Monday, January 31, 2011

අපේ හඬ...

5 ප්‍රතිචාර | Read more...
කාලෙකට කලින් අන්තර්ජාලය කිව්වාම සමහර අයගේ හිතට නැගුනේ ඇතැමි විට පහත් හැඟීමක්. අන්තර්ජාලේ හොඳ දේටත් වඩා නරක දේට යොදාගෙන තිබුණ කාලයක් නිසා ඒ. ලංකාව වැනි රටවල ඒ තත්වය වඩාත් තදින් පැතිරීගෙන ගියත් කාලයාගේ ඇවෑමෙන් වගේම බොහෝ හේතු සාධක නිසා ඒ දේවල් වැලලිලා ගිහින්.. මුලු ලෝකෙම එකම යායක් කරන්න මේ අපූරු නිර්මාණයට හැකි වෙලා. කවමදාකවත් නොදැකපු ‍නොහඳුනන ලෝකේ කෙලවරවල් දෙකක ඉන්න දෙන්නෙක් හොඳම යාලුවෝ බවට පත් කරන්න පුලුවන් තෝතැන්නක් බවට පත්වෙලා අද අන්තර්ජාලය.  ඒ සියලුම දේවල් දෙවෙනිතැනට දාලා පහුගිය සතිය පුරාම අන්තර්ජාලයේ අපේ බල ප්‍රදේශය වන සිංහල බ්ලොග් අවකාශය තුල හැමෝම අතර කතා වුන මාතෘකාවක් තිබුණා. ඒ යාලුකම වෙනුවෙන් සහෝදරත්වය වෙනුවෙන් නැඟුණු හඬක්. ආදරය වෙනුවෙන් ලෙංගතුකම වෙනුවෙන් ගලා ගිය කඳුලක් ගැන..  


සිංහල බ්ලොග් රචකයන්, පාඨකයන් අතර ඉලංදාරියා නමින් දන්න හඳුනන අපේ දිලුම් සහෝදරයා තමා අපේ බ්ලොග්කරුවන්ගේ එකමුතුව පෙන්නන්න සමත් වුන පළමුවෙනියා.. මම දන්න තරමින්. ඒ එකමුතුකම සහෝදරත්වය සහයෝගය වෙන කිසිම දෙයක් වෙනුවෙන් නෙවෙයි.. අපේම එකෙක් වෙනුවෙන්.. දිලුම් වෙනුවෙන්.. බ්ලොග් අවකාශයේ ඉලංදාරියා වෙනුවෙන්.. හැමෝම එකතු වුනා. පුලුවන් විදියකින් දිලුම්ට ශක්තියක් වෙන්න. 

ඉතින් දැන් ඉලංදාරියාට මොකඳ වෙලා තියෙන්නේ?

මේ ප්‍රශ්නය සමහරවිට කාගේ හරි හිතේ ඇති වෙන්න ඉඩක් තියෙනවා. ඒ ගැන අපි කියනවාට වඩා වටිනවා ඉලංදාරියාගේ වචනයෙන්ම දැනගන්න එක.  කෙනෙකුට දුකක් කරදරයක් ඇති වුනාම ඒ කෙනාගෙන්ම ඒක දැනගන්න එකනේ වටින්නේ.. ඒ නිසා ඒ ගැන දැනගන්න ඕන කෙනෙක් ඉන්නවානම් මේ සබැඳියෙන් ගිහින් ඒ ගැන දැනගන්න.



මනුස්සයෙක් වෙලා කෙනෙක් මේ ලෝකෙට ඉපදෙන්නේ ජීවිතය විඳින්න. ඒ ජීවිතය විඳින්නනම් ජීවිත කාලය තුල කරන්න ඕනේ යහපත් දේවල්. හැමදාටම හිතින් සතුටු වෙන්න පුලුවන් දේවල්.. ඒ වගේ සදාකාලිකට අපිට සතුටු වෙන්න පුලුවන් දෙයක් අපේ ඉලංදාරියා වෙනුවෙන් සිදු කරන්නයි අපේ මේ වෑයම. ඒ සතුට අපිට විතරක් නෙවෙයි. ඒ අපි විඳින සතුටට වඩා සිය දහස්ගුණයකින් ඉලංදාරියා සතුටුවේවි.. මේ ලෝකය අහන්න ලැබුණුදාට ආයිමත්.. අම්මාගේ හඬින් "මගේ පුතේ" කියන හඬ අහන්න ලැබුණු දවසක අයිමත්.. ගොඩාක් සතුටු වේවි..

මේ ගෙවෙන්නේ බස් ​බ්ලොග්කරුවන් දිරිමත් කිරීමේ මහා බස් බ්ලොග් සතියේ අවසාන දවස. අද දවස වෙන් ‍වුනේ ඉලංදාරියා වෙනුවෙන්. බොහෝ දෙනෙක් ලියාවි අද ඉලංදාරියා වෙනුවෙන්. ඉලංදාරියා ගැන.. බොහෝ දෙනෙක් කියාවි අපි ඉලංදාරියා වෙනුවෙන් එකතු වෙමු කියලා...

ඔව්... ඉතින් අපි එකතුවෙමු. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා ඉලංදාරියාට උදව් කරමු කියලා කියන්නේ නෑ. අපි පුලුවන් උපරිමයෙන් උදව් කරමු. අපේ කොල්ලෙක්ට නැවතත් දකින ලෝකය අහන්නට අවස්ථාව ලබලා දෙමු.

වැඩි විස්තර දැනගන්න - Hands for Dilum


  

Sunday, January 30, 2011

රත්ගමයා ආයේ ඇවිල්ලලු..........

5 ප්‍රතිචාර | Read more...

