මේ අපේ සයිබරේ සෙට් එකත් එක්ක මම(
පොඩි මහත්තය) පහුගිය දිනක ගිය අපූරු චාරිකාවක් ගැන සංෂිප්ත දිගහැරුමක්.
රඹුක්කන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගය දල බෑවුමකින් යුකත් අතර දුම්රිය මගේ සීග්‍රතම නැග්ම මෙම කොටසේදී දැකිය හැකියි. ශ්‍රීලංකාවේ දෙවන තැනට දිගම බිම්ගෙය වන 9A බිම්ගය ද මෙම කොටසේ පිහිටා ඇත. ශ්‍රීලාංකේය දුම්රිය ගමන් මග පහත තැනිතලා භූමිය පසුකර කඳුකරයට පිවිසෙන පිවිසුම් මාර්ගය මෙය වන බැවින් පරිසරය පද්ධතියේ සීඝ්‍ර වෙනසක්ද මෙම කලාපයේදි දැකිය හැකිය. කඳු පන්ති අතරින් දිවෙන දුම්රිය මගේ සොඳූරු ඉසව්වක් ලෙසද මෙම කලාපය හැඳින්වීම වරදක් නොවේ.
සැප්තැම්බර් මස තුන්වනදා මම නොයිවසිල්ලෙන් බලා සිටියේ ඒ අපූරු චාරිකාවට එකතුවීම සඳහාමයි. උදේ පාන්දරින්ම ගෙදරින් පිටතුවුන මම පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී අනෙක් සගයන්ද පැමිණි
පොඩිමැණිකෙ දුම්රියට ගොඩ වුනා.
උදේ 8 පමණ වන විට කඩුගන්නාව දුම්රියස්ථානයට ලඟා වුන අපි උදේට කාල බීල හෙම ලෑස්තිවුනා චාරිකාවට. කඩුගන්නාව දුම්රිය ස්ථානය ආසන්නයෙන් රේල් පාරට ගොඩවුන අපි ඒ ඔස්සෙ පහලට ඇවිදිගන එමින් ගමන් ඇරඹුවා.
වැහි කොඩෙත් සවාරියට අපූරු චමත්කාරයක් එකතු කරන්න අමතක කලේ නෑ. පරිසරය නව ජීවයක් ලද්දකු මෙන් නැවුම් බවකින් පිරී ඉතිරී ගොස් තිබුනා. තෙත බරිත පරිසරය සිතටත් ගතටත් මහා සැහැල්ලුවක් එකතු කලේ ගමන් වෙහෙස පවා සුන්නද්දූලි කරමින්.
තෙතබරිත සුන්දරත්වය
අපිට සිග්නල් නෑ හැබැයි අපි ඉදිරියටම යනෝ....
බිම් ගෙවල් තුලින් දුම්රියේ යන්නෙකුට එතුල මෙතරම්ම කලුවර බව වැටහුනාදැයි සැක සහිතය. අඳුර කොතෙක් පැතිර තිබුනේද යත් අප ගෙනගිය විදුලි පන්දම් වලින් නිකුත්වූ ආලෝකය අපට දැනුනේ කනාමැදිරි එළියක් ලෙසිනි.
වැස්ස තුරන් වූ සැනෙන් අවට පරිසරය ගිලගත් මීදුම අපූරු චමත්කාරයක් පරිසරයට එක්කලේ අපේ රටේ සොබා සිරිය මොනවට කියාපාමිනි.
සිංහ කට ලෙස හැඳින්වෙන ගල් කුල මීදුමෙන් වැසී ඇති අවස්ථාවක...
බලන මොටන අලගල්ල පැනලා, සුද්දා මෙහාට එනවා බොරු...
-මෙන්න මෙහෙමයි ඒ කාලෙ කන්ද උඩරට පිවිසුම ගැන කියවිලා තියෙන්නෙ.
අද දුම්රිය මර්ගය දිවෙන්නෙ මෙම කඳු පන්ති අතරින.
දුම්රිය මගට බතලේගල දිසුවන අයුරු.
බලන දුමරිය ස්ථානය.
බලන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති දිසානායක මහතා ලංකාවේ තනිමාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා බාවිතාවන ටැබ්ලට් පද්ධතිය ගැන අපව දැනුවත් කරමින්.
දුම්රිය මගට දිස්වන
අලගල්ල කඳු මුදුන.
ඈත කඳු පන්තිය දිස්වන අයුරු
අපේ ගමනාන්තය වුනේ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයයි.
කිලෝ මීටර 12ක පමණ දුරක් වූ කඩුගණ්නාව දුම්රිය ස්ථානයේ සිට ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය දක්කවා දුර පයින්ම ගමන් කලද ගතටත් සිතටත් කිසිම වෙහෙස මහන්සියක් නොදැනුනේ සොබා සෞන්ධර්යෙන් අනූන වූ කලාපයක සිහිල් පිරිසිදු වාතාශ්‍රෙයන්ද පෝෂිතවූ නිසාවෙන්මැයි සිතේ.
සොබා දහම රැකගනිමින් ඔබත් පරිසර චමත්කාරය විඳගන්නට එක්වන්නට ඇරයුම් කරමින්, තවත් සොබා සුවිසැරියකින් හමුවන තුරු ඔබට ජය.
පරිසරය සුන්දරයි-රැකගැනුම යුතුකමයි!