Home » Archives for October 2011
Thursday, October 27, 2011
Sunday, October 23, 2011
ඒ හිත් මොනතරම් දේ මුමුණනවා ඇත්ද..?
දෛවයේ පුංචි පුංචි සරදම් වලට අඬලා දොඩලා ජීවිතේ නැති කරගන්න යන අපේ සමහර කෙනෙක්ට මේ දෙය දැනෙයි නම් මේ ලෝකෙ ගොඩක් සුන්දර වේවි.ජීවිතේ කොයි තරම් කළුවර වුණත් ඇය හීන මවනවා දෑසින් නොදකින ලෝකය හිතෙන් දකින්න.යාය පුරා පිපෙන මල්,පොද වැහි ඒ හිත් මොන විදියට දකිනවා ඇත්ද?සුසුම්ලන ඒ හිත තව මොන තරම් දේ මුමුණනවා ඇත්ද?ගීතයෙන් කියන්න පුළුවන් ලස්සනම දේ ඇරුණම තව කී දාහක් දේ ඒ ලස්සන හිතේ හිරවෙලා ඇතිද?අපි දහසක් දෙනා දකිනවටත් වඩා පිරුණූ හැගීමෙන් ඇය ඇගේ හිත අහන්න කියනවා ලෝකයෙ ඇය දකින්න ආසම දේ ගැන හීන මවමින්..කණ්නාඩියක් ඉස්සරහට වෙලා ඇය ඇයවම සිහියට නගා ගන්න උත්සාහ කරනවා ඇති.ජීවිතයෙ කිසිම පැහැයක් නොදුටුව ඇය කළු සුදු ලෝකයකට කොටුවුන ඇයගෙ තනිකම,එලෙසටම තනිවෙන්නට ඉඩ නොදී හිතේ ඇදිලා තිබෙන දේ මෙහෙම කියනව ඇත්තෙ ඒකයි.. :) :)
මෙතනින් අහන්න ඇයව....
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුනනවා....
යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අඟින් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා
අහන් ඉන්න ....
සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එලියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මටමයි
අහන් ඉන්න...
මේ ගීතය ඇහුවම ටික කාලෙකට උඩදි වුණ සිදුවීමක් මතක් වුනා.කොළඹ මම කරපු පාඨමාලාවකට ගමේ ඉදන් යන්න බැරි නිසා මට ටික කාලයක් බෝඩිමක ඉන්න වුනා.ඒ බෝඩිමේ මේ ගීතය කියන මේඛලා අක්කා වගේම අක්කලා 4,5 දෙනෙක් ඉදියා.එයාල ජීවිතේ දුක කියන දේ දන්නවද කියලත් වෙලාවකට මට හිතුනා.ඔවුන් හැමදෙනාම වගේ උසස් අධ්‍යාපනය ලබලා උපාධියත් හමාර කරලා හොද රැකියා කරනවා.දෙන්නෙක්ට පෙම්වතුනුත් ඉදියා ;) එයාලත් හොද රැකියා කරන අය.හවසට එයාල වැඩ ඇරිලා එනකොට මුළු බෝඩිමම දන්නව එයාල එන බව ඒ තරම් හිනා හඬ :D :D හිතේ මොන තරම් දේ තිබුනත් ඔවුන් නිතරම හිනා වෙලා හිටියා.බෝඩිමේ ගෙවුන කාලෙදි හැමදාම ඔවුන් දකින්න මම ආස කලා මොකද ඇස් පේන කෙනෙක් වත් මූණ බලලා හිනා නොවෙන මේ කාලේ ඒ සහෝදරියෝ දකින හැම වෙලාවෙම මම ඉන්න දිහාවට හැරිලා ලස්සන හිනාවකින් සංග්‍රහ කරලා.පුළුවන් වෙලාවට කතා කලා.. :)