රත්ගමයා බ්ලොග් කෙරුවාවට ඇවිල්ලා මාස 6ක් විතර ඇති මයේ හිතේ.මීට සති 3කට විතර කලින් ලමයා මුහුනු පොතේදි රත්ගමයට හම්බ උනා...උඹ ආයේ ලියන්නේ නැද්ද? ඕක තමා මුලින්ම අහපු ප්‍රශ්නේ."ලියනව නම් කියපන්.අපි අක්ෂරය කියලා බ්ලොග් එකක් ලියනවා කැමති නම් වරෙන්." එදා මම අක්ෂ‍රයට ලියන්න කැමැත්ත දුන්නා..එදා ඉදලා අක්ෂරයට ලියනවා.''කලින් බ්ලොග් එකට මොකද මලයෝ, උනේ'' කියලා ගොඩක් අය මගෙන් අහනවා.
ඒක ගොඩාක් දිග කතාවක්..රත්ගමයා ලියපු මාස 3 මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු උන මාස කීපයක් තමා..ජීවිතේ විදින්නේ කොහොමද කියලා බ්ලොග් ලියන කාලේ ඉගෙන ගත්තා.ඉස්සර සමහර විට මාසෙකට බ්ලොග් පෝස්ට් 20ක් විතර දානවා.මාස 3ක් ඇතුලත ගොඩාක් යාලුවෝ හම්බුනා.එයාල තාමත් බ්ලොග් එක ලියනවා..ඒත් රත්ගමයා බ්ලොග් එක නැවැත්තුවා..නැවැත්තුවම ගොඩක් අය හෙව්වා..ඊමේල් ආවා ගොඩාක්..මුහුනු පොතේ දන්න දන්න හැම කෙනාම ඇහුවේ මොකෝ යකෝ ලියන්නේ නැද්ද කියලා.මට දෙන්න උත්තරයක් තිබුනේ නෑ..මාසයක් ඇතුලත 10,000 ක් බ්ලොග් එක බලලා තිබ්බා.. 100ක් විතර යාලුවෝ රොත්තක් හිටියා..
මෙච්චර කට්ටිය රත්ගමයට ආදරේ කරනව කියලා මම දැනන් ඉදියේ නෑ..අඩුම ගානේ මම වත් දැනන් ඉදියේ නෑ මට ලියන්න පුලුවන් කියලා.ඒත් ලියන පෝස්ට් එකකට කොමෙන්ට් වැඩටෙනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..දැන් රත්ගමයා අලුතෙන් බ්ලොග් එක පටන් අරන්...ඒ නමින්ම වෙනස් තැනක..ගොඩක් දෙනෙක් දන්නේ නෑ ඒක...ආයේ බ්ලොග් එක පටන් ගන්න අක්ෂරය ලොකු උදව්වක් උනා කියලා හිතෙනවා..ආයේ ලියන්න කැමැත්ත ඇති කරේ අක්ෂරය..ලියන්න ඕනකම ඇති කරේ අක්ෂරය...මාව මේකට එකතු කරගත්ත ලමයට පින්..ඒ වගේමයි අක්ෂරය ලියන අනිත් යාලුවෝ හැමෝටමත් ගොඩාක් ස්තූති.රත්ගමයා කියන්නේ තව දුරටත් මගේ බ්ලොග් එකක් නෙමේ..ඒක බ්ලොග් කියවන ඔයාලගේම බ්ලොග් එකක්...
                          ඉස්සර රත්ගමයව ඉස්කෝලේ යාලුවෝ හිතන් ඉදියේ නිකම්ම නිකම් කොල්ලෙක් කියලා..ඒත් රත්ගමයා මට වටිනා කමක් දුන්නා...දැන් මොකක් හරි ලියමනක් ලියව ගන්න උනාම කියන්නේ...''අඩෝ. අරූට ලියන්න පුලුවන් ඔය වැඩේ ඌට බාර දෙමු කියලා....ඉතින් මේ රත්ගමයා මට වටිනවා...දැන් ඉතින් ආයෙත් වැඩ පටන් ගන්න කාලේකියලයි මම හිතන්නේ..මගේ ඉස්සර යාලුවෝ ඔක්කොම ආයේ රත්ගමයා පැත්තේ එයි කියලා හිතනවා.......
මෙන්න බ්ලොග් ලිපිනය මෙතනින් යන්න
                                                       රත්ගමයා
(     ප.ලි     -    මම ලියපු පරණ පෝස්ට් ඔක්කොම රත්ගමයට ඉම්පෝර්ට් කරා...)

Thursday, January 27, 2011

මවකගේ විලාපය

5 ප්‍රතිචාර | Read more...
නිවුණා ලෙස පහන ගෙයි මැද මා පුතුණි
නුඹ ගොස් හැරදමා සෙනෙහස මා තුරුලේ
නිවනක් නැහැ සිතට යලි නුඹ දකින තුරේ
දන්නෙම් යලින් නොඑනා බව මේ භවයේ


මා පුතු වෙලා එනු මැණ තුරුලට පෙරසේ
මතු සසරේ නුඹ උපදින හැම භවයේ
නොම දෙමි යන්ට නුඹ හට කිසිදින මෙලෙසේ
යලි නොම හඩමි නුඹ එනු ඇත හැම භවයේ

Tuesday, January 25, 2011

දණ්ඩනය

3 ප්‍රතිචාර | Read more...

රාගයෙන් පිරි ඇසක් වෙනුවෙන්,
කෝපයෙන් හද සලිත් වූ..........
උද්වේගකර කෂණයකින් ලද,
දණ්ඩනය......
දිගුය තව දිගු දස වසක්..................

බන්ධනය නම් සම්මතයකින්,
මා ලද ඒ සොඳුරු සෙනෙහස.......
අසම්මතයෙන් ලබන ඔහු දැක,
දැවුනි මා ගත ගිනියමින්.........

පංචශීලය රකින මා අත,
සැරසුනා සික පදය බිඳිනට........
සිප සැනහු ඒ සොඳුරු උවනත ,
රුධිරයෙන් තෙත් වීය මා ළඟ........

නිවුනි කෝපය කෂණිකයෙන්,
වැලපුනෙමි මා ශෝකයෙන්,
දිනෙක මිදුනද දණ්ඩනෙන්,
මට............
නැත සමාවක් ජීවිතෙන්.........

Monday, January 24, 2011

අපි උඹලට ණයගැති අයියේ.............

8 ප්‍රතිචාර | Read more...

