ගොඩාක් කාලෙකට කලින්...
එක වසන්ත කාලෙක හමුවුණ ඔයා,
මගේ ආදරේ වුනා...
ඒත්.. මගේ ලෝකෙට අහස වෙච්ච ඔයාට
ඔයාගේ ලෝකේ ඇතුලේ මම,
පුංචිම පුංචි තරුවක් වුනා...
හ්ම්ම්ම්ම්......
ඔයා මට කිවුවා, තෝරගන්න...
ආදරයද, කැමැත්තද...
මං තෝරගත්තා...
කවදාවත්ම නොලැබෙන මගේ ආදරය,
දෙවෙනි කරා මගේ කැමැත්තට...
ගොඩක් කල් ගියා...
මගේ කැමැත්ත මගෙන් දුර ගිහින්...
ඒත් මගේ ආදරය...
මං බලාගෙන ඉන්නවා...
ආයිමත් වසන්තය එනකල්ම..
කවදාම හරි.... කවදාම හරි.....
