Home » Archives for May 2011
Monday, May 30, 2011
Sunday, May 29, 2011
මංගල දැන්වීමයි....(By චේ උන්නැහේ)
හම්තුමා ලගදි ගත් ජායාරූපයක් |
අපේ අක්ශර සෙට් එකේ ලොකු අයියා වන හම්තුම් හෙවත් නාකි මනමාලයා සොයුරාගේ නිසි කල වයස ඉක්ම යමින් තිබෙන නිසා ඔහුට ගැලපෙන යුවතියක් සොයාදීමට අක්ශරයේ අපි තීරණය කලෙමු.
සත්ගුණවත් මහා දානපති හම්තුම් සහෝදරයා කොටමොඩ්ල් ලග පිකප් ආකාරයේ පුද්ගලයෙක් වන අතර , සිරුරේ හැඩයෙන් තාර පීප්පයකට හෝ වයින් බැරලයකට සමාන වේ. රා කලයක් වන් බඩ ගෙඩියෙන් ඔහුගේ ආහාර ගැනිමට ඇති රුචිකත්වය මනාකොට හෙලිකරයි. වලසෙකුගේ ආකාරයෙන් සිරුර පුරා රෝම විසිරී ඇත. මොහුගේ කේශ කල්‍යාණය යුවතියකගේ මෙන සාරවත්ව වැඩී ඇත්තේ නිසිලෙස සාත්තු නොකල වී වගාවක් සිහිගන්වමිනි. පැහැපත් ජවි කල්‍යාණයකින් යුක්ත වූ සම පාණ්ඩු රෝගියෙකුගේ සමට උපමා කල හැක. අහිංසක පෙනුමැති ඇස් දෙකෙන් කුප්පකම් උතුරා ගලායයි.
හම්තුම්ගේ චරිත ලක්ශණ ගත්කල කෙටියෙන් අමුම අමු කුප්පයෙක්යැයි කිව හැකිය. සිය අහිංසක පෙනුම උපයෝගී කරගනිමින් කෙල්ලන් රවටා දැලේ දමා ගැනීම මොහුගේ ප්‍රියතම විනෝදාංශය බවට පත්ව ඇත. චිලිපේස්ට් හා මාගරින් සමග පාන් ආහාරයට දැඩි රුචිකත්වයක් දක්වන මොහු ඒවා ඇතිවිට පාන් රාත්තල් තුනකින් මෙහා නොනවතී. වැරදීමකින්වත් මත්පැන් කටේවත් නොතබයි. කොමාර්ශල් බැංකුවේ පියුන් උන්නැහේ ලෙස රැකියාව කරන මොහු ගොඩ මඩ ඉඩම් හිමි ධනවත් (නාකි) කොල්ලෙකි.
ඉතින් මේ කල වයස ඉක්මවමින් පවතින නූගත් රූමත් සොයුරාට, විනීත, සුකුමාල , සුලලිත, සුරම්‍ය, ප්‍රේමයෙන් මනරංජිත, අහිංසක, කුප්ප නොවන කෙලිපොඩ්ඩියක් ( ආච්චියෙක් වුවද කම් නැත ) අක්ශරවාසීන් සොයයි. කුල මල භේද නොසැලකේ. දරුවන් සිටියද කම් නැත. වරදට සමාව දේ, දැවැදි අත්‍යවශ්‍ය වේ. මුල්ම ඉල්ලුමට සැනින් ප්‍රතිඵල.
අදම අයදුම් කරන්න....
චේ මලයා.,
ඇඩ්මින් බාරේ,
අක්ශර,
මුහුණු පොත.
අවවාදයයි. : හම්තුම් අයියා කුප්පයා බැවින් නංගිලා සිටින අක්කලා නොවිමසන්න.
ප.ලි.
