‍යභටයෙක් විදිහට හිටපු කාලය. මම හිතන විදිහට ඒ කාලෙ තමයි මගෙ ජීවිතේ ට වටින දේවල් ගොඩක් එකතු කරගත්තු කාලය. ඒ වගේම මගේ ජීවිතය සාර්ථක වෙන්න අඩිතාලම වැටුනෙත් ඒ කාලෙ කිව්වොත් ඒක හරි. 

        මම මුලින්ම cadeting කරන්න පටන් ගත්තෙ 2003දි. මට මතකයි අපි පන්තියෙ ඉගෙනගන්නකොට දෙකේ හතරෙ අයියලා දෙන්නෙක් ඇවිත් කිව්වා cadet platoon එකට කට්ට්ය ගන්නවා කැමති අය නම් දෙන්න කියලා. ඒ වෙනකොට අපි cadetsලා ගැන දැනගෙන හිටියෙ කඩියො වගේ එහෙට මෙහෙට දුවන, බිංකුන්ඩො වගේ බිම බඩගාන කට්ට්යක් කියලා විතරයි. ඒ උනත් හැම එකටම හොම්බ දාන එක අපේ ගතිය නිසා අපිත් ඉතින් නම් දුන්නා..


       කොහොමෙන් හරි ඔන්න ඊලග දවසෙ උදේ පාන්දරම මම practice ගියා. එතන අමුතුම ලෝකයක්.. තිතට වෙලාවට වැඩ. 6.00 කියන්නෙ 6.00 ම තමයි. 5.59ත් නෙමෙයි, 6.01ත් නෙමෙයි. ඒ මදිවට ඉස්කෝලෙදි කට පුරා අයියා කියපු අයට සාජන්, කෝප්‍රල් වගේ විකාර නම් වලින් කතාකරන්නත් ඕනා. මටනම් මුලින් විකාරයක් වගේ, ඒ උනාට පහුවෙනකොට ඒ වචන කටට හුරු උනා. cadetsලා කියන්නෙ විනය උපරිමව තියන කට්ට්යක්. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි එහෙම නොහිටියොත් අම්බානෙකට ගුටි කන්න වෙන නිසා. ගිය අලුත කව්ද ඕවා දන්නෙ. මමත් ගිය දවසෙම දුන්න break එකකදි සාජන් කියන අයියාට පුංචි විහිලුවක් කලා. අම්මෝ.... මට එදා කොසු මිටක් කැඩෙනකම් ගැහුවා. එදා එදාමයි. අයෙමත් ලා එක්ක විහිලුනම් කලේ නැහැ. :D


        ඔහොම මාස 4ක් විතර ගියා. cadeting මගෙ ජීවිතේම උනා. මම පන්තියෙ periods cut කරලා cadet room එකට වෙලා cadet lectures පාඩම් කලා. පුලුවන් හැම වෙලේමcadeting වෙනුවෙන් කැප උනා. කොහොමහරි මගේ කැපවීමයි, ආසාවයි නිසා මට camp යන 25 දෙනාට තේරෙන්න පුලුවන් උනා.

camp ඒකට ඇතුල්වන දොරටුව

       කොහොම කොහොම හරි camp යන දවසත් ලං උනා. යන දවසට කලින් දවසෙ අම්මල තාත්තලට අපේ වැඩ කිඩ පොඩි consort එකකින් පෙන්නලා ඒ අයගෙන් සමුගත්තා. එදා රෑ නින්ද ගියෙත් නැහැ. හීනෙනුත් camp එක පේනවා. ඔන්න ඉතින් පහුවෙනිදා උදේ පාන්දර 5.30 ට විතර දෙයියනේ කියලා යන්න පිටත් උනා. ගමන නම් හරි විනෝදයි. සිංදු කිය කිය මාර fun එකේ ගියා. අපි හවස 4.00 වෙනකොට රන්ටැඹේ camp එකට ආවා. එතන එකම යුද්ධයයි.. I.D check කරනවා bag check කරනවා, උස බලනවා ජරමර ගොඩයි.එතනින් අපිට හම්බවුන billat එකට යනකොට 6.00 ට විතර ඇති.billat no එක B-23. මම හිතුවා billat එකට ගිහින් ටිකක් rest කරන්න ලැබෙයි කියලා. මොන restද ගියවෙලේ ඉඳන් තීන්ත ගාන්නයි, ඇඳන් up කරන්නයි, එපා වෙනවා...


අහස් ඉනිමග
.22 ගිනි අවියෙන් වෙඩි තබමින්..