ආදරණීය අම්මේ,
 ගෙදර තත්වේ කොහොමද?මෙහේ නම් තත්වේ ගොඩක්ම දරුනුයි...මේ ලීයුම ලියන කොටත් ආටි බන්කරේ උඩින් යනවා.අම්මා බය වෙන්න එපා..අම්මගේ චූටි පුතාට මුකුත් වෙන්නෙ නෑ..
       තාරුට කොහොමද අම්මේ...මගේ චූටියා දැන් ගොඩක් දගයි ලු නේද?දකින්න ආසයි ඔක්කොමලවම..කවද එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ අම්මේ..කොහොම උනත් තව ටික දවසයි..ඉවරයක් කරනව මුන්ව.කාලකන්නි යක්කු..ලොකු පස් බැම්මක් බැදල ඉස්සරහ..මුන් හිතන් ඇත්තෙ අපිව නවත්තන්න..ඒක කවදාවත් වෙන්නේ නෑ අම්මේ..අම්මගෙන් බීපු කිරි වල හයිය තාම මගේ ඇගේ තියෙයි.ඒ කිරි වල ණය පල්ල ඉවර කරන එක කරනවා.කොල්ලෝ ටික නම් මාර ගැම්මෙන් ඉන්නේ..ඒ මොරාල් එක නවත්තන්න කාටවත් බෑ.
          සුමනේ බාප්පගේ පුතා ඉස්සර මාර බයගුල්ලෙක් නේ අම්මේ..අම්මට මතකද..ඌ ඉන්නෙත් අපේ එකේ..පෙරේදා ඌ මට කියනවා 'සහන් අයියේ...මම මැරෙන්න බය නෑ ලු..මරනවාලු..එකෙක් වත් තියන්නෙ නෑ ලු.."
හැම එකාම එහෙමයි අම්මේ..මමත් මැරෙන්න බය නෑ...මගේ චූටියට මේ මගේ රටේ බය නැතුව හුස්ම ගන්න පුලුවන් කරනවා..ඒක මේ තාත්තගෙන් මගේ චූටියට පොරොන්දුවක්.
       පස් බැම්මට එහා මගේ තාරු වගේ කෙල්ලො මහා ගොඩක් බයෙන් වෙව්ල වෙව්ල ඇත්තෙ අම්මෙ...මගේ චූටියා වෙගේ පොඩි උනුත් ඇති..උන්වත් බේර ගන්න ඕන
..ගිය සතියේ තමා ජගත් අයියට වෙඩි වැදුනේ..කකුල කපලා කියල තමා ආරoචිය.
වෙඩි වැදුන වෙලේ මම හිටියේ පිටි පස්සෙ..ඉක්මනට දුවලා ගියා එතනට
.
.මම ගියාට එයාව අල්ලන්නවත් දුන්නෙ නෑ..''උඹ පැත්තකට වෙයන් මල්ලී...මුන්ව බාවනවා..මම තාම මැරුනේ නෑ..එක්කො මැරෙනවා..නැතිනම් මරනවා..මට අම්මා තාත්තා නෑ..මේ පින් පොලව තමා මගේ අම්මා..මගේ අම්මව කාලකන්නිට උදුර ගන්න දෙන්නෙ නෑ..'' ඔහොම කියාගෙන ආයේ නැගිට්ටා......දැන් ඉස්පිරිතාලේ ඉදන් කෑ ගහනවලු මට අම්මාව බේරගන්න යන්න දියව් කියලා....ජගත් අයිය වගේ ගොඩක් කට්ටිය ඉස්පිරිතාලේ අම්මේ.
.මටත් ඉස්පිරිතාලේ නවතින්න වෙයිද නැතිනම්..............අනේ මම දන්නෙ නෑ මගේ අම්මේ.....තව ටිකකින් ඉර පායනවා...ආයේ අලුත් දවසක්..මම නවතින්නම් අම්මේ...වෙලාව ඉවරයි මට හම්බුවුන...මගේ තාරුවයි..චූටියවයි හොදට බලාගන්න...තාරුට කියන්න මම එයාගේ ආදරේ නිතරම මාව පරිස්සම් කරනව කියලා......මුන්ව ඉවර කරපු දවසට අපි හම්බෙමු..අම්මා බය වෙන්න එපා..මම දැන්ම මැරෙන්නෙ නෑ..මට අම්මගේ කිරිවල ණය ගෙවන්න තියෙනවා..
   අපි ආයේ හම්බවෙන්නේ මුන්ව ඉවරයක් කරපු දවසට...ඒක අම්මාගේ චූටිපුතා අම්මට දෙන පොරොන්දුවක්.........

ප.ලි   ---   මේ විදිහට කී දෙනක් ගෙදරට ලියන්න ඇත්ද...කීදෙනෙක් අයේ අම්මව දකින්න ඇතිද...මොනවද මේ යුද්දය අපිට දුන්නෙ..මුකුත්ම නෑ නේද..රත්ගමයාට කවදාවත් අමතක වෙන්නේ නෑ අපේ කොල්ලෝ බන්කර් වල විදපු දුක...උන් රැක්කෙ අපේ ජීවිත..රත්ගමයා මෙහෙම ලීයන්නෙ උන් නිසා..මෙහෙම ලියල මදි අයියේ උඹලා ගැන..සත්තයි..ජීවිතේ තියනකල් අමතක වෙන්නේ නෑ...ඇත්තටම .....අපි උඹලට ණයගැති අයියේ.............

Sunday, January 23, 2011

අරුන්දතී - 5 වන පියවර..

5 ප්‍රතිචාර | Read more...
වන්දනා උදෑසනින් අවදි වුවාය... අද අළුත් පාසැලට ඇතුලත් වෙන දවසයි. රුහුණු දුම්රියේ නැගී නැන්දාගෙ නිවසට ආ දා සිට මේ වන තුරු සිදුවු සිදුවීමි සිනමාපටයක් මෙන් ඇය ඉදිරියේ මැවෙන්නට විය. 

නැනදාගේත් අයියලා දෙදෙනාගෙත් නොදම ආදරය කරුණාව ලැබුණද රන්දනාගේ නොරිස්සුම නිසා වන්දනා උන්නේ වේදනාවෙනි... 

වන්දනා මෙහි පැමිණි දා සිට මේ වනතුරුත් රන්දනා ඇය හා කිසිත් කතා නොකලාය 
වන්දනාව බනිනට බැරි විට රන්දනා ඇතැම්විට නපුරුලෙස නිවසේ මෙහෙකාරියට පවා තරවටු කලාය. සෘජුව තමා හා දබරයට  පැටලුනේ නැති වුවත් වන්දතා ඉන් විශාග ලෙස සිත රිදවාගත්තාය. 

ජනෙල් පියන් අතරින් පාන්දර මද ආලෝකය කාමරය තුලට එබෙන විට ඇදෙන් බැසගත් වන්දනා මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය 

"අනේ... මෙන්න සුදුබේබි උදෙන්ම නැගිටලා...මම මේ දුවන්න හැදුවේ ඇහැරවන්න කාලෙකින් ඉස්කොලේ යන නිසා චූටි බේබිවනම් ඇහැරවගන්න ට්කක් අමාරුවෙයි....." රන්දනාගේ කාමරය දෙසට යම්න් මාලිකා කීවාය.... නැවුම්ලෙස ඇය හා සිනාසුනු වන්දනා තේ හදමින් උන් නැන්දා අසලට ගියාය.

"ගුඩ්මොනිං සුදු මැණික......සීතලයිද....." නැන්දා ආදරයෙන් වන්දනා හා සිනාසෙමින් ඇසුවාය.

"චුට්ටක් ...ඒ..ත් ගානක් නැහැ..... පහුගිය දවස්වලත් මම උදේම නැගිට්ටා.... දැන් මෙහෙට පුරුදුයි වගේ...." 


"හොද කෙල්ල මේ වයසට කම්මැලි වෙන්න හොද නැහැ" 

චාරුණි වන්දනාගේ තේ කෝප්පය ඇය අතට දී  රන්දනාගේ කාමරය දෙසට ගියාය. 