මේක මම මුහුණුපොතේ නෝට් එකක් විදිහට දාලා ටිකක් කල්. හැබැයි තවම හම්තුමා තනිකඩයා... ඒ නිසා අපි හිතුවා ආයෙත් පාරක් පොඩි පබ්ලිසිටියක් දීලා ට්‍රයි කොරන්ට. ඔන්න කස්ටිය මේ නාකි මනමාලයට කෙල්ලෙක් හොයලා දෙන්ට බලන්ට හොදේ.... පිනකුයි පවකුයි දෙකම එකපාර ලැබෙනවා..... පින මූට කෙල්ලෙක් හොයලා දෙන එක ගැන, පව අහිංසක කෙල්ලෙක්ගේ අනාගතේ කාලා දාන එක.
එහෙනම් අපේ හම්තුමාට සුබ සිරි මංගලම් කිව්වා...............
Friday, May 27, 2011
Thursday, May 26, 2011
Wednesday, May 25, 2011
ඇයි මේ?
මම අද කියන්න යන්නෙ ගෑණුන්ට තරහ යන විදියෙ කතාවක්.sorry වෙන්න ඕන.ඒ උනාට මේක ඇත්තම කතාවක්.ඒක නිසා කරන්න දේකුත් නෑ.මේ කථාවෙ කොනක්නම් අක්ෂේරේ group එකේ දැම්මා.කට්ටියට කථාච තේරුනේ නෑ.හරි මම කතාව කියන්නම්කො.මෙන්න මේකයි කතාව.
මම මෙ ලගදි ගියා යාලුවෙක් එක්ක කොන්ඩෙ කපන සැලූන් එකකට.මගේ කොන්ඩෙ කපන්න නෙමෙයි.උගේ කොන්ඩෙ කපන්න කියලා.දැන් අහන්න එපා ඇයි මම ගියේ ලියලා.මම ගියේ ඌට මම කොන්ඩෙ කපන තැන පෙන්නන්න.නැතුව තනියට නෙමෙයි.ඔය මම කියන සැලුන් එක තියෙන්නෙ උඩ තට්ටුවක.අපි දෙන්නා ගියෙ මගේ බයික් එකේ.මම බයික් එක ලොක් කරනකොට couple එකක් පඩි පෙළ නගිනවා.පඩි පෙළට යන්න ඉස්සෙල්ලා පොඩි corridor එකකින් ගිහිං තමයි පඩිපෙළ නගින්න තියෙන්නෙ.මම ඉතිං බයික් එක ලොක් කරලා අපි දෙන්නත් නගින්න ගත්තා පඩිපෙළ.අපි දෙන්නා පඩිපෙළ නගිනකොට ඒගොල්ලො අනිත් පැත්තට තියෙන පඩ්පෙළ නගිනවා(දන්නවානෙ අර දෙකට කඩලා තියෙන පඩ්පෙලවල්).අපිට ඇහෙනවා දෙන්න කතා කරන සද්දෙ.අපෝ ඒ කෙල්ල ගැනනම් කතා කරලා වැඩක් නෑ.ඒ කෙල්ල කොල්ලට අම්බානෙට බනිනවා.මෙන්න මෙහෙමයි බනින්නෙ.
කෙල්ල- මොනාද *** මම ඔයාට හැමදාම කියනවනෙ ඔය කැතට තියෙන කොන්ඩෙ කපලා මිනිහෙක් වගේ ඉන්න කියලා.අද කපනකං මම බලං ඉන්නවා.
කොල්ලා-ඉතිං මට මෙහෙම ලස්සනයිනෙ.
කෙල්ල-අනේ ඉතිං වෙන නැත්තං.මගේ යාලුවො අහනවා ඔයා යාලු වෙලා ඉන්නෙ රස්තියාදු කොල්ලෙක් එක්කද කියලා.
කොල්ලා- ආ දැන් කව්ද එහෙම කිව්වෙ?
කෙල්ල- ඇයි එයාට ගිහිල්ලා ගහන්නද?
කොල්ලා- නෑ අතගාන්න..(හිනා වෙමින්)
කෙල්ල- හැමෝම තමයි.කෙනෙක් කියලා නෑ.
කොල්ලා-ඉතිං බබා මට ඕන විදියට style කරන්න බැරිද?
