Showing posts with label ලට්ට ලොට්ට. Show all posts
Showing posts with label ලට්ට ලොට්ට. Show all posts

Thursday, April 14, 2011

ලග්නයට අනුව ලැබුවා වූ වසර ඔබට.....

23 ප්‍රතිචාර | Read more...
1. මේෂ
          මෙම වසර මේෂ ලග්න හිමි ඔබට සියලු ලෙඩ රෝගයන් වැළදී දුක් පීඩා විදීමට සිදුනොවන, වලි කොකු වලින් බර නොවනු ප්‍රීතිමත් නව වසරක් වේවා.. තවද සිංගල් අය ඩබල් වන, ඩබල් වුනු අය සිංගල් නොවෙන, ලියන ලියන විභාග සීය දාන රැකී රක්ෂා කටයුතු සාර්ථක වන එලකිරි වසරක් වේවා...


2. වෘෂභ
          වෘෂභ ලග්න හිමි ඔබට මේ උදා වන නව වසර ඉතාමත්ම සුභදායක වීමටත් කිරි හා පැණි උතුරා කුඹින්ගෙන් සිදුවන හානි සිදු නොවීමටත් කිරි හා පැණි කෙසේ වෙතත් සාමය හා සතුට උතුරා ගලා යන වසක් ‍වීමටත් මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙමින් පෙම් සිතුම් පහල වී අධ්‍යාපන, රැකී රක්ෂා කටයුතු සාර්ථක වීමටත් මංගල කටයුතු සාර්ථක වන මඤඤං නොවූ වසරක් වේවා..!


3. මිථුන
          මිථුන ලග්න හිමියන්ට සුබ ග්‍රහඵල ලබාදෙන ප්‍රීතමත් ප්‍රබෝධමත් වසරක් මෙන්ම ගෙවී ගියා වූ වසරට වඩා ඉතා සර්ථක ලෙසින් සියලු කටයුතු සාර්ථක වන හිතමිත්‍රාදීන්ගේ උදවු උපකාර සහායොගයන් පැසසුම් අරවා මේවා ඔක්කම ලැ‍බෙන සුබ නව වසරක් වේවා...!


4. කටක
          කටක ලග්න හිමියන්ට මේ වසර මුල් භාගයේ සිට අග භාගය දක්වාම අතේ මිටේ යහමින් මුදල් ගැවසෙන, ඒවා වියදම් කරන්න සිත්දෙන, කරන කියන සියලු කටයුතු සාර්ථක ‍වන ප්‍රීතිමත් මැක්සා නව වසරක් වේවා..!


5. සිංහ
          සිංහ ලග්නය කොටගත් සියලු බ්ලොග්කරුවන්ට මැක්සා පෝස්ට්ස් ලිවීමට හැකි වන, එම පෝස්ට්ස් වලට සට සට ගා කමෙන්ට්ස් වැටෙන කරන කියන සියලු දෑ සාර්ථක වන සිතේ සතුට පිරි හදේ උතුරා ගලා යන ආදරය සමඟ සුබ නව වසරක් වේවා..!


6. කන්‍යා
          කන්‍යා ලග්න හිමි ඔබට මේ වසරේදී මල්පිට මල් සැලෙන දිගු මාවත් වල බියෙන් සැකෙන් තොරව අණතුරු පීඩා වලින් තොර හිතේ පැතුම් ඉටුවන සිරි සුබ නව වසරක් වේවා...!


7. තුලා
          ඉර හඳ පායන ලෝකේ දුක සැප සමබර වී වසර පුරා කිර කිරා ඉන්න නොවෙන ප්‍රීතිමත් සාර්ථක යුග දිවියක්  හා සාමය සතුට පිරි නව වසරක් වේවා...!