පාඩම් කරමින්..
         ඊලග දවසෙ ඉදන් practice පටන් ගත්තා... ඒ දවස් ටිකේ rest එකක් ඇත්තෙම නැහැ. camp එක මට තිත්තම උනා. test පටන් ගත්තෙ දවස් 4කට පස්සෙ. එතකොටනම් වැඩ අඩුයි. මාස ගානක් මහන්සි වෙලා practice කරපු දේවල් අපි හොඳින් ඉදිරිපත් කලා ,ජීවිතේ පලවෙනි වතාවට වෙඩි තිබ්බා. කොහොමහරි අපේ place එක 09 , billat එකෙන් 01, ඝනසරඹ වලින් 05, ආත්ම විශ්වාස වර්ධන පාඨමාලාවෙන් 09. Harmon loose camp එකට යන්න බැරි උනත් අපි හොඳ තරඟයක් දුන්නා. අන්තිම දවසෙ අම්මලා ඉස්සරහ Passin out එකේදි අවිසරඹ කරනකොට දැනුන සතුටනම් වචන වලින් කියන්න බෑ. දවස් 12 ක camp එක ඉවර වෙලා එන්න පිටත් වෙනකොට හිතට දුකක් දැනුනත් ආවෙ ආයෙමත් camp එකේ පස් පාගන්නෙ නැහැ කියලා. ඒ උනත් මම ඊට පස්සෙ අවුරුදු 4ක් camp ගියා. ඒත් senior කෙනෙක් විදිහට ගිය ඒ අවුරුදු 4ටම වඩා junior year එක මගේ මතකයේ සදහටම රැඳිලා තියේවි..


මම...........
P4630 රෙ.සැ.මේ. ප්‍රනාන්දු M.A.U.C 
paasin out එකේ දසුනක්..


paasinout එකේ දසුනක්



Tuesday, July 12, 2011

සිතට දැනුන සිතුවිල්ලක්.

9 ප්‍රතිචාර | Read more...

මං මේ කියන්න යන්නෙ මගේ හිතට දැනුන දෙයක් ගැන. ඇත්තම කිවුවොත් කාටත් වගේ ආදරය කියල සංශිප්තව කියමුකො.


ආදරය කියන හැඟිම ගැන කතා කරන්න පුද්ගලිකව මං අකමැතියි.මොකද හුඟාක් අය ඕක ගැන කතා කරනවානෙ. ඒත් මේ අවස්තාවෙදි මත් මේ මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තියනවා.




ආදරය කියන හැඟීමට විවිධාකාර පැතිකඩ තියෙනවානෙ. උදාහරණයක් විදියට, අම්ම දරුවන්ට දක්වන ආදරය, තාත්තගෙ ආදරය, කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇතිවන ආදරය.... ඔය යනාදී වශයෙන්.
ඉතිං හුඟාක් අය ආදරය යටතේ කතා බහ කරන්නෙ වැඩිපුරම ‍මං අන්තිමට කියපු කෙල්ලො කොල්ලො අතර සිදුවන ආදරය ගැන.


ආදරය කියන්නෙ මිනිස් හැඟීමක් නිසා ඒක මිනිසාට අවශ්‍යයි. ඇත්තටම කිවුවොත් මිනිසාට පමණක් සීමා නොවුණ හැම ජීවියෙක්ම සතුවන විශ්වීය හැඟීමක් කියන එක තමයි වඩාත් නිවැරදි.


කෙනෙක් ජීවිතයට ආදරය අවශ්‍යද කියල ඇහුවොත් ඔබ මොකද්ද දෙන පිළිතුර? නිසැකවම 'ඔවු' එහෙම නේද.. කීප දෙනෙකුට 'නෑ' වෙන්නත් පුලුවන්. හැබැයි ඒ අයත් ජීවිතයෙ කාගෙන්ම හරි ආදරයක් ලබල ඇති.


දෙමාපියන් තමන්ගෙ දරුවන්ට දක්වන ආදරයත් තරුණ කාලෙට ඇතිවන ආදරයයි අතර වෙනසක් තියෙනවා.


