Thursday, March 31, 2011

මහත්වරු අස්සේ අප්සට් චරිත...

8 ප්‍රතිචාර | Read more...
මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ ටොපික් එකක් තමයි ක්‍රිකට් කියන්නේ..මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා සුද්දා හදුන්වා දීපු ක්‍රිකට් අපේ රටේ ජාතික ක්‍රීඩාවටත් වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ..මේ ලිපියේ මූලික අරමුන තමා මේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ක්‍රීඩා කරන එක එක රට වල මට පුද්ගලිකව පේන්න බැරි ක්‍රීඩකයන් ගැන සහ සැබැවින්ම මහත්වරු විදිහට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ගැන පොඩි විස්තරයක් කිරීම.
අපේ අසල්වැසි රට,ඉන්දියාවේ ක්‍රිකට් ගත්තොත් මට පේන්නම බැරි කන්ඩායමක් තමා ඒ..සහිර් ඛාන්,හර්බුජාන්,යුවරාජ් තව කීප දෙනෙක් ඉන්නවා ඔලුව පොඩ්ඩක් වැඩි සහ අතිශයින්ම පඩත්තල..ගොඩක් වෙලාවට ඉන්දියන්කාරයෝ පරදිනවට මම පුද්ගලිකවම කැමති ඒක වෙන්න ඇති...ඒත් දෝණි ,සචින් ශේවාග් සහ නේරා කියන කට්ටිය ක්‍රීඩා කරන විදිහට නම් ඉන්දියා කන්ඩායමට සපෝට් එක නොදී ඉන්න හිතෙන්නේම නැති තරම්..කොයි වෙලෙත් කල්පනාකාරිව ඉන්න අර්ජුනගෙන් පස්සේ කැප්ටන් කූල් කියලා හදුන්වන දෝණි,කවදත් සුපිරි සචින්,ගැහුවොත් නවත්තන්නේ නැති ශේවාග් වගේම හතරක් ගැහුවත් දත් සෙට් එකම පෙන්නලා හිනා වෙන නේරා ඉන්දියානු කන්ඩායමේ මම ආසම ක්‍රීඩකයෝ තමා..අනිති උන් නම්...ඉකේයියා.....
  පකිස්තානේ ගත්තොත් වැඩි හරියක්ම කැමති නැති උන් ඉන්නේ...යූනිස් ඛාන්ට චුට්ටක් කැමති උනාට අනිත් උන්ට නම් එච්චරම කැමැත්තක් නෑ...හැබැයි පොඩි අක්මාල් කොල්ල ක්‍රීඩා කරනවා බලන්න නම් ගොඩක් ආසයි...ඒත් කැමති නෑ හොදේ..
 ඕස්ට්‍රේලියාවේ කැමති එකෙක් වත් නෑ..පොන්ටින් කියන්නේ දෑහැට පේන්න බැරිම එකෙක්..ඔය ටීම් එකේ මට මතක ඇති කාලෙක මහත්මයෙක් විදිහට ඉදියේ ගිල්ක්‍රිස්ට් විතරයි..අවුට් එකක් දෙන්න කලින් ඇත්තටම අවුට් උනා කියලා ඉවත් වෙන ඒ වගේම අලුත් ක්‍රීඩකයන්ට හොදින් සලකන ක්‍රීඩකයෙක් තමා ගිලී..මට මතකයි මාලිංගගේ මුල්ම මැච් එකේදි මාලියට කියවල බෝලෙකට අත්සන අරන් තිබ්බා..
 කවදත් අහිංසක බටහිර ඉන්දීය කොදෙව්වොත් කියන්න තරම් වරදක් නෑ...එන්ගලතේ ගැනත් ටිකක් කියන්නම් ඕනා..මේ ලගදි ඉදලා මම ගොඩක් ආසම කන්ඩායමක් තමා එංගලන්තේ..සුද්දා තමා..ඒත් ගොඩක් විනීතව ක්‍රීඩා කරලා තියෙනවා පහුගිය ටිකේම..මට මතකයි වර්ල්ඩ් කප් මැච් එකකට කලින් මැතිව්ස් දුවන්න ගිහින් බෝල් කරපු කෙනාගේ ඇගේ හැපුන නිසා දැවී ගිය අවස්තාවක්..එදා ස්ට්‍රාවිස් ආයේ මැතිව්ස්ට පිටියට කතා කරලා පහර දෙන්න අවස්තාව දුන්නා..
නවසීලන්තේ ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ..ඔක්කොමලා කැමති ක්‍රීඩකයෝ තමා..රොස් ටේලර් වගේම විටෝරි ඉන්නේ ප්‍රියතමයන් ගොඩේ..
දකුනු අප්‍රිකා කණ්ඩායමේ එකක් දෙන්නෙක් ඇරෙන්න අනිත් උන් ඔක්කොමලා වගේ හොදයි..මගේ ප්‍රියතම ක්‍රීඩකයා තමා ඒ.බී ඩිවිලියර්ස්..
සිරිලංකාවෙත් ඉතින් කතා කොරන්න දෙයක් නෑ නේ..මහේල නම් ඉදලා හිටලා පොඩ්ඩක් උඩින් යනවා කියලා තමා හැගෙන්නේ...බනින්න නම් එපා එහෙම කිව්වට..මට හිතෙන විදිහ තමා..බහුතරයක් හොදයි..


