ලග්නයට අනුව ලැබුවා වූ වසර ඔබට.....

Thursday, April 14, 2011

1. මේෂ
          මෙම වසර මේෂ ලග්න හිමි ඔබට සියලු ලෙඩ රෝගයන් වැළදී දුක් පීඩා විදීමට සිදුනොවන, වලි කොකු වලින් බර නොවනු ප්‍රීතිමත් නව වසරක් වේවා.. තවද සිංගල් අය ඩබල් වන, ඩබල් වුනු අය සිංගල් නොවෙන, ලියන ලියන විභාග සීය දාන රැකී රක්ෂා කටයුතු සාර්ථක වන එලකිරි වසරක් වේවා...


2. වෘෂභ
          වෘෂභ ලග්න හිමි ඔබට මේ උදා වන නව වසර ඉතාමත්ම සුභදායක වීමටත් කිරි හා පැණි උතුරා කුඹින්ගෙන් සිදුවන හානි සිදු නොවීමටත් කිරි හා පැණි කෙසේ වෙතත් සාමය හා සතුට උතුරා ගලා යන වසක් ‍වීමටත් මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙමින් පෙම් සිතුම් පහල වී අධ්‍යාපන, රැකී රක්ෂා කටයුතු සාර්ථක වීමටත් මංගල කටයුතු සාර්ථක වන මඤඤං නොවූ වසරක් වේවා..!


3. මිථුන
          මිථුන ලග්න හිමියන්ට සුබ ග්‍රහඵල ලබාදෙන ප්‍රීතමත් ප්‍රබෝධමත් වසරක් මෙන්ම ගෙවී ගියා වූ වසරට වඩා ඉතා සර්ථක ලෙසින් සියලු කටයුතු සාර්ථක වන හිතමිත්‍රාදීන්ගේ උදවු උපකාර සහායොගයන් පැසසුම් අරවා මේවා ඔක්කම ලැ‍බෙන සුබ නව වසරක් වේවා...!


4. කටක
          කටක ලග්න හිමියන්ට මේ වසර මුල් භාගයේ සිට අග භාගය දක්වාම අතේ මිටේ යහමින් මුදල් ගැවසෙන, ඒවා වියදම් කරන්න සිත්දෙන, කරන කියන සියලු කටයුතු සාර්ථක ‍වන ප්‍රීතිමත් මැක්සා නව වසරක් වේවා..!


5. සිංහ
          සිංහ ලග්නය කොටගත් සියලු බ්ලොග්කරුවන්ට මැක්සා පෝස්ට්ස් ලිවීමට හැකි වන, එම පෝස්ට්ස් වලට සට සට ගා කමෙන්ට්ස් වැටෙන කරන කියන සියලු දෑ සාර්ථක වන සිතේ සතුට පිරි හදේ උතුරා ගලා යන ආදරය සමඟ සුබ නව වසරක් වේවා..!


6. කන්‍යා
          කන්‍යා ලග්න හිමි ඔබට මේ වසරේදී මල්පිට මල් සැලෙන දිගු මාවත් වල බියෙන් සැකෙන් තොරව අණතුරු පීඩා වලින් තොර හිතේ පැතුම් ඉටුවන සිරි සුබ නව වසරක් වේවා...!


7. තුලා
          ඉර හඳ පායන ලෝකේ දුක සැප සමබර වී වසර පුරා කිර කිරා ඉන්න නොවෙන ප්‍රීතිමත් සාර්ථක යුග දිවියක්  හා සාමය සතුට පිරි නව වසරක් වේවා...!


8. වෘශ්චික
          වෘශ්චික ලග්නය හිමි ඔබට සොර සතුරු රෝග විපත් වලින් තොර සියලු කටයුතු සාර්ථක වන කෙල්ලන් නොමැති කොල්ලන්ට කෙල්ලන් සෙට් වෙන, කොල්ලන් නැති කෙල්ලන්ට කොල්ලන් සෙට් වෙන* , ‍ෆෝන් එක දිහා බලද්දී අදාල අයගෙන් කෝල් එකක් SMS එකක් එන ප්‍රීතියෙන් හා සාමයෙන් ගත වන සුබ නව වසරක්වේවා..!


9. ධනු
          ධනු ලග්නය හිමි ඔබට මෙම වසර අත පිරෙන්න සල්ලිත් හිත පිරෙන්න සතුටත් ලැ‍බෙන සියලු කටයුතු ඉතාමත් සාර්ථක වෙන සුබ නව වසරක්වේවා...!


