Saturday, April 30, 2011

මම එනවා සුදු (by චේ උන්නැහේ)

12 ප්‍රතිචාර | Read more...
හප්පේ........
ඇති යන්තම්.....
හිරවෙලා, තද වෙලා ඉදලා,
කොහොම හරි එලියට පැනගත්තා.......


මොකද බොලේ මේ..........
හැම තැනම කට්ට කලුවරයි......
කෝ මගේ යාලුවෝ.....????
ආහ්...
මේ ඉන්නේ කට්ටියම,
යමු කොල්ලනේ.....
අපි කොහොමහරි.....
එයාව හොයාගන්නම ඕනා.......


යනවා .... යනවා......
මෙන්න...?????
විසාල සාලාවක්............
අපිට,
පදිංචි වෙන්න වෙන්නේ.......
මෙතනද කොහෙද.....!!!!
ඒත් ,
මුලින්ම එයාව හොයාගන්න එපැයි.......


අහ්..........!!!!!! 
ඒ සැරේ පාරවල් දෙකක්.........?????
වමද........ දකුණද.........
දකුණද........වමද..........
ඔන්න ඔහේ දකුණට යනවා.............


අපෝ....... !!
මේ පාර හරි පටුයිනේ,
බාධකත් හැම තැනකම...........
තව කොච්චර දුර යන්න ඕනද මංදා......
දැන්නම්............
හරි මහන්සියි....!!!!!
කමක් නැ..............

තව ටිකනේ,
ඒකත් මෙහෙමම යනවා........


කෝ මේ මගේ යාලුවෝ......???????
ලක්සයක් විතර ආවනේ .....!!!!
ශික්.....
දැන් සීයක්වත් නැ..........
මොනා කරන්නද.....!!!!
සංසාරේ ඔහොම තමා.....................


ඇති යන්තම්...............!!!
අන්න ඉන්නවා...........
සුදු............
මම එනවා...........
ඔයා බය වෙන්න එපා............
මම ඔයාව වෙන කාටවත්ම,
අයිති වෙන්න දෙන්නේ නෑ.............


අඩෝ..............!!!!
මමයි මුලින්ම යන්නේ...........
තල්ලු කරන්න එපෝ................
තව හයියෙන්......... තව හයියෙන්............
හැප්පුනා............!!!!
ජයවේවා..........
මම දිනුම්......මම දිනුම්.......
ඩිම්බය සුදු...........
ඔන්න මම,
ඔයාව,
සං........සේ.......ච.......න........ය........
කලා..........

Wednesday, April 27, 2011

References පිළිවෙලට තියාගන්න.

2 ප්‍රතිචාර | Read more...

මෙන්න තවත් ප්‍රොජෙක්ස් එහෙම කරන අයට වැදගත් වෙයි කියල හිතෙන දෙයක්.අපි ප්‍රොජෙක්ට්ස් කරද්දි ගොඩක් References එකතු කරන් ඉන්නවනේ,E BOOKS එහෙම.ඒත් එකතුකර ගත්ත ඒවා හදිස්සියකට හොයන්න ගියාම ගොඩක් අපහසුතාවයට පත්වෙනවනේ.

ඒ නිසා ඔන්න ඒ වෙනුවෙන් මේක ඔයාලට දෙන්න හිතුවා.මේක පාවිච්චි කරල ඔයාලගෙ References පහසුවෙන් තෝරගන්න පුලුවන් විදියට තියාගන්න.ඒ කියන්නෙ PDF වගේ ගොඩක් ෆයිල්, ඩේටාබේස් එකක් විදියට මෙකේ තියාගන්න පුලුවන්.ඔයාලත් බලන්නකො වැඩිදුර විස්තර මෙතනින්.

ප්‍රොජෙක්ට්ස් !!!

6 ප්‍රතිචාර | Read more...

ප්‍රොජෙක්ට්ස් කරන අයට ඔන්න පොඩි හෙල්ප් එකක් දෙන්න හිතුවා.බලන්නකො මේ සයිට් එක ගොඩක් ඔයාලට වැදගත් වෙයි කියල හිතෙනවා.ගොඩක් ප්‍රොජෙක්ට්ස් තියනව,අපිට කෝඩ් වවුන්ලෝඩ් කරල බලන්නත් පුලුවන්.ඔයාලම ගිහින් බලන්නකො මෙන්න ලින්ක් එක

ෆ්‍රී... Remote Sensing and GIS software

4 ප්‍රතිචාර | Read more...

Integrated Land and Water Information System (ILWIS) කියල කියන්නෙ Remote Sensing and GIS වලට භාවිතා කරන මෘදුකාංගයක්.ගොඩක් Remote Sensing and GIS මෘදුකාංග අධික මිලයි,විශේසයෙන් ArcGIS වගේ ඒවා.ඒත් ILWIS නොමිලේම දෙන මෘදුකාංගයක්.මේකෙන් Image processing, Spatial analysis, Digital mapping වගේ දේවල් කරන්න පුලුවන්.මෙන්න මෙතනින් ගිහින් වැඩිපුර විස්තර බලාගන්නකෝ.

Monday, April 25, 2011

තරුවකට ආදරේ... (by හිරු කුමරු )

11 ප්‍රතිචාර | Read more...


එක පාලු දිනයක..
මුලු හිතම හිස් වූ මොහොතක.
දෙනෙත් අල්වන ලස්සනම ලස්සන
පුංචි තරුවක්
හිනැහුනා මා එක්ක..
ආලෝක වර්ෂ ගනනක්...
ඈත අහසේ ඉදගෙන..
දුර වැඩියි කුමරියේ
කෙසේ ලංවෙමිද නුඹට..
පොලෝතලයේ ඉදගෙන..
කියා ගත නොහැකි තනිකමින්..
සුසුමක් පිටකරමින්..
තැබුවා පියවරක් ඉදිරියට...
ඉන් පසුව තවත් පියවරක්
එසේ පියවර තුනක්..
................................
පුදුමයක්මය..
නැවතුනේ මම මගේ පුංචි තරු කුමරිය ලග....
හිනාවක් නැගුනා සොදුරුම...
අමතක උනා මට
මම ආලෝකය බව...
සැමදා එලිය කරමි ඔබේ ලෝකය...