ලෝක කුසලානේ අවසන් මහා තරගේ තියෙන්නේ මගේ උපන් දිනේ දවසේ..ඔන්න එදාට කප් එක අපි ආයෙම ගෙනාවොත් මට සුබ පතපියව්..සිහින උලෙලදි එකක්වත් පාටි ඉල්ලනවා එහෙම නෙමේ ඕන්..අපි හරි දුප්පත් මිනිස්සු හරිය..

Monday, March 28, 2011

මගෙ හුස්ම පොද.........

7 ප්‍රතිචාර | Read more...
මේ සංසාර ගමනේ...
කොහේදී... කොතැනක... ඔබ මට හමුවුණිද?
නොදනිමි, අදටත්... හැමදාටත්
ඔබ මට දුන් ආදරය, කරුණාව...
පණ දුන් නැවුම් ජීවිතය.
සුන්දරයි සදහටම ඔබ මෙන්ම.
මගෙ සිත ඉකිබිදින,
මගෙ නෙතු තෙත්වෙනා හැමවිටෙක,
සතුටු සිනා පොද ඔබම විය.
කටු පදුරු ගොරහැඩි මග දිගේ
දෙපා පොඩි රිදුම් දෙන හැම විටෙක,
ඔබම විය සුසිනිදු මල් මාවත.
සදහටම මම පායන්නම්
පුංචි තරු මලක්ව දුර ඈත අහසේ,
එළිය වෙන්නම්...
ඒත්...
ඔබ මට දුර වුවත්, හිමි වුවත්, නොවුනත්,
හැමදාම ඔබ වේවී... මගෙ ජීවිතය,
මගෙ සතුට, මගෙ සැනසීම,
මගෙ ශක්තිය, මගෙ ධෛර්යය,
මගෙ හුස්ම පොද.........

Friday, March 25, 2011

පුදසුන අභියස...

11 ප්‍රතිචාර | Read more...


සමිදු පුදසුන අභියස...
රුවැති යුවතියක්..
දිලෙන දිගු නෙතු..
දැල්වු පහන් සේ..
මුහුණ පින්බර...
පිදු මලක් සේ..
දැවටූ සුසුදු සලුවක්..
දෙව් දුවක සිරි සේ..
නගයි පියවර...
ආසිරි වැසි මැද..

සිටියි කුමරෙකු මග අයා නෙතු..
මලක් පැලදු හදවත අද්දර..
පිරිසිදුයි ඒ සුහද හදවතත්..
පැලදු සුදුවූ මල් කිණිති සේ...

පියවර පටලන සීනු හඩ මැද..
සමවදින්නට ආදර දැහැනේ..
දිවි ඇති තෙක් නොබිදෙනා පැතුමක..
සටහන් තබනට දෙවිදු අභියසේ...

එක් කල අතැගිලි..
සිත එක පැතුමකි..
දිවි ගෙවන්නට සැප දුක එක සේ..
එකම වහල යට සැමදා මෙලෙසේ...

Tuesday, March 22, 2011

මනී බණ්ඩාරයන්ගේ යුගල පදය....

5 ප්‍රතිචාර | Read more...

ගලපනා මා පද..

12 ප්‍රතිචාර | Read more...

දිගු නෙතු බරකර...
දෙ ඇස් අගින් ඇය බලන..
හිතුවක්කාර නෙත් දැහැන..
තපස් හිතක් වුවද ..
බිදලනවා මනරම් ඇ දෙනයන ...

පා තබන හින්සර පියවර..
කුහුඹුවෙකුටද නො ඇසෙන..
ඇසෙනවා පා සලඹ ලෙලදෙන...
නාදය වුවද මා පිනවන..

ගලපනා මා පද..
ගැහැනියකට උපමනා..
නොහැකි වේ දිනුමට..
ගැහැනියයි රු සිරි දෙනා
..

Sunday, March 20, 2011

ළඳේ නුඹ ( BY චේ උන්නැහේ )

14 ප්‍රතිචාර | Read more...
රෑ අහස සිහි කරන,
දෑකුම්කලු මුව මඬල........

සවන් යුග සනසවන,
සිත් නිවන මියුරු හඬ..........
මුදු මොලොක් බව මෙන්ම,
දෑඩි බවද පිරුණු සිත.........
මුහු වෙලා මැවුනු සඳ,
මසිත ගත් ළඳයි නුඹ..................


සුමුදු වදනක සිහිලසින්,
දියව යන සිත් වෙඬරු පිඬ............
කඨොර වදනක ගිනියමින් නොව,
අසිහියෙන් කී කවට වදනක,
උණුසුමින් දෑඩි කලේ ඇයි නුඹ...........


කුමක් කියුවත් කුමක් කෙරුවත්,
ඒ පුවත නිමවී හමාරය..........
නමුත්,
මතු යම් දිනෙක............
නුඹ මා පතන සැනින්,
නුඹ ලගට දිවවිත්,
ආදරයෙන්........
රැකගනිමි ලදේ නුඹ........... 