8. වෘශ්චික
          වෘශ්චික ලග්නය හිමි ඔබට සොර සතුරු රෝග විපත් වලින් තොර සියලු කටයුතු සාර්ථක වන කෙල්ලන් නොමැති කොල්ලන්ට කෙල්ලන් සෙට් වෙන, කොල්ලන් නැති කෙල්ලන්ට කොල්ලන් සෙට් වෙන* , ‍ෆෝන් එක දිහා බලද්දී අදාල අයගෙන් කෝල් එකක් SMS එකක් එන ප්‍රීතියෙන් හා සාමයෙන් ගත වන සුබ නව වසරක්වේවා..!


9. ධනු
          ධනු ලග්නය හිමි ඔබට මෙම වසර අත පිරෙන්න සල්ලිත් හිත පිරෙන්න සතුටත් ලැ‍බෙන සියලු කටයුතු ඉතාමත් සාර්ථක වෙන සුබ නව වසරක්වේවා...!


10. මකර
          මකර ලග්න හිමියන්ට මෙම ලබුවා වූ නව වසර ඉතාමත් සුබදායි මෙන්න සියලු කටයුතු සාර්ථක වන්නවා වූ නීරෝගී සුවය ලැබෙන්නා වූද, බෑ බෑ කිය කියා ඉන්න විවාහ කටයුතු ඉක්මන් වන, මනමාලියන් නැති මනමාලයන්ට මනාලියන් හමුවෙන, මානමාලයන් නැති මනමාලියන්ට මනමාලයන් හමු වෙන ප්‍රීතිමත් නව වසරක් වේවා..!!


11. කුම්භ
          කුම්භ ලග්න හිමියන්ට පෙරේත කුම්භාණ්ඩයින් සෙට් නොවන යහපත් යාලුවෝ සෙට්වෙන කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන සිතන පතන යහපත් දේ ලබාගන්න හැකිවෙන සුබ නව වසරක්වේවා..!


12. මීන 
          මීන ලග්නය හිමි සියලුම දෙනාට නොම්බරය වැරදුනු රීලෝඩ් ලැබෙන, මල් කඩද්දී නෙට්වර්ක් බිසී නොවන, කෝල් කරද්දී වේටින් නොවැටෙන සියලු කටයුතු සාර්ථක වෙන සුබම සුබ නව වසරක්වේවා..!




මේ සියලුම දෙනාට කරන කරන ප්‍රාර්ථනාවන් ඉටුවන, අවුරුද්දම සුබම සුබ කරගන්න හැකියාවක් ලැබේවායි අක්ෂර අපි ඉතසිතින් ප්‍රාර්තනා කරන්නෙමු..


(* කොල්ලන් නැති කෙල්ලන් කරුණා කර පහතින් සටහනක් යොදා යන්න. අක්ෂරයේ සියලුම කොල්ලන් Available ය)

Monday, March 28, 2011

මගෙ හුස්ම පොද.........

7 ප්‍රතිචාර | Read more...
මේ සංසාර ගමනේ...
කොහේදී... කොතැනක... ඔබ මට හමුවුණිද?
නොදනිමි, අදටත්... හැමදාටත්
ඔබ මට දුන් ආදරය, කරුණාව...
පණ දුන් නැවුම් ජීවිතය.
සුන්දරයි සදහටම ඔබ මෙන්ම.
මගෙ සිත ඉකිබිදින,
මගෙ නෙතු තෙත්වෙනා හැමවිටෙක,
සතුටු සිනා පොද ඔබම විය.
කටු පදුරු ගොරහැඩි මග දිගේ
දෙපා පොඩි රිදුම් දෙන හැම විටෙක,
ඔබම විය සුසිනිදු මල් මාවත.
සදහටම මම පායන්නම්
පුංචි තරු මලක්ව දුර ඈත අහසේ,
එළිය වෙන්නම්...
ඒත්...
ඔබ මට දුර වුවත්, හිමි වුවත්, නොවුනත්,
හැමදාම ඔබ වේවී... මගෙ ජීවිතය,
මගෙ සතුට, මගෙ සැනසීම,
මගෙ ශක්තිය, මගෙ ධෛර්යය,
මගෙ හුස්ම පොද.........