Monday, June 25, 2012

නුඹ සතුටින් නම්

26 ප්‍රතිචාර | Read more...


එක ප්‍රමාදෙන් නුඹ  මට රිද්දන තරම්..
ඇයි ඔය හැටි නුඹේන් මට අහංකාර කම්..
කිසි හිතක් පපුවක් නැති නුඹ  ලග මෙතරම්..
ආදරය කියා රැවටෙමි කිසි දුකක් නැති තරම්..

එදා ආ ගිය මාවත් කියන වදන අහන් ඉදින්..
නුඹ ලග මා දමා ආ එ හිත මටම ගරහමින්..
ඇයි හිතන්නේ නුඹෙන්  දුරස් කරන්නට හිතින්..
අනේ ආදරය කරන් නුඹෙන් මා අයදිමි හදින්..

හති වැටෙමින් මේ රැ මා හඩන සෝ  සුසුම්..
නුඹට ඇහෙන් නැති බව මම දනිමි මේ හැඩුම්..
ගව් ගණනක් නුඹ දුර ගොස් මම දනිම් මේ සිතුම්..
හිත හැඩුවත් කම් නැ ඉතින්  නුඹ සතුටින් නම්..



Thursday, June 21, 2012

මතකය........

4 ප්‍රතිචාර | Read more...
 
 
වැව් බැම්මට උඩින් ඉදන් හුලං පොදක් විද ගන්නට
ආල කතා කොදුර කොදුර ඔයත් එක්ක ගුලි වෙන්නට
නුග ගස් යට වාඩි වෙලා නුඹෙ තනුවට ගී හදන්ට
පෙරුම් පිරුව පුංචි හිතට සිද්ද උනේ දුක් විදින්ට

ඈත අහසේ පියඹන්නට මාත් එක්ක පෙරුම් පිරුව
වලාකුලක සැගවෙන්නට ආසාවෙන් බලන් උන්න
පාලු රැයක එලි වෙනකල් කන් පිරෙන්න කතා කෙරුව
පුංචි හිතට දුකක් දුන්නේ කොහොමද ඔබ මට කියන්න

දෑ අවුරුදු ප්‍රේමය හිත විදව විදව රිද්දනකොට
අපේ පුංචි මතක අස්සේ හීනෙන් මම තනි වෙනකොට
ඔයා කියපු බොලද වදන් දෙසවන් මගේ පුරවනකොට
ඇස් පියාන නිදා ගන්නේ කොහොමද මම සදහටම

Sunday, April 22, 2012

ඇයි නොදනි..

12 ප්‍රතිචාර | Read more...

තරුවක් වුවත් ආකසේ දිලෙන්නට..
මලක් වුවත් අතු අතරේ රැදෙන්නට..
කවියක් වෙලා තනුවක් හොයන්නට..
කිසිවෙක් රිසි නැ හිමි වු දේ විදින්නට..

නිල් අහසේ තනිකම විදින්නට..
අතු අතරේ තනිකම හුරුකමට..
තනු අතරේ පද අතරේ රැදෙන්නට..
හිමි වුනත් අහිමිකම දැනෙයි මා හටම..

තනිකම සිතේ වද දෙනවා ඇයි නොදනි..
දහසක් ලඟ හිටියත් ඔබ නැති අඩුව දැනී..
පද අතරේ ඔබේ හුරු පහසේ සුවද දැනි..
නෙතු අතරේ සිර වු කදුලක් බිමට පනි..

Saturday, April 21, 2012

බලාපොරොත්තුව

3 ප්‍රතිචාර | Read more...