Saturday, March 19, 2011

ගියක් කරන්නට නොහැකි වූ කව

3 ප්‍රතිචාර | Read more...
සුසුමක් නොවේ සුව සහසක්
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමින් ඇත සොයුර නිරතුරේ

සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්

පින්බ්මේ පිරිත් සඡ්ජායනෙන්
කෝවිලේ සීනු හඩ නද මැදින්
පල්ලියේ යාතිකා රාවයෙන්
ගයමු අපි නුඹ නමින් එක හඩින්

සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්

ලොව සතර අත ඉදන් අත් බැදන්
නුඹ නමින් පෙළ ගැසිමු පියවරින්
නිහඩ ලොව බිද දමා සොයු දමින්
සවන් දෙන්නෙමු නුඹට ඉක්මනින්

සුසුමක් නොවේ සුව සහසක්
දෙනෙතක් නොවේ නෙත් දහසක්
දෑතක් නොවේ දස දහසක්
නුඹ නමින් ඇත සොයුර නිරතුරේ

සවි ගෙනෙමු සවනට ඉක්මනින්
නුඹ තනිව නැත අපි ළග ඉතින්



ඉලන්දාරියා වෙනුවෙන් ලියන ලදි...............

Thursday, March 17, 2011

රෝමියෝ - නදීක ගුරුගේ

4 ප්‍රතිචාර | Read more...
වේදිකාවේ අසුනකට බරවී...
දහසක් නෙතු අතරේ... අතරමන් වී...
ආදරේ කියාදෙන්න බෑ... රෝමියෝ...

ශිෂ්ටාචාරේ මානවයා හා...
ශිෂ්ටාචාරේ ගැහැණී... එක්වෙලා...
අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා...
වැගිරෙයි දියවී ආදරේ... රෝමියෝ...

දෙතොලෙ ඔබෙ රැදී... දහසක චුම්බන පිසදා...
කොපුලේ... ඇගෙ තැවරුනු දහසක ඛේටය පිසදා..
සිපගනිම් දහසකුත් පලමු නැවුම් චුම්බනයෙන්...
ගොඩගනිම් ආයෙමත් මැද ඉදන් ජීවිතේ... රෝමියෝ...


Wednesday, March 16, 2011

සිරිපා ගමනේ මතක සටහන්...............

10 ප්‍රතිචාර | Read more...


මේ ඉන්නේ අපේ සිරිපාද වන්දනා කරපු කට්ටිය..ඕන් වීඩියෝ එකෙන්ම බලාගන්නකෝ.....





මේ තියෙන්නේ බූරුවා කවුද එපිසොයිඩ් එක....සීතලයද හාවද......
කවුද මුන් දෙන්නගෙන් බූරුවා වෙන්නේ






මේ තියෙන්නේ බූරුවා කවුද හම්තුමයි චේ උන්නැහෙයි අතර සටන...






අම්මෝ...තව නම් මහ ගොඩක් තියෙයි දාන්න...ඒත් මේ ටික දැම්මේ එක පාරටම ඒ දවස් මතක් උන නිසා...
ඔන්න සයිබර් සැනකෙලියෙදි අපි ආයේ හම්බෙනවා.....
එතකල් ජය වේවා!!!!

Monday, March 14, 2011

මට මහන්ශියි..! - tiredness

9 ප්‍රතිචාර | Read more...
කවියක් ලියන්න හැදුවා.. උඩ පදේ හොදයි.. යට පදේ දත් නැති වහු පැටියෙක් තණකොල කාලා වගේ...
නිසදැසක් ලියන්න හැදුවා.. අනේ මගේ කට..


ටොපික් එකේ හැටියට නැත්නම් අපි හැමෝම දන්න ඉංගිරිසියෙන් කිවොත් මාතෘකාවේ විදියට මං ඉන්නෙ හම්බානෙක හෙම්බත් වෙලා.. අද තමා ගෙදරට සැපත් උනේ.. මං ගියා නෙවැ.. රට. අපේ ලොක්අක්කලයි ගෙදර පැත්තෙ... එහේ පිරිත් ගෙයක්. ඉතිං ඒ වැඩකටයුතුත් අහවර කොරලා ගෙදර එන්න ආවා..


අහ් කියන්ටම ඔනී.. එහේ තිබ්බානේ දළදා මෝට ක්‍රෝස් කියලා මොකක්ද රෙස් පදින මගුලක්.. මේ කියන්න සතුටුයි මට ඒකට යන්න බැරි උනා :D අපරාදේ සපුමල් කුමාරයාද. නාමල් කුමාරයාද කවුදෝ ආවාලු ඔය රෙස් කාර් එකක් පදින්ට.. අනේ හැබැට අප්පච්චිට කියලා මේ කොල්ලාට රිමොට් කොන්ට්‍රොල් කාර් එකක් ඇරං පදින්ට තිබ්බානේ ගේ වටේ.. අර දළදා වීදි වලම වැලිකොට්ට දාලා රෙස් පැද්දෙ.. කමක් නැ ආයිබෝවන්ඩ.. උන්දැලාගේ රට.. උන්දැලාට ඔනි මගුලක් කොරාම අපිට මොකදැ ?


