වන්දනා උදෑසනින් අවදි වුවාය... අද අළුත් පාසැලට ඇතුලත් වෙන දවසයි. රුහුණු දුම්රියේ නැගී නැන්දාගෙ නිවසට ආ දා සිට මේ වන තුරු සිදුවු සිදුවීමි සිනමාපටයක් මෙන් ඇය ඉදිරියේ මැවෙන්නට විය.
නැනදාගේත් අයියලා දෙදෙනාගෙත් නොදම ආදරය කරුණාව ලැබුණද රන්දනාගේ නොරිස්සුම නිසා වන්දනා උන්නේ වේදනාවෙනි...
වන්දනා මෙහි පැමිණි දා සිට මේ වනතුරුත් රන්දනා ඇය හා කිසිත් කතා නොකලාය
වන්දනාව බනිනට බැරි විට රන්දනා ඇතැම්විට නපුරුලෙස නිවසේ මෙහෙකාරියට පවා තරවටු කලාය. සෘජුව තමා හා දබරයට පැටලුනේ නැති වුවත් වන්දතා ඉන් විශාග ලෙස සිත රිදවාගත්තාය.
ජනෙල් පියන් අතරින් පාන්දර මද ආලෝකය කාමරය තුලට එබෙන විට ඇදෙන් බැසගත් වන්දනා මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියාය
"අනේ... මෙන්න සුදුබේබි උදෙන්ම නැගිටලා...මම මේ දුවන්න හැදුවේ ඇහැරවන්න කාලෙකින් ඉස්කොලේ යන නිසා චූටි බේබිවනම් ඇහැරවගන්න ට්කක් අමාරුවෙයි....." රන්දනාගේ කාමරය දෙසට යම්න් මාලිකා කීවාය.... නැවුම්ලෙස ඇය හා සිනාසුනු වන්දනා තේ හදමින් උන් නැන්දා අසලට ගියාය.
"ගුඩ්මොනිං සුදු මැණික......සීතලයිද....." නැන්දා ආදරයෙන් වන්දනා හා සිනාසෙමින් ඇසුවාය.
"චුට්ටක් ...ඒ..ත් ගානක් නැහැ..... පහුගිය දවස්වලත් මම උදේම නැගිට්ටා.... දැන් මෙහෙට පුරුදුයි වගේ...."
"හොද කෙල්ල මේ වයසට කම්මැලි වෙන්න හොද නැහැ"
චාරුණි වන්දනාගේ තේ කෝප්පය ඇය අතට දී රන්දනාගේ කාමරය දෙසට ගියාය.
"නොනා මහත්තයාව ඇහැරවන්න ඔනිනේ දැන්"
යම්න ගමන් නැන්දා කියු දෙයට වන්දනාගේ මුවට සිහින් සිනහ රැල්ලක් නැගුණි.
නිවසේ උදැසන කලබලයේ අවසානයත් රැගෙන චාරුණි වන්දනා සහ රන්දනා සමග පාසැල වෙත ගියේ අද ඔවුන් දෙදෙනාම උසස් පෙළ පන්තියට ඇතුලත් වන දවසයි. කලකට පසු මිතුරු මිතුරියන් අතරට යන බැවින් රන්දනා උන්නේ අමුතුම උදයොගයකිනි. එහෙත් නොදන්නා පිරිසක් අතරට යන වන්දනා මහත් ලෙස කැළඹි උන්නාය.
ලිපි ලේඛණ කටයුතු අවසන් කල චාරුණි පාසලෙන් පිට ගිය පසු වන්දනා නන්නාදුනන්න පිරිසක් අතරේ තනිවෙද්දී රන්දනා තම සුපුරුදු යෙහෙලියන් හා එක්වුවාය. තවත් නවක සිසුවියක් හා පන්තියේ කෙලවර අසුනක තනිවු වන්දනා අළුත් පරිසරයට හුරුවන්නට උත්සහ දරටමින් උන්නාය.
"හා....යි මම ඉසුරි......ඔයා....?" යාබද අසුනේ උන් යුවතිය වන්දනා දෙසට හිතවත් ලෙසින් සිනාසෙමින් ඇසුවාය
" මම වන්දනා...." වන්දනාද ඇයට මිතුරු සිනාවක් පෑවාය....
"ඔයත් අළුතින් නේද......."
"ඔව්...."
"මට නම් කරකවලා අතඇරිය වගේ ..... මෙයාල අපිට ගොඩක් රැග් කරයි....."
"අනේ... මන්දා......" ආගන්තුක බියකින් හදවත පීරී යද්දී... වන්දනා මිමිනුවාය...
Subscribe to:
Post Comments (Atom)
තාම සූටියි නෙ හලේ... ලොකු දේවල් ගැන හිතන්න කලියෙං උසස්පෙළ ඉවර කොරන්ට වෙයි...
ෆයිනලි.. ඇති යාන්තං.. මං නිකං පාලුවෙන් වගේ හිටියේ.. වන්දනා නැතිව.. :D
ලියන වෙගෙනං බොහෝම මදි..මං දැන් දවස් ගාණක් බල බල උන්නා...
අනේ අක්කේ....මන් මේ කතාවේ කොටස් ටිකක් එකදිගට වැඩිපුර කියවන්න බලාගෙන හිටියා...මදැයි...ටිකක් වැඩිපුර ලියන්නකෝ...
අනේ ඉතින් මට සමාවෙන්ඩලා....... මේ එඩෙක්සුව හින්දා බිසී උනානේ....... සිකරාදා වෙද්දි සෙරම අහවරයි...... දිනපතා ලියන්නම්කෝ.... සිකුරාදගෙන් පස්සේ......