Monday, July 16, 2012

ජිවිතේ සුවද මත

14 ප්‍රතිචාර | Read more...

දෙතොල් පුරා තවරන්නම් ආදරේ සෙනෙහසින්...
සිතක් පුරා ආදරේ පවසන්නම් මා  මේ ලෙසින්..
පද පුරා තාල යොදා ගිතයක් වි හිදින්නම් මා ඉතින්..
නෙත් පුරා ඔබේ රුව දැකගන්නම් දෙව් රුවක් මවමින්..

දුරින් හිද ආදරේ කරා මම බොහො කල් වැයමෙන්..
ලගින් හිද ආදරේන් ඉන්නට සිහින දුටුවා පාලුවෙන්..
සිහින බොදවි සැබැවක් වි එය මල් බර වි කාලයෙන්..
අපි අපේ වුවා සෙනෙහසින් තරු කතාවක් වි සැබැවෙන්..

නෙතේ කඳුලැල් පිසදමන්නට මගේ නෙතු ලග තනියට..
නුඹව මට දැනෙනවා මගේ සුසුමක් වි මගේ වත අද්දර..
කාලයේ සිහිනයන් සැබැවක් වි නුඹේ උණුසුම් පපුතුර ලග..
මෙලෙස ම හිනැහෙන්නම් හෙට දිනත් එ ජිවිතේ සුවද මත..

Sunday, July 1, 2012

හිනාවෙන් මැණික......(by රත්ගමයා)

10 ප්‍රතිචාර | Read more...

ලා රෝස රොබ රෝසි මල් වැටුන ගුරු පාරේ
පටලවා අප දෑත් පිය නැගූ හැටි සිහිවේ
හැරදමා මගේ දැත ඔහු තුරුලේ හිටි තාලේ
මතකයෙන් විසිකරන හැටි කියා දෙනු මැණිකේ


පැය ගනන් වරු ගනන් ඔබ හින්දා ගෙව ගෙවා
පොද වැස්සේ සීතලට තෙමි තෙමී සිටි එදා
ඒ වගෙම වහිනවා අහස් කුස දෙදරවා
තෙමෙන්නට කවුරුවත් නෑ සිටියේ ඔබ නිසා


කදුලු නෑ අඩන්නට ඇසුත් බොද වී ගියා
වෙර දරමි හිනැහෙන්න දෙනෙත් පිස දම දමා
ආදරේ දුක දන්න පුංචි හිත හඩවලා
හිනැහෙමින් මගේ මැණික ඔහු තුරුලේ සැනසුනා

Monday, June 25, 2012

නුඹ සතුටින් නම්

26 ප්‍රතිචාර | Read more...


එක ප්‍රමාදෙන් නුඹ  මට රිද්දන තරම්..
ඇයි ඔය හැටි නුඹේන් මට අහංකාර කම්..
කිසි හිතක් පපුවක් නැති නුඹ  ලග මෙතරම්..
ආදරය කියා රැවටෙමි කිසි දුකක් නැති තරම්..

එදා ආ ගිය මාවත් කියන වදන අහන් ඉදින්..
නුඹ ලග මා දමා ආ එ හිත මටම ගරහමින්..
ඇයි හිතන්නේ නුඹෙන්  දුරස් කරන්නට හිතින්..
අනේ ආදරය කරන් නුඹෙන් මා අයදිමි හදින්..

හති වැටෙමින් මේ රැ මා හඩන සෝ  සුසුම්..
නුඹට ඇහෙන් නැති බව මම දනිමි මේ හැඩුම්..
ගව් ගණනක් නුඹ දුර ගොස් මම දනිම් මේ සිතුම්..
හිත හැඩුවත් කම් නැ ඉතින්  නුඹ සතුටින් නම්..



Thursday, June 21, 2012

මතකය........

4 ප්‍රතිචාර | Read more...
 
 
වැව් බැම්මට උඩින් ඉදන් හුලං පොදක් විද ගන්නට
ආල කතා කොදුර කොදුර ඔයත් එක්ක ගුලි වෙන්නට
නුග ගස් යට වාඩි වෙලා නුඹෙ තනුවට ගී හදන්ට
පෙරුම් පිරුව පුංචි හිතට සිද්ද උනේ දුක් විදින්ට

ඈත අහසේ පියඹන්නට මාත් එක්ක පෙරුම් පිරුව
වලාකුලක සැගවෙන්නට ආසාවෙන් බලන් උන්න
පාලු රැයක එලි වෙනකල් කන් පිරෙන්න කතා කෙරුව
පුංචි හිතට දුකක් දුන්නේ කොහොමද ඔබ මට කියන්න

දෑ අවුරුදු ප්‍රේමය හිත විදව විදව රිද්දනකොට
අපේ පුංචි මතක අස්සේ හීනෙන් මම තනි වෙනකොට
ඔයා කියපු බොලද වදන් දෙසවන් මගේ පුරවනකොට
ඇස් පියාන නිදා ගන්නේ කොහොමද මම සදහටම

Sunday, April 22, 2012

ඇයි නොදනි..

12 ප්‍රතිචාර | Read more...

තරුවක් වුවත් ආකසේ දිලෙන්නට..
මලක් වුවත් අතු අතරේ රැදෙන්නට..
කවියක් වෙලා තනුවක් හොයන්නට..
කිසිවෙක් රිසි නැ හිමි වු දේ විදින්නට..

නිල් අහසේ තනිකම විදින්නට..
අතු අතරේ තනිකම හුරුකමට..
තනු අතරේ පද අතරේ රැදෙන්නට..
හිමි වුනත් අහිමිකම දැනෙයි මා හටම..

තනිකම සිතේ වද දෙනවා ඇයි නොදනි..
දහසක් ලඟ හිටියත් ඔබ නැති අඩුව දැනී..
පද අතරේ ඔබේ හුරු පහසේ සුවද දැනි..
නෙතු අතරේ සිර වු කදුලක් බිමට පනි..

Saturday, April 21, 2012

බලාපොරොත්තුව

3 ප්‍රතිචාර | Read more...





සැප  දුක් විමසන්න
නෙත් අයා බලා සිටියේ
දකින තුරු නුඹේ රුව
අද්දරින් පිය මනින තෙක්,,,,


දිනක් නිමාවුනේ
සුසුමින් පොදි බැඳගෙන
ඒ හැම සුසුමකම රැඳුනේ
ආදරණීය ඔබේ මතකය,,,,,


දිනකට අවැසි නම්
මගේ හුස්ම පොද
මවෙතින් ගිලිහෙනතුරු
පණ සේම
ආදරෙයි මා,,,,,,,

Sunday, January 29, 2012

ගුරුත්වා කර්ශණයට හසුවූ උල්කාවක්

1 ප්‍රතිචාර | Read more...



බ්‍රහස්පති අසලින් ගිය
උල්කාවක් වූ මා
එහි බලපෑමට හසුවී
එදෙසටම ඇදීගිය යුරු
කෙසේ නම් පවසම්ද???

ප. සු. -
බ්‍රහස්පතිගේ ගුරුත්වා කර්ශණය ආසන්න වශයෙන් පෘතුවියේ ගුරුත්වා කර්ශණය මෙන් 2.5 ස් ගුණයකි