~WheN uM joBLesS ~

12 ප්‍රතිචාර | Read more...
-~way to heaven~-
අනියත ජීවිතේ තවත් එක පැතිකඩක්

~ සබ්බ පාපස්ස අකරනං ~
~ Life has taught us that love does not consist in gazing at each other, but in looking outward together in the same direction ~
“Thousands of candles can be lit from a single candle, and the life of the candle will not be shortened. Happiness never decreases by being shared.” ~ budhdha~ 

පොලොන්නරුව ගල් විහාර සමාධි බුද්ධ ප්‍රතිමාව...
දලදා මාලිගාව
The moment a child is born,the mother is also born.she never existed before....but she dies every second after her childs death....
ථුපාරාමය
ෆොටෝග්‍රැෆි කියන්නෙ කලාවක්,මම් හිතන්නෙ ඒක  ගොඩක් අයට හොද විනෝදාංශයක්.මේ තියෙන්නෙ මම් ජොබ්ලස්ව ඉද්දි ගත්ත පින්තූර ටිකක්,හොද නරක කියල කොමෙන්ට් එකක් දාලම යන්නකො.

Saturday, April 23, 2011

ඔයා විතරක්ම නිසා... (by චේ උන්නැහේ)

15 ප්‍රතිචාර | Read more...
මම හීන දකින්නේ,
හැබැහින් දකින්න බැරිනිසා නෙමෙයි.....
හීනෙන්,
හැම තිස්සෙම ඔයා මගේ ලඟ නිසා........

මම ඔයාගේ ඇස් දිහා බලාගෙන ඉන්නේ,
ඔයා බලයි කියලා නෙමෙයි.....
ඔයාගේ ඇස්,
අහක නොබලයි කියලා.........

මම ආදරයට ආදරේ කරන්නේ,
වෛර කරන්න බැරි නිසා නෙමෙයි......
මගේ ආදරය,
ගොඩක් අවංක නිසා........

මම බලාපොරොත්තු ඇති කරගන්නේ,
ඔයා ගැන නෙමෙයි........
ඔයා මට නැතිවෙයි කියලා,
මට බය හිතෙන නිසා............

මම ජීවත් වෙන්නෙ,
මැරෙන්න බැරි නිසා නෙමෙයි......
මැරුනොත්,
ඔයාව මට නැති වෙන නිසා........

සංසාරේ පුරාවටම,
ඔයාව විතරක්ම පතන්නේ.........
පැතුම් ගොඩක් නැති නිසා නෙමෙයි,
මගේ හැම ප්‍රාර්ථනයකම ඉන්නේ........

ඔයා විතරක්ම නිසා............



Tuesday, April 19, 2011

සමාජවාදය නිරුවතින් (by චේ උන්නැහේ)

14 ප්‍රතිචාර | Read more...
ලෙනින් සේතුංද,
මාක්ස්ලා යදිමින්.....
ගුවේරා නාමයට ,

මල් පහන් පුදමින්.....
සහෝදර වාදයේ,
කදුලු වගුරුවමින්.....
යන මගෙක දිග පළල,
මනිනුයේ කෙලෙසින්......


ධනපති පංතියට,
ගරහනා මුවගින්........
තලුමරා ගිලදමන,
මිල අධික බොජුනින්......
ලබනා වු සවියෙන්, 
පුප්පනා ගිරියෙන්,
මවන ලද රූපයේ.........
ලක්දිව,
සමාජවාදය නිරුවතින්................

Sunday, April 17, 2011

මට දෙන්න අවසර

24 ප්‍රතිචාර | Read more...

පාවී යන අදර සිත
කෙසේනම් සිර කරම්ද නුඹ
සිහිනයක් වුවද ආදරය
මතු දිනෙක එය...
සැබෑවක්ම වනු ඇත

වෙනතක් බලන ඔය නෙතු
මා, ඔබ දෙස බලනා බව...
කෙසේ නම් දැන ගන්නද
ඔබේ හදවතද රවටමින.....

විහි‌ලුවට කළ ආදරය....
සැබෑවක්ම වූ කළ
අද මා එය අයැදින විට...
ඇගෙ හදවත ගොලුවී ඇත

ආදරයට පිටුපා.....
හැර යන්නේ කෙලෙසද නුඹ
ආදරයෙදි ඇතිවන...
පෙම් හැගුම්ද තෙරපාගෙන...

අප දෙදෙනා මායිම් දෙකක...
සිටිනා බච නම් සිත ගොලු වීමට හේතුව
ඔබ දෙන්න මට අවසර
එන්නෙමි මායිම් සුනු විසුනු කරගෙන.....

එම අවසරය ලැබෙනා තෙක්
හිදින්නෙමි මග බල බල...
එය ආත්ම ගණනක් වුවද...
කම් නැත,
මෙයයි ඇත්ත ආදරය.....

Saturday, April 16, 2011

අරුන්දතී 9 වන කොටස

9 ප්‍රතිචාර | Read more...
චමියා... උ..ඹට... මම උදේ කිව්වා නේද යකෝ...  සුදු නංගා එනවා කියලා... ඒකල්ලත් .. චීක්... උඹ කොහොමද ඒ වගේ බලු වැඩක් කලේ.....
චාමීන්ගේ කම්ස කොලරයේ එල්ලීගෙන ඉසංක ගුගුරද්දි  තාරුක වහා පැන ඉසංකගෙන් චාමීන්ව ගලවා ගත්තේය . චාමින් උන්නේ සිදුවූ දෙය අදහාගන්නට බැරිවය.....

