ඇය....

Wednesday, May 4, 2011

ඇය
මහමෙරකි මාදිවිය කළඹවාලූ 



ඇය
පහන්ටැඹයි සයුරු ඉම තොටුපල වෙත මා ගෙන යන්නාවූ

ඇය
හබලවිය රුවල් බිඳුනු මා නමැති නවුකාවේ

ඇය 
අභ්‍යවකාශයයි මා එහි තරුවක් බඳුවූ

ඇය
සුපිපි මලයි මා ලොව සුවඳවත් කරලූ


ඇය 
හිරු එළියයි මා ලොව පුබුදුවාලූ

ඇය
ගීතයකි මා මනස සනසවාලූ


ඇය 
නිම් නැති ගුණ කඳකි මා වෙනුවෙන් වැයුනු


ඇය
තවමත් මගේ මවමයි මා අද මිනිසකු දා...


අම්මේ නුඹ මගේ රැජිනයි.... සංසාරයේ මා නුඹ ලඟයි....

7 ප්‍රතිචාර:

  • Anonymous says:
    May 5, 2011 at 1:28 AM

    මම ටිකක් හිතුවා අයියාට කවියක් වත් ලියලා දානවා කියලා...එත් හිතුවා ..හිතුවා ..කියන්න දෙයක් ආවේ නැ..අයියා ලස්සනම වචන වලින් හැමදේම කියලා...හරිම ලස්සනයි...ලස්සනට පද ගලපලා... ලග එන මව් දිනයටම ගැලපෙනවා..

  • සීතල අයියා says:
    May 5, 2011 at 5:09 AM

    අනේ ඇති යාංතං.මූට දැනුයි වෙලාව හම්බ වෙලා තියෙන්නෙ post එකක් දාන්න.හොදයි හොදයි.මම අදමද මංදා මූ කවියක් ලියලා තියෙනවා දැක්කෙ.නැත්තං මූ ලියන්නෙම තුම්පනේ යන ගමං විස්තරනෙ.හොදයි හොදයි.ලියහංකො අපි දෙන්න ප්‍රතිචාර.

  • පන්සල් හංදිය says:
    May 5, 2011 at 11:21 AM

    ලස්සනට අම්මා ගැන ලියලා තියනවා.............

  • සංකල්ප says:
    May 6, 2011 at 8:50 AM

    ලස්සනට ලියලා තියෙනවා.

  • නදී says:
    May 6, 2011 at 2:12 PM

    අම්ම කෙනෙක්ගෙ ගුණකද විස්තර කරන්න කවි කොච්චර ලිව්වත් මදි

  • සීතල අයියා says:
    May 6, 2011 at 5:15 PM

    @නදී... ඇයි තාත්තලා කලුද?
    පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී කිව්වලු...

  • Bunny says:
    May 7, 2011 at 7:20 PM

    යම් යම්..

Post a Comment