ඕං  තිං මට කියන්න කියලා කිසිම මගුලක් නම් නැ.. නිකං ඔහේ දොඩවලා යන්ට තමා ආවේ..


මේ කියන්නම් මං අද එන ගමන් වෙච්චි දේවල් ටිකක්..


උදේ පාංදරම, කුකුලත් කරේතියාන 11 ට  විතර ගෙදර බලා පිටත් වෙන්න ආවා..


ඕං ප්‍රථම බිය කරු හිත් මෙව්වා කරන අනතුර වෙලා.. කාර් එකක් කානුවක වැටිලා.. හිහ් හිහ් හිහ්.. ඒ කේ උන්ට අබසරණයි..


2 ක තිරීවීල් එකක් පල්ලමකට ගිහිල්ලා.. එකේ උන්දැලැට නම් මොනා වෙලාද මංදා..


3 තඩීම තඩි උස ලොකු ඩිමෝ බට්ටෙක්ගේ රෝදයක හුලං බැහැලා..


4 කොළම නුවර A-1 පාරේ..දිගම දිග කන්ටෙනර් පටවන සයිස් එකේ අලි ලොරියක් ඉස්සරහා චිරිප්පන් වෙලා ගිහින්.. හැබැයි මොකක හැපිලාද දන්නැ.. ඉස්සරහා රෝදේ හොරු ගලවලාද කොහෙද..ඒක තිබ්බෙ නැ..


5 මෝඩ..මැටි හරක් බුරු වහු ගොන් ත්‍රිවිල් කාරයෙක්.. මංතීරු 4 ක පාරේ ත්‍රීවිල් එක හරහාට දැම්මා.. පිටිපස්සෙන් පියාඹලා ආපු පල්සර් බයික් මල්ලියෙක්.. තිරිවිල් එකේ දිඩිං ගාලා හැප්පිලා.. ආසයි මං පියාබන්න ජවනිකාවක නිරත උනා.. ඉතිං බනී කොලුවාට මෙව්වා හෙනම හෙන ත්‍රාසය ජනක අත්දැකීමක් උනා.. ඇයි හත්තිලව්වේ මෙහෙම ෆිල්ම් පාරේ මැද්දේ පේන කොට.. හෙන සිරියාවියිනේ.. (අනේ මගේ කට..) ඒ කොලුවා ජිවතුන් අතරදැයි මට සිතාගත නොහැක...


ඉතිං මේ සියලුම දේ දැක දැකත් අඩුම වේගය 60 ත් උපරිම 90 වත් අතර ඉතාමත් අඩු වෙගයකිං බනියා ගෙදරට සැපත් උනා.. ඉතිං මට දැන් නම් ඔලුවත් කැක්කුමයි..
සමහරුන්ට ගමන් වෙහෙසට ඔලුවේ කැක්කුම..හැදෙනවාලු.. මටත් හම්බානෙක ඔලුව කැක්කුමයි..


ඇයි 7 දෙයියනේ
තාත්තලා වාහනේ ඉස්සරහාම යන්ටෝනද ?


අනේ සමාවෙන්ටෝන.. ඇඩ්මින් කොලුවාට වස් කවි ලියලත් මදි මුන්දැ මට කල අපරාදෙට.. මේකාඅ අද මාව ඇදලා අරං බල කොලා නෙවැ ලියන්න කියලා.. ඉතිං මෙච්චර දවස් කට්ටි පැනලා.. අද ලියන්ටම උනා :-/


මොනා කරන්නද .. වල් පල් ටිකක් ලියලා දැම්මා..ඔය බොලාලාගේ බැට්රිකැල්ලක් වටින කාලයා කාදැමුවාට බෝම ස්තුතියි... :D


මේ මොකක් හරි විසෙසයක් තියෙනවාද කොහෙද.. මං මෙච්චර කල් මෙකේ පොස්ට් එකක් දාලා නැ :D




සුදු හාවා ....

සිහින වක්‍යයේ ප්‍රතිබිම්භය

4 ප්‍රතිචාර | Read more...
මුළු ජීවිතේම එක තැන නතර වෙලා වගේ හැඟීමක්, මේ මොහොත වෙනකන් තිබුණා.ජීවිතේ වෙලා ගත්ත දරුණු පාළුවට ජීවිතේ තව දුරටත් බදලා අල්ලගන්න ඉඩ දෙන්න ඕනේ නැහැ කියලා හිතුණා..මම මේ ටිකේ මිනිස්සු කියන ජාතිය ගැන ඇත්තටම කළ කිරීමෙන් හිටියෙ.අපේ ජීවිත වල සතුට අනෙක් අය අතේ තියෙන එක ඇත්තටම විහිළුවක් කියලා අද මට හිතෙනවා.