"නොනා මහත්තයාව ඇහැරවන්න ඔනිනේ දැන්"

යම්න ගමන් නැන්දා කියු දෙයට වන්දනාගේ මුවට සිහින් සිනහ රැල්ලක් නැගුණි.

නිවසේ උදැසන කලබලයේ අවසානයත් රැගෙන චාරුණි වන්දනා සහ රන්දනා සමග පාසැල වෙත ගියේ අද ඔවුන් දෙදෙනාම උසස් පෙළ පන්තියට ඇතුලත් වන දවසයි. කලකට පසු මිතුරු මිතුරියන් අතරට යන බැවින් රන්දනා උන්නේ අමුතුම උදයොගයකිනි. එහෙත් නොදන්නා පිරිසක් අතරට යන වන්දනා මහත් ලෙස කැළඹි උන්නාය.

ලිපි ලේඛණ කටයුතු අවසන් කල චාරුණි පාසලෙන් පිට ගිය පසු වන්දනා නන්නාදුනන්න පිරිසක් අතරේ තනිවෙද්දී රන්දනා තම සුපුරුදු යෙහෙලියන් හා එක්වුවාය. තවත් නවක සිසුවියක් හා පන්තියේ කෙලවර  අසුනක තනිවු වන්දනා අළුත් පරිසරයට හුරුවන්නට උත්සහ දරටමින් උන්නාය. 

"හා....යි මම ඉසුරි......ඔයා....?"  යාබද අසුනේ උන් යුවතිය වන්දනා දෙසට හිතවත් ලෙසින් සිනාසෙමින් ඇසුවාය

" මම වන්දනා...." වන්දනාද ඇයට මිතුරු සිනාවක් පෑවාය....

"ඔයත් අළුතින් නේද......."

"ඔව්...."


"මට නම් කරකවලා අතඇරිය වගේ .....  මෙයාල අපිට ගොඩක් රැග් කරයි....."

"අනේ... මන්දා......" ආගන්තුක බියකින් හදවත පීරී යද්දී... වන්දනා මිමිනුවාය...






Saturday, January 22, 2011

පොඩ්ඩගෙ තනිකම

8 ප්‍රතිචාර | Read more...
තනිකමට ආසද? මමනම් ආසයි. හැබැයි බයයි.
තව කවුරු හරි හිටියනම්. ෂාහ් මරු. ඒත් හම්මෝ බයේ බෑ.
ගෑණු ළමයෙක් යාලු කරගන්න හිතයි.
ෂිහ්... මහ නරුම අදහසක් නෙව. ඔවුව අහන්න පුලුවන් දේවල්ද.


තනියෙම ඉන්දැද්දි කොච්චර නිදහස්ද
අම්මත් නෑ, තාත්තත් නෑ, පොඩ්ඩ විතරයි...
සද්දෙට කොම්පීටරේ දාගෙන...
කැමති කැමති දේවල් කරනවා...
හැම තිස්සෙම මොනාහරි කනවා බොනවා....
පේස්බුකියෙ දවසම.. කාගෙන් තහනමක්ද


ඕහ්... එහෙම කියනකොටයි මතක් වුනේ...
හෙට දෙන්න තියෙන වැඩ කවුද කරල දෙන්නේ.
හපොයි. දැං තනියෙං කොහොමද මෙව්ව කොරන්නේ.
මට මේ පාඩං තේරෙන්නෑ.... කවුරු හරි එකෙක් හිටියනං අහගන්න තිබුනා


ආ... අවුලක් නෑ.... ඔය අන්තර්ජාලෙ තියෙන්නේ... හැමදේටම විසඳුම් දෙන ගූගල් දෙයියො එක්ක තනිකමක් නෑ.......
:)
කරුණාවෙන් සලකන්න:
පොඩ්ඩට පිස්සු තදවුන මොහොතක කොටපු වචන පෙලකි....අර්ථ ශුන්‍යයි.

Sunday, January 16, 2011

අවසන් නිසැදැස.......

12 ප්‍රතිචාර | Read more...

මට ලියන්න්න පුලුවන්....
හුගාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
හොදයි...
මම මෙහෙම ලියන්නම්..
රෑ අහසේ තරු පායලා..
ලස්සනට දිලිසෙනවා...
 ඉතින්..
මට ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්..
දන්නවද....
මම එයාට ආදරේ කරා...
සමහර විට එයත් මට
ආදරේ කරන්න ඇති...
අද වගේ දවසක මම එයාව
තුරුල් කරන් අතොරක් නැතුව
සිප ගන්න ඇති..
ඔව්.....
එයා මට ආදරේ කරා...
සමහර විට මමත් එයාට ආදරේ කරන්න ඇති...
එ ඇස දෙකට
ආදරේ නොකර ඉන්නේ කොහොමද....
ඉතින්....
මට ලියන්න පුලුවන්....
රාත්‍රිය අනන්තයි...
එයා මගේ ලග නැති නිසා...
ඒ බව තවත් වැඩි වෙනවා...
අහසින් වැටෙන වැහි බිදු වගේ...
කවි පද එකෙන් එක ලියවනවා...
මගේ ආදරයට....
ඔව්...
මගේ ආදරයට....
එයාව ලන් කරගන්න බැරි උනා.....
ඉතින් කවි වලින් වැඩක් තියෙනවද....
මගේ ඇස් එයාව හොයනවා....
වෙනදට වගේ සීතලට තුරුල්
වෙලා ආදරේ
කරන්න කියලා දෙන්නේ කවුද?
මම කොච්චර ආදරේ කරාද...
එයා කොච්චර ආදරේ කරාද...
අර බලන්න....
තරු මට කතා කරනවා..
එයා ඉන්න ඕන අහසේලු...
නැහැ නැහැ....
මම යන්න දෙන්නේ නෑ...
ඒත්....
එයා ගියොත්
මට ලියන්න පුලුවන්.....
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්...
සමනල්ලු ගොඩාක් මල් වලට ඇදිලා යනවා....
ඒත් එක ආඩම්බර සමනලයෙක්
නිල් පාට ඇස් වල කදුලු පුරවගෙන
එකම එක රෝස මලක් දිහා
බලාගෙන ඉන්නවා...
ඉතින්....
මට ලියන්න පුලුවන්...
ගොඩාක් දුක හිතෙන විදිහට
ලියන්න පුලුවන්....

Friday, January 14, 2011

උඩු ගුවනේ සිට......

6 ප්‍රතිචාර | Read more...
























Thursday, January 13, 2011

ඔකිඩ්..... සුන්දර පේරාදෙනියෙන්

3 ප්‍රතිචාර | Read more...














Tuesday, January 11, 2011

අරුන්දතී සිව්වන පියවර

5 ප්‍රතිචාර | Read more...