දවසක් ඔවුන්ගේ ජීවිත හිතෙන් අදුරු නැතිබව දැනෙන දෙයක් සිද්ද වුනා.එදා රෑ කරන්ට් එක ගියා එක පාරටම.ඉතින් හැමෝම ඉටිපන්දම් එහෙම පත්තු කරන්න ගත්තා ඒ අතරෙ මගේ කාමරේ ඉදපු යාළුවෙක් දුවල ගිහින් අර අක්කලගෙන් අහල ලයිට් නෑ ඔයාලට තියෙනවද කියලා.එකම බෝඩිමේ වුණාට අපි ඉදියෙ එකම වත්තෙ ගෙවල් දෙකක.ඒක අහලා ආවට පස්සෙ එයාට මතක් වෙලා ලයිට් නැතිවුනත් එයාලට ප්‍රශ්නයක් නෑ නේද කියලා.ලේසියෙන් කිසිදේකට දුක් නොවෙන මගේ යාළුව එදා ගොඩක් දුක් වුනා.පස්සෙ කියලා කියලා හිත හදලා ඒ අක්කලා ඉන්න කාමරේට අපි දෙන්නම ආයෙත් ගියා.ඒ යන කොට මෙන්න මෙයාල ඉටිපන්දමකුත් පත්තු කරන් හිකි හිකි ගගා හෙන කතාවක්.අපි ආපු බව දැනගෙන එක්කෙනෙක් හිනා වෙවී මගේ යාළුවට කියනව “නංගී,ලයිට් නම් නෑ,වැඩිපුර ඉටිපන්දම් නම් තියෙනව‘‘ ලු..හොද වෙලාවට අපි දෙන්නගෙ මූණු දෙක ඒ වෙලාවෙ ඒ අක්කලට බලා ගන්න බැරි වුනා..වෙනද එහෙම දෙයක් කියලා නෝන්ඩි වෙන එක ඉවසන්න බැරිව හොදවයින් 2,3ක් කියන මගේ යාළුවගෙ ඇස් දෙකේ මම එදා දැක්කෙ මහා අසරණකමක්.. :(
එක අඩුපාඩුවක් ඇරුනම ඔවුන් ඉන්නෙ අපට වඩා අඩි කීයක් ඉදිරියෙන්ද?නේද යාළුවනේ..? :) :)
මේඛලා අක්කා ගැන කතාව මෙතන තියෙනවා ඒකත් බලන්න..
Tuesday, October 18, 2011
තාත්තගෙ පුතා අයේෂ්!!!!!!
හලෝ ලමයි. මම අද කියන්න යන්නෙ මට අකරතැබ්බයක් වෙන්න ගිහිං ඔන්න මෙන්න තියෙද්දි බේරුන සීන් කෝන් එකක්. මේක මට අද මතක් වුනේ අදත් ඒ වගේ දවසක් නිසා.
චූටි කතාවක් ;) .මතක් වෙනකොට තාමත් හිනා යනවා. ඕගොල්ලන්ට හිනා යයිද දන්නෙ නෑ. ඒකෙ වීඩියෝ එක තිබුනනම් බඩ අල්ලං හිනා වෙතෑකි. මෙන්න මේකයි කතාව.මේක වුනේ ජූලි 24 පාන්දර 12ට.සාමාන්‍යනෙන් අපේ ගෙදර කාගෙ හරි උපන් දිනයක් තියෙනවනම් පාන්දර 12ට තමයි විෂ් කරන්නෙ. ඔන්න එදා මගෙ අම්මාගෙ හැපි උපන් දිනේ. මම ඉතිං වෙනදා විදියට ඇදෙන් නැගිටලා අම්මලාගෙ කාබරේට ගිහිං අම්මාව නැගිට්ටවන්න කියලා අතින් පොඩ්ඩක් හෙල්ලුවා.මෙන්න අම්මා එකපාරටම කෑගහන්න පටන් ගත්තා නොවැ ඒයි හොරෙක් හොරෙක් කියලා.කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. තාත්තා එක පාරටම කලුවරේම ඇද යට තියෙන දඩාර් පොල්ල ගත්තා නොවැ ගහන්න. මම ඒ වෙලාවෙ හොල්මං වුනා. මම ඒ වෙලාවෙ කියපුවටයි කියපු විදියටයි තමා හිනා යන්නෙ.මෙන්න මේකයි මම කිව්වෙ,
මම හොරෙක් නෙමෙයි, හොරෙක් නෙමෙයි
මේ මම,
තාත්තගෙ පුතා අ.....යේෂ්, අයේ.....ෂ්
ගහන්න එ...පා, ගහන්න එ....පා
මම මේ අම්...මට බර්ත් ඩේ කතා කරන්න ආ....වා..