තරුණ වියේදි අපි ආදරය හොයා යනවද? නැත්තම් ආදරය අපිව හොයාගෙන එනවද? කිවුවත් වගෙ ''මේක වයසෙ වැරැද්දක්ද.'' පුංචි කාලෙදි මේ හැඟිම ගැන ලොකු වැටහීමක් නෑනෙ. ඉතිං අපිට කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ. ඒත් ටික ටික ලොකුවෙද්දි අපි විවිධ දේවලට ආදරේ කරන්න ගන්නවා, හුදෙක් එක ආලයක්. ඒ කියන්නේ ඒ දේවල් තමංගෙ කර ගන්න දක්වන ආශාවක්.. ඔන්න ඔය විදියට ඇරඹෙන ආදරය අන්තිමට විරුද්ධ ලිංගික පාර්ශවය කෙරෙහි යොමුවෙන්නේ ස්වාභාවිකව.


ඒ හැඟීම නියමාකාරව විස්තර කරන්න පුලුවන්ද? මට නම් බෑ.


එක එක අයව දැකල දැකල අන්තිම ඇහැ විශෙෂ කෙනෙක් එක්ක නතර වෙන්නෙ... නොදැනුවත්වමද...
නිතර ඒ කෙනාව දකින්න මුලින් ඇතිවන ආශාව... එතන ඉඳල විවිධ දේවල්......


අපි හැඟීම් පාලනය කළ යුතුද? මගේ තීරණය නම් ඔව්. අපිට බැහැ දකින දකින දේට ආදරය කරන්න. ආදරය කරන්න ගියාම ඒ දෙයට ඇතිවන ආශාව හමුවෙ 'නැතිවීම' දුකක් වන තැනට පත් වෙනවා. ඉතිං හමදේම නැති නොවුනට හැමදේම පවතින්නෙත් නෑනෙ. ආදරයත් ඒ වගේ කියලයි මට නම් හිතෙන්නෙ.


ප.ලි: බොහෝම ඉස්සර හිතට ආපු සිතුවිල්ලක් ගැන යළි සිහිකැඳවීමකි. :)

Monday, May 9, 2011

මොකක්ද හැබෑට උනේ? :-\

14 ප්‍රතිචාර | Read more...

මේක සීතල අයියාට වෙනස්ම විදියෙ අත් දැකීමක්.ඒ තමයි මම පලවෙනි පාරට කතාවක් කියන්න යාම.
මම මේ කියන්න යන්නෙ මගේ යාලුවෙක්ට නමක් වැටුන හැටි.ඉස් ඉස්සෙල්ලාම මඩක් නේද?මඩක් නැති ලොවක් කොහෙද?
අපි කියමුකො ඌට දිනුක කියලා.මූ මොනා උනත් හොද එකා.අමුම අමු පිස්සා.ගහගන්නද මරා ගන්නද.ඕන එකක්.හැබැය කටිං විතරයි.කව්රු හරි එකෙක් වලියට එනකොට මූ එතනිං මිසිං.එක්කො මූ රෙක්ටාගෙ ඔෆිස් එකේ.නැත්තං ස්ටාෆ් රූම් එකේ.මූ හද්ද බයයි චණ්ඩියා වගේ හිටියට.
මේක උනේ අපි අ.පො.ස උ.පෙ කරන කාලේ.දන්නවා ඇතිනෙ කව්රු කව්රුත් මම ඉන්නෙ මොරටුවෙ කියලා.මම එතකොට ඒකාලෙ ඉගෙන ගත්තෙ මොරටුවෙ හොද ප්‍රසිද්ධ පාසලක.ඔන්න අපි 12 වසරෙ පලවෙනි වාර විභාගයෙ අනිතිම පේපර් එක ලියලා ගෙදර එන ගමං දිනුක කිව්වා මචං අද විහාගෙ ඉවරත් එකේ, වේලාසනිං ඇරුනත් එකේ යංද රවුමක් ගහන්න.මමත් ඉතිං හා කියලා කට්ටියත් එක්ක ගියා.කට්ටිය කියන්නෙ මමයි, කොටයි, දිනුකයි, ගැබයි.අපි ඉතිං ඉස්පිරිතාලෙ හරියෙං බීච් එක පැත්තට දාලා අපි බීච් එකේ පොඩ්ඩක් ඉදලා යන්න හැදුවෙ.ඒත් අව්ව වැඩි නිසා අපි ගෙදර එන්න හැදුවෙ.මූ කියනවා අනේ බං ඉදපංකො පොඩ්ඩක්.තාම ආවා විතරනෙ.අපි කිව්වා පිස්සුද බොල තොට මේ හද්ද අව්වෙ මෙතනට වෙලා ඉන්න..ම්හ් .මූ එන්නෙම නෑ.මම ඇහුවා උබේ අහවල් එක නැවකින් මෙතනට ගෙනෙල්ලා දෙනවද මෙච්චර මේ කට්ටෙ ඉන්නෙ කියලා.මූ අපිට කොලේ හංගනවා.මූ ඉන්නෙ ෂුවර් එකටම කෙල්ලෙක් එනකං කියලා අපිට තේරුණා.මූ මහ ඇඹලයානෙ.මූ ටික වෙලාවක් කතා නොකර ඉදලා මූ කියන්න පටන් ගත්තා.මම කෙල්ලෙක් එනකං තමයි ඉන්නෙ කියලා.
කොටා- ආ ඒකනෙ කියන්නෙ.උඹ අපිට කොලේ වැහුවනෙ.දැන් කීයටද එන්නෙ?
දිනුක- ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට
මම- දැන් උඹ සෙට්ද?
දිනුක- නෑ.මම ඊයෙ ඇහුවා.අද උත්තරයක් දෙන්නම් කිව්වා.
ගැබා- දැන් මෙතනටද එනවයි කිව්වෙ?
දිනුක- නෑ.එයා කිව්වෙ නෑ එනවයි කියලා.එයා **** ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ.ගෙදර යනකොට එයාව අල්ලගන්න ඕන.
මම- දැන් මේ හරියෙන්ද යන්නෙ?
දිනුක- නෑ.ඉස්කෝලෙ ඉවර වෙනකං මේ ඉන්නෙ.එයා මොරටුවෙ ස්ටෑන්ඩ් එකට යන්නෙ බස් එක ගන්න.
මම- එහෙනම් මොන මගුලකටද යකෝ මෙතන ඉන්නෙ? යමං පාක් එකට.මෙතන මේ අව්ව තැප තැප ඉන්නෙ.කාලකණ්නියා(ඒ ඉස්කෝලෙට අල්ලපු වත්ත තමයි පාක්එක තියෙන්නෙ)