10. මකර
          මකර ලග්න හිමියන්ට මෙම ලබුවා වූ නව වසර ඉතාමත් සුබදායි මෙන්න සියලු කටයුතු සාර්ථක වන්නවා වූ නීරෝගී සුවය ලැබෙන්නා වූද, බෑ බෑ කිය කියා ඉන්න විවාහ කටයුතු ඉක්මන් වන, මනමාලියන් නැති මනමාලයන්ට මනාලියන් හමුවෙන, මානමාලයන් නැති මනමාලියන්ට මනමාලයන් හමු වෙන ප්‍රීතිමත් නව වසරක් වේවා..!!


11. කුම්භ
          කුම්භ ලග්න හිමියන්ට පෙරේත කුම්භාණ්ඩයින් සෙට් නොවන යහපත් යාලුවෝ සෙට්වෙන කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන සිතන පතන යහපත් දේ ලබාගන්න හැකිවෙන සුබ නව වසරක්වේවා..!


12. මීන 
          මීන ලග්නය හිමි සියලුම දෙනාට නොම්බරය වැරදුනු රීලෝඩ් ලැබෙන, මල් කඩද්දී නෙට්වර්ක් බිසී නොවන, කෝල් කරද්දී වේටින් නොවැටෙන සියලු කටයුතු සාර්ථක වෙන සුබම සුබ නව වසරක්වේවා..!




මේ සියලුම දෙනාට කරන කරන ප්‍රාර්ථනාවන් ඉටුවන, අවුරුද්දම සුබම සුබ කරගන්න හැකියාවක් ලැබේවායි අක්ෂර අපි ඉතසිතින් ප්‍රාර්තනා කරන්නෙමු..


(* කොල්ලන් නැති කෙල්ලන් කරුණා කර පහතින් සටහනක් යොදා යන්න. අක්ෂරයේ සියලුම කොල්ලන් Available ය)

23 ප්‍රතිචාර:

  • නදී says:
    April 14, 2011 at 11:32 AM

    අක්ෂරේ කරවන හම්තුම් අය්යා ඇතුලු නංගිලා මල්ලිලා හෑමෝටමත් බ්ලොග් ලියන කියවන හෑමෝටමත් ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

  • නදී says:
    April 14, 2011 at 11:35 AM

    මම් මකරෙක්.ආ... ඔක්කොම සුබපල තියෙන්නෙ නියමයි. :)

  • නදී says:
    April 14, 2011 at 11:44 AM

    ආ...අන්න මකර පලාඵලේ එඩිට් කරල, කලින් තිබ්බෙ ඔහොම නෙමේනෙ

  • Bunny says:
    April 14, 2011 at 12:03 PM

    ශැහ්..මට ගෑණුළමයෙක් හම්බවෙන සුභ නව වසරක් වේවා..!! :D

  • jhothishalanka says:
    April 14, 2011 at 12:08 PM

    නියමයි.

  • සෝරෝ says:
    April 14, 2011 at 12:27 PM

    සික්.... මට දීපු එක හරියන්නැ... වැරදිලා රීලෝඩ් එන්නෑ බං මට.. පැකේජ් එකක්නේ තියෙන්නේ.. අනිත් එක මලුත් නැතිකොට.. :D

    එළ එළ

    අක්ෂරයේ සෙට් එකටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා...!!

  • චේ උන්නැහේ... says:
    April 14, 2011 at 1:04 PM

    හේ හේ මම මිථුනයෙක්..... ඇයි බොලව්නේ අපිට කෙල්ලො සෙට් වෙන්න නරකද..... අපිත් තවම තනිකඩයො නොවැ. කොල්ලන් නැති කෙල්ලො ඉන්නවානම් ෆේස් බුකියේ Chethana Fernando කියලා සර්ච් පාරක් දාලා රික්වෙස්ටුවක් දාන්ට හොදේ..... :P :P

    අපේ අක්සරේ කොලුවන්ටත් කෙල්ලන්ටත් අක්සරේ බලන්න එන කොලුවන්ටත් කෙල්ලන්ටත් අක්ෂර වලින් පිරුන සරුසාරවත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........! :) :)

  • Randika Sedara says:
    April 14, 2011 at 1:41 PM

    ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

  • නෙරංජි සුලක්ඛනා says:
    April 14, 2011 at 2:11 PM

    මම නම් මේෂ..හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා!...ආ මම හිතා ගත්තා මේ අවුරුද්දත් අක්ෂරයෙම ඉන්න..

  • හිස් අහස says:
    April 14, 2011 at 3:55 PM

    අක්ෂරය ලියන හැම කෙනෙකුටම සුබ අළුත් අවුරුද්දක්ම වේවා !!

