Showing posts with label පරිසරය. Show all posts
Showing posts with label පරිසරය. Show all posts

Thursday, November 17, 2011

හොරගොල්ල ජාතික වනෝද්‍යානය. නිට්ටඹුව

9 ප්‍රතිචාර | Read more...

හොරගොල්ල ජාතික වනෝද්‍යානය, කොළඹ නුවර පාරේ නිට්ටඹුවට පැමිණ, නිට්ටඹුවෙ සිට වේයන්ගොඩ පාරේ පින්නගොල්ල දක්වා මද දුරක් ගිය විට හමුවන සොඳුරු වන පෙතකි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවන එකම වනොද්‍යානය මෙය වේ.  වනොද්‍යානය ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.
අක්කර 33ක් පමණ ප්‍රෙද්ශයක් වසා පැතුරුනු වනෝද්‍යානයේ වැඩි වශයෙන් හොර ශාකය දැකිය හැකි අතර තවත් වියලි කලාපයේ දැකිය හැකි සුලබ ශාක විශේෂ කීපයක්ම දැකිය හැකිය. මකුණන්, කටුස්සන්, ගෙම්බන් සහ විශාල වශයෙන් මදුරුවන් දැකිය හැකි නමුත් මෙහි එතරම් ගහන ජෛව විවිධත්වයක් දැකිය හැකි නොවේ. එහෙත් පරිසර සංචාරකයකුට මෙම පරිසර පද්ධතිය විඳ ගැනීමට එය බාධාවක් නොවන බව නොකිවමනාය.

හොඳින් වැඩුනු ශාක නිසා ඝණ උඩුවියනකට හිමිකම් කියන හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ එතරම් ඝණ යටිරෝපනයක් දැකිය නොහැක. මෙයට කදිම උදාහරණය නම් අප වන පෙත ඔස්සෙ චාරිකාවෙ යෙදෙන අතරවාරයේ හට ගත් මද වැස්සෙන් එකද ජල බිඳුවකිනුදු අප නොතේමීමය.

 
වනෝද්‍යානයේ තවත් ඡායාරූප නැරඹීමට මෙතනින් පිවිසෙන්න.

සුන්දර පරිසය විඳ ගන්න. ඔබත් පරිසර සුවිසැරියේ යෙදෙන්න. පරිසරයට ආදරය කරන්න. පරිසරය රැකගන්න දායක වන්න....
පරිසරය සුන්දරයි. රැකගැනුම යුතුකමයි!

Monday, October 3, 2011

කඩුගන්නාව-ඉහලකෝට්ටේ රේල් සවාරිය.

14 ප්‍රතිචාර | Read more...



මේ අපේ සයිබරේ සෙට් එකත් එක්ක මම(පොඩි මහත්තය) පහුගිය දිනක ගිය අපූරු චාරිකාවක් ගැන සංෂිප්ත දිගහැරුමක්.

රඹුක්කන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගය දල බෑවුමකින් යුකත් අතර දුම්රිය මගේ සීග්‍රතම නැග්ම මෙම කොටසේදී දැකිය හැකියි. ශ්‍රීලංකාවේ දෙවන තැනට දිගම බිම්ගෙය වන 9A බිම්ගය ද මෙම කොටසේ පිහිටා ඇත. ශ්‍රීලාංකේය දුම්රිය ගමන් මග පහත තැනිතලා භූමිය පසුකර කඳුකරයට පිවිසෙන පිවිසුම් මාර්ගය මෙය වන බැවින් පරිසරය පද්ධතියේ සීඝ්‍ර වෙනසක්ද මෙම කලාපයේදි දැකිය හැකිය. කඳු පන්ති අතරින් දිවෙන දුම්රිය මගේ සොඳූරු ඉසව්වක් ලෙසද මෙම කලාපය හැඳින්වීම වරදක් නොවේ.

සැප්තැම්බර් මස තුන්වනදා මම නොයිවසිල්ලෙන් බලා සිටියේ ඒ අපූරු චාරිකාවට එකතුවීම සඳහාමයි. උදේ පාන්දරින්ම ගෙදරින් පිටතුවුන මම පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී අනෙක් සගයන්ද පැමිණි පොඩිමැණිකෙ දුම්රියට ගොඩ වුනා.

