Showing posts with label අක්ෂර වාසීන්. Show all posts
Showing posts with label අක්ෂර වාසීන්. Show all posts

Thursday, May 19, 2011

ඔබට සුබ ගමන් මිත්‍රයා..!

2 ප්‍රතිචාර | Read more...
අපි හැමෝම මහන්සි වුනා.. ගොඩාක්.. එක කොල්ලෙක් වෙනුවෙන්.. අපේ සහෝදරයෙක් වෙනුවෙන්.. ඒ අපේ සිංහල බ්ලොග් අවකාශයේ ඉලංදාරියා වෙනුවෙන්.. හැමෝම එකමුතු වුනා.. දිලුම්ට මේ ලෝකේ අහන්න ලබා දෙන්න උදවු නොවුන කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ ඉන්නවානම්, පුදුමයක්..!! ඒත්.....




ඒත් අද මට නම් දැනෙන්නේ ඒ අපේ සියලු උත්සාහයන් වතුරේ ගහගෙන ගියා වගේ. ඒ ඊයේ රෑ හදිසියේම අහන්න ලැබුණු ආරංචියක් නිසා.. කොච්චර  හිත කිවුවත් ඔය කතාව විශ්වාස කරන්න එපා කියලා.. අන්තිමට මට ඒ කතාව විශ්වාස කරන්නම වුනා. ඉලංදාරියා අපෙන් සමු අරගෙන.. සදහටම..! හැබැයි, මතක තියාගන්න.. ඒ ගතින් විතරයි.. කවදාවත් නොමැකෙන සටහන් රැසක් හදවතේ ඉතුරු කරලා. අපි දුක් වෙනවා. ගොඩාක්. ඒ මතකයන් තියෙනකම් අපි රිදේවි.. කවදාවත්ම අපේ හිතින් නොමැකේවි.. ඉලංදාරියාගේ ලෙංගතුකම, ඉවරයක් නැතිව කියවපු කතා.. හැමදෙයක්ම හැම මතකයක්ම අපේ හිත් වල තියේවි.. 


උඹට ආයෙත් අපි අතරේම ඉපදෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී නෑ අපි.. අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු පිං බලයෙන් උඹට නිවන්සුව ලැබේවා..!!




දයාබර සොයුරාණනි... ඔබට නිවන්සුව....!!

Wednesday, April 6, 2011

ඇයි හිනා වෙන්නෙ?

2 ප්‍රතිචාර | Read more...

Sunday, April 3, 2011

සයිබර් සිහින බක්මහ උළෙලේ අපි.

12 ප්‍රතිචාර | Read more...

ඕන්න ඉතිං සයිබර් සිහින බක්මහ උළෙලත් පැවැත්වුනා. අක්ෂර වාසීනුත් සහබාගීවුන සිහින බක්මහ උලෙළ මට නම් අපූරුම අවස්ථාවක්. නොදුටු නමුත් කතා බහ කර ඇති බොහෝ දෙනෙකු හම්බවෙන්න අවස්ථාව හම්බුනා. “ෂා ඒකනම් පට්ට“


හරි හරි මං ඉතිං කියන්නං කො අපේ අකෂර සමාජිකයන්ට මේ බක්මහ උළෙලේදි සිද්ද වෙච්ච දේවල්.
මමයි(පොඩි මහත්තයා)
ළමයයි
චේ යි
සීතලයයි
හම්තුම් අයියයි
හාවායි(බනියා)
රත්ගමයයි(කුප්පයා)
සිඳංගනා අක්කයි
නිරංජි අක්කයි
තමයි අද උත්සවේට සහබාගී වුනේ.


ඉතිං අපේ සැටාර් එක ගිය තැන මඩ වගුරක් කොරගෙන එහාට මෙහාට කෙල ගන්නා සේම අදත් එමමයි. හරිම අපූරු සිද්දි රැසක්ම සිද්ද වුනා. අපේ හා පැටියනං පටංගන්න කලිං ඉදංම උන්නැහැගෙ අර පින්තූර මැසිම කරේ එල්ලගෙන හැරෙන හැරෙන පැත්තට පින්තූර ගහනවා..( ඔය අස්සෙ මොන මොන ජංජාල පිංතූර ඇතිද මංද).
මං උත්සවේට සහභාගිවෙන්න හිතාගෙන අපේ මීරිගමින් මෙහේට යන සැටාර්(සැටාර් කිව්වට පස් දෙනයි) එකත් එක්ක එක්කාසු වෙලා කොච්චියෙං ගොහිං කොටුවෙං නැගපි බස් එකකට. බහින තැන හරියට නොදන්න හංද කොන්දට කිව්ව හරි තැනිං බස්සහං කියල. මේකා ඉතිං වැඩි පුර රු 2කුත් ඒ සඳහා එක් අයකුගෙන් අයකොරගෙන දැං යනවා. ඕං විනාඩි 5ක් යන්න හම්බුන්නෑ මූ එකපාරටම බස් එක නවත්තල කියපි ආ හරි මල්ලිලා බැහැගන්න කියල. අපිත් ඉතිං බැස්සා. බැහැල බැලින්නං පිට්ටනියක් තියා එහෙම සේයාවක්වත් අහල පහල නෑ. අර බස් කාරයත් ඉතිං ගියායි කියමුකො අපිත් එහාට මෙහාට ඇවිදල පිට්ටනියක් නැති තැන බලධාරීන් අමතල බැලින්නං මේ වෙන කොහෙද තූත්තුකුඩියක අපිව බස්සල තියෙන්නෙ අර !@$%& කොනද. අයෙම ඉතිං ඌට බැන බැන බස් එකක නැගල අදාල තැනට ඇවිත බහිද්දි 9ට විතර ඇති. ඉතිං මං එනකොට නුවර ඉඳං ආපු සෙටාර් එකත් එක්ක ළමයයි, සිදංගනා අක්කයි ගොඩ බැහැල. දොරටු පාලට උන්නෙ නං වැප් නිශාන්ත අපි කවුරුත් හොදිං අඳුර බස් ඩ්‍රැයිවර්.


