Tuesday, January 4, 2011

වචනයෙන් ආදරෙයි...

9 ප්‍රතිචාර | Read more...
අක්ෂරයට ලියනා දෙවන සහ මේ අවුරුද්දට ලියන මගේ පළමු ලිපිය..සෑම දෙනාටම සුභ අලුත් අව්රුද්දක් පතමින් අරඹනවා..

වෙනස් වෙන ලෝකේ මොනාද වෙනස් නොවී පවතින්නෙ..?ඒ ගැන ප්‍රශ්නයක් ඉතිරි කල කතාවක් කලකට පෙර අසන්න ලැබුනා..එක් පාර්ශවයක් ගැන විතරක් ලියවුනත්.තරුණ,තරුණියන් කා අතරත් මෙහෙම තව කීප දෙනෙක් හෝ ඇති.කියවල හිතලම බලන්නකෝ ඉන්නවද කියලා... 

දර්ශනය:තරුණ යුවලක් දෑතින් දෑත පටලාගෙන ගමන් කරමින් සිටි..


තරුණයා-මගේ වස්තුවට මම කවදාවත් රිදවන්නෙ නෑ මම මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි පැටියෝ..

තරුණිය-ඔයා මට පණටත් වඩා ආදරෙයි..??

තරුණයා-ඔව් රත්තරන් පණටත් වඩා,ඇයි එහෙම ඇහුවේ?නෑ කියලද ඔයා හිතන්නේ?

තරුණිය-හ්ම්ම්..එහෙම නෙමෙයි මහත්තයෝ...කව්රුත් තමන්ගෙ පණට වඩා වෙන කෙනෙක්ට ආදරේ වේවිද?ඒකයි මම කිව්වේ.ඔයා එහෙම කියන්න එපා හිතන්නත් එපා.ඔයාගෙන් මේ ලැබෙන ආදරේ මට ඇති හොදටම..

තරුණයා-හ්ම් වෙන්න ඇති පැටියෝ..ඒත මම මගේ පණටත් වඩා ඔයාට අදරෙයි..ඒක මට ඔප්පු කරන්න උණත් පුළුවනි.හැබැයි මම එහෙම කළොත් අපිට අපි නැති වේවි.මම ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම්..
තරුණිය-අනේ දෙයියනේ එහෙම දෙයක් නම් කියන්නවත් එපා මගෙ සුදු මහත්තයෝ...

(ඈතින් දෙදෙනා ඉදිරියට පුද්ගලයෙක් වේගවත් ගමනින් පැමිනේ,යුවතිය අනේ රත්තරන් තාත්තා එනවා යැයි කියයි.නමුත් හැරී බලන විට පෙම්වතා දක්නට නැත..අවසන ඇයගේ මතකයේ ඇත්තේ කම්මුල හරහා පහරක් වැදෙනවා පමණි.යුවතියගේ කෙස් වල්ලෙන් අල්ලාගත් පියා මාවතෙහි පැමිනි බස් රථයකට අත වැනුවේය..)

සමාවෙන්න

6 ප්‍රතිචාර | Read more...
හංසි කේල්ල හොදටම අසනීපෙන්... ඉරුවරාදේ හොදටම වැඩි වෙලා... මොස්තරේට කියන්නේ මිග්රේන් කියලා.......අන්න ඒ ලෙඩේ... ඔළුව උස්සන් ඉන්නත් අමාරුයි... පොඩි විවේකයක් අවශ්‍යමයි ඒ නිසා මට දවස් දෙකක් අරුන්දතිය ලියන්න වෙන්නේ නැහැ... මෙහෙම කියන එක ගොඩක් අසාධාරනයි  ඒත් මොනා කරන්නද... ඒත් මම පොරෙන්දු වෙනවා සිකුරාදට දවස් තුනටම හරියන දිගම දිග පෝස්ට් එකක් ලියන බවට.... 

ඔයාල හංසි එක්ක තරහ වෙන්නේ නැහැ නේද....

