Monday, June 25, 2012

නුඹ සතුටින් නම්

26 ප්‍රතිචාර | Read more...


එක ප්‍රමාදෙන් නුඹ  මට රිද්දන තරම්..
ඇයි ඔය හැටි නුඹේන් මට අහංකාර කම්..
කිසි හිතක් පපුවක් නැති නුඹ  ලග මෙතරම්..
ආදරය කියා රැවටෙමි කිසි දුකක් නැති තරම්..

එදා ආ ගිය මාවත් කියන වදන අහන් ඉදින්..
නුඹ ලග මා දමා ආ එ හිත මටම ගරහමින්..
ඇයි හිතන්නේ නුඹෙන්  දුරස් කරන්නට හිතින්..
අනේ ආදරය කරන් නුඹෙන් මා අයදිමි හදින්..

හති වැටෙමින් මේ රැ මා හඩන සෝ  සුසුම්..
නුඹට ඇහෙන් නැති බව මම දනිමි මේ හැඩුම්..
ගව් ගණනක් නුඹ දුර ගොස් මම දනිම් මේ සිතුම්..
හිත හැඩුවත් කම් නැ ඉතින්  නුඹ සතුටින් නම්..



Thursday, June 21, 2012

මතකය........

4 ප්‍රතිචාර | Read more...
 
 
වැව් බැම්මට උඩින් ඉදන් හුලං පොදක් විද ගන්නට
ආල කතා කොදුර කොදුර ඔයත් එක්ක ගුලි වෙන්නට
නුග ගස් යට වාඩි වෙලා නුඹෙ තනුවට ගී හදන්ට
පෙරුම් පිරුව පුංචි හිතට සිද්ද උනේ දුක් විදින්ට

ඈත අහසේ පියඹන්නට මාත් එක්ක පෙරුම් පිරුව
වලාකුලක සැගවෙන්නට ආසාවෙන් බලන් උන්න
පාලු රැයක එලි වෙනකල් කන් පිරෙන්න කතා කෙරුව
පුංචි හිතට දුකක් දුන්නේ කොහොමද ඔබ මට කියන්න

දෑ අවුරුදු ප්‍රේමය හිත විදව විදව රිද්දනකොට
අපේ පුංචි මතක අස්සේ හීනෙන් මම තනි වෙනකොට
ඔයා කියපු බොලද වදන් දෙසවන් මගේ පුරවනකොට
ඇස් පියාන නිදා ගන්නේ කොහොමද මම සදහටම