ඉසා උඹට පිස්සු හැදිලද ඇයි යකෝ මේ.... මේ තරම් තද වෙන්න දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ.  චාමීන් දෙසට වියරුවෙන් පනින්නට උත්සහ කරන ඉසංකව වත්තන් කරගනිමින් තාරක කීවේය.

අහලා බලපන් තරූ මුගෙන් මම උදේම මුන්ට නංගා ගැන කියලා කව්වා රැග් කරන්න  එහෙම එපා කියලා... පව් අහිංසක කෙල්ල.. උඹලට දුක හිතුනේ නැද්ද යකෝ.... ඉසංක දත්මිටි කමින් යලිත් චාමීන් දෙසට පනින්නට උත්සහ කලත් තාරුක ඔහුව දැඩිව අල්ලාගෙන උන්නේය..

විශ්වාස කරපන් ඉසා උඹගේ නංගි රන්දනා තමයි අපිට ඒ කෙල්ලව පෙන්නුවේ අළුතින් ආවේ ගානට වැඩියි කියලා.. සිදුවු කිසිවක් අදහා ගන්නට නොහැකිව උන් වාමීන් සාවදානව කීයද්දී.. ඉසංක විස්මයෙන් දෑස් දල්වාගෙන් ගල් ගෑසී උන්නේය..

රන්දු... මේ අපේ නංගී......??? ඉසංක පරාජිතව මිමිණිවේය.. රන්දනා ගේ නම කියැවුනු බැවින් ඉංසක මිතුරන් ඉදිරියේ මහත් ලැජ්ජාවට පත්වු බවක් ඔහුට දැනිනි.

මටත් හිතා ගන්න බැරි ඒක තමයි ඉසා.. මම බොරුකියනවනම් අහපන් නමාගෙනුයි ප්‍රගියා ගෙනුයි. සත්තයි මචෝ රන්දු කියපු නිසා තමයි අපි සීන් එකට බැස්සේ.. රන්දු කීවේ හැටියට අපි හිතුවේ පරාල ඇණයක් කියලා...
චාමීන් කියාගෙන යද්දී ඉසංකත් තාරුකත් මුහුණට මුහුණ බලා ගත්තෝය..

මට සමාවෙයන් චමී... පරාජිත ස්වරයකින් මිමිනූ ඉසංක චාමීන්ගේ උරහිස මත සුරත තමා තද කලේය.

පිස්සුද ඉසා.. මම තරහා නැහැ.. ඒත් උඹ බලපන් ටිකක් මොකක්ද නංගිලා දෙන්නා අතර කේස් එක කියලා.. හැබෑට කවුදෑ.. මේ වන්දනා.. චාමීන් අමනාපයකින් තොරව ඇසුවේ ඉහි මරමිනි.

අපේ ලොකු මාමාගේ දුව මාස හතරකට කලින් මාමා නැති වුනා, නංගි දැන් අපි එක්ක අපේ ගෙදර ඉන්නේ.. ඉසංක කීවේ තාරුකද නොඉවසිල්ලෙන් දැන ගෑනීමට උන් කරුණකි..

ඒ කියන්නේ  සුරංගනාවිගේ නම වන්දනා.. ඒයා ඉසංකගේ ඇවැස්ස නෑනා.. දෙ..වි..ය.නේ.. ඉසංක මේතරම් වන්දනා ගැන ආදරෙන් කතා කරන්නේ දැනටමත් නැනණ්ඩිව අයිති කරගෙනද.. නෑ.. නෑ.. එහෙම වෙන්න බැහැ.. ඒහෙනම් පොර අර බාලිකාවේ කෙල්ලට සීන් කරන්නේ නැහැනේ.... තාරුක සිතින් තමාටම මුමුණා ගත්තේය....
***********************************************************************

පාසැල හා නිවස අතර  එතරම් දුරක් නොවුයෙන් දිනපතා තාරුකත් ඉසංකත් ආවේ ගියේ පා ගමනිනි. රන්දනාත් ඇගේ යෙහෙලිය වු නිශාදීත් සමග ඔවුන් හා එක් වූවෝය..  එහෙත් මෙදින පාසැල නිමවු විගස රන්දනා අයියලා මගහැර නිශාදි සමග ඉක්මන් ගමනින් පාසැල් ගේට්ටුවෙන් පිට වුවාය.. රන්දනාත් අයියාත් සමග නිවසට යන්නට උන් වන්දනා රන්දනා මගහැර ගියෙන් පාසැල් ගේට්ටුව අසල අසරණව බලා උන්නාය.

ඇයි රන්දු අයියලාට කට් එක දැම්මෙ... අතර මගදී නිශෘදි විමසිලිමත් වුවාය..
නෑ බන් එයාලා එක්ක ආවානම් අර වාත කේස් එකත් සෙටි වෙනවනේ අද ඉදන්.. රන්දනා නොසැලකිලිමත් ලෙස කියා ගමන ඉක්මන් කලාය..

වාත කේස් එක කීවේ...

අර ගොඩේ කෙල්ල වන්දනා.. රන්දනා තරහින් කිවාය

පිස්සුද බන් මට නම් ඒ කෙල්ලගේ ගොඩේ කමක් පේන්නේ නැහැ ඒයාගේ වෙනස්ම ලස්සනක් තියෙන්නෙ.. ගැමි ලස්සනක් ඒක ගොඩේ කම නෙවෙයි.. නිශාදි අවංක හඩකින් කියද්දී රන්දනා තරහින් පිපිරෙමින් ඇය දෙස බලා සිටියාය.

ඇත්තද... එහෙනම් නැවතිලා ඒ අයත් එක්කම ආවානම් හරිනේ. යි කියා කේන්තියෙන් කී වන්දනා වේගයෙන් ඉදිරියට ඇවිද ගෙන ගියාය.