මම අනුන් ගෙන් ඇයි සතුට හොයන්නෙ? මගේ සතුට අනුන් අතේ තියෙන්නෙ කොහොමද? මම හිතුවා හුඟාක් හිතුවා..මිනිස්සු ආදරේ කියලා කරන්නෙ බොරුවක්..අපි යාළුවො කියලා හිතන අය අපව රවට්ටනවා...මේ වනකොට මම ඒක පරීක්ෂණ ඇසුරෙන් නිර්ණය කරගෙන
ඉවරයි...

ජීවිතේ හැක් කර නොගෙන ඉදිරියට යන්න ඕනේ...මගේ කලින් ලිපිය මතක අයටයි මේ කියන්නේ.ආදරේ කියන්නෙ ලස්සන නොවෙයි.කියන අය අප අතරෙ ඉන්නව.ඒත් ඒ අය ආඩරේ කියන්නෙ සල්ලි වෙන්න පුළුවන්.

මේක මගෙ පෞද්ගලික අත්දැකීමක්..මගේ මිත්‍රයෙක්ගෙන් මම ඇහුව,ඒ ගැහැණු ළමයගෙ ආදරේ නැති වුණාම ඔයාට මොකද හිතුණේ කියල?ඔහු ගත් කටටම කිව්ව,අපරාදෙ හොඳ දෑවැද්ද .පවුලෙ එකම ළමය.කෝටි ගාණක් අපරාදෙ කියලා.

මට ඇත්තටම ඒ ගැහැණු ළමයා ගැන සතුටක් ඇති වුණා.මෙහෙම හිතන කෙනෙක් නොලැබීමම ලොකු භාග්‍යක් නේද?

මේ ලෝකෙ මිනිස්සුන්ට කොයි තරම් ප්‍රශ්න තියෙනවාද?...මට ඒ අතින් කිසිම ප්‍රශ්නයක් නැහැ...එහෙම ගත්තාම ඒ තරම් වාසනාවන්ත මට ඇයි හිතේ සතුටක් නැත්තේ?..මම කල්පනා කළා...

අච්චර මහන්සි වෙලාඅ වැඩ කරලා ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලෙ ඩික්ටින්ටිඔන් එක නැති වුණු එකද?...මම ඒ ගැන නම් ඇත්තටම කළ කිරිලා හිටියේ..ඒ අසාධාරණය ගැන මම කවදා හරි කතා කරනවා...ඒකට කල් තියෙනවා.

මම බුදු පිළිමයක් වගේ ආදරේ කරපු රූපයක්..නික්ම්ම නිකම් මැටිගොඩක් කියලා මට මේ ළඟදි දැන ගන්න ලැබුණා...මම ම තමයි හොයා ගත්තේ...ජය ශ්‍රී මහ බෝදිය කියලා හිතන් ළඟට යද්දි වැට මාර ගස් පේන කොට හිතට දැනෙන්නෙ පුදුම දුකක්....

මේ ඔක්කොම ජීවිතේ කඩයිම්...ගිය අවුරුද්දම ජීවිතෙන් අයින් කරලා, මේ මාර්තු ඉඳන් ජීවිතේ කියවනවා...අද මාර්තු 14..හෙට මාර්තු 15..හෙට මට කෙනෙකුට පොරොන්දුවක් ඉටු කරන්න තියෙනවා...ඒත් මම ඒක කරන්නෙ නැහැ....ඒක වැඩක් නැති දෙයක්....

මිනිහෙකුගෙ කොතන හොඳ වුණත් වැඩක් නැහැ සිතිවිලි අයහපත් නම් කිසිම දෙයක් හොඳින් සිදු වෙන්නෙ නැහැ.,යහපත් සිතිවිල්ලෙන් කෙනෙක් කරන දෙයකින්,තව කෙනෙකුට අපහසුවක් ඇති වුණත්,ඒකෙන් කවදා හරි හොඳක් සිද්ධ වෙනවා.

අපිව හැම දේටම ටියුෂන් අරිනවා.ඒත් ජීවිතේ උගන්නන්න අපිට කවුරුත් ටියුෂන් දීල නැහැ...ඒක කාටත් උගන්නන්න බැරිව ඇති...

කොයි දේ කොහොම වුණත්,ජීවිතේ ඉතිරි වෙන්නෙ තමන් ජීවත් වීමෙන් ලබන තෘප්තියම විතරයි...

කාලයක් හිතේ වැළලුණු හුඟාක් දේ කරන්න දැන් වෙලාව ඇවිත්...මම පටන් ගන්නවා..ඉහිහාස හීනය,සොබා දහම් හීනය,පොත් හීන එක්ක ආයෙ ජීවත් වෙනවා...ඉස්සරහ රාජ්‍ය නාට්‍ය උළෙලත් එනවානෙ...

මේ හැම දෙයක් එක්කම ළදරු අධ්‍යාපනය ගැන හිත ටිකක් යොමන්න ඕනේ...ඒකත් මගේ එක සිහිනයක්...බලමු...

මම මගේ සතුට කවදාවත් අනුන්ට දෙන්නෙ නැහැ....කවදාවත් නැහැ.

සොඳුරිය මා පොරොන්දු වෙමි

10 ප්‍රතිචාර | Read more...