නිවාඩු දිනයක් වුයෙන් තාරුකගේ උදය වරුවම ගෙවී ගියේ.. තමාගෙත් බාප්පාගේත් කිලිටි ඇදුම් සේදීමටත් කුඩා එපාර්ට්මන්ට් නිවස පිරිසිදු කිරීමටත්ය.

තාරුකට උපතින්ම මව් සෙනෙහස අහිම්විය. ඔහු හැදී වැඩුනේ තාත්තාත් බාප්පාත් සමගයි. තාරුකට දසවැනි වියේදී ඔහුට  පිය සෙනෙහසත් අහිමිවිය. ඒ තැන් පටත් ඔහුව රැක බලා ගත්තේ අවිවාහක බප්පාය. තාරුකගේ බාප්පා මහින්ද සංගීත ගුරුවරයෙකි. කාලයෙන් කාලයට පාසැලෙන් පාසැලට මාරුවීමට සිදුවු බැවින් ඔවුන් දෙදෙනාට ස්ථිර නවාතැනක් නොවීය. ‍බොහේවිට කුලී නිවාසවල හෝ ගුරු නිවාසවල  දිවි ගෙවන්නට ඔවුන්ට සිදුවිය. දෙදෙනා ගෙවු සරළ දිවි පෙවෙතේදි ඔවුන් දෙදෙනා එකිකෙනාට බොහෝ සෙයින් සමීප වුවෝය.

"පුතා මම යනවා.... ඔයා කන්න... මම  හවස් වෙයි.... එන්න.. රෑට උයන්න ඔනි නැහැ... මම කොත්තුවක් ගේන්නම්... ඔය ඇති දැන් වැඩ කලා.... මට පුළුවන් ඉතිරි ටික කරන්න  ඔයා කාල පාඩම් කරන්න දැන් දෙකත් පහු වෙලා...." පිටව යන්නට සැරසෙමින් මහින්ද කීවේය

" බඩගිනි නැහැ බාප්පි.... මේ ටික විතරයි තියෙන්නේ ඉවර කරලම ඉන්නම්..... ඇයි රෑ වෙන්නේ..... අහා..... අදත් පාට්යක්වත්ද........." තාරුක යටැසින් බලා සිනාසෙමින් කීවේය.


"ඇති උබේ පණ්ඩිත කම ......... උඹෙන් වැඩ ගන්න බැහැ.... ගිහින් පාඩම් කරපන්...... " මහින්ද හොර හිනාවකින් මුව සරසාගෙන කිවේය.


"හිනා වෙලා මග අරින්න එපා බාප්පී.... ඔයා තාම තරුණයි....  බබී නහස්ති වෙන්නේ නැතිව මට පුංචි කෙනෙක් ගේන්න........ මම පාඩම් කරන්නම්..... රැට තියෙනවනේ පැය දොළහක්ම....."


"හ්ම්ම්ම්ම්ම මම කවදද උඹත් එක්ක කතා කරල දිනුවේ.... මම යනවා...... " මහින්ද තාරුකගේ පිටට තට්ටුවක් දමාගෙනම පඩි පෙල බැස ගියේය.

සේදු රෙදි බැල්කනියේ වනමින් තාරුක මහින්ද යන දෙසම බලා උන්නේය.... බාප්පා තවමත් අවිවාහකව සිටින්නේ තමා නිසා බව තාරුක දනි... ඒකල ඔහුගේ පෙම්වතිය විවාහය හදිස්සි කරද්දි... තමන් වෙනුවෙන් කැපවී... ඇය වෙන කෙනෙකු හා විවාහවන තුරුත් සිට සිතින් විදවන බාප්පා වෙනුවෙන් ගෞරවනීය හැගීමකින් තාරුකගේ සිත පිරී ගියේය.‍
රෙදි වේලෙන්නට දමා අනතුරුව තාරුක දවල් අහාරයෙන් සප්පායම් විය.... පසුව බාප්පාගේ වයලීයත් රැගෙන බැල්කනියේ වු අරලිය සෙවනට ගොස් සුපුරුදු වාදවය ආරම්භ කලේය.... මෙය තාරුකගේ දින චරියාවේ කොටසකි . පාසැල නිමවී නිවස පැමිණ දවල් ආහාරයෙන් අනතුරුව වයලීනය හෝ ගිටාරයත් රැගෙන අරලියා සෙවනට යන තම ප්‍රියතම ගීත ගෙන්නක්ම වාදනය කරයි. තාරුකට ගායන මෙන්ම වාදන හැකියාවද සහජයෙන්ම උරුමව තිබුණි. 



සුපුරුදු ලෙස වාදනයේ යෙදෙමින් සිටින අතර තාරුකගේ නෙත් ගැටුනේ  යාබද සිරිවංශ නිවසේ සිට බැල්කනිය දෙසට නෙත් යොමා සිටින සුන්දර යුවතියකි..... ඔහු වාදනය මදනට නතර කොට ගල් ගැසි සිටියේය.

ඒ තාරුක දුටුවේ...  සිරිවංශ නිවසේ ජනේලයෙන් එබී... මිහිරි වාදනයකට සවන් දෙමින් උන් වන්දනායි... ඇය වාදනය ඇසී ජනෙල් පියන් අද්දරට විත් වාදකයා සොයා අරලියා පොකුරු අතර නෙක් ගෙන ගියත් ඇය තාරුකව නොදුටුවාය. වාදනය සැනෙන් නැවතුනෙන් ඇය   ජනෙල් පියන් වසා දමා.. ඇදට වැටුනාය....
තාරුකට යලිත් වාදනය කරන්නට සිත් නොවූයෙන්... බොහෝ වේලාවක් සිට පාඩම් මේසයට ගියේය... එහෙත් හිත පාඩමට නොරැදෙන බවක් ඔහුට දැනිනි.




Monday, January 10, 2011

සිරිපා වන්දනාවට ගිය කස්ටිය...........

20 ප්‍රතිචාර | Read more...
                           ඔන්න ඉතින් අපේ අක්ෂරයේ කොලු රැන සිරිපා පද්මය කරුණා කරන්න ගිහින් ආයෙමත් ගෙවල් වලට ආවා.. අපේ චාරිකාවට කොලුවන් 9 දෙනෙක් සහාභාගි උනා. අපේ අක්ෂරයේ කෙලි පැටවුන්නම් දැන් ඉරිසියාවෙන් පුපුර පුපුර ඉන්නේ. දැන් එයාලත් අපිව දාලා චාරිකාවක් යනවලු.... අපිට මොකෝ. අපිට ඉතින් හොරෙන් හරි එන්න පුලුවන්නෙ..........

