Showing posts with label නීනු ගේ සටහන්. Show all posts
Showing posts with label නීනු ගේ සටහන්. Show all posts

Monday, March 14, 2011

සිහින වක්‍යයේ ප්‍රතිබිම්භය

4 ප්‍රතිචාර | Read more...
මුළු ජීවිතේම එක තැන නතර වෙලා වගේ හැඟීමක්, මේ මොහොත වෙනකන් තිබුණා.ජීවිතේ වෙලා ගත්ත දරුණු පාළුවට ජීවිතේ තව දුරටත් බදලා අල්ලගන්න ඉඩ දෙන්න ඕනේ නැහැ කියලා හිතුණා..මම මේ ටිකේ මිනිස්සු කියන ජාතිය ගැන ඇත්තටම කළ කිරීමෙන් හිටියෙ.අපේ ජීවිත වල සතුට අනෙක් අය අතේ තියෙන එක ඇත්තටම විහිළුවක් කියලා අද මට හිතෙනවා.

මම අනුන් ගෙන් ඇයි සතුට හොයන්නෙ? මගේ සතුට අනුන් අතේ තියෙන්නෙ කොහොමද? මම හිතුවා හුඟාක් හිතුවා..මිනිස්සු ආදරේ කියලා කරන්නෙ බොරුවක්..අපි යාළුවො කියලා හිතන අය අපව රවට්ටනවා...මේ වනකොට මම ඒක පරීක්ෂණ ඇසුරෙන් නිර්ණය කරගෙන
ඉවරයි...

ජීවිතේ හැක් කර නොගෙන ඉදිරියට යන්න ඕනේ...මගේ කලින් ලිපිය මතක අයටයි මේ කියන්නේ.ආදරේ කියන්නෙ ලස්සන නොවෙයි.කියන අය අප අතරෙ ඉන්නව.ඒත් ඒ අය ආඩරේ කියන්නෙ සල්ලි වෙන්න පුළුවන්.

මේක මගෙ පෞද්ගලික අත්දැකීමක්..මගේ මිත්‍රයෙක්ගෙන් මම ඇහුව,ඒ ගැහැණු ළමයගෙ ආදරේ නැති වුණාම ඔයාට මොකද හිතුණේ කියල?ඔහු ගත් කටටම කිව්ව,අපරාදෙ හොඳ දෑවැද්ද .පවුලෙ එකම ළමය.කෝටි ගාණක් අපරාදෙ කියලා.

මට ඇත්තටම ඒ ගැහැණු ළමයා ගැන සතුටක් ඇති වුණා.මෙහෙම හිතන කෙනෙක් නොලැබීමම ලොකු භාග්‍යක් නේද?

මේ ලෝකෙ මිනිස්සුන්ට කොයි තරම් ප්‍රශ්න තියෙනවාද?...මට ඒ අතින් කිසිම ප්‍රශ්නයක් නැහැ...එහෙම ගත්තාම ඒ තරම් වාසනාවන්ත මට ඇයි හිතේ සතුටක් නැත්තේ?..මම කල්පනා කළා...

අච්චර මහන්සි වෙලාඅ වැඩ කරලා ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලෙ ඩික්ටින්ටිඔන් එක නැති වුණු එකද?...මම ඒ ගැන නම් ඇත්තටම කළ කිරිලා හිටියේ..ඒ අසාධාරණය ගැන මම කවදා හරි කතා කරනවා...ඒකට කල් තියෙනවා.

මම බුදු පිළිමයක් වගේ ආදරේ කරපු රූපයක්..නික්ම්ම නිකම් මැටිගොඩක් කියලා මට මේ ළඟදි දැන ගන්න ලැබුණා...මම ම තමයි හොයා ගත්තේ...ජය ශ්‍රී මහ බෝදිය කියලා හිතන් ළඟට යද්දි වැට මාර ගස් පේන කොට හිතට දැනෙන්නෙ පුදුම දුකක්....

මේ ඔක්කොම ජීවිතේ කඩයිම්...ගිය අවුරුද්දම ජීවිතෙන් අයින් කරලා, මේ මාර්තු ඉඳන් ජීවිතේ කියවනවා...අද මාර්තු 14..හෙට මාර්තු 15..හෙට මට කෙනෙකුට පොරොන්දුවක් ඉටු කරන්න තියෙනවා...ඒත් මම ඒක කරන්නෙ නැහැ....ඒක වැඩක් නැති දෙයක්....