ඕං පිට්ටනියට ඇතුල් වෙච්චි හැටියම සූටි කෙල්ලෙක් දුවගෙන ඇවිත් “මේ පොඩි මහත්තය නේද?“ කියල අහල අතට අත දීපි. මං අන්දුං කුන්දුං. මං දන්නවෑ මේ කවුද කින්ද මන්ද කියල. හිහ් හිහ්.....
මං ඉතිං ඒ බවක් පෙන්නන්නැතුව විස්තර අහල බැලින්නං ඒ අපි මේ කවුරුත් දන්න හසී අක්ක වෙච්චි. එයිං ඒ සංසිද්දිය ඉවරයි (වැදගත්= මේ කියනට හැදුවෙ පොඩි මහත්තය මහා පොරොසිද්ද චරිතයක් කියල හෙම නෙමේ හරිය)ඊට පස්සෙ ඉතිං චේ ඇතුලු පිරිස සහ හම්තුම් ගොයියත් කඩාපාත් වුනා.
එතකොට කුප්පයා????
       ආහ්... මේ කුප්පය කොළඹ කරක්ගහල නැති හංද තනියෙං එන්න බයයි කියල උන්දැගෙ ප්‍රියම්බිකාවත් විසින් මග පෙන්වන ලදුව දිවා ආහාරයට මදකට පසු සැපත් වුනු බව විසේසෙන්ම කියන්ටෝන. අපි ඉතිං මිනිහට වතුරෙං හෙම සංග්‍රහ සත්කාර කරල ජෝඩුවත් එක්කම ඇතුලට ගත්ත (නැත්තං හරි නෑහ් නේ)


දැං ඉතිං අපේ සැටාර් එකත් ඔය තිබ්බ එක එක ක්‍රීඩා වලට සහබාගි වෙනවා. මුලින්ම ඕං හා හා පුරා කියල බනිස් කන්න හිතාගෙන (උදේ වරුවෙ කොච්චර කෑවත් ළමයගෙ බඩ පිරෙන්නැතෙයි කිව්ව නිසා බනිස් කන්න ගියේ) අපිත් ඉතිං ඒ ඉසව්වට නම් ගම් හෙම දීල ලැස්ති වුනා. (තරඟ සංවිධායක තුමා ලසිත බෙනරගම අයියා) කොච්චර හරි ඉතිං කන්න බොන්න නං අපේ සැටාර් එකට බෑ මනෙ. ඕං මායි, ළමමයි, සීතලයයි, චේ යි, හම්තුමුයි බනිස් කෑවමයි කියමුකෝ.... ආ අපේ මාරයා අයියත් බනිස් කෑව... අපි ඉතිං හදිස්සියක් නැතුව උදේට බනිස්වලිං සප්පායං වුනා. (අව්වට වේලිච්ච ගතිය නැත්තං සීනි බනිස් ගෙඩිය පංකාදු පහයි. ඕක ආය උඩ එල්ලල දුන්නැත්තං මං කාල පෙන්නනව හිහ්) බනිස් වලිං බඩ පුරෝගෙන හෙම අපි එද්දි ඒක දිනපු ඈයින්ට තෑගිත් දීල හමාරයි මයෙ හිතෙ. ;)
ඔය අස්සෙ චේ කාරය ඔලුවෙනුත් බනිස්කාපු හන්දද මංද සීනි ඔලුවෙ හිටං. අපේ කට්ටියනං කීවේ අර ඇඹලයින් වහන්නෙ සීනි වල හංද චේගෙ ඇඟෙ මේ අති රිත්ත සීනි කැට ඉතුරු වෙන්න ඇතියි කියල.
ඕං ඒක හමාර වෙලා සැටාර් එක ඊලඟට බැස්සෙ සංගීත තොප්පි තරඟෙට. මාත් ඉතිං ගොහිං හිටගත්තා. නැත්තං හරි නෑ නෙ.
ඒකත් බොහෝම විනෝද ජනක ඉසව්වක්. ඕං සංගීතෙට අනුව තොප්පිය මාරුවෙනවා.... මාත් ඉතිං වැඩේ අල්ලගෙන හිටිය. කොහෙද අනිච්චාවත සංඛාරා කියන්නෙ අපේ අභිත අයියට ඕනැ වුනානෙ පොඩි මහත්තයගෙන් වචන ස්වල්පයක්. ඒ කොරල තොපිපය වැටුනා විතරයි පොඩි මහත්තය එලියෙ.(වැදගත් ඒ වෙනකොට ළමය එළියෙ. සිදංගනා අක්කයි හාවයි තව කීපදෙනෙකුයි විතරයි වැඩෙ අල්ලං යන්නෙ)
අනේ අවාසනාවක මහත. සිදංගනා අක්කත් එලියට වැටුනා ඊලඟට. හහ්. අපේ හාවා, මාර හැකියාවක් තියෙන්නෙ තොප්පි දාල. අන්තිමේදි හාව නෙව සංගීත තොප්පියෙං දින්නෙ. 