උදේ 8 පමණ වන විට කඩුගන්නාව දුම්රියස්ථානයට ලඟා වුන අපි උදේට කාල බීල හෙම ලෑස්තිවුනා චාරිකාවට. කඩුගන්නාව දුම්රිය ස්ථානය ආසන්නයෙන් රේල් පාරට ගොඩවුන අපි ඒ ඔස්සෙ පහලට ඇවිදිගන එමින් ගමන් ඇරඹුවා.


මේ ඉන්නෙ කට්ටිය... ඔය වම් පැත්තෙන් ඉන්නෙ නඩේ ගුරා කෝච්චියා අයියා.
වැහි කොඩෙත් සවාරියට අපූරු චමත්කාරයක් එකතු කරන්න අමතක කලේ නෑ. පරිසරය නව ජීවයක් ලද්දකු මෙන් නැවුම් බවකින් පිරී ඉතිරී ගොස් තිබුනා. තෙත බරිත පරිසරය සිතටත් ගතටත් මහා සැහැල්ලුවක් එකතු කලේ ගමන් වෙහෙස පවා සුන්නද්දූලි කරමින්. 

තෙතබරිත සුන්දරත්වය
 අපිට සිග්නල් නෑ හැබැයි අපි ඉදිරියටම යනෝ....

වැස්සෙම පොටෝ ගන්න පොටෝ කනී...

බිම් ගෙවල් තුලින් දුම්රියේ යන්නෙකුට එතුල මෙතරම්ම කලුවර බව වැටහුනාදැයි සැක සහිතය. අඳුර කොතෙක් පැතිර තිබුනේද යත් අප ගෙනගිය විදුලි පන්දම් වලින් නිකුත්වූ ආලෝකය අපට දැනුනේ කනාමැදිරි එළියක් ලෙසිනි.


වැස්ස තුරන් වූ සැනෙන් අවට පරිසරය ගිලගත් මීදුම අපූරු චමත්කාරයක් පරිසරයට එක්කලේ අපේ රටේ සොබා සිරිය මොනවට කියාපාමිනි.
සිංහ කට ලෙස හැඳින්වෙන ගල් කුල මීදුමෙන් වැසී ඇති අවස්ථාවක...

බලන මොටන අලගල්ල පැනලා, සුද්දා මෙහාට එනවා බොරු...
-මෙන්න මෙහෙමයි ඒ කාලෙ කන්ද උඩරට පිවිසුම ගැන කියවිලා තියෙන්නෙ.
අද දුම්රිය මර්ගය දිවෙන්නෙ මෙම කඳු පන්ති අතරින.

දුම්රිය මගට බතලේගල දිසුවන අයුරු.
බලන දුමරිය ස්ථානය.
බලන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති දිසානායක මහතා ලංකාවේ තනිමාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා බාවිතාවන ටැබ්ලට් පද්ධතිය ගැන අපව දැනුවත් කරමින්.

දුම්රිය මගට දිස්වන අලගල්ල කඳු මුදුන.
ඈත කඳු පන්තිය දිස්වන අයුරු
අපේ ගමනාන්තය වුනේ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයයි.


මේ ඉන්නෙ සෙට් එක. ඡායාරූප අනුග්‍රහය ප්‍රවීන් ඉන්ද්‍රනාම අයියගෙන්.

කිලෝ මීටර 12ක පමණ දුරක් වූ කඩුගණ්නාව දුම්රිය ස්ථානයේ සිට ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය දක්කවා දුර පයින්ම ගමන් කලද ගතටත් සිතටත් කිසිම වෙහෙස මහන්සියක් නොදැනුනේ සොබා සෞන්ධර්යෙන් අනූන වූ කලාපයක සිහිල් පිරිසිදු වාතාශ්‍රෙයන්ද පෝෂිතවූ නිසාවෙන්මැයි සිතේ.

සොබා දහම රැකගනිමින් ඔබත් පරිසර චමත්කාරය විඳගන්නට එක්වන්නට ඇරයුම් කරමින්, තවත් සොබා සුවිසැරියකින් හමුවන තුරු ඔබට ජය.
පරිසරය සුන්දරයි-රැකගැනුම යුතුකමයි!