ගෙදරදිම වෙජිටබල් චොප්සි හදමුද....????

Wednesday, July 20, 2011

      හරි යාළුවනෙ ඔන්න අද මම කියල දෙන්න හදන්නෙ මොකක්ද කියල ඔයාල දන්නවනෙ.චොප්සි කියන්නෙ ඉතිං ලොකු කුඩා කාටත් කන්න පුළුවන් කවුරුත් කැමති කෑමක්නෙ.
         ඉතින් මේක හදන්න කියල දෙන්න ඉස්සෙල්ල චොප්සි ගැන පොඩි හැදින්වීමක් කරලම පටන් ගන්නම්.චොප්සි කියන්නෙ අපි ලංකාවෙ එක එක විදියවල් වලට හදන් කෑවට චීන කෑමක්.චීන කෑමක් කිව්වට චීනෙත් තියෙනවනෙ එක එක ප්‍රාන්ත.චීනෙ කෑමත් ඒඒ ප්‍රාන්තයෙන් වෙනස්.ඉතින් එහෙම ප්‍රධාන ප්‍රාන්ත හතරක් තියෙනව බීජිං,ශැංහයි,සෙෂුවාන්,කැන්ටන් කියල.ඒ හතරෙන් මෙන්න මේ කැන්ටන් කියන පලාතෙන් තමා චොප්සි එන්නෙ.ඉතින් ඒ ඒ පලාත් වල කෑම බීම ගැනත් වෙන වෙනම විස්තර තියෙනව දැනට අපි මේ හදන එක ගැන විතරක් දැන ගත්තම ඇතිනෙ නේද?

හරි මෙන්න එහෙනම් අපේ චොප්සි එක හදන්න ඕනි කරන දේවල්,
කැරට්,බෝංචි,ගෝවා මල්,බ්‍රොකලි - ග්‍රෑම් 20 බැගින්
ගෝවා,චීන ගෝවා - ග්‍රෑම් 40
ලූණු කොළ,මුං බීජ(අර චුට්ටක් පැළ වුන ඒවා) - ග්‍රෑම් 20
බට්න් මෂ්රූම්ස්,යංග් කෝන් - 03 බැගින්(දෙකම සුපර් මාර්කට්වල තියෙනව)
බෙල් පෙපර්(රතු,කොළ,කහ) - ග්‍රෑම් 10 බැගින්
චොප් කරපු සුදු ළූනු - මේස හැදි 02
සීනි,ලුණු,අජිනමොටෝ - රස අනුව
කුකින් වයින් හෝ විනාකිරි - මේස හැදි 02
චිකන් ස්ටොක් - කෝප්ප 01 1/2(නෝ චිකන් කියුබ් එකක් දිය කරල ගන්න)
කෝන් පිටි - මේස හැදි 02
සිසමි ඔයිල්(තල තෙල්) - බින්දු 02,03(නැතත් කමක් නෑ)
ඔයිසටර් සෝස් - මේසහැදි 04
කෝන් ඔයිල් - මේස හැදි 04/05

මෙන්න මෙහෙමයි හදන්නෙ,
මුලින්ම එලවලු ටික ලස්සනට කැමති විදියට කපා ගන්න.මේ පහත පින්තූරෙ විදියට


ඊටපස්සෙ වතුර උතුරවල ඒකට ලුණු ටිකක් දාල එළවලු ටික ඒකට දාල තම්බන්න විනාඩි 04ක් 05ක් විතර.(ලූණු කොළ,මුං බීජ ඇර)ඊට පස්සෙ ඒ එළවළු ටික අයිස් වතුර එකකට දාල තියන්න(ඒකට කියන්නෙ refresh කරනව කියල.ඒකෙන් වෙන්නෙ එළවලු ඕනිවට වඩා තැම්බෙන එක වලක්වන එක.අනික මෙහෙම කලාම එළවලුවල පාටත් ලස්සනට එනව)
ඊටපස්සෙ සාස්පානක් ලිපේ තියල කෝන් ඔයිල් ටික දාල රත්වෙන්න තියල සුදුලූණු ටික ඒකට දාල මදගින්නෙ බැදගන්න.දැන් ඒකට එළවලු ටික දාල ඒකත් ටිකක් රත් කරගන්න.විනාඩි 02ක් 03ක් විතර(හැබැයි ලූණුකොළයි,මුං බීජයි දාන්න එපා)

දැන් මේකට ඔයිස්ටර් සෝස් ටිකයි,චිකන් ස්ටොක් එකයි,කුකින් වයින්/විනාකිරි ටිකයි දාලා මදගින්නෙ පිසගන්න ඒ අතරෙ සීනි(චුට්ටිත්තක් පැනිරස එන්න දාන්න එපා),ලුණු සහ අජිනමොටෝ රස අනුව දාගන්න(අජිනමොටෝ කැමතිනම් විතරක් දාගන්න.නමුත් චයිනීස් නම් අජිනමොටෝ කොහෙන් හරි ගෑවිලා තියෙනව).මෙන්න මෙහෙම එයි එතකොට,