ඔබ හඳනම්
මම එහි සදු මඩල වෙන්නම්
ඔබ හිරුනම්
මම එහි රැස් වලල්ල වෙන්නම්
දුකේදි ඔබ ලගින්ම් ඉන්නම්
ඔව් සොඳුරිය මං ඔබ ලගින්ම ඉන්නම්

මට තවම මතකයි
මා ඔබ දුටු මුල් දිනයේ
මගෙ හද ඔබ සතු වූවා
ආඩම්බර නුඹෙ සිත
මා සතු වෙන දින
එන්නේ කවදාදැයි සිතමින් උන්නා

ඔබ ආඩම්බරකම් පා
මා මග හැරියා
එනමුත් මගෙ සිත තව දැඩි වූවා
කවදා හෝ ඔබෙ සිත
මා සතුවේයැයි සිතමින් කල් ගෙව්වා
ඔව් සොඳුරිය මා සිතමින් කල් ගෙව්වා

එම සොඳුරු සිහිනය
අද එලි වෙනවා
මෙය ඇත්තක්ද නැතිනම් මායාවක්ද
ඔව් මෙය ඇත්තක්
ඔබ ඔබේ පියා සමග අල්තාරය දිගේ ඇදී එනවා
මට දැන් පේනවා

මා ඔබගේ සුකුමල අත ගෙන
අද මා පොරොන්දුවක් වෙමි
දුකේදිත් සතුටෙදිත්
එකසේ එකට හිද
ඔබට රැකවරණය දෙමි
මීට අයේෂ් ප්‍රනාන්දු

ප.ලි- මම අද ලිව්වේ මට පුරුදු නැති ආරෙකට.මම පොඩඩක් L.P. ගෙ style එක බලලා ලිව්වෙ.මට එක්කෙනෙක් කිව්වා නිසදැස් ලියන්න කියලා.මම ඉතිං නිසදැස් ගැන දන්නෙ නැති නිසයි බැලුවෙ.අනේ මංදා හොදද දන්නෙ නෑ.ලියන්නකො හිතෙන දේ

Sunday, March 13, 2011

රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි

28 ප්‍රතිචාර | Read more...
රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි....හාවා වල්.....චේ උන්නැහේ කඩුප්පුලියා....සීතලයා උගුඩුවා..නදි බතලි....හම් තුමා නාකි මනමාලයා......සිදංගනා ර්ර්‍රි.....රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි....හාවා වල්.....චේ උන්නැහේ කඩුප්පුලියා....සීතලයා උගුඩුවා..නදි බතලි....හම් තුමා නාකි මනමාලයා......සිදංගනා ර්ර්‍රි.....රත්ගමයා කුප්පයා...ළමයා වනචරයා...නිම්ශා මෝඩි.....ඉස්සි ගෙම්බි....පොඩි මහත්තයා කුජීතයි..---------------------------------------------------------------------------------------------------------
  ඒ මොකක්ද මේ........හැක් වෙලා නේද....
මේ ලගදි ඉදලා ඔය වචනේ කුජීත කුප්ප තුප්පහි වෙලා තියෙන්නේ...එක එකා හැක් වෙනවා..ආතල් එකට හැක් වෙනවා...ප්‍රසිද්ද වෙන්න හැක් වෙනවා,,,බ්ලොග් අවකාෂය අසූචි වෙලා කොහේවත් යන ගොබ්බ රැලක් නිසා..ජාතිවාදියෝ,ආගම්වාදියෝ පිරිලා මේකේ..එකෙක් එක ආගමකට බනිනවා..තව එකෙක් තව ආගමකට බනිනවා...බ්ලොග් වලින් බැන ගන්නවා...මීට වඩා හොදයි නේ බොලව් උඹලා ෆෝන් නම්බර් හුවමාරු කරගෙන බැනගනිව්...අර හච් කපල් පැකේජ් එක තියෙන්නේ..අන්න ඒක ගනින්..ලාබයි..පේල්න්ටියක් ගහගෙන උඹලගේ ආගම් ප්‍රශ්න සාකච්චා කර ගන්න පුලුවන්...ඊට පස්සේ බොලාම එකතු වෙලා ත්‍රිපිටකේ හර කුරානේ හරි වෙනස් කරානම් හරි..
යකෝ....බ්ලොග් එකකින් කුප්ප ආතල් ගන්නේ නැතුව මිනිහෙකුට වැදගත් වෙන දෙයක් දාපියව්...මොහොමඩ් කියලා එකෙක් ඉදියා....ටැබූ කියලා එකෙක් ඉදියා...රාල කියලා එකෙක් ඉන්නවා..
මම නම් මේ එකෙක්ගෙ වත් බ්ලොග් එකක් බලලා නෑ...මුන් මෙච්චර වැඩකාරයෝ නම් ඇත්තටම තමන් කවුද කියලා පේන්න ලියන්න එපැයි...
ඔන්න ඉතින් බ්ලොග් අවකාෂටෙ ආතල් සපයන මමත් අක්ෂරේ හැක් කොරා.....අපිටත් යමක් කමක් තේරෙනවා....
දැන් දැන් මේකේ මහ ලොකු පොරවල් ඉන්නේ...හැක් කොරන්න හෙන බරකින් ඉන්න එවුන් ඉන්නේ
               වැඩකාරයෙක් වෙයන්.....පඩ වලින් නෙමේ වැඩ වලින්.....

