නිවුණා ලෙස පහන ගෙයි මැද මා පුතුණි
නුඹ ගොස් හැරදමා සෙනෙහස මා තුරුලේ
නිවනක් නැහැ සිතට යලි නුඹ දකින තුරේ
දන්නෙම් යලින් නොඑනා බව මේ භවයේ
මා පුතු වෙලා එනු මැණ තුරුලට පෙරසේ
මතු සසරේ නුඹ උපදින හැම භවයේ
නොම දෙමි යන්ට නුඹ හට කිසිදින මෙලෙසේ
යලි නොම හඩමි නුඹ එනු ඇත හැම භවයේ
Subscribe to:
Post Comments (Atom)
නොසිතුව මොහොතක ඔබ හැර රහසේ
යන්න නොසිතුවෙමි කිසිදිනෙක මෙලෙසේ
මරුවාට පැරදිලා ගියෙන් මම දුකසේ
ර්‍අම්මේ රැකගන්න මල්ලීව පන සේ
යන එන කලට මව්නි මරු තුරුලට සෙනෙහේ...
යන්නට වෙයි සැමහට මෙලෙසේ...
පතමි පැතුමන් දහස් වර සසරේ...
නුඹ වන් මවක් ලැබිමට හැම සසරකම ගමන් මගේ...
හැර ගියමුත් මේ භවය නොසිතු ලෙසේ..
යලි තනි නොකරමි මතු සසරතුරේ....
බ්ලොග් ලියන කියවන සහෝදර සහෝදරියනි අපි "ඉලංදාරියාට" පිහිට වෙමු.මේ වෙලාවෙ අපි එයාට පිහිට විය යුතුමයි.
http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html
ගොඩක් ලස්සන හිතට දැනෙන නිර්මාණයක් අක්කා..
JHOTHISHALANKA සහෝ.. බොහොම ස්තූතියි දැනුම් දුන්නාට.. මම දැනුයි දැක්කේ ඉලංදාරියාගේ මේ ප්‍රශ්නය ගැන..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................