මම හොරෙක් නෙමෙයි
මගෙ අම්මේ මම ඔහොම හරි කිව්වයිං බේරුනා. නැත්තං මට බර්ත් ඩේ නෙමෙයි කනා කරන්න වෙන්නෙ. පේදුරුත් එක්ක ඇග්රිමන්ට් එකක් ගහ ගන්න වෙන්නෙ ස්වර්ගෙ ඇතුලට යන්න..
එදායින් පස්සෙ හැම පාරම බර්ත් ඩේ කතා කරන්න යනකොට දොර ගාවට ගිහිං තාත්තෙ මම අම්මට බර්ත් ඩේ කතා කරන්න ආවයි කියලා තමයි යන්නෙ. එහෙම එනකොට අම්මා කියන්නෙ ආ තාත්තගෙ පුතා අයේෂ් ආවද මට බර්ත් ඩේ කතා කරන්න. ඕ සාරීීීීීීී............
Monday, October 17, 2011
ටයි මාමත් අපි හැරදා ගිය වගයි!!!
මීට පෙර මා විසින්ම පලකරන්නට යෙදුනේද මරණදැන්වීමක් ගැන පුවතකි. මෙවරද එය එසේමය. මෙය ශෝකානුකූල කාල පරිච්ඡේදයක්දැයි විටෙක සිතට දැනේ. අද්විතීය කෘතහස්ත පුද්ගලයින් කිහිප දෙනෙකුම කෙටිකාලයක් තුල අපෙන් සමුගෙන හමාරය.
ඉහත ඡායාරූපය අපට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. කුඩාකල අපි ආසාවෙන් බැලූ කාටූන් වල මෙන්ම රොබින් හුඩ් වැනි සුරු විරු කතාන්තර වල අවසානයේ රූප පෙට්ටියේ දිස්වන රුව එයයි. එකල පටන් අප ඔහු හැදින ගන්නෙ ටයි මාමා නැතිනම් ටයිටස් තොටවත්තයන් ලෙසිනි.
ටයිටස් තොටවත්ත නම් සොඳුරු මිනිසා අපේ මනසට එසේ ආමන්ත්‍රණය කොට ඇත. ඒ පිළිඹද අටුවා ටීකා ටිප්පනි අවැසි නොවේ. ලොකු කුඩා බාල මහලු ඕනැම කෙනෙක් එක සේ ටයි මාමාට ආදරේ කරන්නෙ ඒ සොඳුරු මිනිසාගේ සුන්දර ළමා නිර්මාණ මනැසේ රැව්දෙන නිසාමය.
එතුමන් දස්කම් දැක්වූයේ ක්ෂේක්ස්ත්‍රයකට දෙකකට නොවේ බොහෝමයකටය. කැමරාකරණය, සංස්කරණය, අධ්‍යක්ෂණය, රසායනාගාර කටහඬ, හඬකැවීම් ශිල්පයන්ගේ ඔහු දැක්වූ දස්කම් අපි සියැසින් විඳ ගත්තෙමු. ලංකාවේ කාටුන් කලාවේ පුරෝගාමී මෙහෙවරක් ඔහු විසින් ඉටු කලේය. අප කාගේත් සිත් බැඳගත් දොස්තර හොඳ හිත, පිස්සු පූසා, හා හා හරි හාවා වැනි නිර්මාණ මෙන්ම රොබින් හුඩ්, ඔෂීන්, මල්ගුඩි දවස ඇතුළු ටෙලි නාට්‍ය, කාටූනන් සිංහල හඬ කවා මෙන්ම උපසිරැසි සමගින් අපේ හදවත් ලඟට ගෙනාවේ ඔහු විසිනි.