අපිත් ඉතිං ඔහොමම පාක් එකට ගිහිං බංකුවක වාඩිවෙලා වල් පල් කියෝ කියෝ හිටියා ටික වේලාවක්.මුලදිත් කිව්වනෙ මූ මහ පිස්සා කියලා.මූට අමුතුම දේවල් තමයි හිතෙන්නෙ.ඔහොම ටික වෙලාවක් කතාකරන ගමං මූ අනේ කම්මැලියි බං කියගෙන නැගිට්ටා.මූ නැගිටලා අර පොඩි උංට හදලා තියෙන ලිස්සන බෝට්ටුවේ යනවා.මූට අමු සයිකො.ඕකගෙ හැටිනෙ කියලා හිතාගෙන අපි අපේ පාඩුවේ කයියක් ගගහා හිටියා. ඔහොම සිද්දිය සිද්ද වෙන ගමං වෙලාවත් යනවා.1.25 ට වගේ ඇති.මූ එනවා දෙකට නැවී ගෙන.අපි බැලුවා මූට උන්ඩුකපුඡ්යේ අසාදනයක් වත් හැදිලද කියලා.ඒ එක්කම වගේ ඉස්කෝලෙ බෙල් එකත් වැදුනා.මූ දෙකට නැවීගෙන ඇවිත් අපේ හරියෙන් වැඩි උනා.අපි මුගෙන් සිද්දිය ඇහුවට මූ අපිට සිද්දිය කියන්නෙ නෑ.මූ බංකුවට හේත්තු වෙලා කිසිම දෙයක් කියන්නෙ නැතුව ඉන්නවා.දන්නවනෙ පොඩි ළමයිනුයි, අම්මලායි, ලව් කරන උනුයි දැන් මෙතන පිරිලා.
මම- උබ දැන් අහන්න යන්නෙ නැද්ද බොල මෙතනට වෙලා පුටුව රත් කරන්නෙ?
දිනුක- අද බෑ.අද බෑ..
ගැබා- ඇයි අද උබට ඩේට්ද?
අපි ඔක්කොම උන්ට හිනා.(ඌට හැර)
කොටා- මොකද බං උනේ?
දිනුක- යකෝ මගේ කලිසම ඉරුනා.....
මම- මොකක් කිව්වා?
දිනුක- එක පාරක් කිව්වා ඇහුන්නෙ නැද්ද යකෝ.
මම- අප්පට හුඩු.(හිනාව තද කර ගනිමින්)
කොටා- මල කෙළියයි.
ගැබා- :O , කොහොමද ඉරුනෙ?
දිනුක- අර *** බෝට්ටුවෙ ඇනයක් තිබිලා.මම දන්නෙ නැතුව ඒක උඩිං ගිහිල්ලා.
මම- ඔවද බං වෙන්නෙ.ඕක මොකක්ද.ෂර්ට් එක පොඩ්ඩක් එළියට දාපං.පේන්නෙ නෑ එතකොට.
දිනුක- යකෝ *** මම අද පරණ ෂර්ට් එකක් ඇදං ආවේ උබලා නිල් ගහයි කියලා.මේක කොටයි ගොං හරකො.
මම- හරි ඉතිං.ඕකේ මොනා බලන්නද බං?උබට එකක් තියෙන්න එපෑනේ බලන්න හිකි හිකි.....
දිනුක- අනේ මේ ***. *** කතා කියන්නෙ නැතුව ඉදපං.
(මූව පොඩ්ඩක් චයිං කලාම ඇති.පැය ගානක් තියෙනවා.කට්ටියටම ඉතිං බඩ අල්ලං හිනා.)
කොටා- ඕක මොකක්ද බං.උබ යටට ඇදලනෙ?
දිනුක- නෑ යකෝ.ඒකනෙ මේ අවුල :O :O :O :O :O

