බුද්ධිමතා යනු කවරෙක්ද? මෙහෙම ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඔබ මොනවගේ උත්තරයක් දේවිද?. ඔබට අදාලව බුද්ධිමතා නිර්වචනය කරණවාට කිසි සැකයක් නැහැ. බොහෝ විට එහි ප්‍රථිපලයක් වශයෙන් ඔබද බුද්ධිමතුන් ගේ කුලකයට අයත්වනු ඇත. නමුත් ඔබේ නිර්වචනයට අනුව බුද්ධිමතා නිර්වචනය කල හැකිද? ප්‍රශ්නයක් නේද. ඒ ගැන අපි විවෘතව කතිකා කලෙමු. මහාචාර්ය නලින්ද සිල්වා සමග ගත කල ඒ හරවත් සාකච්ඡාව අනුසාරයෙන් මා විසින් මෙම ලිපිය පල කරමි.
සමාජීය අර්ථදැක්වීමට අනුව මහා බුද්ධිමතකු වූ, සහතික පිට සහතික ලද, උපාධියෙන් ඔබ්බට පස්චාත් උපාධිය, ආචාර්ය උපාධියද ලබාගත් පුද්ගලයකු ගැන සිතන්න. මොහුව නවීන තාක්ෂණයේ කිසිදු උපකාරයක් නොමැතිව හිස් අතින් මහා වන මැදක දමා ආවොත් ඔහු කොපමණ කලක් ජීවත්වනු ඇතිද? කැලේම ජීවත් වූ අයකුටනම් එය ඉතාමත් පහසු කාර්යක් වනු නොඅනුමානය. එනම් වන ගතව වෙසෙන්නට අවශ්‍ය දැනුම වනයේ වෙසීමෙන්ම ලබාගත යුතුවේ. නැතිනම් වනයේ වාසය කර දැනුම ලබාගත්තකුගෙන් ලබාගත යුතුය. නමුත් වනචාරී මිනිසකුට ඒ දැනුමට සහතික පිටපත් දෙනුයේ කවරකුද?
අපි කැලේම ජීවත් වන්නකු දෙසට හැරෙමු. ඔහුගෙන් ඇසුවොත් ඔහුට අනුව බුද්ධිමතකු වන්නෙ කවරකුද කියා ඔහුගෙ පිලිතුර වනුයේ, වනයේදී මග සොයාගත හැකි, සතකු මරා ගත හැකි, ආහාරයට සුදුසු ඵල වැල සොයාගත හැකි, තම නැණ පමණින් වන සතුන්ගෙන් බේරී ජීවත් විය හැකි තැනැත්තා බුද්ධිමතකු වන වගයි.
මෙහිදි දෙයාකාරයකට බුද්ධිමතා යන්න නිර්වචණය වී ඇත. මෙවැනි විවිධාකාරයෙන් බුද්ධිමතා යන්න නිර්වචනය විය හැකිය.
වර්ථමාන සමාජය දෙස බැලූ කල බුද්ධිමතකු වන්නෙ උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගෙන, පස්ඡාත් උපාධියක් හා හැකිනම් ආචාර්ය උපාධියද ලබාගත්තකු මහා දැවැන්ත බුද්ධිමතකු වන වගයි. එවිට කිසිදු සහතිකයකට හිමිකම් නොකියන නමුත්, තම ක්ෂේත්‍රෙය් ප්‍රවීනතාව ලත් ගොවියකු, නැතිනම් වැද්දකු බුද්ධිමතකු නොවන්නේද? වර්ථමාන සමාජ සංස්කෘතියට අනුව නම් එය එසේය. බුද්ධිමතකු වීම යනු විභාග කෙසේ හො සමත්ව ලබා ගන්නා කඩදාසියක (එයට සහතිකය යයි පවසයි) තබන ලද නිල මුද්‍රාවකින් සනාත කොට ඇති ප්‍රථිපල පත්‍රයකි. නමුත් එම ප්‍රථිපල පත්‍රය අතට ගන්නා විට උපාධි ධාරියකු හෝ එවැනි බුද්ධිමතකු සතුව ඇති දැනුම කවරක්ද? ඒ නම් පාසලකින් / විශ්ව විද්‍යාලයකින් උගන්නවන ලද කරුණු දැන සිටීම පමණකි. බොහෝවිට එම දැනුමද සහතික පත්‍රෙයන් එහාට ඔහු සතු නොවේ.
මෙහි ලා උත්සාහා දරනුයෙ විශ්ව විද්‍යාල සිසුවා බුද්ධිමතකු නොවන්නේ යයි පැවසීමට නොවේ. විශ්ව විද්‍යාල උපාධි ධාරින්ද බුද්ධිමත් පිරිසකි. ඔවුන් බුද්ධිමත් වන්නෙ තම තමන්ගෙ හැකියාවන් පිළිබඳවය. වැදගත් කරුණ නම් සහතිකයක් ලද පමණින් ඔලුව උදුම්මවා නොගෙන සමාජය දෙස නෙත් යොමා බැලීමයි.
බුද්ධිමතකු යනු හරි හමන් නිර්වචනයක් දිය හැකි යමක් නොවේ. බුද්ධිමත් භාවය සහතික පතකට දිය නොහැකිය. නමුත් බද්ධිමතුන් සමාජයේ විවිධ ස්තර වල සිටී. ඒ අනුව බුද්ධිමතා යනු තම තමන්ගේ ක්ෂේත්‍රය තුල මනා ප්‍රවීනත්වයක් ලද අයකු බව මහාචාර්ය්තුමා පෙන්වා දෙයි.