අවජාතක...

Sunday, January 2, 2011


සිව් මසක ගැබනිය මා..
මා හිමි නොමැති...
ලෝකයා නම් දේවි මගේ පුතුනේ..නුබට.
අවජාතයෙකු ලෙසට...

හිරු එලිය කියා.. රැවටුනේ මගේ පුතුනි නුබේ මව්..
කළාමැදිරි එලියට...
ආදරය කියා ...සිතුවේ නුබේ මව්....
මිරිගු සයුරකට...
හිනවුනේ දැවටුනේ ...නුබේ මව්
කහඹිලි වැලකට....

කුස තුල වැඩෙන නුබේ කළල කැලළක් වුවත්...
හිතුවත් උදුරා විසික් කෙරුමට...
හිත රිදුම් දේවි මගේ පුතුනි...සදහට සදාකලේටම...
නොදුන්නත් නුබ කිසි කලක සමාව...
නොඉල්ලමි නුබේ මව් ..
අයදිමි කමාව නුබේ පියාණන්ට...

12 ප්‍රතිචාර:

  • Bunny says:
    January 2, 2011 at 7:07 AM

    කවදා හරි ළමයා... අම්මේ කෝ තාත්තා කීවාම ?

  • Prabhath says:
    January 2, 2011 at 8:21 AM

    මේ කිසිත් නොදත් නුඹ
    කලළයකි නුඹ තාම
    නුඹේ මව්ට උනු වරද
    නොම කරන් කිසි දිනෙක

    අහිමි වුව පිය සෙනෙහෙ
    හිමි වුවද ලේබලයක් අවජාතක
    අමතක නොකරන් කිසි දිනෙක
    නුඹෙ මව් රැක දුන් නුඹෙ දිවිය

  • චේ උන්නැහේ... says:
    January 2, 2011 at 11:30 AM

    කෙසේ කලද,
    කවුරු කලද,
    වරද වරදමය......
    වරදට ලොකුම දඩුවම සමාව දීම වුවත්.....
    මගේ මව්ට කල වරදට,
    මගේ පියාණනි,
    ඔබට කිසිදු සමාවක් නොලැබෙනු ඇත.....

  • -HacKrisH- says:
    January 2, 2011 at 1:43 PM

    Oopssssssssssssssssssssssssss

  • රත්ගමයා says:
    January 2, 2011 at 4:36 PM

    මට කවි ලියන්න තේරෙන්නේ නෑ නේ..... :(:(:(:(

  • Prabhath says:
    January 2, 2011 at 5:10 PM

    අපිට තේරෙන්නෙත් නෑ ඉරුවො

  • Kavindya says:
    January 2, 2011 at 7:10 PM

    ජාතකය හොයන ජාතියට‍
    උනත් නුඹ අවජාතක
    හැමදාම අම්මාට රජ පැටියෙක් නොවෙද

  • චතුවා says:
    January 2, 2011 at 8:11 PM

    මට කවි ලියන්නයි තේරුම්ගන්නයි දෙකම අමාරුයි.

    කොහොම වුනත් නිම්ෂා ලියලා තියෙන දේනම්... අද කාලේ නොඅඩුව දකින්න ලැබෙන දෙයක් නේ.. එහෙම අයට "අවජාතක" ලේබලය ගහන එක නම් වැරදී. සමාජයේම පවතින වරදක්.!

  • චේ උන්නැහේ... says:
    January 2, 2011 at 9:19 PM

    @ ළමයා : අනිවාර්යෙන් සහොදරයා. ඒක බරපතල වරදක්. ඒ උනත් ඒක අපිට වෙනස් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්නනම් අපිට සමාජයම කනපිටපෙරලන්න වෙනවා.

    මෙහෙම කිව්වයි කියලා චේ උන්නැහේ විප්ලවවාදියෙක්නම් නෙමෙයි ඕං....

  • හිස් අහස says:
    January 2, 2011 at 9:34 PM

    තාත්තාගේ නමවත් නොදන්න පුංචි ලමයෙකු ගේ හිතක මොන වගේ සිතිවිලි ඇද්ද ? ඇත්තටම මටනම් හිතා ගන්න පුලුවන්. ඒ කොහොමද කියලා මම දන්නේ නෑ

  • නදී says:
    January 4, 2011 at 6:14 PM

    මම් අදුරන කෙනෙක් ඉන්නවා.කාටවත් කරදරයක් නෑති උගත් කෙනෙක්,පරිගනක ඉන්ජිනේරුවරියක්.එයාගෙ අම්මා දෑන් වෙනම පවුලක් වෙලා.එයාව හදාගන තියෙන්නෙ ආච්චියි සීයයි.ආච්චියි සීයටයි තමයි එයා අම්ම තාත්ත කියන්නෙ.අපි දන්න කෙනෙක් එයාට විවාහ යෝජනාවක් ගෙනාවා.වටේපිටේ ඉන්නඅය "අවජාතක" නමින් හදුනවන්නෙ කියලා කෙනෙක් අර යෝජනාව ගෙනාව කෙනාගෙ ගෙදරටම ගිහින් කියන්න තරම් උනන්දුවෙලා,ඒ මගුල එතනින්ම නෑවතුනා.
    ඔන්න ඔහොමයි සමාජෙ සලකන හෑටි!කොච්චර හොදට හිටියත් ගෑලවීමක් නෑ.අම්ම අප්පත් තමන්ගෙ එකා ගෑන බලන්නෙ නෑත්තම් වෙන අය ගෑන කවර කතාද?

  • Prabhath says:
    January 4, 2011 at 10:31 PM

    ජාතකේ සොයන විජාතිකයිනි
    දෑස් හැර බලාපියවු
    ඇයද අවජාතක තොපිද අවජාතක
    මිනිස් කම දීනවූ සමාජයක
    තොපිගෙන් ගහනවූ නොපනත් කම
    යටයි බොල මොලගෙඩියට පපු කැවුතට

    තොපිව ජාතක කල මවු පියන්
    අතැර දමා ගෙන ගොස් ඈත
    සොයයි තොපි අනුන්ගේ ජාතකය
    තොපිට නැති නිසා ජාතකය

    නාම පදයකි අවජාතක
    හැඳින්වීමක් නොපනත්කම
    නමුත් නොම වේ ජීවිතය
    කිසිදිනෙක අවජාතකය...

Post a Comment