Monday, January 3, 2011

දෙවන පියවර

6 ප්‍රතිචාර | Read more...
නැන්දාගේ සුවිසල් නිවසේ ගේට්ටුව අසලන් ත්‍රීරෝද රිය නැවතුනි, වන්දනා තම ගමන් මළු ගේට්ටුව මුලින් තබා ගෙට්ටුවේ විදුලි සීනුව නාද කලාය. 

"හානේ... සුදු දුව....." විවර වු ගේට්ටු පියන් අතරින් නැන්දිගේ ආදරණිය සිනහව මතුවිය වන්දනාට හැඩිනි, උදේ පටන්ම දෝර ගලන්නට අර අදිමින් උන් කදුලු කැට වලට ඉඩදි ඇයි චාරුණී නැන්දාගේ උරහිසට වාරු වූවාය
" අනේ පුතේ ඇයි මේ.... ඔය තනියමද ආවේ...මම හිතුවා අම්මා එයාපෝට් යන ගමන් ඔයාව මෙහෙට ඇරලවයි කියලා.... ඇයි මට කෝල් එකක්වත් නොදුන්නේ.... මම පොඩි අයියව හරි එවනවනේ...." චාරුණි කෙල්ල ගේ හිස පිරිමදිමින් කීවාය.


"කෝ ඉතින් යමු ගේ ඇතුලට දැන් ඇති නේද පුතේ ඔය ඇඩුවා....මාස හතරක් එක දිගට අඩනවනේ...ඔහොම තමයි ජීවිතේ තාත්ති ඉන්න තැනක ඉදන් ඔයා දිහා බලාගෙන ඇති. " චාරුණි සැනසිලි වදන් කීයමින් වන්දනාව නිවස තුලට කැදවාගෙන ගියාය. නිවසේ උදව්වට උන් මාලිකා පැම්ණ වන්දනා ගේ ගමන් මළු ‍ඔසවාගත් බාවින් වන්දනා චාරැණිගේ වතට බරවීගෙනට නිවස තුලට ගියාය.


"වාඩි වෙන්න දූ... මම ඔයාට බොන්න මොනව හරි හදාගෙන එන්නම්..........තවම උදේට මුකුත් කාලත් නැතිව ඇති නේද....." වන්දනාව විසිත්ත කාමරයේ අසුන් ගැන්වූ චාරුණි මුළුතැන් ගෙය දෙසට ගියේ එසේ කියමිනි.

වන්දනා නැවතිල්ලේ ගලාගිය කදුලු පිස දමම්න් විසිත්ත කාමරය පුරා නෙත්  ගෙන ගියාය. උඩු මහලේ බරාදියට බරවීගෙන තමා දෙසම බලා සිටි රන්දනා ඇය කදුලු අතරින් රන්දනා හා සිනාසුනාය. නමුත් සැනෙතින් නෙත් මගහල රන්දනා වේගයෙන් පඩිපෙල බැස විත් විසිත්ත කාමරය හරහා මුළුතැන් ගෙය දෙසට ඇවිද ගියාය.
රන්දනා එහි  යනවිට චාරුණී වන්දනා‍ වෙනුවෙන් සිසිල් බීමක් පිළියෙල කරමින් උන්නාය, 


"කාටද ඔයා..... අර.. ගොඩේ කෙල්ලටද....."මේසය මතවු දොඩම් ගෙඩියක් ලෙලි ගසමින් වන්දනා අවක්ඥා සහගත ලෙස ඇසුවාය.


"ගොඩේ කෙල්ල......??? අනේ රන්දු... පව් ඒ කෙල්ල... ඇයි ඔයාට මතක නැද්ද පුංච් කාලේ සුදු නංගි ගාගෙන ඔයා එයාගේ පස්සෙමයි දැන් ඔයා ඔයාට ගොඩේ කෙල්ලක් උනාද.... ඔයත් ඒ ගොඩේ ඉදන් තමයි මෙහාට ආවේ...." චාරුණී රන්දනා දෙස නොරිස්සුමෙන් බලා කිවාය 


"විකාර...මේ අම්මේ ඔයා හද්නනේ මේ ගෙදර අනාථ නිවාසයක් කරන්නද... ?? කොහෙවත් යන උන්ව නවත්තගෙන...." රන්දනා තරමක් උස් හඩින් කියද්දී..‍


"රන්...දූ..." යි දත් මිටි කමින් කියා චාරුණි ඇය නිහඩ කලාය. 