කෙල්ල-එහෙම කරන්න ඕන නම් මොකටද මාත් එක්ක යාලු උනේ.බලන්න ඔයාව මට තැනකට ගෙනියන්න පුලුවන්නද කියලා. ඔයා ඉස්සර කොච්චර ලස්සනද.ඒත් දැන් හරියට වැද්දෙක් වගේ.
කොල්ලා- ආ එහෙමද?එහෙනම් කොල්ලෙක්ව හොයා ගෙන බැද ගන්න එකයි ඇත්තෙ.මේ වැද්දා ගියා....
මිනිහාට තද වෙලා ආයෙත් බිමට බැහැලා යන්න ගියා. කෙල්ලත් පස්සෙන් දුවනවා.මොනා උනත් උගෙ hair style එක ලස්සනයි.මිනිහා කොන්ඩෙ වවලා අර මොකක්ද band එකක් පිටිපස්සට දාලා තිබුනෙ.හරියට අර මේ දවස්වල යන පූජා කතාවෙ ජීවන්තගෙ කොන්ඩෙ වගේ.
අපි ඉතිං කොන්ඩෙ කපන්න ගියා.මගෙ යාලුවා කොන්ඩෙ කපලා ඉවරවෙනකොට අරුං දෙන්නා ආයෙත් ඇවිල්ලා.මම හිතන්නෙ කොන්ඩෙ කපන්නද කොහෙද.අපරාදෙ කොන්ඩෙ.ඇත්තටම ලස්සනයි.දුක තමයි.
මට තියෙන ප්‍රශ්නෙ තමයි "ඇයි මේ විදියට බාහිර පෙනුමට කට්ටිය මෙච්චර ආදරේ කරන්නෙ??????"
Tuesday, May 24, 2011
උඩු සිත, නුඹටයි....
අබුද්ධස්ස කාලෙට,
සිත් පත්ලට...
දිය මතුපිට,
පාවෙන රොඩ්ඩට,
සීමා කරපන්......!
සිතැඟි තාලෙට,
අයුතු රටාවට,
ඉන්න බලාපන්......!
පොපියන දුකට,
කදුළු නොඑන්නට,
කියන්නේ නුඹටයි.....
උඩුසිත අහපන්....!
ප. ලි.
මේක ලිව්වේ මගේ ආදරණිය පෙම්වතිය..... ඇයගේ ඉල්ලීමක් මත මම පබ්ලිශ් කලා..... ඔබේ කමෙන්ටුව ඇය ආදරයෙන් බලාපොරොත්තුව ඉන්නවා.........................
Sunday, May 22, 2011
සංදිස්ථානය
ඇත යාමට මං දෙකක්
තෝරා ගැන්මට ඇත්තේ එක මගක්
නැත නැවතත් හැරි බැල්මක්
ගියොතින් දිගටම යා යුතු මගක්
එක් මගක් සතුට පිරි මගක්
යනෙකාට වාසනාව ගෙන දෙන මගක්
අනෙක සතුට කොටුකළ මගක්
එහි ඇත්තේ නීති වලින් බැදි ලෝගුවක්
අකැමැති වුවත් යාමට ඇත්තෙ කටුක මගේ
එය නම් ඉවසන්නට සිත ඉඩ නොදෙයි අනේ
කුමක් කරන්නද කියා සිතාගත නොහැකි තැනේ
බාර ගන්නෙමි එම කටුක මග සතුටිනෙ
මම දුක්, සිතිං වින්දත් තව කෙනෙකු සතුටු වෙනා
මම එය දැක හොර රහසේ සතුටු උනා
ඇය සතුටෙන්නම් මට ඒ ඇති කියලා සිතුනා
සදහටම මෙය මාගේ දුක්බර ඉරණම වූවා
Thursday, May 19, 2011
ඔබට සුබ ගමන් මිත්‍රයා..!
