Showing posts with label සමාජ සේවා. දානමය පින්කම්.. Show all posts
Showing posts with label සමාජ සේවා. දානමය පින්කම්.. Show all posts

Thursday, December 13, 2012

අක්ෂර අපේ මෙහෙවර ඉදිරියට ඔබ සමග..

5 ප්‍රතිචාර | Read more...
සෑහෙන කාලෙකට පස්සේ අක්ෂර බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්නේ.. බ්ලොග් එක ලියන එක නතර වුනාට අක්ෂරයේ අපි තාමත් ඉස්සර වගේම හොඳම යාලුවෝ විදියට ඉන්නවා. අන්න ඒක නිසා අපි තීරණය කළා 2012 ජනවාරි මාසෙදී අපි කලා වගේ පිනක් 2013 මුලදිත් කරන්න. ඉතින් ඇත්තම කියනවා නම් මේ පෝස්ට් එක අපේ බ්ලොග් රචකයන්ට/ පාඨකයන්ට දැනුම්දීමක් කරන්න/ ඉල්ලීමක් කරන්න ලියන බ්ලොග් පෝස්ට් එකක්..

අක්ෂර අපි 2012 ජනවාරි මාසේ අට වෙනිදා පුංචි සිත් වලට සතුටක් දෙන්න බොරැල්ල ජයන්ති ළමා නිවාසයට ගියපු ගමන ගැන අපි කලින් කිව්වානේ.. ඒ ගැන නොදන්න අය "අක්ෂර අපේ මෙහෙවර" පෝස්ට් එක කියවලාම බලන්න..



ඉතින් අපි ඒ ආරම්භ කරපු මෙහෙවර 2013 වසරේදිත් (ජනවාරි හෝ පෙබරවාරි) කරන්නයි අපේ මේ සූදානම.. මුලින්ම අපි සැළසුම් කලේ මේ අවුරුද්දේදී කලා වගේ අක්ෂරයේ අපි විතරක් එකතු වෙලා මේ කටයුත්ත කරන්න. ඒත් පස්සේ තීරණය කළා මේ කටයුත්තට සහභාගී වෙන්න කැමති බ්ලොග් රචකයෝ/ පාඨකයෝ ඉන්නවානම් ඒ අයවත් අපිත් එක්ක එකතු කරගන්න.

මුලින්ම අපි උදව්වක් බලාපොරොත්තු වෙනවා.. ඔබ දන්න ළමා නිවාසයක්/ වැඩිහිටි නිවාසයක් හෝ අපෙන් උපකාරයක් අවැසි අපිට උපකාර කළ හැකි වෙනත් ආයතයක් ගැන හෝ උපකාරයක් අවැසි කෙනෙක් ගැන තොරතුරක් දන්නවානම් අපිට දන්වන්න. කොළඹ හෝ අවට ආයතනයක් නම් ඉතින් අපි කාටත් ලේසියි.. එතකොට අපිට පුලුවන් හැමෝගෙම අදහස් විමසලා සුදුසු ස්ථානයක් තෝරගන්න අපේ මේ කටයුත්ත කරන්න.


සුදුසු තැනක් තෝරාගත්තට පස්සේ අපිට පුලුවන් වෙයි අපි ඒ ආයතනයට හෝ අපෙන් උපකාර ලබාගන්න කෙනාට ඒ උපකාර කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න. දිනයක් ස්ථානයකුත් ඒ සමඟම තීරණය කරමු.


ඉතින් මේ අක්ෂර අපි ආරම්භ කළ මෙහෙවර ජනසතු කරමින් ඉදිරියටම කරගෙන යන්න පූර්විකාවක්.. වැඩි විස්තර ඉදිරියේදී..

ප.ලි :- 2013දී කරන්න යන මේ කටයුත්තේදී අක්ෂරයේ අය වගේම ඉන් පිටත අයත් සහභාගී වේවි කියලා බලාපොරොත්තු වෙන නිසා මේ වෙනුවෙන් බ්ලොග් එකක් නිර්මාණය කළා. අපේ මේ මෙහෙවර ගැන සියලු තොරතුරු එකම තැනකින් බලාගන්න "මෙහෙවර.." බ්ලොග් එකට පිවිසෙන්න.

වැඩිවිස්තර හෝ අපිව සම්බන්ධ කරගන්න chaturanga87@gmail වෙත ඊමේල් එකක් දාන්න.

Friday, January 13, 2012

අක්ෂරය අපේ මෙහෙවර

21 ප්‍රතිචාර | Read more...
අක්ෂරය බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අවකාශයට එක්වී වසරක් ගතවිය. ඒ නිමිත්තෙන් සමාජ මෙහෙවරක් උදෙසා උර දීමට අප කණ්ඩායම කලක පටන් සැලසුම් සකසන්නට විය. එනයින් පසුගිය ජනවාරි 8 වන ඉරුදින අප කණ්ඩායම එක්වූයේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ විජයරාම මංසන්ධිය අසල වූ ජයන්ති ළමා නිවාසයේ පොඩිත්තන් වෙනුවෙන් කාලය ගත කිරීමටය. හිස් අතින්ම නොවේ, අපේ කණ්ඩායමේ දායකත්වයෙන් රැස් කරගත් මුදලින් ඒ පොඩිත්තන් වෙනුවෙන් රැගෙන ගිය තෑගිබෝගද සමගය.

මේ එහි පොඩිත්තන් සමග අප ගත කල කෙටිකාලයේ සොඳරු මතක සටහන් කිහිපයකි.















මේ පුංචි ඇස් එදා නම් සතුටින් පිරිල තිබුනා. මුවඟ රැඳි සිනහව අපේ පුංචි ප්‍රයත්නය සාක්ෂාත් වුන බව හැඟෙව්වා. ඒත් මේ පොඩි එවුන්ට මොනව තේරෙනවටද. අපි මේ වයසෙදි අම්මගෙන් තාත්තගෙන් ලබපු ආදරයෙන් බිඳක්වත් මේ පුංචි අයට ලැබෙනවද....

ප.ලි. අපේ කණ්ඩායමේ පුංචිම පුංචි ප්‍රයත්නයක් මේ ආකාරයෙන් නිමාව දුටුවා. ඒ ගැන අපි ඉතසිතින් සතුටු වෙමු. නිතරම පිහිටක් අවැසි අයකු වෙනුවෙන් උදව් කිරීම සිතට මහත් වු සැනසිල්ලක් ගෙන දෙන්නේම විය.... ඉතින් මේ සඳහා දායක වූ අක්ෂර කණ්ඩායමටත් පිටින් සහබාගීවූ සැමටත් නන් අයුරින් උපකාර කල සැමටත් ඉත සිතින් පිං ප්‍රාර්තනා කරමු.

අක්ෂරය වෙනුවෙන්
පොඩි මහත්තයා.