දැන් මේක උතුරගෙන එනකොට කෝන් පිටි ටික ඇල් වතුරෙ දියකරලා ඒකත් එකතු කරන්න(වතුර මේස හැදි 4ක විතර දිය කරන්න,මතක් කරල ඇල් වතුරෙ දියකරන්න.උණුවතුරෙ කෝන් පිටි දිය කලාම කැටි ගැහෙනව)හරි දැන් අන්තිමටම ලූණු කොලයි මුං බීජ ටිකයි දාල චොප්සිය ලිපෙන් බාගන්න(මේ දෙකත් චොප්සියට දාන්නම ඕනි නම් නෑ හොදේ)අන්තිමටම තලතෙල් බින්දු 02ක් 03කුත් එකතු කරන්න.ඔන්න ඔච්චරයි ලේසියි පහසුයි.

මේං තියෙනවා හැදුවට පස්සේ..,


ඔන්න ඔයාලත් හදල බලන්නකො.අහ් තව දෙයක් කියන්න ඕනි.මේ චොප්සි හදන හැටි ලියන්න කියල කියුවෙ අපේ නදී අක්ක.ඒ වගෙ ඔයාලත් ආස කෑමක් තියෙනව නම් පහලින් කමෙන්ටුවක් දාල යන්න.දන්න දෙයක් නම් මම හදන හැටි ඊලග ලිපි වලින් දාන්නම්.හැබැයි දන්නවනම් විතරයි හොදේ.ඒහෙනම් ඔන්න හදල බලල මටත් කියන්නකො කොහොමද කියල..

39 ප්‍රතිචාර:

  • ශානි says:
    July 20, 2011 at 3:15 PM

    ලබන ඉරිදා හදන්න ඕනි තැන්කු නන්ගි රෙසපි එකට

  • සාතන් says:
    July 20, 2011 at 3:16 PM

    මමත් හරි ආස කෑමක්...(වැඩියෙන්ම ඕකෙ තියෙන බේබි කෝන් වලට) තැන්කූ මේක හදන හැටි දැම්මට හොඳේ...

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 3:17 PM

    ඔකේ අයියේ හදල බලන්නකෝ..ස්තුතියි ඔයාටත් මේ පැත්තෙ ආවට

  • Bunny says:
    July 20, 2011 at 3:18 PM

    ශහ්.. මරු ඇ.. නෙක්ස්ට් ප්‍රයිඩ් රයිස් එකට මාත් හදනවා.. :D

    මේ ඒක නෙවේ.. අරම කැරට් ලස්සනට කැපුවාම අපතේ යනවා නේ? ඒ අපතේ යන කොටස් ප්‍රයිඩ් රයිස් එකට එකතු කරගත්තා නම් ගොඩ.. හේමනම් ඊලග පොස්ට් එක ප්‍රරයිට් රයිස්.. :D

    වැරදීලාවත් අප්සට් උනොත්...

    :D :D

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 3:21 PM

    @සාතන්-ඔයාටත් ස්තුතියි මේ පැත්තෙ ආවට.මගෙත් හර ආස කෑමක් තමා බේබි කෝන් චොප්සියට දාන ඒවත් එක්ක රස වැඩී හිහී

  • සංකල්ප says:
    July 20, 2011 at 3:22 PM

    කටට කෙලත් ඉනුවා.!!!!
    මේකත් එක්ක කන්න නම් අනිවා ෆ්‍රයිඩ් රයිස් හදන්න ඕනේ.මම් දවසක් එලයිට් එකෙන් කනකොට නම් චොප්සි කෑවා. අම්මෝ එහෙමත් චොප්සියක්.

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 3:27 PM

    @බනී-චුට්ටක් අපතෙ යනව හාවො මට නම් ඒව හරි වටිනව(අපතෙ යන්නෙ බඩටනෙ)හප්පුච්චියෙ මට වඩා ඕව හාවට වටිනව ඇති.බනීයත් කියන එකේ අනිත් ප්‍රතිචාරත් බලලා ඊලග පෝස්ට් එක ෆ්‍රයිඩ් රයිස් හදන විදිය දාන්නම්කො.
    කස්ටිය කෑම හදල ඉවරවෙලා හාව උඩින් දාල තියෙන ලිංකුවටත් ඕනි වුනොත් යන්න.(හාවො ඔන්න මාත් කියුව හොදේ කස්ටියට)

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 3:31 PM

    @මධුරංග-ඔව් ෆ්‍රයිඩ් රයිස් එක්ක චොප්සි මරු.ඊළග ලිපියෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන හැටි දාන්නම්කො.එතකොට දෙකම හදන් තලු මර මර කතෑකි ගෙදරම ඉදන්.ස්තුති ඔයාටත්

  • Praසන්ன says:
    July 20, 2011 at 4:20 PM

    මාත් ආසම කෑමක් තමයි. ස්තුතියි රෙසිපිය දැම්මට.
    ෆ්‍රයිඩ් රයිස් හදන හැටිත් දාන්න.