ඔං මේ වෙනකොට අපේ අලුත් වෙඩිම ඇවිත් (කුප්පයයි + කුප්පකමක් ගෑවිලාවත් නැති කෙලි පොඩ්ඩකුයි)
ඉතිං කුප්පයට ඕනැ වුනා තුන්පා දුවන්න. අපිත් ඉතිං ගිහිං මිනිහට හුරේ තිබ්බට මොකද කකුල බැන්දයි කියල මූ දුවන්න බෑ කියපි නෙ. මහ කුප්පයා. (පැරදුනාට පස්සෙ කියන කතා)


ආ ඔය අස්සෙ කුප්පයවයි අපේ චේ කුමාරයයි සිහින කුමාරයට දාල හෙම ඒ තරඟෙ පටං ගත්තෙ නැතැයි. හොදම හරිය ඒකෙ. චේ කාරය කලියෙංම තරඟෙ විනිස්චය කොරන්න ආපු අර චීස් කෑල්ලක් වගේ සුදු පාට අක්කට ඇහැක් ගහල නම්මගෙන. අනේ හපොයි අපේ ඉරුවගේ බලාපොරොත්තු (මිනිහා හිතාන උන්නෙ සිහින කුමාරය වෙලා අර එක්කං ආවයි කිව්ව කෙලි පොඩ්ඩට වැඩ කිඩ පෙන්නන්න නෙව)
ඉතිං අපේ මර හූ තැබිල්ල මධ්‍යෙය් එක එක වැඩ කෑලි ටිකක් දාල චේතනය සිහන කුමාරය වුනා. මොකක් වුනත් ඉතිං අපේ එකානෙ (ඇඹලය කියල මකන්නැයි) අපිත් ඉතිං හුරේ දාල මිනිහව උස්සල තිබ්බා. ඔය අස්සේ සීතලයට විවිධ කතා හැදීගෙන එනව. අනේ මංද ඉතිං ඔව්ව මේ පොරොසිද්දියෙ කියන එක හරි නෑ නොවැ. ඉස්සිත් ඉතිං මෙව්ව බලනව නැතැයි නේද.
ඒ අස්සෙ රත්ගමයට හෙන උවමනාවක් තිබුන ඌට කියාගන්න බැරි වෙච්චි දේවල් අපි ලව්ව අර පොඩි කෙල්ලට කියා ගන්න. හැහ්. අපිත් ඉතිං අතෑරියෙ නෑ. ඒ මගුලත් ජෝඩු කොරලම දුන්න. අනේ ඒ හන්දම මිනිහට අද අමරණීය දවසක් ලු. හිහ් හිහ්. එහෙම එහෙම හරි ඉතිං කට්ටිය ගොඩ යන එක ගැනත් අපි සතුටුයි.


තව ඉතිං අපේ කට්ටියගෙ කට්ට වෙට්ට කෛරාටික පට්ටම ආතල් වැඩ කිඩ තිබුනා. එව්ව ඉතිං මෙතන කියල වැඩක් නෑ නොවැ රසවිඳලම බලන්නැතුව නේද....


ඉතිං මේ සයිබර් සැනකෙලිය සංවිධානය කරපු අපේ අභීත අයියා අතුලු සංවිධායක මණ්ඩලේට නං විසේසෙංම ස්තූතිවන්ත වෙන්ටෝන. අභීත අයියට මේව්ව වගේ හීන දිගං දිගටම පෙනේවායි සුභ පත්නටත් ඕන.


ආ තව එකක් අපේ ඉලංදාරියත් අද ඇවිත් උන්න. ඉතිං ඉලන්දාරියට ආධාර පිණිසත් තමයි මේ වැඩ සිද්ද වුනේ.


එහෙමනං මගේ කතාව අවසානයි බලා සිටි ඔබ සැමට ස්තූතියි.....


ප.ලි. පිංතූර බලන්ටෝන ඈයින්ට අපේ බනිය ඕං මූනු පොතේ පින්තූර දානවලු. පින්තූර ගනිපු අනිත් අයත් එව්ව මූනු පොතට දායි.