මිනිහෙකුගෙ කොතන හොඳ වුණත් වැඩක් නැහැ සිතිවිලි අයහපත් නම් කිසිම දෙයක් හොඳින් සිදු වෙන්නෙ නැහැ.,යහපත් සිතිවිල්ලෙන් කෙනෙක් කරන දෙයකින්,තව කෙනෙකුට අපහසුවක් ඇති වුණත්,ඒකෙන් කවදා හරි හොඳක් සිද්ධ වෙනවා.

අපිව හැම දේටම ටියුෂන් අරිනවා.ඒත් ජීවිතේ උගන්නන්න අපිට කවුරුත් ටියුෂන් දීල නැහැ...ඒක කාටත් උගන්නන්න බැරිව ඇති...

කොයි දේ කොහොම වුණත්,ජීවිතේ ඉතිරි වෙන්නෙ තමන් ජීවත් වීමෙන් ලබන තෘප්තියම විතරයි...

කාලයක් හිතේ වැළලුණු හුඟාක් දේ කරන්න දැන් වෙලාව ඇවිත්...මම පටන් ගන්නවා..ඉහිහාස හීනය,සොබා දහම් හීනය,පොත් හීන එක්ක ආයෙ ජීවත් වෙනවා...ඉස්සරහ රාජ්‍ය නාට්‍ය උළෙලත් එනවානෙ...

මේ හැම දෙයක් එක්කම ළදරු අධ්‍යාපනය ගැන හිත ටිකක් යොමන්න ඕනේ...ඒකත් මගේ එක සිහිනයක්...බලමු...

මම මගේ සතුට කවදාවත් අනුන්ට දෙන්නෙ නැහැ....කවදාවත් නැහැ.

Tuesday, February 15, 2011

අපැහැදිළි ආදර කතාවක්....

15 ප්‍රතිචාර | Read more...
ඇත්තටම මේ කතාව මම මෙතන ලියන්න කැමතියි....එතකොට ඒ ගැන දන්න කවුරුත් මේක කියවන්නෙ නැහැ...ඒක මට ලොකු සහනයක්...නැත්තම් ඔයා මට බනීවි..ඇයි ඔයා ගැන ලිව්වෙ කියලා...ඊයෙ වැලන්ටයින් දවස ..මට මල් ගොඩාක් හම්බුණා...මම ඒ මල් වලට හරි කැමතියි...ඒත් ඒවා දුන්න කාටවත් මම කැමති නැහැ....


ඔයා ට මතකද? මම ඉස්සර ඔයාගෙ පන්තියට දුවලා එනවා...ඔයා කොයි තරම් දේවල් එතකොට කතා කරනවාද?.... ඔයා කතා කරන විදිහ අහගෙන ඉන්න මම හරිම පෙරේතයි...මම ආසා නෑ අපේ පන්තියට ඒ වෙලාවට සර් එනවාට...මම ඔයාලාගෙ පන්තියෙ ඉන්න ආසා නිසා ඔයාලාගෙ සර් මට හරි ආදරෙයි...එයා හිතන් ඉන්නෙ මම එයාගෙ සබ්ජෙක්ට් එකට ආසයි කියලා...ඒ නිසා මම ඔයාලාගෙ පන්තියට ආවාම සර් මාව තියා ගන්නවා.....


ඔයාට මගේ ආදරේ විහිලුවක්..මට ගොඩාක් දේවල් ඔයාගෙන් ඕනෙ කළේ නෑ...මට ඕනෙ කළේ ඔයා දිහා බලන් ඉන්න විතරයි....


මට ලොකු හීන තිබුණෙ නැහැ...රතු පාට මල් වැටිච්ච සුදුපාට සමනළ අත් දාපු ගවුමක් ඇඳගෙන ඔයාගෙ අතේ එල්ලිලා රතු නෙළුම් මල් ගොඩාක් තුරුලු කරන් වලාකුළු බැම්ම වටෙන් වටෙන් ගිහින් දළදා මාළිගාව වඳින්න යන්න ආසාවක් තිබ්බා...අපි යද්දි,පොරි විකුණන පොප් කෝන් මමා කෙනෙක්ගෙන් පොරි අරගෙන...වැව රවුමෙ පාත්තයින් ට වීසි කරන්න ආසාවක් තිබ්බා...දළදාව වැඳලා ඔයා ළඟට වෙලා කරඬු හතක් ඇතුළෙ තියෙන දළදාවෙ පින් බර සිතුවම හිතේ මවාගෙන වැඳ ගන්න ආසාවක් තිබ්බා...ඒ තමයි මට තිබුණු ලොකුම හීනේ.....