අද ටයි මාමා අපෙන් සමුගෙනය. එතුමන් ගේ නම සදා අප සිත් සතන්තුල රැඳේවි

ටයි මාමේ ඔබට නිවන්සුව!!!
Saturday, October 15, 2011
We missed you Mr.Dennis
Reference: http://9gag.com/gag/359428
Dennis Ritchie who created C programming language. That mean who given birth to everything programmed in C. such as Linux.
He died yesterday(14/10/2011)....
we lost very worthiest person in Computer world...
We missed you Mr.Dennis
Sunday, October 9, 2011
වලියක් වලියක් ...
මම අද කියන්න යන්නෙ මට වුන දෙයක්. මේක මම මදුරුවගෙ ආ සොලි සොලි මදුරංගගෙ මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදියට දැම්මදත් කොහෙද..
මේක වුනේ මම 9 වසරෙ ඉස්කෝලෙ මාරු කරපු කාලෙ. දන්නවනෙ ඉතිං අලුතෙන් ඉස්කෝලෙකට ආවම දෙන රැග් එක. ඇඟේ හයියෙන් වැද්දීගෙන යනවා, චෝක් කෑලිවලිං ගහනවා, වතුර හලනවා, තව තව ඒවා කලා.. (මතක මෙච්චරයි) :D
ඔය රැග් දෙන සෙට් එකේ හිටියා මහම මහ එපාම එපා කරපු එකෙක්. උගෙන් තමා මාරම වදේ වුනේ.විනාඩියක් මට සැනසීමේ ඉන්න දුන්නෙ නෑ. _වලමා. (පස්සෙ මිනිහා මගේ යාලුවෙක් වුනා. යාලුවෙක් වුන විදිය පස්සෙ කියන්නම්. ඒකත් නියම සීන් එකක්. හික්ස්.. ) මට ඒ කාලේ මාර මළක් තිබ්බෙ ඌත් එක්ක. ඒත් ඉවසගෙන හිටියා අලුත් නිසා. ආපු ගමං වලිවලට සෙට් වෙන්න බෑනෙ.
ඔන්න ඉතිං දවසක් මම ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් වෙලා පාර දිගේ එන කොට මෙන්න මූ එනවා ඉස්සරහට... :/ මමත් ඉතිං දැක්කෙ නෑ වගේ යන්න හැදුවා.. කොහෙ.. මේකා ඇඟටම කපනවා. මූ එක පාරටම ඇඟේ හැප්පිලා තාත්තා මතක් කරලා කුනුහර්පයක් කියපි. ඉවසනවයි කියලා මෙහෙමක් ඉවසන්න පුලුවනෑ. මම උගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන තමුසෙ මොනාද කියන්නෙ කියලා ඇහුවා. මෙන්න මූ ආයෙ කියපි අර වචනෙ. වට පිට බලලා කවුරුත් නැති එකේ දුන්නා අතමිට මොලෝලා උගේ බඩට. මූට වැදුන අමාරුවටම බඩ පිටිපස්සට නමාගෙන පිටි පස්සට පැන්නා. ටිකක් වෙලා ඉදලා මූ මෙන්න එනවා මට ගහන්න. මමත් බය වුනේ නෑ. දැන් වලිය නැගලම යනවා. ඔහොම ගහ ගන්නකොට මූ කකුල ඉස්සුවා මගේ බඩට ගහන්න. හ. ඒවා හඳේ තමා. මේ සීතල අයියා අහිංසකයි වගේ හිටියට වලි කාපර්..කරාටි පංති ගිහිං තියෙනවා එක දවසක්.( අනිත් දවසෙ නොගිය එක වෙනම කතාවක්). කකුල උස්සලා ගහන කොටම හිරකර ගත්තා කකුල වම් අතින්. මුලු ඇඟේම තිබුන උපතින්ම ගෙනාපු පුරුස සත්තිය අරගෙන වම් කකුලෙන් ගැහුවා කකුල් දෙක එකතු වෙන තැනට අනාගතේ අඳුරුම වෙයං කියලා.තාත්තට හුඩු කිව්වලු. මගේ කකුලට හෙනයක් ගැහුවා වගේ තේරුණා නොවැ. @) @) @)