 ඒයි රන්දු... ඔකට ඔය හැටි තද වෙන්න ඔනිද... මොකක්ද බන් මම කීවේ මගේ අදහස.. උඹට ඔය හැටි ඩෝන් යන්න දෙයක් කීවේ  නැහැ. නිශාදි රන්දනා පසුපස දිව යමින් කීවාය..

පාසල අසල තනිවි සිටි වන්දනා දෙනෝහාහක් සිසුන් අතරේ අතරමන්ව ඉසංකව සෙවිවාය.. නන්නාදුනන මාවතක යන්නට නොහැකි කමින් ඇය ඉසංක එනතුරු බොහෝ වේලාවක් ගේට්ටුව අසල රැදුනාය..

සුදු නංගී.. න්නාදුනන සිසු සිසුවියන් අතරින් ඉසංකගේ හඩ ඇසී වන්දනා ඒ දෙසට හැරුනාය. සිනාසෙමින් තමන් දෙසට එන පොඩි අයියා දෙස වන්දනා ලෙන්ගතු සිනහවක් සමග බලා සිටියාය.. ඉන් හිරිවැටිගියේ ඒ සමග එමින් උන් තාරුකයි.

කෝ රන්දු.. ඉසංක වට පිට බලමින් විමසුවේය...

ගියා අයියේ....

මොකක්...?? ඔයාව තනියම දාලා එයා ගියාද... ඉසංක විමතියෙන් දෑස් පුරවාගෙන අසද්දි වන්දනා නිහඩව හිස සැලුවාය.. අයියාත් සමග උන් තාරුකව ඇ‍ය දුටුවේ එවිටයි.. විවේක කාලයේ සිදුවීම මතක් වී ඇයට සියුම් ලැජ්ජාවක් දැනිනි.

සුදු නංගා .. මම දන්නවා දවල් වුනු දේ.. ඔයා බය උනාද... පාසැල පසුකර නිදහස් මාවතට පිවිසෙද්දී තාරුක වන්දනාගේ මුහුණට එබෙමින් ඇසුවේය..  කිසිත් නොකී වන්දනා මුහුණ බිමට නැඹුරු කරන් ගමන් කලාය.. තමා නොකීවාට  ලග සිටින මිතුරා අයියාට සියල්ල කියන්නට ඇති බව ඇයට හැගිනි..

ආයේ එහෙම වෙන්නේ නැහැ .. මම ඉන්නවානේ.. තාරුක වන්දනාගේ හිස පිරිමැද කියද්දි තාරුක හිරිවැටී ගියේය..

මම හිතපු දේ හරි.. තාරුක තමාටම මුමුනා ගත්තේය.  ඉසංකගේ ආදරණිය හැසිරිම්  නිසා  ඉසංකත්  වන්දනාත්  පෙම්වතුන් යැයි වරදවා වටහාගත් තාරුක සිත රිදවා ගත්තේය.. ඔහුට ඉක්මනින් තනිවන්නට උවමනා විය.. මචං ඉසා මම බාප්පි ක්ලාස් කරන තැනට යන්න ඔනි.. මම මෙතනින් හැරෙන්නම්... යි කියා බොරුවක් ගොතාගත් තාරැක ඉසංකත් වන්දනාත් මගහැර ගියේය...
ඉසංකත් වන්දනාත් නිවෙස අසලට යත්ම වන්දනාද ගේට්ටුවෙන් වත්තට ඇතුලු වුවාය.
ආ..අර ඉන්නේ යක්ෂ කෙල්ල... ඉසංක අත් මිටිමොලවාගෙන දත්මිටි කෑවේය.

අනේ වදින්නම් අයියේ.. අක්කා එක්ක මම නිසා රන්ඩු වෙන්න එපා.. මේක මෙතනිත් අමතක කරන්න වන්දනා ඉසංකගේ සුරතේ එල්ලී බැගැපත් වුවාය.

Thursday, April 14, 2011

ලග්නයට අනුව ලැබුවා වූ වසර ඔබට.....

23 ප්‍රතිචාර | Read more...
1. මේෂ
          මෙම වසර මේෂ ලග්න හිමි ඔබට සියලු ලෙඩ රෝගයන් වැළදී දුක් පීඩා විදීමට සිදුනොවන, වලි කොකු වලින් බර නොවනු ප්‍රීතිමත් නව වසරක් වේවා.. තවද සිංගල් අය ඩබල් වන, ඩබල් වුනු අය සිංගල් නොවෙන, ලියන ලියන විභාග සීය දාන රැකී රක්ෂා කටයුතු සාර්ථක වන එලකිරි වසරක් වේවා...


2. වෘෂභ
          වෘෂභ ලග්න හිමි ඔබට මේ උදා වන නව වසර ඉතාමත්ම සුභදායක වීමටත් කිරි හා පැණි උතුරා කුඹින්ගෙන් සිදුවන හානි සිදු නොවීමටත් කිරි හා පැණි කෙසේ වෙතත් සාමය හා සතුට උතුරා ගලා යන වසක් ‍වීමටත් මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙමින් පෙම් සිතුම් පහල වී අධ්‍යාපන, රැකී රක්ෂා කටයුතු සාර්ථක වීමටත් මංගල කටයුතු සාර්ථක වන මඤඤං නොවූ වසරක් වේවා..!


3. මිථුන
          මිථුන ලග්න හිමියන්ට සුබ ග්‍රහඵල ලබාදෙන ප්‍රීතමත් ප්‍රබෝධමත් වසරක් මෙන්ම ගෙවී ගියා වූ වසරට වඩා ඉතා සර්ථක ලෙසින් සියලු කටයුතු සාර්ථක වන හිතමිත්‍රාදීන්ගේ උදවු උපකාර සහායොගයන් පැසසුම් අරවා මේවා ඔක්කම ලැ‍බෙන සුබ නව වසරක් වේවා...!