"ඔව් රන්දු තමයි මේ  කියන්නේ... අම්මේ....එයා එයා මෙහෙ නතර කරගෙන අපිට නිදහසේ ඉන්න තියෙන එක නැති කරන්න එපා... දවසකට දෙකකට නෙවෙයිනේ...මුළු ජීවිත කාලෙටමනේ එන්නේ.... මොකෝ  දැන් මමා නැති ඒකේ තුෂාරි නැන්දා ආයේ ලංකාවට එන්නේ නැහැ....මෙයා සදහටම අපිට ඇනයක් වෙයි...අනික මහ මූසල කෙල්ලක්නේ....නැත්නම් ඔහොම යන එන මන් නැතුව අනාථ වෙන්නේ නැහැනේ....පේන්නේ නැද්ද හැටි විතරක් මලේ යාළුවෝ හිනාවෙයි සුදු ඇදගෙන දසසිල් අම්මා කෙනෙක් වගේ......" රන්දනා කේන්තියෙන් පිපිරෙමින් වන්දනාගේ පැමිණිම පිළිබද තම විරොදය ප්‍රකාෂ කලාය.  තම දියනියගේ ප්‍රකාෂයන් හමුවේ හිරිවැටී උන් චාරණිගේ දෙනෙත් කදුලින් බරවිය..


"ර..න්..දූ.... ඒ මගේ එකම සහොදරයගේ එකම දරුවා...මට උ‍ඹෙයි ඒ කෙල්ලගෙයි කිසිම වෙනසක් නැහැ....උඹගේ මැරුණු මාමාටත් එහෙමයි...උඹල දෙන්නා උපන්නේ  එකට.. කාලයන් හැදුනේ වැඩුනේ එකා වගේ... අපිට ඉස්සර මේ තරම් ඉතිරුවේ නැහැ... තාත්තා බසිකලේ නැගල ගිහින් බේල් රෙදි විකිනුවේ... හිගා නොකා හිගා කාපු ඒ කාලේ උඹලව ලොකු මහත් කරගන්න අත දුන්නේ ඒ මනුස්සයා....දැන් ඒ දරුවා අසරණ වෙලා ඉන්න වෙලාවේ අහක බලන්න කියලද උඹ මට කියන්නේ......... මේන් වැන්ද දුවේ.... කට ටිකක් පරිස්සම් කරන් ඉදින් ඒ අහිංසක කෙල්ලගේ හිත රිදවන්නේ නැතිව...." දෙඅත් එක්කර රන්දනාදෙසට වදිමින් චාරුණි කියදිදී ඇගේ කම්මුල් කදුලින් තෙත් විය...


" අපෝ.... මට වදින්න ඔනි නැහැ අම්මේ.... ඔයාට අහක බලන්න බැරිනම් බලාගෙනම ඉන්න.... හැබැයි ඔය එක එක කේස් වලට මගේ රූම් එකේනම් ඉඩ දෙන්නේ නැහැ... " රන්දනා දැඩි හඩින් කියා සිටියාය.


" මේ ගෙදර තියෙන්නේ එක කාමරයයිනේ... මම එයාට පහළ කාමරේ ලැස්ති කලා... ඒ ගැන ඔයා වදවෙන්න එපා...... " දැඩි ස්වරයකින් කියූ චාරුණි බිම වීදුරුවත් රුගෙන විස්ත්ත කාමරය දෙසට ගියාය. 


මවත් දියනියත් අතර වු දෙබස වන්දනාට නොඇසුනද රන්දනාගේ වෙනස් හැසිරිමත් නැන්දාගේ කනසුසලු මුහුණත් දුටුවිට වන්දනාට යමක් ‍තේරුම් ගත හැකිවිය.
"ම..ම..මම නැන්දිට ක...රදරයක් උනා..නේ...ද" බීම වීදුරුවේ පිටත බිත්තියේ වු තුෂර බිදු  ඇගිල්ලෙන් මකමින් වන්දනා කීවාය.