අපි හැමෝම මහන්සි වුනා.. ගොඩාක්.. එක කොල්ලෙක් වෙනුවෙන්.. අපේ සහෝදරයෙක් වෙනුවෙන්.. ඒ අපේ සිංහල බ්ලොග් අවකාශයේ ඉලංදාරියා වෙනුවෙන්.. හැමෝම එකමුතු වුනා.. දිලුම්ට මේ ලෝකේ අහන්න ලබා දෙන්න උදවු නොවුන කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ ඉන්නවානම්, පුදුමයක්..!! ඒත්.....
ඒත් අද මට නම් දැනෙන්නේ ඒ අපේ සියලු උත්සාහයන් වතුරේ ගහගෙන ගියා වගේ. ඒ ඊයේ රෑ හදිසියේම අහන්න ලැබුණු ආරංචියක් නිසා.. කොච්චර හිත කිවුවත් ඔය කතාව විශ්වාස කරන්න එපා කියලා.. අන්තිමට මට ඒ කතාව විශ්වාස කරන්නම වුනා. ඉලංදාරියා අපෙන් සමු අරගෙන.. සදහටම..! හැබැයි, මතක තියාගන්න.. ඒ ගතින් විතරයි.. කවදාවත් නොමැකෙන සටහන් රැසක් හදවතේ ඉතුරු කරලා. අපි දුක් වෙනවා. ගොඩාක්. ඒ මතකයන් තියෙනකම් අපි රිදේවි.. කවදාවත්ම අපේ හිතින් නොමැකේවි.. ඉලංදාරියාගේ ලෙංගතුකම, ඉවරයක් නැතිව කියවපු කතා.. හැමදෙයක්ම හැම මතකයක්ම අපේ හිත් වල තියේවි..
උඹට ආයෙත් අපි අතරේම ඉපදෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී නෑ අපි.. අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු පිං බලයෙන් උඹට නිවන්සුව ලැබේවා..!!
ඒත් අද මට නම් දැනෙන්නේ ඒ අපේ සියලු උත්සාහයන් වතුරේ ගහගෙන ගියා වගේ. ඒ ඊයේ රෑ හදිසියේම අහන්න ලැබුණු ආරංචියක් නිසා.. කොච්චර හිත කිවුවත් ඔය කතාව විශ්වාස කරන්න එපා කියලා.. අන්තිමට මට ඒ කතාව විශ්වාස කරන්නම වුනා. ඉලංදාරියා අපෙන් සමු අරගෙන.. සදහටම..! හැබැයි, මතක තියාගන්න.. ඒ ගතින් විතරයි.. කවදාවත් නොමැකෙන සටහන් රැසක් හදවතේ ඉතුරු කරලා. අපි දුක් වෙනවා. ගොඩාක්. ඒ මතකයන් තියෙනකම් අපි රිදේවි.. කවදාවත්ම අපේ හිතින් නොමැකේවි.. ඉලංදාරියාගේ ලෙංගතුකම, ඉවරයක් නැතිව කියවපු කතා.. හැමදෙයක්ම හැම මතකයක්ම අපේ හිත් වල තියේවි..
උඹට ආයෙත් අපි අතරේම ඉපදෙන්න කියන්න තරම් ආත්මාර්ථකාමී නෑ අපි.. අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු පිං බලයෙන් උඹට නිවන්සුව ලැබේවා..!!
දයාබර සොයුරාණනි... ඔබට නිවන්සුව....!!
Tuesday, May 17, 2011
Saturday, May 14, 2011
දෑ අවුරුද්ද
නව මසක් කුස තුල හොවා ගෙන
කවා පොවා ඇති දැඩිකල
මා ලෙඩ වූ විට මා අසලම උන්
මගෙ ආදර අම්මා...
පයට වාරු නැතිව
වැටි වැටි ඇවිදින විට
පිළිසරණක් වූ
මගෙ ආදර අම්මා....
දුක්කම්කටොලු මැද
කටු පිරිච්ච මාවතේ
මට රෝස මල් පෙන්නූ
මගෙ ආදර අම්මා...