4. කටක
          කටක ලග්න හිමියන්ට මේ වසර මුල් භාගයේ සිට අග භාගය දක්වාම අතේ මිටේ යහමින් මුදල් ගැවසෙන, ඒවා වියදම් කරන්න සිත්දෙන, කරන කියන සියලු කටයුතු සාර්ථක ‍වන ප්‍රීතිමත් මැක්සා නව වසරක් වේවා..!


5. සිංහ
          සිංහ ලග්නය කොටගත් සියලු බ්ලොග්කරුවන්ට මැක්සා පෝස්ට්ස් ලිවීමට හැකි වන, එම පෝස්ට්ස් වලට සට සට ගා කමෙන්ට්ස් වැටෙන කරන කියන සියලු දෑ සාර්ථක වන සිතේ සතුට පිරි හදේ උතුරා ගලා යන ආදරය සමඟ සුබ නව වසරක් වේවා..!


6. කන්‍යා
          කන්‍යා ලග්න හිමි ඔබට මේ වසරේදී මල්පිට මල් සැලෙන දිගු මාවත් වල බියෙන් සැකෙන් තොරව අණතුරු පීඩා වලින් තොර හිතේ පැතුම් ඉටුවන සිරි සුබ නව වසරක් වේවා...!


7. තුලා
          ඉර හඳ පායන ලෝකේ දුක සැප සමබර වී වසර පුරා කිර කිරා ඉන්න නොවෙන ප්‍රීතිමත් සාර්ථක යුග දිවියක්  හා සාමය සතුට පිරි නව වසරක් වේවා...!


8. වෘශ්චික
          වෘශ්චික ලග්නය හිමි ඔබට සොර සතුරු රෝග විපත් වලින් තොර සියලු කටයුතු සාර්ථක වන කෙල්ලන් නොමැති කොල්ලන්ට කෙල්ලන් සෙට් වෙන, කොල්ලන් නැති කෙල්ලන්ට කොල්ලන් සෙට් වෙන* , ‍ෆෝන් එක දිහා බලද්දී අදාල අයගෙන් කෝල් එකක් SMS එකක් එන ප්‍රීතියෙන් හා සාමයෙන් ගත වන සුබ නව වසරක්වේවා..!


9. ධනු
          ධනු ලග්නය හිමි ඔබට මෙම වසර අත පිරෙන්න සල්ලිත් හිත පිරෙන්න සතුටත් ලැ‍බෙන සියලු කටයුතු ඉතාමත් සාර්ථක වෙන සුබ නව වසරක්වේවා...!


10. මකර
          මකර ලග්න හිමියන්ට මෙම ලබුවා වූ නව වසර ඉතාමත් සුබදායි මෙන්න සියලු කටයුතු සාර්ථක වන්නවා වූ නීරෝගී සුවය ලැබෙන්නා වූද, බෑ බෑ කිය කියා ඉන්න විවාහ කටයුතු ඉක්මන් වන, මනමාලියන් නැති මනමාලයන්ට මනාලියන් හමුවෙන, මානමාලයන් නැති මනමාලියන්ට මනමාලයන් හමු වෙන ප්‍රීතිමත් නව වසරක් වේවා..!!


11. කුම්භ
          කුම්භ ලග්න හිමියන්ට පෙරේත කුම්භාණ්ඩයින් සෙට් නොවන යහපත් යාලුවෝ සෙට්වෙන කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන සිතන පතන යහපත් දේ ලබාගන්න හැකිවෙන සුබ නව වසරක්වේවා..!


12. මීන 
          මීන ලග්නය හිමි සියලුම දෙනාට නොම්බරය වැරදුනු රීලෝඩ් ලැබෙන, මල් කඩද්දී නෙට්වර්ක් බිසී නොවන, කෝල් කරද්දී වේටින් නොවැටෙන සියලු කටයුතු සාර්ථක වෙන සුබම සුබ නව වසරක්වේවා..!




මේ සියලුම දෙනාට කරන කරන ප්‍රාර්ථනාවන් ඉටුවන, අවුරුද්දම සුබම සුබ කරගන්න හැකියාවක් ලැබේවායි අක්ෂර අපි ඉතසිතින් ප්‍රාර්තනා කරන්නෙමු..


(* කොල්ලන් නැති කෙල්ලන් කරුණා කර පහතින් සටහනක් යොදා යන්න. අක්ෂරයේ සියලුම කොල්ලන් Available ය)

Tuesday, April 12, 2011

සිහිනෙක දැවටී ..

20 ප්‍රතිචාර | Read more...

සිතුම් බැහැර කර..
සිර කරමි මා සිත..
සිහිනෙක දැවටී ..
අයාලේ යන..

නෙත් බැලුම් සගවා..
යොමමි වෙනතක..
හඹන ඔබෙ නෙතු..
හිතට නොදැනිම..

වචන සිර කර..
අගුලු දමමි මුව..
වදනකින් වුවද..
ආලය අයදින...

එකග නැතිමුත්..
සගවමි ප්‍රේමය..
දිගින් දිගටම..
ඔබව ඉල්ලන..

Monday, April 11, 2011

වටිනාකම

10 ප්‍රතිචාර | Read more...
කදුලු නෙතු අදුරු කර..
දෙතොල් වියලි කර,,
දැත් සිතල කර..
ගලා ගොස් ..
නොනවතින කිසිදින...
මේ දැස් කදුලු බිදු..
නොනවතියි කිසිදින..