ඔයා රෑ වෙලා මොනා හරි ලියනකොට, නැත්තම් පොතක් බලන කොට තේ එකක් හදා දෙන්න... කකුල් දෙක ළගට ඔයාගෙ මූණ දිහා බලන් ඉන්න ආසාවක් තිබ්බා... එළි වෙනකන් ඔයාගෙ දේශපාලන කතා, සමාජයේ වුණු වැරදි ගැන කතා අහගෙන ඉන්න මට ලොකු ආසාවක් තිබ්බා.ඒවා විතරයි මට තිබුණු හීන....


ඒත් ඔයාගෙ හීනේ හිටියෙ මට වඩා ගොඩාක් ලස්සන කෙනෙක්....මම එයා වගේ උණා නම්,අද මම අනාගතේ ගැන හීන මව මව සතුටු වෙන කෙනෙක්...


එයා  මට වඩා ලස්සන බව ඇත්ත..ඒත් එයා ඔයාටත් තව  හීනයක් ම විතරයි මහත්තයො...අපි හැමෝම නොලැබුණු දෙයක් පස්සෙ දුවනවා ...


ඔයාට මතකද? ඔයාගෙ උපන් දිනේ දවසෙ මම ඔයාව පුදුම කළ හැටි.එදා උදේ හයට මම ආවෙ,ඔයාගෙ පන්තිය රතුපාට තරු වලින් සැරසුවා...ලස්සන ක්‍රේප් පටි වලින් ඔයා වැඩ කරන කොම්පියුටරේ එතුවා.. රෝස මල් වලින් මේසෙ සරසලා එක එක තෑගි ඔතලා මේසෙ උඩ තිබ්බා....ඔයාට ලස්සන සින්දුවක් හදලා ඒක ඇහෙන්න තිබ්බා.....පන්තියෙ බෝර්ඩ් එකේ ඔයාට  happy birth day කියලා ලිව්වා....පන්තිය මගුල් ගෙයක් වගේ..ඔයාගෙ යාලුවො ආවා..එයාලා මට හරි ආදරෙයි...එයාලාත් මට උදව් වුණා...එක යාලුවෙක්ගෙ ඇස් වලට කඳුළු ආවා...එයා ඇහුවා...ඔයා මේ තරම් මහන්සි වුණා ද? මේ වගේ දෙයක් වෙනුවෙන් කියලා....මම එයාව පොරොන්දු කර ගත්තා..මම මේක කළ විත්තිය කාටවත් නොකියන්න....


ඒත් කාඩ් එකෙන් ඒක මම කළේ කියලා කට්ටිය දැන ගත්තා...ඒත් ඔයාට සතුට හංගන්න බැරි වුණා..ඔයා පන්තියෙ අක්කා කෙනෙක්ට කියලා තිබ්බා...ඔයාගෙ අම්මාවත් ඔයා වෙනුවෙන් මෙහෙම දෙයක් කරලා නෑ කියලා...කට්ටිය ඉස්සරහ මට ඇවිත් ඔයා ස්තූතියි කිව්වා...එදා ඔයා කේක් කැපුවා...හැමෝටම කවලා අන්තිමට මට කැව්ව බව ඇත්ත...මම සතුටු වුණා...ඔයා මට කේක් කැව්වා කියලා හිතාගෙන...මම දුක් වුණේ නෑ...ඔයා මට කැව්වෙ හැමෝටම පස්සෙ කියලා...


ඒත් ඔයාම පස්සෙ මට කතා කරලා බැන්නා එහෙම  කළාට....ඇයි ඒ? ඔයා ඒ දේට ආසා නම් ඔයා ඇයි එහෙම කළේ?...ඔයා කොයි තරම් සතුටු වුණාද?..ඒත් ඒක කළේ මම කියලා දැණුනාම ඔයාට මදි කමක් දැනුණා ද?..එයාට ඔයාගෙ උපන්දිනේ මතක් වුණේ ළඟට ගිහින් ඔයා කේක් ඇල්ලුවාට පස්සෙයි....ඔය දෙන්නම අතරෙ ආදරයක් තිබ්බා නම් මම කවදාවත් ඒ මැද්දට එන්නෙ නෑ...ඒත් ඔයා විතරයි එයාට ආදරේ කළේ... හරියට මම ඔයාට ආදරේ කළා වගේ...


