අක්ෂරය අපේ මෙහෙවර

Friday, January 13, 2012

අක්ෂරය බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අවකාශයට එක්වී වසරක් ගතවිය. ඒ නිමිත්තෙන් සමාජ මෙහෙවරක් උදෙසා උර දීමට අප කණ්ඩායම කලක පටන් සැලසුම් සකසන්නට විය. එනයින් පසුගිය ජනවාරි 8 වන ඉරුදින අප කණ්ඩායම එක්වූයේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ විජයරාම මංසන්ධිය අසල වූ ජයන්ති ළමා නිවාසයේ පොඩිත්තන් වෙනුවෙන් කාලය ගත කිරීමටය. හිස් අතින්ම නොවේ, අපේ කණ්ඩායමේ දායකත්වයෙන් රැස් කරගත් මුදලින් ඒ පොඩිත්තන් වෙනුවෙන් රැගෙන ගිය තෑගිබෝගද සමගය.

මේ එහි පොඩිත්තන් සමග අප ගත කල කෙටිකාලයේ සොඳරු මතක සටහන් කිහිපයකි.















මේ පුංචි ඇස් එදා නම් සතුටින් පිරිල තිබුනා. මුවඟ රැඳි සිනහව අපේ පුංචි ප්‍රයත්නය සාක්ෂාත් වුන බව හැඟෙව්වා. ඒත් මේ පොඩි එවුන්ට මොනව තේරෙනවටද. අපි මේ වයසෙදි අම්මගෙන් තාත්තගෙන් ලබපු ආදරයෙන් බිඳක්වත් මේ පුංචි අයට ලැබෙනවද....

ප.ලි. අපේ කණ්ඩායමේ පුංචිම පුංචි ප්‍රයත්නයක් මේ ආකාරයෙන් නිමාව දුටුවා. ඒ ගැන අපි ඉතසිතින් සතුටු වෙමු. නිතරම පිහිටක් අවැසි අයකු වෙනුවෙන් උදව් කිරීම සිතට මහත් වු සැනසිල්ලක් ගෙන දෙන්නේම විය.... ඉතින් මේ සඳහා දායක වූ අක්ෂර කණ්ඩායමටත් පිටින් සහබාගීවූ සැමටත් නන් අයුරින් උපකාර කල සැමටත් ඉත සිතින් පිං ප්‍රාර්තනා කරමු.

අක්ෂරය වෙනුවෙන්
පොඩි මහත්තයා.

21 ප්‍රතිචාර:

  • says:
    January 13, 2012 at 8:54 AM

    මචන්ලා කැමති නම් ආයි මෙහෙම දෙයක් කරනකොට අනික් බ්ලොග්කාරයන්වත් දැනුවත් කරන්න. අපිත් පුළු පුළුවන් විදිහට පොඩියට හරි දායකත්වයක් දෙන්න කැමතියි

  • නුවන් says:
    January 13, 2012 at 8:57 AM

    අදයි එකතු උණේ අක්ෂරයට!
    මෙහෙම පුණ්‍ය කර්මයක් කරන්න තියෙනවනම් කොච්චර දෙයක්ද!

  • Unknown says:
    January 13, 2012 at 8:58 AM

    නියමම වැඩක්...... ඔහොම යන්...

  • Sumith Niriella says:
    January 13, 2012 at 9:36 AM

    ඉතාම හොඳ වැඩක්.. ‍‍මේවා තමයි කෙරෙන්න ඕන...

  • ශානි says:
    January 13, 2012 at 9:51 AM

    හ්ම්ම්ම් ඇත්තටම දුකයි නේද පොඩියෝ මේ ළමයින්ව දැක්කාම :'(

  • කපීකේකි says:
    January 13, 2012 at 9:52 AM

    එක බබෙක් ඔයාලත් එක්ක ගිය කෙනෙකුට අම්මා අම්මා කියල පස්සෙන් ආවලු නේද වඩාගන්න කියල.එයා එන්න හදද්දි අර බබා ඇඩුවලු.පස්සෙ ඔයාලගෙ යාලුවත් ඇඩුවලු.පව් නේද එයාලට ආදරේ කරන්න කෙනෙක් නෑනේ :(.