කලෙක උන්නා කෙනෙකු..
පිහිදන්නට කදුලු දැගිලි මතින් ගෙන ..
අද නොමැත ඔහු ලගින් මා...
පිහිදන්නට නොනවතින මේ කදුලු බිද..
හිදිනවා අද කෙනෙකු..
පිටස්තරයෙකු මෙන් නොදැනි..
ඔහුට නොදැනෙනවා මා කදුලු..
දැනුනද හිදිනවා ඔහු...
නොදැනුනා සේ....
කලක අගයක් කෙනෙකු හට දැනුනද..
අද හිදින්නා හට..
අරික්කාලක වටිනාකමක් නොමැති වි..

Wednesday, April 6, 2011

මගේ හදවත මිය ගොසින්

11 ප්‍රතිචාර | Read more...



මා එක් දිනක්...
ඇය තුරුලෙහි වෙලී...
ඇගෙ උණුසුමින්
මන් මත් වී සිටියා
මම එදින ඇයට
ආදරේ කීවා...
ඇයත් මා හට
ආදරේ කීවා....

ආදරය සුන්දරයි
සුන්දර වුවත්
එය දුක්බරයි...
මට එය නොවැටහුනා නොවේ
මගෙ සිත එය කීවත්
මා එය සගවා ගත්තා....

සතුටයි අපෙ ජීවිතේ
එය තවත් වැඩි උනා
පුතෙක්,
ලස්සන පුතෙක්
අපේ ගෙදර
කල එළි කලා

උදෑසන මා....
නින්දෙන් අවදි වූ විට
ඒ ඔක්කොම මායාවක්
මිරුගුවක්....
ඇත පේන ක්ෂිතිජයක්....
මා සෑදූ අහස් මාලිගය
මා දෙනෙත් ඉදිරියේ
සුනු විසුනු වී යනවා....

සොදුරු රටාවන් මවමින්
ගලනා කදුලක්....
ඔබ හින්දා.....
ඇස ලග රැදුනත්
එය සගවාගෙන
අද මා සැරසී....
මල් කලඹක් අතට ගෙන
ඇගේ ගෙදර යනවා

මා කුමක් කරන්නද
මාගේ ප්‍රාණය පණ අදිමින්
නැවතත් විරහවක් දරාගත නොහැකි තරමට
මාගේ හදවත මැරී ගොසිං
අද ඈ හා මාගේ මිතුරා
අතිනත ගන්නා මොහොතේ
මා නිහඩව හඩමින්
මම ඔවුනට සුභ පතමි

මා ආදරෙයි
ඔබ කවදා හෝ
මාවෙත නොඑනා නමුත්
හැමදාමත් ආදරෙයි
එනමුත් එය මාගේ හදවතේ
සැමදා රහසක් වෙයි
එය සැමදාම රහසක් වේයි

ඇයි හිනා වෙන්නෙ?

2 ප්‍රතිචාර | Read more...

Sunday, April 3, 2011

සයිබර් සිහින බක්මහ උළෙලේ අපි.

12 ප්‍රතිචාර | Read more...

ඕන්න ඉතිං සයිබර් සිහින බක්මහ උළෙලත් පැවැත්වුනා. අක්ෂර වාසීනුත් සහබාගීවුන සිහින බක්මහ උලෙළ මට නම් අපූරුම අවස්ථාවක්. නොදුටු නමුත් කතා බහ කර ඇති බොහෝ දෙනෙකු හම්බවෙන්න අවස්ථාව හම්බුනා. “ෂා ඒකනම් පට්ට“


හරි හරි මං ඉතිං කියන්නං කො අපේ අකෂර සමාජිකයන්ට මේ බක්මහ උළෙලේදි සිද්ද වෙච්ච දේවල්.
මමයි(පොඩි මහත්තයා)
ළමයයි
චේ යි
සීතලයයි
හම්තුම් අයියයි
හාවායි(බනියා)
රත්ගමයයි(කුප්පයා)
සිඳංගනා අක්කයි
නිරංජි අක්කයි
තමයි අද උත්සවේට සහබාගී වුනේ.


ඉතිං අපේ සැටාර් එක ගිය තැන මඩ වගුරක් කොරගෙන එහාට මෙහාට කෙල ගන්නා සේම අදත් එමමයි. හරිම අපූරු සිද්දි රැසක්ම සිද්ද වුනා. අපේ හා පැටියනං පටංගන්න කලිං ඉදංම උන්නැහැගෙ අර පින්තූර මැසිම කරේ එල්ලගෙන හැරෙන හැරෙන පැත්තට පින්තූර ගහනවා..( ඔය අස්සෙ මොන මොන ජංජාල පිංතූර ඇතිද මංද).
මං උත්සවේට සහභාගිවෙන්න හිතාගෙන අපේ මීරිගමින් මෙහේට යන සැටාර්(සැටාර් කිව්වට පස් දෙනයි) එකත් එක්ක එක්කාසු වෙලා කොච්චියෙං ගොහිං කොටුවෙං නැගපි බස් එකකට. බහින තැන හරියට නොදන්න හංද කොන්දට කිව්ව හරි තැනිං බස්සහං කියල. මේකා ඉතිං වැඩි පුර රු 2කුත් ඒ සඳහා එක් අයකුගෙන් අයකොරගෙන දැං යනවා. ඕං විනාඩි 5ක් යන්න හම්බුන්නෑ මූ එකපාරටම බස් එක නවත්තල කියපි ආ හරි මල්ලිලා බැහැගන්න කියල. අපිත් ඉතිං බැස්සා. බැහැල බැලින්නං පිට්ටනියක් තියා එහෙම සේයාවක්වත් අහල පහල නෑ. අර බස් කාරයත් ඉතිං ගියායි කියමුකො අපිත් එහාට මෙහාට ඇවිදල පිට්ටනියක් නැති තැන බලධාරීන් අමතල බැලින්නං මේ වෙන කොහෙද තූත්තුකුඩියක අපිව බස්සල තියෙන්නෙ අර !@$%& කොනද. අයෙම ඉතිං ඌට බැන බැන බස් එකක නැගල අදාල තැනට ඇවිත බහිද්දි 9ට විතර ඇති. ඉතිං මං එනකොට නුවර ඉඳං ආපු සෙටාර් එකත් එක්ක ළමයයි, සිදංගනා අක්කයි ගොඩ බැහැල. දොරටු පාලට උන්නෙ නං වැප් නිශාන්ත අපි කවුරුත් හොදිං අඳුර බස් ඩ්‍රැයිවර්.