  • නදී says:
    July 20, 2011 at 4:20 PM

    අලේ තැන්කූ ඈ...මම් මේක හදන හැටි හොය හොයා හිටියේ අපේ බබාට හදලා දෙන්න ඕනේ.
    දන්නව නම් උම්බලකඩ පේස්ට් එක හදන හැටිත් කියල දෙන්නකො.

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 4:25 PM

    @Praසන්ன-හරි ඉක්මනින්ම ෆ්‍රයිඩ් රයිස් ගැන ලියන්නම්කො ස්තුතියි ඔයාටත් මේ පැත්තෙ ආවට

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 4:29 PM

    @නදී-ඕකේ අක්කා,ඔන්න එහෙනම් හෙටම හදතෑකි ඔයාට
    උම්බලකඩ පේස්ට් එකයි ඉස්සො දාල හදන චිලි පේස්ට් එකෙයි පොඩි වෙනසයි තියෙන්නෙ.දෙකම එකම විදියට හදන්නෙ ඒකත් ඉදිරි ලිපියකින් ඔයාලට කියල දෙන්නම්

  • Kavindya says:
    July 20, 2011 at 4:31 PM

    ම්ම්ම්ම් අදම හදන්න ඔනි

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 4:35 PM

    @සුදු හංසි-ශා නියමයිනෙ.ඒ කියන්නෙ මගේ උත්සහය ගොඩක් සාර්තකයි.හදලා ඉවරවෙලා ආයෙත් මේ පැත්තෙ ඇවිත් කියල යන්න යාළු

  • සීතල අයියා says:
    July 20, 2011 at 4:56 PM

    අක්සරේට හරි වගේ..හ්ම් හ්ම්...
    මොනා උනත් හොය හොයා හිටපු එකක් තමා ගෙදර හදන්න.තැන්කූ කිව්වා...

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 5:00 PM

    @සීතල අයියා-ඇයි අය්යන්ඩි අක්සරේට මොක වෙලා තියෙන්නෙ?හා හා හදල අපිටත් කියලම කන්න.ඕන උනෙත් බනියගෙ සිතුවිලි වලට යන්න

  • සිත් අහස says:
    July 20, 2011 at 5:46 PM

    මම ආසම කෑමක් චොප්සි කියන්නේ,ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...

  • බඩගිනිත් වුණා . . . :පී

  • අපේ කොල්ලා says:
    July 20, 2011 at 6:08 PM

    හොදයි මමත් කැමති කැමක් ,,,,,,,,,,,,,,

  • චතුවා says:
    July 20, 2011 at 6:47 PM

    හෆෝ රස නෑ මෙයා.. කටේ තියන්න බෑ... :(

    (ආඩම්බරකාරි කැවුම් තිත්තයි කිවුවා වගේලු..:P )

  • චේ උන්නැහේ... says:
    July 20, 2011 at 7:01 PM

    මමනම් මේක හදන්න යන්නේ නැ.... ම්ඔකද සීතල අයියා ඕවා හදන දවසට උන්ගේ ගෙදර ගියානම් ඕනතරම් කන්න තිබ්බා.. මොකද ඕකා හදන ඒවා කන්නේ ඌ විතරයි. ගෙදර අනික් අය කටේවත් තියන්න බයයි.... :P :P

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 7:21 PM

    @ප්‍රාර්ථනා-ඒකනෙ දැන් ආසාව යනකන් හදන් කතෑකි ඔයාට

    @සුශාන් ප්‍රියනාත් රත්නායක-හෙහේ කන්න දෙන්න නම් විදියක් නෑ සොරි තමා

    අපේ කොල්ලා( D`R``)-නැතුව නැතුව කොච්චර කෑවත් මටත් එපා වෙන්නෙ නෑ

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 7:36 PM

    @චතුවා (ළමයා)-නරියෙක් කියුවලු මිදි තිත්තයි කියල..සොරි තමා

    @චේ උන්නැහේ...-අපොයි ඒ තරම් රහද සීතල අයියගෙ කෑම.කෝකටත් චේ අයියෙ බනීගෙ අර උඩින ෂෙයාර් කරල තියෙන ලිංක් එක ගැන ටච් එකෙ ඉන්න සීතල අය්යගෙ කෑම කනවනම්