මොකක්ද දන්නවද වෙලා තියෙන්නෙ මම මෙච්චර වෙලා ගහගෙන තියෙන්නෙ හීනෙන් නොවැ. අර ගහපු පාර වැදිලා තියෙන්නෙ බිත්තියට.කකුලෙ මහපටැගිල්ල ගැන කියන්න ඕන නෑයි කියලා හිතනවා.නියපොත්ත අමුතු පාටක් ගහලා ඇගිල්ලෙන් මොනාද රතු පාටට වැක්කිරුනා.වැඩිය දෙයක් වුනේ නෑ. ;) එදාට පස්සෙ දවසෙම අම්මා දිග..... කොට්ටයක් ගෙනෙල්ලා දුන්නා බිත්තිය පැත්තෙන් තියා ගෙන ඕන මංගල්ය්‍යක් කරගනිං කියලා. ඔන්න ඔහොමයි මම හීනෙන් ගහ ගත්තෙ. :D
ප.ලි- පස්සෙ මම ඌට අඬන්න ගැහුවා... පස්සෙ මට පව් කියලත් හිතුනා. මොකද කියනවනම් වයිස් රෙට්ටයම කිව්වනෙ මුලු පංතියටම මට දඬුවම් දෙන්න බෑ. ඒක නිසා කව්රු හරි එකෙක් ගැහුවොත් ගහපං කියලා. ඉතිං දුන්නා :)

Saturday, October 8, 2011
උපන්දා සිට
ඔන්න මම ආවා කාලෙකින් මේ පැත්තේ.. (ඇත්තම කීවොත් අක්ෂර වාසින් මාව ගහලා පන්නන්න කලින් මම කල්පනා කලා ලිපියක් ලියන්න)
අද මම ආවේ හිස් අතින් නෙවෙයි මම ආවේ බාල මහලු කොයි කාටත් එකම විදියට රස විඳින්න පුළුවන් ලස්සන පොතක් ගැන තොරතුරුත් අරගෙන
ඒ පොත තමයි මේ තියෙන්නේ
මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ උපන්දාසිට කෘතියේ මුල් කොටස වන බාල විය නැමැති පොත.
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් 1961 වසරේදි ලියා පල කල මේහි මුල් කෘතියේ බාල විය, තරුණ විය, මැදි විය ලෙසින් කොටස් තුනකින් සමන්විතයි. මේ වෙන කොට මට කියවලා ඉවර කරන්න පුළුවන් උනේ බාල විය පමණයි. ඒ කියවපු කොටසින් අතීත ගැමි දරුවන්ගේ ජීවිත පිළිබඳ පැහැදිලි අවබොධයක් ලබා ගන්න මට පුළුවන් උනා. ඒ වගේම නවීන සංකීරන සමාජ වට පිටාව තුල අපේ ළමා කාලය සහ අපෙන් පසු පරම්මරාවල ළමා කාලය ගෙවී යන අසුන්දර රිද්මය ගැන ලොකු කලකිරිමක් මගේ සිතේ ඇති උනා.
මේ කෘතිය කියවන් යද්දි මනසේ ඇඳෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ඉතාමත් සුන්දර ළමා කාලයක් ගත කරන ආකාරය. ඒ වගේම පසුකාලීනව එතුමා අතින් බිහිවන බොහොමයක් චරිත වල මුල් හිමිකරුවන් පිළිබඳ සොදුරු විස්තරත් දැන කියා ගන්න පුළුවන්. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ කෘතින් බොහොමයක් කියවපු කෙනෙක්ට මෙහි කියැවෙන චරින හමු වී ඇතුවාට සැකයක් නැහැ .