"අනේ රත්තරණේ ඇයි එහෙම කියන්නේ, ඔයා මගේනේ......... මට කවදාවත් ඔයාව කරදරයක් වෙන්නේ නැහැ .... මම හරි ආසාවෙන් උන්නේ... ඔයාවත් මෙහෙට ගන්න ... මෙහෙ ඉස්කෝලෙකට යවන්න.. ඒත් ඔයාව තාත්තිගෙන් ඈත් කරන්න මට හිත දුන්නේ නැහැ. ...ඔයාට ලැබුණේ හොද තාත්තා කෙනෙක් ඒ ආදරේ මගෙනුත් ඒ වගේම ඔයාට ලැබෙනවා... මම ඔයාගේ තාත්තගේ නංගීනේ............." වන්දනාගේ හිස පිරි මදිමින් චාරුණි ඉකි බින්දාය. 


අතීතයේ සදුවුබොහෝ දෑ වන්දනා සමග කීමට මේ සුදුසු කාලය වුවත් කිසිදු දිනයක ඒ සිදුවීමි වන්දනා හා නොපවසන්නට චාරුණි තමාටම පොරොන්දු වී උන්බැවින් ඇයි නිහඩ උවාය.....
වන්දනාට චාරුණිගේ උණුසුමේ දැනුනේ දැඩි ආරක්ෂාකාරී හැගීමක් වුවද රන්දනාගෙන් ලැබුණු ප්‍රතිචාරය ඇයට දරාගන්නට නොහැකි  තරම් විය...


කොම්පියුටර් දොස්තර - 02 පාඩම

4 ප්‍රතිචාර | Read more...
                                

                              ආයුබෝවන් දරුවනේ...... ඔන්න අදත් කොම්පියුටර් දොස්තර මාමා ක්ලිනික් එක පටන් ගන්නයි යන්නෙ..... පසුගිය පාඩමේ අපි විවිධ පරිගණක වර්ග ගැන කතා කලා.. අද අපි පරිගණකයක මූලික ව්‍යුහය  ගැන කරුණු ටිකක් සාකච්ජා කරමු.

                                 එහෙනම් අපි පටන්ගමු. දොස්තර කෙනෙක් වෙන්නම් සිරුරේ අවයව ගැන දැනුම විතරක් නෙමෙයි.. සිරුරේ දළ ක්‍රියාකාරීත්වය ගැනත් දැනගෙන ඉන්න ඕනා. පරිගණකයෙත් එහෙම තමයි. දැන් අපි අපේ කොම්පියුටර් රෝගියාගේ ක්‍රියාකාරීත්වය ගැන අදහසක් ලබාගමු. ඔක්කොටම කලින් මේ පින්තුරෙ බලන්නකො..
                        හරි... මේ තියෙන්නෙ පරිගණකයේ මූලික ව්‍යුහය . අපි දැන් මේ පිලිබදව සාකච්ජා කරමු.





   01.මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit (C.P.U)   :

                     මෙය මිනිසාගේ මොළයට සමාන කරන්න පුලුවන් කොම්පියුටරයේ කොටසයි. ඉහත Control Unit, Registers හා ALU යන කොටස් වලින් (C.P.U)එක සමන්විත වෙනවා. පරිගණකයට ලැබෙන දත්ත තොරතුරු බවට පත්කරන්නේ මේම (C.P.U)එක තුලිනුයි. මෙහි ප්‍රධාන කොටස් තුනක් දක්නට ලැබෙනවා. ඒවානම්,
          

        I ) පාලන ඒකකය (Control Unit) 
                          මේ මගින් පරිගණකයේ සියලුම දත්ත සැකසුම් හා උපාංග පාලනය වැනි කටයුතු සිදු කරනවා.