පාන්දරම අවදිව
කුකුලා අතිං ගෙන පන්ති යන
මා හට කෑම කවපු
මගේ ආදර අම්මා..
ඔබ ලෙඩ වූ විට
මට ලගින් හිදින්නට
ඔබට වාරු නැති වූ විට
මට සැරයටියක් වන්නට
මට බැරි වෙයි
මගෙ ආදර අම්මේ...
මා හොද රැකියාවක්කර
හොද පඩියක් ගෙන
ඔබෙ අතට දෙන්නට
උන් සිහිනය
සිහිනයක්ම වෙයි
මගෙ ආදර අම්මේ...
ඈත ක්ෂිතිජයේ දිලෙනා
බහින හිරු සේ වත්
අපට ආලෝකය දීමට
ඔබට තව ඇත්තේ
දෑ අවුරුද්දක් පමණක් බව
දැනගත්විට
මා කෙසේ නම් දරාගන්නද
මගෙ ආදර සුදු අම්මේ..........................
Thursday, May 12, 2011
ආදරේ වෙන්නැති ඔබට සදා මන්..
ගෙවෙන්නට ඇති පැය ගනන්..
ඔබත් මාත් හමු වුන දිනයක..
ගොතන්නට ඇති කතා දහසක්..
එකට ඇමිණූ වචන මුසු කර..
මනින්නට ඇති පියවර ගනනින්..
දෑත් පටලා එකට එක් කල...
හිදින්නට ඇති පැය ගනන්..
යොමා නෙතු ඔය නෙතු අද්දර...
මවන්නට ඇති සිහින දහසක්..
හිදින්නට ඔබ ලගම සදහට..
විදින්නට ඇති ගෙවුන මතකයන්..
ඔබෙන් ලද සතුට සිහි කර..
නැතිව යන්නැති ඔබෙන් තොර ලොවක්..
බැරිව යන්නැති නොදැක ඔය නෙත්..
නොහැකි වෙන්නැති වලකනු හැගුමන්..
ආදරේ වෙන්නැති ඔබට සදා මන්..
Monday, May 9, 2011
මොකක්ද හැබෑට උනේ? :-\
මේක සීතල අයියාට වෙනස්ම විදියෙ අත් දැකීමක්.ඒ තමයි මම පලවෙනි පාරට කතාවක් කියන්න යාම.
මම මේ කියන්න යන්නෙ මගේ යාලුවෙක්ට නමක් වැටුන හැටි.ඉස් ඉස්සෙල්ලාම මඩක් නේද?මඩක් නැති ලොවක් කොහෙද?
අපි කියමුකො ඌට දිනුක කියලා.මූ මොනා උනත් හොද එකා.අමුම අමු පිස්සා.ගහගන්නද මරා ගන්නද.ඕන එකක්.හැබැය කටිං විතරයි.කව්රු හරි එකෙක් වලියට එනකොට මූ එතනිං මිසිං.එක්කො මූ රෙක්ටාගෙ ඔෆිස් එකේ.නැත්තං ස්ටාෆ් රූම් එකේ.මූ හද්ද බයයි චණ්ඩියා වගේ හිටියට.