Saturday, March 12, 2011

වෙඩි හඩ නො ඇසුනාවේ.............(by රත්ගමයා )

13 ප්‍රතිචාර | Read more...

''පොඩ්ඩි,ගෙට වරෙන් බන්..බලන් ඉදියට තේරුමක් වෙන්නේ නෑ.අද එන පාටකුත් නෑ..''
මැණිකාගේ හඩ පොඩ්ඩිට ඇසුනාදැයි නොදනිමි.පොඩ්ඩි නොසෙල්වී ගුරු පාර බලා උන්නාය
"උඹලගේ අයියා කියන දේ අහන ජාතියේ එකෙක් නෙමේ නේ..ඕක මටයි උඹටයි වඩා අදරේ මේ රටට..පෙට්ටියකින් ආවත් හමුදාව දාලා එන්නේ නෑ"
''මූසල කතා කියන්න එපා අම්මේ."
පොඩ්ඩිගේ හඩ දරුනුය
''පෙරේදා ආමි ජීප් එක ගුරු පාරෙන් එනකොට මම හිතුවේ අපේ ගෙදරට කියලා..පැතුම් කොල්ලත් අහින්සකයා ..පව්ල ගොඩ ගන්න හිටපු එකා..කරනේලිසා අඩනවා දැක්කම වාවාන්නේ නෑ බන්..''
''අනේ අම්මේ..මේ ඉර බැහැගෙන යන වෙලාවේ ඔය කතා නොකිය ගෙට යන්න.මම තව ටිකක් බලලා එන්නම්..''
''දැන් උඹ කීයේ ඉදල ඔතනද පොඩ්ඩියේ..මට දුකයි දෙයියනේ උඹ ගැන.''
'' හ්ම්ම්ම්ම්ම්....යමු යමු ඇතුලට.අම්මා මෙතන ඉදලා මගේ ඔලුවට විකාර දානවා.''
පොඩ්ඩි මවගේ අතින් අල්ලා ගෙට ගොඩ වූවාය..
උලමෙකු කෑගසන හඩ ඇසේ.වැහි බර අහසේ විදුලි ඉරක් ඇදි ක්ෂනයෙන් නොපෙනී යයි.....
ඈත ගුරු පාරෙන් දූවිලි මැදින් ආමි ජීප් රථයක් මතු වුනි...

(මේක මම ලිව්වේ 100 ට දාන්න හිතාගෙන..ඒත් මේකේ වචන 125 ක විතර තියෙනවා කියලා එවලා තිබුනා...මේකේ වචන තව අඩු කරන්න මට තේරෙන්නේ නෑ..ඒක නිසා රත්ගමයා බ්ලොග් එකේ හරි අක්ෂරේ හරි තමා දාන්න ඉතුරු වෙලා තිබුනේ...අන්තිමට හිතුවා මේක රත්ගමයගේ පන්නයේ කතාවක් නෙවෙයි කියලා...ඉතින්.....අක්ෂරේ තමා හොදම තැන )

Wednesday, March 9, 2011

උවමනාවට වඩා ... ආසාව.... :)

13 ප්‍රතිචාර | Read more...

හීනියට අඩියක් ගැහුවේ...
ආසවට...
අඩියෙන් අඩිය ඉවර වි..
නිමා වි බෝතලයම...
සිල් අරක්කු කාලකින්..
හමාර උනේ ගල් බෝතෙලෙකින්..

පඩිය අතට ගත්තේ...
ගැනිගේ අතට දෙන්න...
විදුලි,ජල.,වියදම...
තියෙනවා ගෙවන්න ..
පඩිය මෙන් දෙගුණයක්..
හමාර කරන්න ..

උවමනාවට වඩා...
ඉක්මන් වුනේ..
ආසාව ..
ආසාව නික්ම ගොස්..
මැවුනේ.....
ගැනිගේ රොස් මුන..



Monday, March 7, 2011

පොදු වැසිකිලියක් ඉකි බිදියි...(by රත්ගමයා)

24 ප්‍රතිචාර | Read more...

වීදියේ අදුරු මුල්ලක..
බස් නැවතුමේ මැදට වන්නට....
නහය හකුලවන පල් ගදින්....
වැටහේවි මා සිටිනා බව.....

කවි ලියයි මහතුන්.....
මල් ගැන ආදරය ගැන....
අනේ නෑ කිසිවෙකුත්....
ලියන්නට වැසිකිලිය ගැන........

හිනා වෙයි පෝස්ට‍ර්....
මාගේ මුහුන පුරාම....
ගදක් නොදැනේ මුන්ට....
ඡන්දේ උනුසුම් ඒ තරමට.......

බලන්නට ලැජ්ජාය.......
රුපියල් දහයකට විස්සකට....
විකිනෙනවාලු.....
අපේ මිනිසුන්ගේ....
මුත්‍රා බර......
                        