       II ) ගණිතමය හා තාර්කික ඒකකය (Arithmetic & Logic unit) 
                        දත්ත සැකසිමේදි සිදුවන ගණිතමය හා තාර්කික ක්‍රියාවලි මෙමගින් සිදුකරනු ලබයි.


      III ) රෙජිස්ටර (Registers) 
                        සැකසෙමින් පවතින දත්ත ගබඩා කර තබාගැනීම මෙමගින් සිදු කරනවා. මේවා ප්‍රධාන ප්‍රොසෙසරයේ මතක ගබඩා ලෙසත් හදුන්වන්න පුලුවන්





  02. ආදාන උපාංග (Input Devices) :

                   සත්වයින්ට සිරුර තුල ක්‍රියාවලි සදහා විවිධ අමුද්‍රව්‍ය අවශ්‍යයි වගේම පරිගණකයටත් අවශ්‍ය වෙනවා. මධ්‍යම සැකසුම් ඒකකයේදි තොරතුරු බවට පත්වීමට අවශ්‍ය දත්ත මේවා මගින් පරිගණකයට ඇතුලත් කරගනු ලබනවා. ආදාන උපාංග වලට උදාහරණ විදිහට, 

                             යතුරු පුවරුව (Key Board)
                             මූසිකය (Mouse)  
                             මයික්‍රොෆෝන (Microphones)   
                            කැමරා ( Camera)
                            පරිලෝකන යන්ත්‍ර (Scanners)
                            තැටි ධාවක යන්ත්‍ර (Disk Drives)             
                            ස්පර්ශ සංවේදී පුවරු  (Touch Pads)    ආදිය හදුන්වන්න පුලුවන්.


ආදාන උපාංග කිහිපයක්



 

     03. ප්‍රතිදාන උපාංග (Output Devices) :
                     
                   මධයම සැකසුම් ඒකකයේදී සැකසෙන තොරතුරු පරිගණකය පරිශීලණය කරන්නාට ලබාදෙන උපාංග මේවායි.  ප්‍රතිදාන උපාංග වලට උදාහරණ ලෙස,


                        මොනිටර (Monitors)
                        ස්පීකර  (Speakers)
                       බහුමාධ්‍ය ප්‍රක්ශේපණ යන්ත්‍ර  (Multimedia Projectors)
                       මුද්‍රණ යන්ත්‍ර  (Printers)       ආදිය හදුන්වන්න පුලුවන්.





ප්‍රතිදාන උපාංග කිහිපයක්


 


     04. ප්‍රාථමික මතකය (Primary Memory) :
                 
                              සසම්භාවී ප්‍රවේශ මතකය ( Random access memory - RAM ) නමින් හදුන්වන මෙය තුල මධ්‍යම සැකසුම් ඒකකයේ සකසන තොරතුරු තාවකාලිකව ගබඩා කරනු ලබනවා.  මෙම මතකය මිනිසාගේ සිතුවිලි වලට සමාන කරන්න පුලුවන්. සිතුවිලි හරියට ධාරණය කරගත්තෙ නැත්නම් මතකයේ රැදෙන්නෙ නැ. ඒ වගේම මෙම ප්‍රාථමික මතකයේ පවතින තොරතුරු ස්ථීර මතකයකට ( Secondary Storage) ගබඩා කලේ නැත්නම් නැවත පණගැන්වුමකදි (restart)  නැති වී යන්න පුලුවන්.
    

RAM Card
   




    05. ද්වීතියික / ස්ථීර මතකය  ( Secondary Storage) :

              මිනිසාගේ මතකයට මෙය සමාන කරන්න පුලුවන්. ප්‍රාථමික මතකයේ පවතින තොරතුරු ස්ථීර මතකයකට ගබඩා කරගැනීමෙන් අවශ කාලයක් රදවාගන්න පුලුවන්. මේවාට උදාහරණ ලෙස, 
                       දෘඩතැටි  (Hard Disks)                 
                       සංගත තැටි ( Compact Disks)
                      ෆ්ලොපි තැටි (Floppy Disks)
                      ෆ්ලැශ් ධාවක (Flash Drives)      ආදිය හදුන්වන්න පුලුවන්. 