                        ඉතින් මම කිව්වනෙ ගමනට 9 දෙනෙක් සහභාගි උනා කියලා... මම මේ හදන්නෙ ඒ 9 දෙනා ගැන විස්තර ටිකක් කියන්න. මේ කියන සියලුම දේවල් ඇත්තම ඇත්ත හරිද. කොහොමත් ඉතින් අපි බොරු කියන්නේ නැහැනේ. එහෙනම් පින්තූරේ තියන අංක පිලිවෙලට බලාගෙන එන්න හොදේ.




 



                                  දුටු පමණින් මකර තොරණේ වාමන රූපයක් සිහිගන්වයි. ප්‍රමාණයෙන් ගත්කල ඩයිනසෝරයෙකුට හෝ තල්මසෙකුට පමණක් දෙවනි වෙයි. මොහුට ළමයා කියනවානම් අනෙක් අයට ළදරුවෝ කිව හැකිය. මේ දිනවල රොමේෂ්  ලක්ෂාන් ගායනා කරන සුප්‍රසිද්ධ හිතුමතේ ගීතයට ඉතා සිතින් පෙම් බදී. ගාල්ල පැත්තේ නිවසක හිමිකාරයෙකු වීමේ නොතිත් ආශාවෙන් පසුවන මොහුට නිතරම ගැහැණු ළමුන්ගෙන් දුරකථන ඇමතුම් ගලා එයි.කැමට උපන් හපනෙකි. අතේ පත්තුවන බොරු වැලක් ගොතා චාරිකාවට සහභාගී වූ ළමයා ජීවිතේට නොදැකපු අය පවා සහෝදරයන් කිරීමට උපන් හපනෙකි. පොඩ්ඩක්වත් බයිට් වන්නෙක් නොවේ.



              සිහින් උස පඹයෙකුට සමාන රූපයකට හිමිකම් කියන රත්ගමයා  කන්නාඩි පළදී. ඒ ඇසේ ආබාධයක් නිසා නොව හුදෙක් කුප්පකමට බව පරීකෂණාත්මකව සොයාගෙන ඇත. යන යන සියලු තැන්වල සිය කුප්පකම හෙළිකිරීමේ ආශාවකින් පසුවන මොහු දුම් රියේදී අක්කා කෙනෙක් අරභයාද, සිරිපාදයේදී හා බසයේදී නංගියෙක් අරභයාද එය මනාලෙස ප්‍රකට කලේය.  නොදන්නා මැජික් පෙන්වීමට ගොස් නිකම් කිච වන මොහු ඊ බේ හරහා ලබාගත් ලාබ චයිනීස් සයිබර් ශොට් කැමරාවකින් සන්නද්ධව දැකිය හැකිය. සුදු මහත්වරුන් කෙරෙහි මහත් කැමැත්තක් ඇති නිසා යන යන තැන සුදු නෝනා වරුන්ගේ ප්‍රධාන එදිරිවාදියා ලෙස කටයුතු කරයි.



                     රා කලයක් වැනි බඩ ගෙඩියකට උරුමකම් කියන මොහු ගරා යකාගේ ලගම නැදැයෙක් ලෙස පෙනේ. දුටුපමණින් ලැජ්ජා දනවන කවරයක් සහිත කැමරාවක් අතින්ගෙන ගමනේ ප්‍රධාන ජායාරූප ශිල්පියා ලෙස කටයුතු කලේය. ලියන..ගේ.. තරම්ම කුප්ප නොවන මුත් මොහුගේ චරිතයේද කුප්පකම අම්බානෙකට ඇත. ඉහත ජායාරූපයට සිය මුහුණ හරිහැටි නොපෙන්වීමෙන්ද කුප්ප කම ඉස්මතුකර පෙන්වයි. චිලිපේස්ට්, මාගරින් සමග පාන් මොහුගේ ජාතික ආහාරය වන අතර පේරාදෙණිය දුම් රිය ස්ථානයේදී සුද්දියෙකු සමග ඇතිවූ හුටපටය ප්‍රසිද්ධ රහසකි. 



                     සීතල අවස්ථා වලදී සිරුරේ සමහර කොටස් ඇකිලී යාමේ අසාමාන්‍ය ලක්ෂණයක් මොහුට ඇත. උඩමළුවේදී උණුවතුර බෝතලයක් සමග කල විගඩම දන්නෝ දනිති.කූඩැල්ලන්ට දක්වන්නේ පුදුමාකාර ආදරයකි ( පන බයයි). ඉතාමත් කුඩා බැගයක් ගෙන සිරිපා වන්දනාවට සහභාගි වූයේ සිය අඩුම කුඩුම දමන්නටත් ඉඩ මදියැයි කියමිනි. හෝටල්වල ආහාර ගැනීමට දැඩි බියක් දක්වන සීතලයා පොදු වැසිකිලියක් මලත් භාවිතා නොකරයි. සීත ගගුලේ නැමට මහත් ආසාවකින් පසුවූ මුත් නාන්නට නොලැබීම ගැන මහත් වූ දුකකින් පසුවිය. තෙවරක්ම බූරුවා සම්මානයෙන් පිදුම්ලද මොහු බයිට් වීම අවමම අගයක් ගනී.


 05. ප්‍රභාත් හෙවත් පොඩි මහත්තයා :
                    සිරිපා නඩයේ ගුරාය. සිය කුප්ප කම උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් කාර්ඩ් එක රැකගැනීමට මහත් වූ උත්සහයක් දැරුවේය.හිනා යන නොවන විහිලුවකට වුවද හක හක ගාන මොහුගේ හිනාවට අනෙක් අයටද හිනායයි. නැවත ගමනේදි උවමනා කරන ඇදුම් පවා සිරිපා කන්ද මුදුනට ගෙනගොස් තෙමී ඇති නිසා තෙමිච්ච කුකුලෙක් ලෙස නැවත් ගමරට බලා යාමට සිදුවිය.නල්ලතන්නියේ සිට හැටන් බලා එන ගමනේදී අසල ආසනයේ නිදාසිටි පුද්ගලයාගේ උරහිසට හේත්තු වී සිට කොන්දාගෙන් කුණු බැනුම්නම් ඇසුවේ නැත. මොහුද පොඩ්ඩක්වත් කන්නට බැරි පුද්ගලයෙකි.



 06. ලොෂාන් මලයා : 

                 පොඩි මහත්තයාගේ තනිකම් දෝසය නැතිකිරීමට පැමිණි මොහු තම නම්බුව රැකගැනීම උදෙසා නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම ගමන පුරාවටම දක්නට ලැබුනි.නමුත් නල්ලතන්නිය දක්වා ගමනේදී සීතලයා සමග හරි හරියට ඕපාදූප කියවූ මොහුද ආහාර ගැනීමටනම් අතිශය පලපුරුද්දක් සහිත ප්‍රවීණ පුද්ගලයෙකි. 