ඕං පිට්ටනියට ඇතුල් වෙච්චි හැටියම සූටි කෙල්ලෙක් දුවගෙන ඇවිත් “මේ පොඩි මහත්තය නේද?“ කියල අහල අතට අත දීපි. මං අන්දුං කුන්දුං. මං දන්නවෑ මේ කවුද කින්ද මන්ද කියල. හිහ් හිහ්.....
මං ඉතිං ඒ බවක් පෙන්නන්නැතුව විස්තර අහල බැලින්නං ඒ අපි මේ කවුරුත් දන්න හසී අක්ක වෙච්චි. එයිං ඒ සංසිද්දිය ඉවරයි (වැදගත්= මේ කියනට හැදුවෙ පොඩි මහත්තය මහා පොරොසිද්ද චරිතයක් කියල හෙම නෙමේ හරිය)ඊට පස්සෙ ඉතිං චේ ඇතුලු පිරිස සහ හම්තුම් ගොයියත් කඩාපාත් වුනා.
එතකොට කුප්පයා????
       ආහ්... මේ කුප්පය කොළඹ කරක්ගහල නැති හංද තනියෙං එන්න බයයි කියල උන්දැගෙ ප්‍රියම්බිකාවත් විසින් මග පෙන්වන ලදුව දිවා ආහාරයට මදකට පසු සැපත් වුනු බව විසේසෙන්ම කියන්ටෝන. අපි ඉතිං මිනිහට වතුරෙං හෙම සංග්‍රහ සත්කාර කරල ජෝඩුවත් එක්කම ඇතුලට ගත්ත (නැත්තං හරි නෑහ් නේ)


දැං ඉතිං අපේ සැටාර් එකත් ඔය තිබ්බ එක එක ක්‍රීඩා වලට සහබාගි වෙනවා. මුලින්ම ඕං හා හා පුරා කියල බනිස් කන්න හිතාගෙන (උදේ වරුවෙ කොච්චර කෑවත් ළමයගෙ බඩ පිරෙන්නැතෙයි කිව්ව නිසා බනිස් කන්න ගියේ) අපිත් ඉතිං ඒ ඉසව්වට නම් ගම් හෙම දීල ලැස්ති වුනා. (තරඟ සංවිධායක තුමා ලසිත බෙනරගම අයියා) කොච්චර හරි ඉතිං කන්න බොන්න නං අපේ සැටාර් එකට බෑ මනෙ. ඕං මායි, ළමමයි, සීතලයයි, චේ යි, හම්තුමුයි බනිස් කෑවමයි කියමුකෝ.... ආ අපේ මාරයා අයියත් බනිස් කෑව... අපි ඉතිං හදිස්සියක් නැතුව උදේට බනිස්වලිං සප්පායං වුනා. (අව්වට වේලිච්ච ගතිය නැත්තං සීනි බනිස් ගෙඩිය පංකාදු පහයි. ඕක ආය උඩ එල්ලල දුන්නැත්තං මං කාල පෙන්නනව හිහ්) බනිස් වලිං බඩ පුරෝගෙන හෙම අපි එද්දි ඒක දිනපු ඈයින්ට තෑගිත් දීල හමාරයි මයෙ හිතෙ. ;)
ඔය අස්සෙ චේ කාරය ඔලුවෙනුත් බනිස්කාපු හන්දද මංද සීනි ඔලුවෙ හිටං. අපේ කට්ටියනං කීවේ අර ඇඹලයින් වහන්නෙ සීනි වල හංද චේගෙ ඇඟෙ මේ අති රිත්ත සීනි කැට ඉතුරු වෙන්න ඇතියි කියල.
ඕං ඒක හමාර වෙලා සැටාර් එක ඊලඟට බැස්සෙ සංගීත තොප්පි තරඟෙට. මාත් ඉතිං ගොහිං හිටගත්තා. නැත්තං හරි නෑ නෙ.
ඒකත් බොහෝම විනෝද ජනක ඉසව්වක්. ඕං සංගීතෙට අනුව තොප්පිය මාරුවෙනවා.... මාත් ඉතිං වැඩේ අල්ලගෙන හිටිය. කොහෙද අනිච්චාවත සංඛාරා කියන්නෙ අපේ අභිත අයියට ඕනැ වුනානෙ පොඩි මහත්තයගෙන් වචන ස්වල්පයක්. ඒ කොරල තොපිපය වැටුනා විතරයි පොඩි මහත්තය එලියෙ.(වැදගත් ඒ වෙනකොට ළමය එළියෙ. සිදංගනා අක්කයි හාවයි තව කීපදෙනෙකුයි විතරයි වැඩෙ අල්ලං යන්නෙ)
අනේ අවාසනාවක මහත. සිදංගනා අක්කත් එලියට වැටුනා ඊලඟට. හහ්. අපේ හාවා, මාර හැකියාවක් තියෙන්නෙ තොප්පි දාල. අන්තිමේදි හාව නෙව සංගීත තොප්පියෙං දින්නෙ. 