ස්ථීර ගබඩා උපාංග කිහිපයක්.





                         අද අපි කතා කලේ පරිගණක දෘඩාංගකරණය පිළිබදව න්‍යායාත්මක කරුණු කිහිපයක්. පරිගණකයක් එකලස් කිරීමට න්‍යායාත්මක කරුණු පිළිබද දැනුමත් යම් තරමකට ලබැගෙන තිබීම අවශ්‍ය වෙනවා. මම හිතනවා ඔයාලා මේ පාඩමෙනුත් යමක් ගන්නට ඇති කියලා. එහෙනම් කියවලා බලලා ගුණ දොස් කියලා කොමෙන්ටුවකුත් දාන්න. තවත් පාඩමකින් නැවත ඉක්මනින්ම හමුවෙමු.


                                                                                                                                          
                                                                            ඔබට ජය.........!







Sunday, January 2, 2011

අවජාතක...

12 ප්‍රතිචාර | Read more...

සිව් මසක ගැබනිය මා..
මා හිමි නොමැති...
ලෝකයා නම් දේවි මගේ පුතුනේ..නුබට.
අවජාතයෙකු ලෙසට...

හිරු එලිය කියා.. රැවටුනේ මගේ පුතුනි නුබේ මව්..
කළාමැදිරි එලියට...
ආදරය කියා ...සිතුවේ නුබේ මව්....
මිරිගු සයුරකට...
හිනවුනේ දැවටුනේ ...නුබේ මව්
කහඹිලි වැලකට....

කුස තුල වැඩෙන නුබේ කළල කැලළක් වුවත්...
හිතුවත් උදුරා විසික් කෙරුමට...
හිත රිදුම් දේවි මගේ පුතුනි...සදහට සදාකලේටම...
නොදුන්නත් නුබ කිසි කලක සමාව...
නොඉල්ලමි නුබේ මව් ..
අයදිමි කමාව නුබේ පියාණන්ට...

Saturday, January 1, 2011

පළමු පියවර

8 ප්‍රතිචාර | Read more...
‍මුහුදු තීරය ඔස්සේ ඇදී එන දුම්රියෙන් නැගුණු ගොෂාකාරි හඩ, මුහුදු රළ පරයා ඇසුණි. වන්දනා තම තෙත් වුණු දෑස්  දුම්රිය මැදිරියේ වු අනෙකුත් මගීන් ගෙන් සගවන්නට වෙහෙසෙමින් රැළි පිට රැළි නැගෙන සයුරු රළ දෙසටම නෙත් යොමාගෙන උන්නාය .. 
                                                               යාබද ඉදිරි අසුනේ  උන් පෙම් යුවල ඔවුනගේම ලොකයක තනිවී සිටී.. වන්දනාට තරමක අපහසුවක් දැනුනි. හැගීමෙන් තොරව ඔවුන් දෙදෙනා දෙස බලා හිදීමෙන් තමා කලේ වරදක් යැයි  සිතුනු නිසාදෝ ඇය යලිත් සයුරු රළ දෙසට වනත් පා කර හැරියාය.


                                                                                                                              නෙත් හුදෙකලා වු ඇසිල්ලෙන් ඇය මතකය ඔස්සේ  තම ළමා කාලයට දිව ගියාය, ..... තාත්තාගේ මහ ගෙදර පවුලේ කවුරුත් කියනා ලෙස අත්තම්මාගේ ගෙදර ගෙවී ගිය තම සුන්දර ළමා කාලයේ දසුන් එකින් එක ඇගේ මනසේ ඇදෙන්නට විය . ලොකු අයියාත් පොඩි අයියාත් වන්දනාත් එකතුව සෙල්ලම් ගෙදරක් තැනු හැටි  තාත්තා තමන්ට ගෙනැවිත් දෙන කෙලිබඩු පවා ඔවුන්ට දි සතුටු වුනු හැටි, ගම හැරදා ඔවුන් නගරයට යන විට එකිනෙකාට තුරුළුව හඩා වැටුණු හැටි ඇයි එකින් එක සිහි කලාය...