  • Bunny says:
    January 13, 2012 at 10:00 AM

    මිස් ඉට් :(

  • බට්ටි says:
    January 13, 2012 at 10:42 AM

    නියම වැඩක්. ඔයාලට ගොඩක් පිං මෙහෙම දෙයක් කලාට.

  • දුකා says:
    January 13, 2012 at 11:18 AM

    මේක දැක්කාම හරිම සතුටුයි . . ආපහු මේ වගේ දෙයක් කරන කොට හැමෝම දැනුවත් කරන්න . . එතකොට කැමති අය ඉන්නවනම් ඒ අයටත් සහභාගී වෙලා සතුටක් ලබන්න පුලුවන්නේ .. . .

  • Unknown says:
    January 13, 2012 at 2:11 PM

    පොඩි උන්ගේ හිනාව දැක්කම උඹල ගැන ආඩම්බර හිතුනා,,,,,කාගෙහරි හිතට සතුටක් දෙන්න පුලුවන්නම් ඒක තමයි අපේ අ ජීවිතෙන් අනිත් අයට දෙන්න පුළුවන් හොදම,වටිනාම දේ,,,,,,ඉදිරියටම යන්න....මුළු හදවතින්ම සුභ පතනවා යාලුවනේ.......(Y)

  • Asabga Deepal says:
    January 13, 2012 at 8:14 PM

    (Y)

  • සංකල්ප says:
    January 14, 2012 at 9:06 AM

    මමත් උදවු කරන්න ඇහුවා. කොහෙද ඉතින් පුංචි අපට නෑ නේ ඉඩක් !

    @කපි කේකි :
    මට හිතාගන්න පුලුවන් මෙහෙම උනේ කාටද කියලා. හික්ස් :)
    කෝ මේ නදී අක්කා.

  • කතන්දර Kathandara says:
    January 14, 2012 at 3:28 PM

    හොඳ වැඩක්

  • චතුවා says:
    January 15, 2012 at 12:50 AM

    මමත් හරිම සතුටින් ගත කරපු දවසක් ඒක. ළමා නිවාසේ හිටපු වෙලාව වගේම එදා හවස අක්ෂරයේ අයත් එක්ක ගත කරපු වෙලාව. ;-)

    @මධුරංග අයියා.. ඔයා හිතනවයි කියලා ඔය කියන කෙනාම නම් ඔයා හිතනවා ඇති කියලා මට හිතිලා තියෙන්නේ, ඔයා වැරදී.. :D

    නදී අක්කා එදා අපි එක්ක යන්න ආවානම් අනිවා ඕක වෙන්නේ එයාට.. ;-)

  • නදුන් උයන says:
    January 15, 2012 at 10:51 AM

    ඉතා අගනා වැඩක්...

  • නදී says:
    January 15, 2012 at 3:02 PM

    නියමයි!

  • වර්ණා says:
    January 17, 2012 at 12:24 AM

    දන්නවා නම් මමත් සහභාගී වෙනවා. හොද වැඩක්

  • මනු says:
    January 17, 2012 at 7:38 PM

    වැඩේ නම් නියමයි..ඕක දිගටම කරගෙන යන්න සුභ පතනවා.....
    ඒක නෙවේ කෝ අර තාත්තයි, අම්මයි, බබයි ෆොටෝ එක?..

  • සුනෙත් says:
    January 21, 2012 at 8:04 PM

    ඇත්තටම වටිනා පිංකමක්.......
    මේ වගේ උතුම් පිංකම් ඉදිරියටත් කරන්න ඔබලාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා
    හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා..........

  • Unknown says:
    March 2, 2012 at 11:08 PM

    මේ අපේ අවසාන හමුව... යලි අපි එකතු වේවි. නමුත් අක්ෂරය කරන අපි විදියට නෙමෙයි....
    වසරක් පුරා අපි රැඳුනා. බොහෝ දේවල් කලා... හැමදේටම වගේ අක්ෂරයට තිත තියන්න කාලෙ ඇවිත්

  • jhothishalanka says:
    July 3, 2012 at 11:48 AM

    මේක නම් හරිම හොද වැඩක් මේවා තමයි වැඩියෙන් කරන්න ඕන.

Post a Comment