ඔං මේ වෙනකොට අපේ අලුත් වෙඩිම ඇවිත් (කුප්පයයි + කුප්පකමක් ගෑවිලාවත් නැති කෙලි පොඩ්ඩකුයි)
ඉතිං කුප්පයට ඕනැ වුනා තුන්පා දුවන්න. අපිත් ඉතිං ගිහිං මිනිහට හුරේ තිබ්බට මොකද කකුල බැන්දයි කියල මූ දුවන්න බෑ කියපි නෙ. මහ කුප්පයා. (පැරදුනාට පස්සෙ කියන කතා)


ආ ඔය අස්සෙ කුප්පයවයි අපේ චේ කුමාරයයි සිහින කුමාරයට දාල හෙම ඒ තරඟෙ පටං ගත්තෙ නැතැයි. හොදම හරිය ඒකෙ. චේ කාරය කලියෙංම තරඟෙ විනිස්චය කොරන්න ආපු අර චීස් කෑල්ලක් වගේ සුදු පාට අක්කට ඇහැක් ගහල නම්මගෙන. අනේ හපොයි අපේ ඉරුවගේ බලාපොරොත්තු (මිනිහා හිතාන උන්නෙ සිහින කුමාරය වෙලා අර එක්කං ආවයි කිව්ව කෙලි පොඩ්ඩට වැඩ කිඩ පෙන්නන්න නෙව)
ඉතිං අපේ මර හූ තැබිල්ල මධ්‍යෙය් එක එක වැඩ කෑලි ටිකක් දාල චේතනය සිහන කුමාරය වුනා. මොකක් වුනත් ඉතිං අපේ එකානෙ (ඇඹලය කියල මකන්නැයි) අපිත් ඉතිං හුරේ දාල මිනිහව උස්සල තිබ්බා. ඔය අස්සේ සීතලයට විවිධ කතා හැදීගෙන එනව. අනේ මංද ඉතිං ඔව්ව මේ පොරොසිද්දියෙ කියන එක හරි නෑ නොවැ. ඉස්සිත් ඉතිං මෙව්ව බලනව නැතැයි නේද.
ඒ අස්සෙ රත්ගමයට හෙන උවමනාවක් තිබුන ඌට කියාගන්න බැරි වෙච්චි දේවල් අපි ලව්ව අර පොඩි කෙල්ලට කියා ගන්න. හැහ්. අපිත් ඉතිං අතෑරියෙ නෑ. ඒ මගුලත් ජෝඩු කොරලම දුන්න. අනේ ඒ හන්දම මිනිහට අද අමරණීය දවසක් ලු. හිහ් හිහ්. එහෙම එහෙම හරි ඉතිං කට්ටිය ගොඩ යන එක ගැනත් අපි සතුටුයි.


තව ඉතිං අපේ කට්ටියගෙ කට්ට වෙට්ට කෛරාටික පට්ටම ආතල් වැඩ කිඩ තිබුනා. එව්ව ඉතිං මෙතන කියල වැඩක් නෑ නොවැ රසවිඳලම බලන්නැතුව නේද....


ඉතිං මේ සයිබර් සැනකෙලිය සංවිධානය කරපු අපේ අභීත අයියා අතුලු සංවිධායක මණ්ඩලේට නං විසේසෙංම ස්තූතිවන්ත වෙන්ටෝන. අභීත අයියට මේව්ව වගේ හීන දිගං දිගටම පෙනේවායි සුභ පත්නටත් ඕන.


ආ තව එකක් අපේ ඉලංදාරියත් අද ඇවිත් උන්න. ඉතිං ඉලන්දාරියට ආධාර පිණිසත් තමයි මේ වැඩ සිද්ද වුනේ.


එහෙමනං මගේ කතාව අවසානයි බලා සිටි ඔබ සැමට ස්තූතියි.....


ප.ලි. පිංතූර බලන්ටෝන ඈයින්ට අපේ බනිය ඕං මූනු පොතේ පින්තූර දානවලු. පින්තූර ගනිපු අනිත් අයත් එව්ව මූනු පොතට දායි.

Saturday, April 2, 2011

එක දවසක් හැන්දෑවක - අතුල අධිකාරි (සින්තටික් සිහිනය)

0 ප්‍රතිචාර | Read more...

එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්, මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන, නිල් පාටින් පායා දිලෙන


සිහිනයක ගිලී මා සිටියා
කව්රුදෝ ඇවිත් දොර බිදිනා විට
සුලන් පොදක් වත් හැරුනු දොර පියනින් ආවානම්
සිහිනයේ සුව අරන්, නන්නාදුනනා දෑසක්
නිවී නිවී දිලිසුනා මොහොතක්
සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන, ඈ සිටිනා විට මා අසල
ඈ සිටිනා විට මා අසල


එක දවසක් හැන්දෑවක....


මා අසල ලැඟුම් ගනු පෙරතුව
මාතුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුනා
මාතුලම මා නොවන පිටස්තරයකු සිටිනා වග
ඔබේ පෙම මා හටද, මා නොවෙනා ඒ අමුත්තා වෙතද
ඔබේ පෙම මා හටද, මා නොවෙනා ඒ අමුත්තා වෙතද
මා නොවෙනා ඒ අමුත්තා වෙතද
මා නොවෙනා ඒ අමුත්තා වෙතද....

මතකද යුගයක..

5 ප්‍රතිචාර | Read more...
සැන්දෑ සමයක..
මතකද යුගයක..
සටහන් කල අපි..
පියවැල් වෙරලක...

අත්වැල් පැටලුන..
මතකද ඒ දින...
වින්ද දසුන් අපි..
සොදුරු වෙරල ඉම..

තරුණ දෙහදක..
මියුරු මතකයන්..
ගෙවුන පැයවල්..
මේ වෙරල දිග..

මැකුනත් පියවැල්..
නොමකෙන පැතුමන්..
පැතුවා මතකද..
ක්ෂිතිජය සේ දුර..

අදත් එලෙසමයි..
ප්‍රේමය පෙර සෙයි..
ගෙවී ගොස් දින..
මහලු වී අප..

යොමමු නෙත් යුග...
පුරුදු ක්ෂිතිජෙට...
තබමු සටහන්..
පිවිතුරු ප්‍රේමෙක...