මේක උනේ අපි අ.පො.ස උ.පෙ කරන කාලේ.දන්නවා ඇතිනෙ කව්රු කව්රුත් මම ඉන්නෙ මොරටුවෙ කියලා.මම එතකොට ඒකාලෙ ඉගෙන ගත්තෙ මොරටුවෙ හොද ප්‍රසිද්ධ පාසලක.ඔන්න අපි 12 වසරෙ පලවෙනි වාර විභාගයෙ අනිතිම පේපර් එක ලියලා ගෙදර එන ගමං දිනුක කිව්වා මචං අද විහාගෙ ඉවරත් එකේ, වේලාසනිං ඇරුනත් එකේ යංද රවුමක් ගහන්න.මමත් ඉතිං හා කියලා කට්ටියත් එක්ක ගියා.කට්ටිය කියන්නෙ මමයි, කොටයි, දිනුකයි, ගැබයි.අපි ඉතිං ඉස්පිරිතාලෙ හරියෙං බීච් එක පැත්තට දාලා අපි බීච් එකේ පොඩ්ඩක් ඉදලා යන්න හැදුවෙ.ඒත් අව්ව වැඩි නිසා අපි ගෙදර එන්න හැදුවෙ.මූ කියනවා අනේ බං ඉදපංකො පොඩ්ඩක්.තාම ආවා විතරනෙ.අපි කිව්වා පිස්සුද බොල තොට මේ හද්ද අව්වෙ මෙතනට වෙලා ඉන්න..ම්හ් .මූ එන්නෙම නෑ.මම ඇහුවා උබේ අහවල් එක නැවකින් මෙතනට ගෙනෙල්ලා දෙනවද මෙච්චර මේ කට්ටෙ ඉන්නෙ කියලා.මූ අපිට කොලේ හංගනවා.මූ ඉන්නෙ ෂුවර් එකටම කෙල්ලෙක් එනකං කියලා අපිට තේරුණා.මූ මහ ඇඹලයානෙ.මූ ටික වෙලාවක් කතා නොකර ඉදලා මූ කියන්න පටන් ගත්තා.මම කෙල්ලෙක් එනකං තමයි ඉන්නෙ කියලා.
කොටා- ආ ඒකනෙ කියන්නෙ.උඹ අපිට කොලේ වැහුවනෙ.දැන් කීයටද එන්නෙ?
දිනුක- ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට
මම- දැන් උඹ සෙට්ද?
දිනුක- නෑ.මම ඊයෙ ඇහුවා.අද උත්තරයක් දෙන්නම් කිව්වා.
ගැබා- දැන් මෙතනටද එනවයි කිව්වෙ?
දිනුක- නෑ.එයා කිව්වෙ නෑ එනවයි කියලා.එයා **** ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ.ගෙදර යනකොට එයාව අල්ලගන්න ඕන.
මම- දැන් මේ හරියෙන්ද යන්නෙ?
දිනුක- නෑ.ඉස්කෝලෙ ඉවර වෙනකං මේ ඉන්නෙ.එයා මොරටුවෙ ස්ටෑන්ඩ් එකට යන්නෙ බස් එක ගන්න.
මම- එහෙනම් මොන මගුලකටද යකෝ මෙතන ඉන්නෙ? යමං පාක් එකට.මෙතන මේ අව්ව තැප තැප ඉන්නෙ.කාලකණ්නියා(ඒ ඉස්කෝලෙට අල්ලපු වත්ත තමයි පාක්එක තියෙන්නෙ)
අපිත් ඉතිං ඔහොමම පාක් එකට ගිහිං බංකුවක වාඩිවෙලා වල් පල් කියෝ කියෝ හිටියා ටික වේලාවක්.මුලදිත් කිව්වනෙ මූ මහ පිස්සා කියලා.මූට අමුතුම දේවල් තමයි හිතෙන්නෙ.ඔහොම ටික වෙලාවක් කතාකරන ගමං මූ අනේ කම්මැලියි බං කියගෙන නැගිට්ටා.මූ නැගිටලා අර පොඩි උංට හදලා තියෙන ලිස්සන බෝට්ටුවේ යනවා.මූට අමු සයිකො.ඕකගෙ හැටිනෙ කියලා හිතාගෙන අපි අපේ පාඩුවේ කයියක් ගගහා හිටියා. ඔහොම සිද්දිය සිද්ද වෙන ගමං වෙලාවත් යනවා.1.25 ට වගේ ඇති.මූ එනවා දෙකට නැවී ගෙන.අපි බැලුවා මූට උන්ඩුකපුඡ්යේ අසාදනයක් වත් හැදිලද කියලා.ඒ එක්කම වගේ ඉස්කෝලෙ බෙල් එකත් වැදුනා.මූ දෙකට නැවීගෙන ඇවිත් අපේ හරියෙන් වැඩි උනා.අපි මුගෙන් සිද්දිය ඇහුවට මූ අපිට සිද්දිය කියන්නෙ නෑ.මූ බංකුවට හේත්තු වෙලා කිසිම දෙයක් කියන්නෙ නැතුව ඉන්නවා.දන්නවනෙ පොඩි ළමයිනුයි, අම්මලායි, ලව් කරන උනුයි දැන් මෙතන පිරිලා.