 07. අනුශ්ක හෙවත් බනියා.:

                උපතේ පටන් දිග කන්දෙකකට හා කුඩා වලිගයකට උරුමකම් කියූ මෙම හාවා දැන් බොම්බයි මොටයි වැනි රැවුලකටද උරුමකම් කියයි. අනෙක් අයට බඩගිනි වෙලාවට මොහුට බඩගිනි නැතත් ,අනෙක අය නොකන වෙලාවට කැම සියල්ලටම වග කියන්නෙකි. හන්තාන හා ෆෙඩෝරා යන වචන මොහුගේ ජීවිතය වූ බැවින් චාරිකාවේදී ඒවා තහනම් වචන කිරීමටද සිදු විය. කන්ද නගිද්දී නිදාගැනීමට අවැසි බව කියමින් පෙරළි කල මොහු කන්ද බහිද්දී ඉක්මනින් බැසීම විශ්මයට කරුණකි. මේ දිනවල යුරෝපා රටක (ඉතාලිය) පුරැවැසිභාවය ලබාගැනීමට සැහෙන කට්ටක් කන හාවා ඉරු සමග සැහෙන්න තරහකින් පසුවෙයි. මොහු හාවෙක් වුවත් ඇතෙක් වැනි කොල්ලෙකි.




  08. චේතන හෙවත් චේ උන්නැහේ :
          චාරිකාවට සහභාගි වූ අහිංසකම පුද්ගලයාය. පරම පරමාදර්ශී කටක් හා නිවුනු සිතක් ඇත්තෙකි. නිර්මාංශ ආහාර පමණක් ගන්නා චේ නිතරම අනෙක් අයට ( ආච්චිලාට) උදව් කිරීමට කැමැත්තක් දක්වයි. කිසිවෙකුව බයිට් කිරීමට හෝ මඩ ගැසීමට එතරම් කැමැත්තක් නොදක්වන මොහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසක කොල්ලෙකි.



09. දිස්මික හෙවත් නිවැසියා.     

          ජායාරූපයේ පෙනෙන්නට නැති අපේ සගයාය. මොහු නොසිටින්නට කස්ටිය ගෙදර එන්නේ තෙමිච්ච කුකුලන් මෙන්ය. හැටන් වල පදිංචි මොහුගේ ගෙදර අපේ නවාතැන විය. මූත් එලමකිරි කොලු පොඩ්ඩෙකි.



                   
 ප.ලි 

මෙම ලිපියේ අඩංගු වන්නේ අතිශය සාධාරණ අවංක ලෙස ලියූ අපක්ශපාතී වාර්ථාවක් බවත් කිසිවෙකුට මඩ නොගසා ඇති බවත් කරුණාවෙන් සලකන්න.(නමුත් මේ ලිපියට කොමෙන්ටු ලෙස අමු අමුවේ මඩ වදින බවනම් සක්සුදක් සේ පැහැදිලිය.)

 

අරුන්දති - තෙවන පියවර

3 ප්‍රතිචාර | Read more...
වන්දනා තම පොත් පත් ඇදුම් සියල්ල පිළිවෙලට ඇසිරුවාය.  පසුව කාමරයේ  දොර අසලට  ගොස් කාමරයේ හැඩ බලමින් සිනාසුනාය. 

“ලස්සනයි... ලස්සනයි.... පදිංචි වෙන්න යන කෙනා වගේම  ලස්සනයි” කණ අසලින්ම ඇසුණු සිහින් හඩින්  තිගැස්සුනු වන්දනා පිටුපසට හැරුණාය. 

“පොඩි අයියා.....” වන්දනා මුවින් හා දෙනෙතින් සිනාසෙමින් කියද්දී.... දගකාරයා මහ හඩින් සිනාසුනේය.

“මම ගැස්සුණා... කවුද කියලා.......” වන්දනා ඉසංකට කාමරයට ඇතුල් වන්නට ඉඩ දී දොර අසලින් මෑත් වුනාය....

“ඇත්තටම ලස්සනයි සුදු නංගා..... ඔයා කාමරේ ෂෝයි එකට ඇරේන්ජ් කරලා අනේ වෙලාවක මගේ කාමරෙත් මේ වගේ  ලස්සන කරල දෙන්න කෝ.....” ඉසංක කාමරය පුරා නෙත් දුවවමින් කීවේය..... වන්දනා හිස සලා සිනාසුනාය......

“ ඉතින් පාන්දරින්මද එහෙන් ආවේ.....” ඉසංක ඇද මත හරිබරි ගැසෙමින් ඇසුවේය.....

“හ්ම්ම්ම් ..... පාන්දර කොච්චියේ.....”

“ට්‍රේන් එකේ.......????? ඇයි නංගා.. අම්මා එක්ක  නෙවෙයිද ආවේ.... ඔයා... තනියමද ආවේ.....අහා.....” 

ඉසංක විමතියෙන් දෑස් දල්වාගෙන වන්දනා දෙසම බලා සිටියේය.
මුවින් පිළිතුරු නොදුන් වන්දනා හිසසලා කදුලු වලකා ගත්තාය... අද උදේ අම්මා කලේ මේ ලොව කිසිදු අම්මා කෙනෙකු සිහිනෙන් හො නොකරන වැඩකි...... ඇය මිතුරකු හා යන බව කියා... මුදල් දී ස්ටේෂන් එකෙන් බැස්සුවේ... වන්දනා නොසීතු ලෙසය... මෙතරම් දුරක් තනිවම  පැමිණියේ ජීවිතයේ ප්‍රතම වතාවටයි. තාත්තා ජීවත්ව සිටියේනම් කිසි දිනෙක තමා මෙලෙස අසරණ නොවන බව ඇය ‍වේදනාවෙන් සිතුවාය...

“කෝල් එකක් දෙන්න තිබුණ නේද....... එහෙමනම් මම ලොකු අයියත් එක්ක වාහනේ එනවනේ..... ඇයි තනියෙම ආවේ නංගියා..... ලොකු මාමා හිටියනම් ඔයාව කොයිම දේකටවත් තනියෙම ගෙදරින් එළියට යවනවද..... නැහැනේ...... ඇයි පණ්ඩිත ආච්චි අම්මේ... මේ වගේ වැඩක් කලේ........” ඉසංක බොරු අමනාපයක් දෙනෙතෙහි රදවාගෙන වන්දනා දෙස බලා සිටියේය...
“අන්තිම මොහෙත වෙනකල් මට ඒ ගෙදර ඉන්න ආස හිතුනා අය්යේ ඒකයි එදා මම නැන්දි එක්ක ආවේ නැත්තේ..... අද උදේ මම හිතුවේ අම්මි මාව මෙහෙට බස්සවයි කියලා.... ඒත් එයා මාව බැස්සුවේ ස්ටේෂන් එකට... මම මොනා කරන්නද......” වන්දනා සමාව අයදින සුළු ස්වරයෙන් කීවාය... ඉසංකගේ පපුව හිරි වැටී ගියේය..... තුෂාරි නැන්දානම් හිතක් පපුවක් නැති ගැහැනියකියි ඔහු තනිවම සිතුවේය.......