          වන්දනාගේ පියා පාසැල් ගුරුවරයෙකි, මව පෞද්ගලික ආයතනයක සේවය කලාය, වන්දනාත් තාත්තාත් අතර වු සම්බන්ධය ඉතාමත් දැඩි එකක් විය... මව රාජකාරියට උවමනාවට වඩා කැපවී උන් නිසාදෝ ඇය වන්දනාට ‍එතරම් ලං නොවූවාය.. බොහොවිට වන්දනාගේ මව තුෂාරි කාලය ගත කලේ නිවසින් පිටතයි. එනිසාදෝ වන්දනා කුඩා කල සිටි මව ගේත් පියාගේත් සෙනෙහස ලැබුවේ තාත්තාගෙන්මය.

                              සාමාන්‍යපෙළ විභාගය අවසන්වී  සතියක් යන්නට මත්තේන් වන්දනාගේ පියා හදිසියේ රෝගාතුර වුවේය . දෙසතියකට පසු ඔහු වන්දනාව සදහටම තනිකර දමා දෙනෙත් පියා ගත්තේය. පියාගේ සුව දුක් බැලීමට රොහලට තනිවම ගිය වන්දනා එපුවත අසා සිහිසන් වුවාය... ඇය දෙදවසකින් දෙනෙත් හරිද්දි.. තාත්තාගේ අවසන් කටයුතු සදහා සියල්ලම සූදානම් ව තිබුණි, ඒ චාරුණී නැන්දාගේ මූලිකත්වයෙනි. ඒ වන තුරුත් අම්මා නිවසට පැම්ණ නොසිටියාය. අම්මා පැම්ණියේ දෙන සොහෙනටත් ගෙන ගිය පසුය.. ඒ වෙද්දි  ඇය  විදේශයකට ගොස් උන්නාය. 
                                                                                                තාත්තාගේ අවසන් කටයුතු අවසන්ව සුමානයකක් ගෙවෙන්නටත් ‍පෙර තුෂාරි යලිත් විදේශ ගත වුවාය වන්දනා නිවසේ උනනේ තනිවමය, දෙමසකින් යලිත් පැමිණි තුෂාරි විදේශයේ  ස්ථිර පදිංවියට යන්නට අවැසිබව කීවාය. එහෙත් වන්දනා ඊට කිසිසේත්ම කැමති නොවූවාය,

"මගේ තාත්තිගේ සුවද තියෙන්නේ  මේ පොළවේ... අත්තම්මාගේ සුවද තියෙන්නේ මේ ගෙදර... මේ දේවල් අත ඇරල නන්නාදුනන රටකට  යන්න බැහැ. .... මාව බෝඩ්මක හරි නතර කරල අම්මි යන්න....." වන්දනා හඩමින් කීවාය.

 අවසන මහ ගෙදරත් විකුනා දමා තුෂාරි විදෙස්ගත වන්නට සූදානම් වෙද්දී  චාරුණි වන්දනාගේ සියලු වගකීමි භාරගෙන ඇයව තම නිවසට ගෙන්වා ගැනීමට එකග වුවාය.  ඒ අනූව පාන්දරින්ම රුහුණු දුම්රියේ නැගුණූ වන්දනාට මේ ඉරනම් ගමන එන්නට සිදුවිය. 
                                                                     දුම්රිය ගමනාන්තය දක්වා පැමිණෙන තුරුම සිතිවිලි අතර උන් වන්දනා මගීන්ගේ කලබලකාරී ගෝසාවට ගැස්සී වට පිට නෙත් හෙලුවාය... මගීන් එකිනෙකා දුම්රියෙන් බසිමින් සිටී.. ඇයත් තම බෑගයන් රැගෙන සෙසු මගීන්ට එක් වූවාය ... ............
*******************************************************************************
දෙවන පියවරට අවසරයි





                                                                                                  

ආදරණිය අක්ෂරවාසී මිත්‍රවරුණි...

9 ප්‍රතිචාර | Read more...
 ඔබ සියලු දෙනාට අක්ෂර වලින් පිරි සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා...!