සැප  දුක් විමසන්න
නෙත් අයා බලා සිටියේ
දකින තුරු නුඹේ රුව
අද්දරින් පිය මනින තෙක්,,,,


දිනක් නිමාවුනේ
සුසුමින් පොදි බැඳගෙන
ඒ හැම සුසුමකම රැඳුනේ
ආදරණීය ඔබේ මතකය,,,,,


දිනකට අවැසි නම්
මගේ හුස්ම පොද
මවෙතින් ගිලිහෙනතුරු
පණ සේම
ආදරෙයි මා,,,,,,,

Sunday, January 29, 2012

ගුරුත්වා කර්ශණයට හසුවූ උල්කාවක්

1 ප්‍රතිචාර | Read more...



බ්‍රහස්පති අසලින් ගිය
උල්කාවක් වූ මා
එහි බලපෑමට හසුවී
එදෙසටම ඇදීගිය යුරු
කෙසේ නම් පවසම්ද???

ප. සු. -
බ්‍රහස්පතිගේ ගුරුත්වා කර්ශණය ආසන්න වශයෙන් පෘතුවියේ ගුරුත්වා කර්ශණය මෙන් 2.5 ස් ගුණයකි

Friday, January 13, 2012

අක්ෂරය අපේ මෙහෙවර

21 ප්‍රතිචාර | Read more...
අක්ෂරය බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් අවකාශයට එක්වී වසරක් ගතවිය. ඒ නිමිත්තෙන් සමාජ මෙහෙවරක් උදෙසා උර දීමට අප කණ්ඩායම කලක පටන් සැලසුම් සකසන්නට විය. එනයින් පසුගිය ජනවාරි 8 වන ඉරුදින අප කණ්ඩායම එක්වූයේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ විජයරාම මංසන්ධිය අසල වූ ජයන්ති ළමා නිවාසයේ පොඩිත්තන් වෙනුවෙන් කාලය ගත කිරීමටය. හිස් අතින්ම නොවේ, අපේ කණ්ඩායමේ දායකත්වයෙන් රැස් කරගත් මුදලින් ඒ පොඩිත්තන් වෙනුවෙන් රැගෙන ගිය තෑගිබෝගද සමගය.

මේ එහි පොඩිත්තන් සමග අප ගත කල කෙටිකාලයේ සොඳරු මතක සටහන් කිහිපයකි.















මේ පුංචි ඇස් එදා නම් සතුටින් පිරිල තිබුනා. මුවඟ රැඳි සිනහව අපේ පුංචි ප්‍රයත්නය සාක්ෂාත් වුන බව හැඟෙව්වා. ඒත් මේ පොඩි එවුන්ට මොනව තේරෙනවටද. අපි මේ වයසෙදි අම්මගෙන් තාත්තගෙන් ලබපු ආදරයෙන් බිඳක්වත් මේ පුංචි අයට ලැබෙනවද....

ප.ලි. අපේ කණ්ඩායමේ පුංචිම පුංචි ප්‍රයත්නයක් මේ ආකාරයෙන් නිමාව දුටුවා. ඒ ගැන අපි ඉතසිතින් සතුටු වෙමු. නිතරම පිහිටක් අවැසි අයකු වෙනුවෙන් උදව් කිරීම සිතට මහත් වු සැනසිල්ලක් ගෙන දෙන්නේම විය.... ඉතින් මේ සඳහා දායක වූ අක්ෂර කණ්ඩායමටත් පිටින් සහබාගීවූ සැමටත් නන් අයුරින් උපකාර කල සැමටත් ඉත සිතින් පිං ප්‍රාර්තනා කරමු.

අක්ෂරය වෙනුවෙන්
පොඩි මහත්තයා.

Wednesday, January 11, 2012

අනේ සමාව දෙන්නකො.

6 ප්‍රතිචාර | Read more...




බොඳව ගිය දෑස් මායිම,
ඉකි ගසන හද ගැස්ම අභියස
සිදුවූ වරද සිත සිත
නොදිය යුතු සමාවක් 
පසුතැවි තැවී ඉල්ලන
මේ අසරණ පෙම්වතාට සමාව දෙන්නකෝ
මගේ රත්තරං....