  • රත්ගමයා says:
    July 20, 2011 at 8:07 PM

    ලමයට එක එක ජාතියේ කෑම කන්න හම්බෙනව...අපිට කෝ ඒ වාසනාවක්

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 8:15 PM

    @රත්ගමයා-මොකක්ද බොලේ ඒ කතාව?කට ඇරියොත් කුප්ප කතාවක් විසි වෙනව

  • චතුවා says:
    July 20, 2011 at 8:18 PM

    @රත්ගමයාඔව් බං අපේ අම්මට මේ ආඩම්බරේට වඩා රසට කෑම හදතෑකි.. ආය අර අනික් එක්කෙනත් රස......ට කෑම හදලා ගේනවා.. මතක් වෙද්දී ඉවසිල්ලක් නෑ හෙට දවල් 12.30ට ඉන්ටවල් එක හම්බවෙනකම්..

    උඹ ඉතින් ඉරිසියාවට කියවනවාලු.. :P

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 8:22 PM

    @රත්ගමයා-onna raththo lamaya ahema kiyanawa.ane manda... :D

    @චතුවා (ළමයා)-aththata mage kema raha ne thamay :P නරියෙක් කියුවලු මිදි තිත්තයි කියල heheeeeee

  • Unknown says:
    July 20, 2011 at 9:05 PM

    පොඩි ට්‍රයි එකක් දාලා බලන්න ඕන :D :D
    මම නම අර කඩේ තියෙන පැකට් එක [ මික්ස්චර් ] ගෙනල්ලා තමයි මෙච්චර කල් හදුවෙන්ම්...රස නම නැහැ...එති ඉතින් චොප්සි කියලා හිතාගෙන කනවා :D

  • Anonymous says:
    July 20, 2011 at 9:09 PM

    අම් අම් රස පාටයි..මරු... මම හදන එක නම් කියන්න බැ ..හේහේ..අම්මාට නම් පෙන්නනව හදන්න කියලා ;) ...

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 9:10 PM

    @ChammA-මෙහෙම හදල බලන්නකො ඊට වඩා ටිකක් හරි රසක් තියෙයි.අපෝ පැකට් කරපු කෑම නම් ඕන්නෑ.කතා කරලා වැඩැක් නෑ.ස්තුතියි මේ පැත්තෙ ආවට :)

  • ආඩම්බරකාරී says:
    July 20, 2011 at 9:16 PM

    @නිම්ෂා-තනියෙන් හදන්න ට්‍රයි එකක් දීල බලන්න නංගා,මම කැමති නම් මම ආස කෑම මමම හදා ගන්න.ඊට වඩා ආසයි මම හදපු දෙයක් ‍වෙන කෙනෙක් රස කර කර කනවට.කොහොම හරි කමක් නෑ නංගා අම්මට කියල හරි හදවන් කන්නකො

  • sanjaya සිතුවිලි says:
    July 20, 2011 at 9:19 PM

    මම ආසම කෑමක් චොප්සි

  • රාජ් says:
    July 21, 2011 at 9:52 AM

    අනිවා මාත් ගොඩාක් කැමති කෑමක්.අනිවා හදනවා.ස්තුතියි.

  • සීතල අයියා says:
    July 21, 2011 at 2:26 PM

    @චේ උන්නැහේ... අනේ පල යන්න.උඹ නොකා ඉදී හදලා තිබ්බොතිං.උඹ නොදන්නවට උඹ මම හදපු කෑම ඕන තරං කාලා තියෙනවා.. :P

  • ආඩම්බරකාරී says:
    July 21, 2011 at 10:07 PM

    @sanjaya සිතුවිලි-මරු මරු මාත් ආසයි නෙව

    @රාජ්-හදලා බලන්නකො..

  • ආඩම්බරකාරී says:
    July 21, 2011 at 10:09 PM

    @සීතල අයියා-ඔයා තරහගන්එපා අය්යා ඊළග දවසෙ චේ අය්යා අවම මෙවටත් එක්ක හොදට කන්න දෙන්න..හික් හික්

  • නදුන් උයන says:
    July 23, 2011 at 10:20 PM

    මමත් චොප්සි වල වැඩිපුරම ආස බේබි කෝන් තමා.... මේ සතියෙ නම් බැ.. ලබන සතියෙ නම් හදල බලන්න ඔනෙ...

  • Anonymous says:
    July 24, 2011 at 10:29 PM

    නියමයි පුලුවන්නම chili paste හදන හැටිත් කියලා දෙනවද? එක මම අාසම එකක්.

  • පන්සල් හංදිය says:
    July 28, 2011 at 4:37 PM

    අඩේ බොට මේ වගේ වැඩත් පුලුවන්ද, බලමු මේකත් හදලම ....

Post a Comment