“ අපි පුංච් කාලේ සෙල්ලම් කරපු ගෙදර.... අපිට නැති වුනා නේද සුදු නංගා....”

 ඉසංක වේදනාත්මක හඩින් කීවේය.... ඔහු ගමේ මහ ගෙදරට බොහෝ සෙයින් ඇළුම් කලේය.. එසේම අසංකත් ඒ නිවසට මහත් ඇල්මක් දැක්වූ බව ඔහු දනී... තුෂාරි ඒ නිවස විකුනන්ට සූදානම් වන බව සැල වූ වහා.. ඉසංකත් අසංකත් එය මිලදී ගනිමුයි කියමින් සිංගප්පූරුවේ උන් තාත්තාට නිතර නිතර ඇවටිලි කරත් ඔවුන් තිරණයකට එන්නටත් පෙර තුෂාරි ඒ නිවස දේපල වෙලදාම් සමාගමකට විකුණා තිබුණාය. 

“තාත්තිගේ ආත්තම්මාගේ සුවද  ඉතිරි වෙලා තිබුණේ ඒ බිත්ති අතර... ...ඒ...ත්........ම...මම...අ...ද...ඒ හැම දෙය..ක්ම දා..ල....” වන්දනා ඉකිබින්දාය.... ඉසංක උන් තැනින් නැගිට විත් ඇයගේ හිස පිරි මදිම්න් සැනසුවේය..

“අනේ අඩන්න එපා මගේ නංගා....ඔයාට අපි ඉන්නවනේ... හැමදාම ඔයාට අපිත් එක්ක ඉන්න පුළුවන්..මතකද පුංචි දවස්වල ඔයයි රන්දුයි අයියයි මායි සෙල්ලම් කරපු හැටි.... අපි හතර දෙනා ආයෙත් එක් වුනා... ඒ ගැන හිතලා සතුටු වෙන්න බබා.....” ඉසංක ආත්මීය සෙනෙහසකින් වන්නනාගේ හිස පිරි මැද්දේය. වන්දනා පිටි අත්ලෙන් කදුලු පිස දමා අහිංසක ලෙස සිනාසුනාය.
ඇයගේ හිස පිරි මැදගෙනම ඉසංක කාමරයෙන් පිටවිය.... වන්දනා සහැල්ලු සුසුමක් හෙලා ජනෙල් පියන් අද්දහට ගියාය.


Saturday, January 8, 2011

අක්ෂරේ කට්ටියගේ සිරිපා වන්දනාව

13 ප්‍රතිචාර | Read more...
කාලෙක ඉදලා අක්ෂරයෙ කට්ටියත් හිතන් හිටියා කට්ටියම එකතුවෙලා නිවාඩුපාඩුව තියන වෙලාවක් බලල කොහෙහරි ඈවිදින්න යන්න.මොකද මේ වෙනකම්ම අපි එකිනෙකා මුනගෑහිල තිබ්බෙත් නෑනේ.එක්කෙනෙක් ගාල්ලෙ, තවකෙනෙක් නුවර, මොරටුවෙ, අනුරාධපුරේ, මීරිගම, වෙන්නප්පුව, නුවරඑළිය  ඔන්න ඔයවගේ ගොඩක් දුර අයනෙ ඉතින්, අහ්...එක්කෙනෙක් ලංකාවෙත් නෑ එයා ඉතාලියෙ.යාලුවෝ ඔක්කොම දෑන අදුනගත්තෙ මේ ජාලෙට පින් සිද්ධවෙන්නනෙ.

සිරිපා වාරෙත් ආව නිසා සිරීපාදේ යමු කියලා යෝජනාවක් ආවෙ මේ අතරෙදි. ඒ යෝජනාවත් ඒකමතිකව සම්මත වුනා.දිනය යෙදුනෙ ජනවාරි 8ට වෙනිදට,කට්ටියම කෝච්චියෙ යන් කියල තීරනෙත් කරා.

ඒත් ඉතින් මේ ගමන යන්න අක්ෂරේට සම්බන්ධවෙලා ඉන්න ගෑනු ළමයින්ට නම් හෑකියාවක් ලෑබුනෙ නෑ.අපේ පොඩ්ඩ මල්ලි නඩේ ගුරා විදියට ඉන්නෙ.හම්තුම් අය්යා,අපේ ළමයා(චතුවා),චේ උන්නෑහෑ එක්ක ඉරුවත් මේකට එකතුවෙලා ඉන්නවා.චේ උන්නෑහෑ නම් කිව්වෙ තනියම එන්න බය නිසා තව යාලුවෙකුත් කෑන්දගනම ගමනට සහහාගී වෙනවා කියාල, හම් තුම් අය්යත් නිවාඩුවක් එහෙමත් දෑම්මලු. ළමයා(චතුවා)ත් මේ දෑන් නුවරින් අලුත් ටීශර්ට් එකක් එහෙමත් ගත්තයි කියන්නෙ ඈදගන යන්න,අම්මත් එක්කම ඈවිල්ලා අම්ම කෝච්චියට නග්ගලා ගියාලු,තාම පොඩි එකානෙ ඉතින්.

ඔන්න අක්ෂර කට්ටියත් සිරිපා වන්දනාව යන්න සූදානමින් නුවරින් පිටත් වුනා කියලා තමයි මේ දෑන් ලෑබුන ආරංචිමාර්ග සදහන් කරන්නෙ. මේ සිරිපා කරුණාවට අක්ෂරයෙ මෙතෙක් නොදුටු යාලුමිත්‍රයෝ කීපදෙනාම මුන ගෑහිලා සුහද සාකච්චාවල නිරත වෙමින් ගමන් ආරම්භ කලාලු.(මේ වෙද්දි නාවලපිටියෙ).

පුංචි දුකකුත් තියනවා ඉතින් ගෑනුළමයි ටිකට යන්න ලෑබුනෙ නෑති නිසා . :( ඒ මොනව වුනත් අපි ප්‍රාර්ථනා කරනවා සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපා වන්දනාව කරන් කරදරයක් නෑතුව හොදින් ගිහින් එන්න ලෑබෙන්න කියලා...

Thursday, January 6, 2011

හෝටන් තැන්න.... (ඡායාරූප)

5 ප්‍රතිචාර | Read more...