  • KingGuru says:
    April 14, 2011 at 5:40 PM

    ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

  • සීතල අයියා says:
    April 14, 2011 at 6:35 PM

    උඹ මෙක ලිව්වෙ හරියටම ඊට අදාල පුද්ගලයගෙ ලග්නෙ බලලද?මම කියන්නෙ ඕක බොරු බං.මේෂ ලග්නෙට අනුව නෙමෙයිනෙ මගේ දේවල් වෙනනෙ.

  • Unknown says:
    April 14, 2011 at 8:14 PM

    අඩේ ළමයා සිංහයින්ට බ්ලොග් පෝස්ට් ලියන්න විතරද. ඈ බොල අර වෘෂභ කාරයිනටයි, මකරුන්ටයි මගුල් හරියන්නයි, සිංහ අපිට බ්ලොග් ලිය ලියා හැමදාම ඉන්නයි. මොකද්ද බං ඒ අසාදාරන කතාව. හැහ්.

    කාරි නෑ කාරි නෑ. අර යටින්ම තියෙන සූටි වාක්‍ය කෑල්ල උඩින් ලොකුවට දාල පෝස්ට් එකක් ලියමු පස්සේ, 

    අහ්, නදී අක්කත් සුභ මොහොතින් වැඩ අල්ලල තියෙන්නෙ හිහ්.... 

    අක්ෂර වාසී හැමෝටම සිරි සුභ නව වසරක් වේවා.... ආ. බ්ලොග් ලියන නොලියන හැමෝටමත් එක්ක.

  • තාරා says:
    April 14, 2011 at 8:17 PM

    අක්ෂරයේ හැමෝටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

  • හසී says:
    April 14, 2011 at 8:34 PM

    ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා.......!

  • Anonymous says:
    April 14, 2011 at 10:45 PM

    සුබ අලුත් අවුරුද්දක් වේවා සියළුම දෙනාට............
    හරි අසාධාරණයි .........මම තුලා .......

  • චතුවා says:
    April 15, 2011 at 12:11 AM

    @නදී... ඔවු ඉතින් පොඩ්ඩක් එඩිට් කරලා හොඳ විදියක් කලා... :))

    @Bunny එල ඈ.. හාවියක් ලැබේවා..!!

    @JHOTHISHALANKA ස්තූතියි සහෝ..!

    @සෝරෝ ඔබ බිල නගිනකන් කතා කරන්න කෙල්ලෙකුයි බිල ගෙවන්න සල්ලී ලැබේවා මේ අවුරුද්දේ එහෙනම්.. :D

  • චතුවා says:
    April 15, 2011 at 12:14 AM

    @චේ උන්නැහේ... අපෝ ඇඹලයා.. උඹට නැති කෙල්ලෝ.. අපි නොදන්නවැයි..

    ‍බොහෝමත්ම ස්තූතියි @සහෝධරයා

    @නීනු නෙරංජි අක්කා.. අක්ෂරයේ ඉන්නවා වගේම ලියන්නත් ඕනි ඕං..

    බොහෝමත්ම ස්තූතියි @හිස් අහස

  • චතුවා says:
    April 15, 2011 at 12:16 AM

    @KingGuru ගොඩාක් ස්තූතියි..!

    මේ @සීතල අයියා.. උඹ පණ්ඩිතයා වෙන්නේ නැතිව ඉදින්...

    @පොඩි මහත්තයා හරි හරි... මේ අවුරුද්දේ අයියගේ වෙඩිමත් ගමුකෝ... :) <3

    ගොඩක් ස්තූතියි @තාරා

  • චතුවා says:
    April 15, 2011 at 12:18 AM

    ගොඩාක් ස්තූතියි @හසී අක්කා..

    මොකක්ද අනේ අසාධාරණේ? @සොඳුරු සිතට එහෙනම් අසාධරණ මැරවැරකම්වලින් තොර සියලු පැතුම් ඉටුවන ප්‍රීතිමත් නව වසරක් වේවා...!!! :)

  • කතන්දර Kathandara says:
    April 15, 2011 at 7:51 AM

    ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

  • Kavindya says:
    April 16, 2011 at 11:52 AM

    හී... හී... මෙකී නොකී ලග්න හිමි අක්ෂර වාසින්ටත් පාඨකයින්ටත් සුභ නව වසරක් වේවා....

  • සංකල්ප says:
    April 16, 2011 at 6:37 PM

    ධනු ලග්නෙට නම් සුබයි වගේ. එල එල චතුවෝ !!!

Post a Comment