පන්සලේ, ඉංග්‍රීසි පාසලේ, සිංහල පාසලේ මෙන්න මුහුදු වෙරලේ ගංඉවුරේ පවා කුඩා මාර්ටින් වික්‍රමසිංහයන් කල කිදෑ නෙත් අද්දර මවා පෙන්වන්නට තරම් සමත් මේ කෘතිය කියවන්න ඔබටත් ආරාධනා කරන ගමන් මම නවතිනවා.
ISBN 955-8415-04-9
ප්‍රකාශනය: සරස (පුද්ගලික) සමාගම
මිල: රු. 140/=
Tuesday, October 4, 2011
"අම්මා"
මගේ යලුවෙක් ලියපු නිසදැස් 2ක් තියෙනව...එයාගෙනුත් අවසර අරගෙන පෝස්ට් කරන්නේ...මෙව්වා තේරෙන්නේ නැති මටත් මොකක්ද මොකක්ද උනා ඒවා කියවල...
හිතට දැනෙන...
පුන්චිම පුන්චි දේකට......
පුලුවන්නම්....
ඇහැට කදුලක් ගේන්න...
හිතේ මැවෙන දේකට පුලුවන්නම්...
... ඇහැට කදුලක් ගේන්න...
ඇහැට පේන දේකට පුලුවන්නම් ...
ඇහැට කදුලක් ගේන්න.....
මට පුලුවන්නම් ..
වදපු අම්මට ..
සතුටට කදුලක් දෙන්න....
මට ඒ ඇති සතුටු වෙන්න.....
----------------------------------------------
සිනහවකට කදුලක් එකතු වෙනකොට...
ජීවිතේට දුකක් එකතු වෙනකොට....
කදුලට සිනහවක් එකතු කරන්න...
දුකට සතුටක් එකතු කරන්න...
පුලුවන් උන කෙනෙක් හිටිය....
"අම්මා'..
---------------------------------------

Monday, October 3, 2011
කඩුගන්නාව-ඉහලකෝට්ටේ රේල් සවාරිය.
මේ අපේ සයිබරේ සෙට් එකත් එක්ක මම(පොඩි මහත්තය) පහුගිය දිනක ගිය අපූරු චාරිකාවක් ගැන සංෂිප්ත දිගහැරුමක්.
රඹුක්කන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගය දල බෑවුමකින් යුකත් අතර දුම්රිය මගේ සීග්‍රතම නැග්ම මෙම කොටසේදී දැකිය හැකියි. ශ්‍රීලංකාවේ දෙවන තැනට දිගම බිම්ගෙය වන 9A බිම්ගය ද මෙම කොටසේ පිහිටා ඇත. ශ්‍රීලාංකේය දුම්රිය ගමන් මග පහත තැනිතලා භූමිය පසුකර කඳුකරයට පිවිසෙන පිවිසුම් මාර්ගය මෙය වන බැවින් පරිසරය පද්ධතියේ සීඝ්‍ර වෙනසක්ද මෙම කලාපයේදි දැකිය හැකිය. කඳු පන්ති අතරින් දිවෙන දුම්රිය මගේ සොඳූරු ඉසව්වක් ලෙසද මෙම කලාපය හැඳින්වීම වරදක් නොවේ.
සැප්තැම්බර් මස තුන්වනදා මම නොයිවසිල්ලෙන් බලා සිටියේ ඒ අපූරු චාරිකාවට එකතුවීම සඳහාමයි. උදේ පාන්දරින්ම ගෙදරින් පිටතුවුන මම පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී අනෙක් සගයන්ද පැමිණි පොඩිමැණිකෙ දුම්රියට ගොඩ වුනා.
උදේ 8 පමණ වන විට කඩුගන්නාව දුම්රියස්ථානයට ලඟා වුන අපි උදේට කාල බීල හෙම ලෑස්තිවුනා චාරිකාවට. කඩුගන්නාව දුම්රිය ස්ථානය ආසන්නයෙන් රේල් පාරට ගොඩවුන අපි ඒ ඔස්සෙ පහලට ඇවිදිගන එමින් ගමන් ඇරඹුවා.