මම- උබ දැන් අහන්න යන්නෙ නැද්ද බොල මෙතනට වෙලා පුටුව රත් කරන්නෙ?
දිනුක- අද බෑ.අද බෑ..
ගැබා- ඇයි අද උබට ඩේට්ද?
අපි ඔක්කොම උන්ට හිනා.(ඌට හැර)
කොටා- මොකද බං උනේ?
දිනුක- යකෝ මගේ කලිසම ඉරුනා.....
මම- මොකක් කිව්වා?
දිනුක- එක පාරක් කිව්වා ඇහුන්නෙ නැද්ද යකෝ.
මම- අප්පට හුඩු.(හිනාව තද කර ගනිමින්)
කොටා- මල කෙළියයි.
ගැබා- :O , කොහොමද ඉරුනෙ?
දිනුක- අර *** බෝට්ටුවෙ ඇනයක් තිබිලා.මම දන්නෙ නැතුව ඒක උඩිං ගිහිල්ලා.
මම- ඔවද බං වෙන්නෙ.ඕක මොකක්ද.ෂර්ට් එක පොඩ්ඩක් එළියට දාපං.පේන්නෙ නෑ එතකොට.
දිනුක- යකෝ *** මම අද පරණ ෂර්ට් එකක් ඇදං ආවේ උබලා නිල් ගහයි කියලා.මේක කොටයි ගොං හරකො.
මම- හරි ඉතිං.ඕකේ මොනා බලන්නද බං?උබට එකක් තියෙන්න එපෑනේ බලන්න හිකි හිකි.....
දිනුක- අනේ මේ ***. *** කතා කියන්නෙ නැතුව ඉදපං.
(මූව පොඩ්ඩක් චයිං කලාම ඇති.පැය ගානක් තියෙනවා.කට්ටියටම ඉතිං බඩ අල්ලං හිනා.)
කොටා- ඕක මොකක්ද බං.උබ යටට ඇදලනෙ?
දිනුක- නෑ යකෝ.ඒකනෙ මේ අවුල :O :O :O :O :O
ඔන්න එදා ඉදං දිනුක, ජංගියා උනා.
මූට ඒ කාලේ ඒ හරියෙ හමේ රෝගයක් තිබිලා.දොස්තර මූට කියලා පොඩි කාලෙකට යට ඇදුම් අදින එක සීමා කරන්න කියලා.අදිනවනම් කොට්න් ඒවා අදින්න කියලා.මූ හරකා වගේ මොනාවත් අදින්නෙ නැතුව එදා ඇවිල්ලා තියෙන්නෙ. හික්ස්....
මොනා උනත් ඉස්කෝලෙ රිපොට් කාඩ් දෙන දවසෙ මිනිහටනම් හොද කාඩ් එකක් ලැබුනා.අපි උදේ පාන්දරම ඉස්කෝලෙ ගිහිං (ගියාමද මංදා වේලාසනිං) බෝඩ් එකේ ලොකුවට ලිව්වා ජංගියාව සාදරයෙන් පිළිගනිමු කියලා.අපිට ඉතිං එදා කුණු බැනුම්.සීන් එක කොහොම හරි ඉස්කෝලේ කට්ටියටම ආරංචි වෙලා කොච්චර ප්‍රසිද්ද උනාද කිව්වොත් දිනුක කියලා කව්රු හරි ඇහුවොත් කව්රුත් නොදන්න ගානටත් ජංගියා කියලා ඇහුවොත් ආ 12 ගණිතය පංතියේ ඉන්නෙ කියලා කියන ගානටත් මිනිහා ප්‍රසිද්ධ උනා.සර්ලා අතරෙත් මිනිහා ගොඩාක් ප්‍රසිද්ධයි.