Sunday, March 6, 2011

ඇය තමයි

13 ප්‍රතිචාර | Read more...

අඩ අදුරු ..
නියොන් එලි අග...
සුන්දර සලුපිලි...
දිදුලනවා සද එලියටත් ...
පැරදුම් නොවන සේ...

දිදුලන සලුපිලි තුල..
කුණු වි දිරා හැලෙන...
කිලිටු ඇටසැකිල්ල...
නොහැඩුවත් කාසියට..
හඩනවා ආත්මය ...
සල්ලියට යට නොවුන..

මහලු වි ගිය..
දෙමාපිය දෙදෙන.
තාත්තෙකු නොමැති..
පැටියෙකු බෝවුන..
ඉගෙනුමට සරිලන...
රස්සා නොමැති තැන..
බැස්සේ මහ-පාරට..

ආත්මයේ මොර හඩගැම..
බඩගින්දර තරම් නොදරුණුයි,,
ගිනි රස්නෙකින්...
ඇය පෙලෙන තරමට.....
සල්ලියයි ... හිගමනයි...
එක ට ඇය යා කෙරුණු...
ගණිකාව ඇය තමයි...
ලෝකයා නමකින්..
පට්ට ගැහුව...

Saturday, March 5, 2011

විවාහයේ දුක් ගැනවිල්ල

6 ප්‍රතිචාර | Read more...
විවායේ දුක් ගැවිල්



ලස්සන වුවත් රෝස මල
එහි අග තෙක් ඇත කටු ඉඹුල
නෙලා ගන්ට හැකි වුවහොත්
ගෙනදෙයි සිතට නොනිමි සුවය

දුක් කදුලක අවසානය
පෙර නිමිති ගෙනදෙයි ආදරය
සතුරු කඳවුරු බිඳගෙන
බන්ධනයෙන් බැදෙන්නටයි ආසාව

ගතවෙයි කාලය දීග බැඳ
කම්කටොලු එයි පහර පිට පහර දීගෙන
දෙදෙනාට දෙදෙනා බැන බැන
පෑලදොරින් යයි ආදරය දුව දුව

Thursday, March 3, 2011

දැන සිටියා නම් එදත් අද මෙන්..

14 ප්‍රතිචාර | Read more...



දෙනෙත් පියන් හැර බැලුවෙමි..
ඇස් රිදුම් දෙයි..
හිරු කිරණ නුපුරුදු ලෙස..
බොදවෙයි සිතුවම්...
තෙත් කරයි දෙනෙත්...
කදුලු බිදුවක්..
වේදනාව පිරි...

දිස් වෙයි මුහුණක්...
සොවින් බර..
පියවි සිහිය එන තෙක් ..
දෙනෙත් නොවැසූ...
ඔබ දුටු පලමු දින ..
වගෙමයි අම්මේ...
මුදු වු සිනහවක් ..
මුවට නැගුන කල...

සමුගන්න සිතුවේ නෑ මං..
මෙලෙස විගසම..
දුක වැඩි ඇති මටත් වඩා..
අම්මේ ඔබේ හද තුල..
හිතන්නැතුව ඇති..
ඒවි කියා මෙවන් දිනක්..
සුරතල් බැලූ දෑතින්ම..
අවතෙව කරන්න අඩ පණ දෝණිට...

ජීවත් වෙන්නෙමි මැරි මැරි මා අද...
වාවනු බෑ මට අම්මේ ඒ දුක..
සිහින නොතනා ඉන්න තිබුනා..
පැතුම් සිර කරගන්න තිබුනා..
හිතම ගල් කරගන්න තිබුනා..
දැන සිටියා නම් එදත් අද මෙන්..
මැරෙනා දින එක එක ලං වන බව...

කරුමේද මගේ...

16 ප්‍රතිචාර | Read more...

රට්ටුන්ට කාලකන්නි වෙච්චි
මුණ මගේ...
ගම්මුන්ට මුසල වෙච්චි
මුණ මගේ...
නුඹට පුන් සද සේ පෙනේන්නේ...
කිමද යැයි නොදන්නේමි මම....

දරුවෙකුද නොලැබුවා කරුමේද මගේ..
බේබදු මිනිහත් මිය ගියා එයත් කරුමේද...
නැන්දම්මා හෙන ඉල්ලන්නේ එයත් කරුමේද ...
අකාලයේ වැන්දඹුව වු මම කරුමයක්ද ලොකේටම...

හිගන මගේ ලෝකෙට..
ලං වුන ...
හදන්න හදන හිගන හිත
මගේ ඔබ....
මිය ගිහින් නින්දා අපහාස වලටම...
හැර දමන් මා...
සුදුසු නැ මා හින ලෝකෙට..
නුඹ තනන

දැනෙනවා මටත් ලෝකයාට සේම..
ගැහැනියක් මමත්...
ලේ මස් ඇට නහර දක්වා දිවෙන...
හැගේනවා හැගිම් ලෝකයාට සේම...
වැන්දඹුව වුවත් ලොකේට...
ගැහණියක් මමත් ....