ඒත් කවදා හරි ඔයාට ඔයාගෙ විසි දෙවෙනි උපන් දිනය මතක් වුණොත්, මේ පුංචි කෙල්ලගෙ දුප්පත් ආදරේ ඊට යටින් පොඩ්ඩක් හරි මතක් වෙන්න ඕනේ.... නැත්තම් ඔයා මනුස්සයෙක් නෙවෙයි.........


කොලේජ් එකෙන් ඈත් වුණාම මට ඔයාව දකින්න තියෙන එක්ම මාර්ගෙත් ඔයා අහුරලා..මුහුණු පොත...මම අඩුම තරමෙ ඒකට එක කමෙන්ට් එකක් දාන්නෙ නැහැ....ඒත් ඔයාට බයයි... මම පළි ගනී කියලා.....එහෙම නේද? මම පළි ගන්න දන්නෙ නෑ අයියෙ


ඔයා පෙරහැරට පේ වුණු දවස් වල මස් නොකද්දි,තමයි අපි කොලේජ් එකෙන් චාරිකාවක් ගියෙ ....


ඔයාට මතකද? එදා අපේ රෑ කෑම වලදි නූඩ්ලස් වලට බිත්තර කවලම් කරලා...ඔයාට කන්න විදිහක් නැහැ...මම අක්කටයි මටයි බෙදා ගත්තා..එත් මම කෑවෙ නැහැ...මට කන්න බෑ...ඔයාට මම මගේ ඩෙසට් එකට තිබ්බ යෝගට් එකත් තියෙලා...මගේ රූම් එකට ආවා...ඒතකොටයි මට මතක් වුණේ...මගේ චොක්ලට් බිස්කට් එක....මට ඒක මතක් කලේ අක්කා කෙනෙක්...එයාට අවිත් ඉල්ලුවා..එයා ෆිගර් එක හදන්න රෑට කන්නෙ නැති කෙනෙක්... මම එයාට දුන්නෙ නෑ...පිස්සුනෙ නේද?..මම ඔයාව හොයන් දුවගෙන ආවා....ඒත් ඔයා කිව්වා..එයාලා වෙජි කෑම ඔයාට හදනවා කියලා...මට සතුටු හිතුනා....


ඔයා තමයි අපේ කොලේජ් මැගසින් එකේ ලොක්කා..ඔයා කැමති නෑ ඔයාට බල පෑම් කරනවාට...මතකද?..මම ඔයාව සනසවපු හැටි....කියනවා නම් කියන්න හුඟාක් දේ තියෙනවා.....ජීවිතේ කියන්නෙ මෙහෙව් දුකක් නම් මැරෙණ එක සැපක්...ඒත් මේ ආත්මෙ මේ ආත්මෙම ගෙවලා..ලබන ආත්මෙ මම නෙළුම් මලක් තරම් ලස්සන වෙනවා....එදාට ඔයාට මාව දාලා යන්න..මට බනින්න...මාව ඈත් කරන්න නොහිතෙන තරම ට මම ලස්සන වෙනවා...


ඒත් ලස්සන කියන්නෙ මොක්ද්ද?...එක එක කාලෙට ඒක වෙනස් වෙනවාද? රට අනුව, ජාතිය අනුව වෙනස් වෙනවාද?..නැත්තම් ඇහැ අනුව වෙනස් වෙනවාද?..මට ඒක ලොකු ප්‍රශ්නයක්....ඔයා ආදරේ කරන ,ඔයාට කාවත් නොලැබෙන ඇයත්,කවදා හරි වයසට ගියාම....ඔයගෙ හිතින් එයා මැකේවි...නැහැ..එතකොට ඔයාත් වයසයිනෙ....මම මේ ගැන තව හිතන්නෙ නෑ.....බුදු හාමුදුරුවන්ගෙන් මම ඉල්ලන්නෙ එකම දෙයයි...ආයෙ වඩින්න...මට නිවන් දකින්න ඕනේ බුදු හාමුදුරුවනේ...හැබැයි මහණ වෙන්නෙ නැතුව...මට කොණ්ඩෙ කපන්න නම් බැහැ.....




(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)