ඔන්න එදා ඉදං දිනුක, ජංගියා උනා.
මූට ඒ කාලේ ඒ හරියෙ හමේ රෝගයක් තිබිලා.දොස්තර මූට කියලා පොඩි කාලෙකට යට ඇදුම් අදින එක සීමා කරන්න කියලා.අදිනවනම් කොට්න් ඒවා අදින්න කියලා.මූ හරකා වගේ මොනාවත් අදින්නෙ නැතුව එදා ඇවිල්ලා තියෙන්නෙ. හික්ස්....
මොනා උනත් ඉස්කෝලෙ රිපොට් කාඩ් දෙන දවසෙ මිනිහටනම් හොද කාඩ් එකක් ලැබුනා.අපි උදේ පාන්දරම ඉස්කෝලෙ ගිහිං (ගියාමද මංදා වේලාසනිං) බෝඩ් එකේ ලොකුවට ලිව්වා ජංගියාව සාදරයෙන් පිළිගනිමු කියලා.අපිට ඉතිං එදා කුණු බැනුම්.සීන් එක කොහොම හරි ඉස්කෝලේ කට්ටියටම ආරංචි වෙලා කොච්චර ප්‍රසිද්ද උනාද කිව්වොත් දිනුක කියලා කව්රු හරි ඇහුවොත් කව්රුත් නොදන්න ගානටත් ජංගියා කියලා ඇහුවොත් ආ 12 ගණිතය පංතියේ ඉන්නෙ කියලා කියන ගානටත් මිනිහා ප්‍රසිද්ධ උනා.සර්ලා අතරෙත් මිනිහා ගොඩාක් ප්‍රසිද්ධයි.
අදටත් අපිට ඌව හම්බ උනාම අහන්නෙ "දැන්වත් ගත්තද ජංගියක්?"

ඔන්න හොදට මතක තියා ගන්න නම.ඉස්සරහට ලියන්න තියෙන කතා වලදි මූත් එක් විදියක ප්‍රධාන චරිතයක්.

Wednesday, April 6, 2011

ඇයි හිනා වෙන්නෙ?

2 ප්‍රතිචාර | Read more...

Sunday, March 20, 2011

ළඳේ නුඹ ( BY චේ උන්නැහේ )

14 ප්‍රතිචාර | Read more...
රෑ අහස සිහි කරන,
දෑකුම්කලු මුව මඬල........

සවන් යුග සනසවන,
සිත් නිවන මියුරු හඬ..........
මුදු මොලොක් බව මෙන්ම,
දෑඩි බවද පිරුණු සිත.........
මුහු වෙලා මැවුනු සඳ,
මසිත ගත් ළඳයි නුඹ..................


සුමුදු වදනක සිහිලසින්,
දියව යන සිත් වෙඬරු පිඬ............
කඨොර වදනක ගිනියමින් නොව,
අසිහියෙන් කී කවට වදනක,
උණුසුමින් දෑඩි කලේ ඇයි නුඹ...........


කුමක් කියුවත් කුමක් කෙරුවත්,
ඒ පුවත නිමවී හමාරය..........
නමුත්,
මතු යම් දිනෙක............
නුඹ මා පතන සැනින්,
නුඹ ලගට දිවවිත්,
ආදරයෙන්........
රැකගනිමි ලදේ නුඹ...........