අදටත් අපිට ඌව හම්බ උනාම අහන්නෙ "දැන්වත් ගත්තද ජංගියක්?"
ඔන්න හොදට මතක තියා ගන්න නම.ඉස්සරහට ලියන්න තියෙන කතා වලදි මූත් එක් විදියක ප්‍රධාන චරිතයක්.
Wednesday, May 4, 2011
ඇය....
ඇය
මහමෙරකි මාදිවිය කළඹවාලූ
ඇය
පහන්ටැඹයි සයුරු ඉම තොටුපල වෙත මා ගෙන යන්නාවූ
ඇය
හබලවිය රුවල් බිඳුනු මා නමැති නවුකාවේ
ඇය
අභ්‍යවකාශයයි මා එහි තරුවක් බඳුවූ
ඇය
සුපිපි මලයි මා ලොව සුවඳවත් කරලූ
ඇය
හිරු එළියයි මා ලොව පුබුදුවාලූ
ඇය
ගීතයකි මා මනස සනසවාලූ
ඇය
නිම් නැති ගුණ කඳකි මා වෙනුවෙන් වැයුනු
ඇය
තවමත් මගේ මවමයි මා අද මිනිසකු දා...
අම්මේ නුඹ මගේ රැජිනයි.... සංසාරයේ මා නුඹ ලඟයි....
මහමෙරකි මාදිවිය කළඹවාලූ
ඇය
පහන්ටැඹයි සයුරු ඉම තොටුපල වෙත මා ගෙන යන්නාවූ
ඇය
හබලවිය රුවල් බිඳුනු මා නමැති නවුකාවේ
ඇය
අභ්‍යවකාශයයි මා එහි තරුවක් බඳුවූ
ඇය
සුපිපි මලයි මා ලොව සුවඳවත් කරලූ
ඇය
හිරු එළියයි මා ලොව පුබුදුවාලූ
ඇය
ගීතයකි මා මනස සනසවාලූ
ඇය
නිම් නැති ගුණ කඳකි මා වෙනුවෙන් වැයුනු
ඇය
තවමත් මගේ මවමයි මා අද මිනිසකු දා...
අම්මේ නුඹ මගේ රැජිනයි.... සංසාරයේ මා නුඹ ලඟයි....
Monday, May 2, 2011
නොදැන මෙන් ...
හැකි නම් දිමට මට..
මා දෙනයන නුඹ හට..
දකිවි නුඹ..
මා දකින ලෝකය ගැන..
පුලුවන් වුනා නම් පෙන්වන්නට..
මා හිත..
වටහා ගනිවි නුඹ ..
මා හිත ..මා හැගුම්..
නුඹ නොදකින...
පුදන්නට හැකි නම් මා අත..
දැනෙවි නුබට මගේ උනුසුම..
නුඹම මට දායාද කල ...
නුඹට නොදැනුන...නොතේරුන
මම ඉන්නවා නුඹ ලගම ..
නුඹ තුලින් විදමින් ලෝකයම ..
නමුදු නුඹ ඉන්නවා ..
දුර ඇතක අනන්තයක. ..
නොදැන මෙන් ...
මා හිතම..
මා දෙනයන නුඹ හට..
දකිවි නුඹ..
මා දකින ලෝකය ගැන..
පුලුවන් වුනා නම් පෙන්වන්නට..
මා හිත..
වටහා ගනිවි නුඹ ..
මා හිත ..මා හැගුම්..
නුඹ නොදකින...
පුදන්නට හැකි නම් මා අත..
දැනෙවි නුබට මගේ උනුසුම..
නුඹම මට දායාද කල ...
නුඹට නොදැනුන...නොතේරුන
මම ඉන්නවා නුඹ ලගම ..
නුඹ තුලින් විදමින් ලෝකයම ..
නමුදු නුඹ ඉන්නවා ..
දුර ඇතක අනන්තයක. ..
නොදැන මෙන් ...
මා හිතම..
Subscribe to:
Posts (Atom)