Showing posts with label ඩේ කෙයාර්.ළමයි. Show all posts
Showing posts with label ඩේ කෙයාර්.ළමයි. Show all posts

Thursday, July 7, 2011

අම්මලට ගහන පුතාල අපායෙ යනවා...

10 ප්‍රතිචාර | Read more...

දැන් කාලෙ ගොඩක් බබාල, හවස අම්මල, අප්පච්චිල ඇවිල්ල ගෙදර අරන් යනකම් , ඩේ කෙයාර් වලනෙ ඉන්නෙ.මම් දැකල තියන විදියට ඒ අය දෙමව්පියොත් එක්ක ඉන්නෙ ගොඩක්ම කෙටි කාලයක්,ඒ නිසා ටිකක් විතර දග වැඩත් කරන අය ඉන්නව.

ගෙදර හිටියත් මොකක් හරි "වැඩක්" කරල,එක්කො හොද ගුටියක් කනව.මේ කතාව මට කිව්වෙ අදුරන අක්කා කෙනෙක්,එයාගෙ පුතා ඩේ කෙයා දාලා ඉන්නෙ,ටිකක් විතර දගයි අනික් අයට වඩා.සමහර වෙලාවට අප්පච්චි ගෙදර එද්දි එයා නිදිලු.ආය දකින්නෙ උදේටලු.

අම්මත් ඔෆිස් ඇරිල එන්නෙ හවස 5ට විතර නිසා,මෙයා ගොඩක් ඉන්නෙ ඩේ කෙයාර් එකේ. ගෙදර ආවමත් එයාලගෙ මහන්සිය නිසාම  පුතාට ඇහුම්කන් දෙන්න වෙලාව මදිලු.


ලගකදි ඉදලා මේ  පුතා ගොඩක් දග වෙලා.ඩේ කෙයාර් එකෙත්,යාලුවොන්ට එහෙම ගහනව,කොනිත්තනව කියලා පැමිනිලි ඇවිත්.


දවසක්  පුතාගෙ නෝටි වැඩකට අම්මගෙන් හොද ගුටියක් කාලා,හැරෙන පමාවෙන්, පුතා එයාගෙ බැට් එකෙන් අම්මටත් ගුටියක් දීලා.අම්මට හොදටම රිදිලා.


පස්සෙ එක දවසක් ඩේ කෙයාර් එකේ ටීචර්ට අම්ම කියල තියනව,  පුතාව ටිකක් වෙනදට වඩා බලන්න,දග කරනව වැඩී ගෙදරදිත් කියල.ඒ අස්සෙ අර බැට් එකෙන් ගහපු කතාවත් කියල.


දවසක් ටීචර්  පුතා එක්ක කතාවක් දැම්මලු.
පුතා ඔය කැමති ගෙදර ඉන්නද,මෙහෙ ඉන්නද?
මෙහෙ
ආ... ඇයි ඔයා එහෙම කිව්වෙ?
මෙහෙ යාලුවො ගොඩාක්...ඉන්නව. 
 ආ...ඇයි පුතා අම්මට ආදරේ නැද්ද?
නැ...
ඒ ඇයි?
අම්ම මට ගහනව
අනේ ආදරේටනේ පුතේ...ඔයා දග වැඩක් කරන්න ඇති.
ම්....මමත් අම්මට බැට් එකෙන් එකක් ගැහුව.
ආ එහෙම හොද නෑ පුතේ...අම්මලට ගහන පුතාල අපායෙ යනවා!....
එතකොට පුතාලට ගහන අම්මලා කොහෙද යන්නෙ...?