මේ ඉන්නෙ කට්ටිය... ඔය වම් පැත්තෙන් ඉන්නෙ නඩේ ගුරා කෝච්චියා අයියා.
වැහි කොඩෙත් සවාරියට අපූරු චමත්කාරයක් එකතු කරන්න අමතක කලේ නෑ. පරිසරය නව ජීවයක් ලද්දකු මෙන් නැවුම් බවකින් පිරී ඉතිරී ගොස් තිබුනා. තෙත බරිත පරිසරය සිතටත් ගතටත් මහා සැහැල්ලුවක් එකතු කලේ ගමන් වෙහෙස පවා සුන්නද්දූලි කරමින්.
තෙතබරිත සුන්දරත්වය
අපිට සිග්නල් නෑ හැබැයි අපි ඉදිරියටම යනෝ....
වැස්සෙම පොටෝ ගන්න පොටෝ කනී...
බිම් ගෙවල් තුලින් දුම්රියේ යන්නෙකුට එතුල මෙතරම්ම කලුවර බව වැටහුනාදැයි සැක සහිතය. අඳුර කොතෙක් පැතිර තිබුනේද යත් අප ගෙනගිය විදුලි පන්දම් වලින් නිකුත්වූ ආලෝකය අපට දැනුනේ කනාමැදිරි එළියක් ලෙසිනි.
වැස්ස තුරන් වූ සැනෙන් අවට පරිසරය ගිලගත් මීදුම අපූරු චමත්කාරයක් පරිසරයට එක්කලේ අපේ රටේ සොබා සිරිය මොනවට කියාපාමිනි.
සිංහ කට ලෙස හැඳින්වෙන ගල් කුල මීදුමෙන් වැසී ඇති අවස්ථාවක...
බලන මොටන අලගල්ල පැනලා, සුද්දා මෙහාට එනවා බොරු...
-මෙන්න මෙහෙමයි ඒ කාලෙ කන්ද උඩරට පිවිසුම ගැන කියවිලා තියෙන්නෙ.
අද දුම්රිය මර්ගය දිවෙන්නෙ මෙම කඳු පන්ති අතරින.
අද දුම්රිය මර්ගය දිවෙන්නෙ මෙම කඳු පන්ති අතරින.
දුම්රිය මගට බතලේගල දිසුවන අයුරු.
බලන දුමරිය ස්ථානය.
බලන දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති දිසානායක මහතා ලංකාවේ තනිමාර්ගයේ දුම්රිය ගමනාගමනය සඳහා බාවිතාවන ටැබ්ලට් පද්ධතිය ගැන අපව දැනුවත් කරමින්.
දුම්රිය මගට දිස්වන අලගල්ල කඳු මුදුන.
ඈත කඳු පන්තිය දිස්වන අයුරු
අපේ ගමනාන්තය වුනේ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයයි.
මේ ඉන්නෙ සෙට් එක. ඡායාරූප අනුග්‍රහය ප්‍රවීන් ඉන්ද්‍රනාම අයියගෙන්.
කිලෝ මීටර 12ක පමණ දුරක් වූ කඩුගණ්නාව දුම්රිය ස්ථානයේ සිට ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානය දක්කවා දුර පයින්ම ගමන් කලද ගතටත් සිතටත් කිසිම වෙහෙස මහන්සියක් නොදැනුනේ සොබා සෞන්ධර්යෙන් අනූන වූ කලාපයක සිහිල් පිරිසිදු වාතාශ්‍රෙයන්ද පෝෂිතවූ නිසාවෙන්මැයි සිතේ.
සොබා දහම රැකගනිමින් ඔබත් පරිසර චමත්කාරය විඳගන්නට එක්වන්නට ඇරයුම් කරමින්, තවත් සොබා සුවිසැරියකින් හමුවන තුරු ඔබට ජය.
පරිසරය සුන්දරයි-රැකගැනුම යුතුකමයි!
Subscribe to:
Posts (Atom)