වචනයෙන් ආදරෙයි...

Tuesday, January 4, 2011

අක්ෂරයට ලියනා දෙවන සහ මේ අවුරුද්දට ලියන මගේ පළමු ලිපිය..සෑම දෙනාටම සුභ අලුත් අව්රුද්දක් පතමින් අරඹනවා..

වෙනස් වෙන ලෝකේ මොනාද වෙනස් නොවී පවතින්නෙ..?ඒ ගැන ප්‍රශ්නයක් ඉතිරි කල කතාවක් කලකට පෙර අසන්න ලැබුනා..එක් පාර්ශවයක් ගැන විතරක් ලියවුනත්.තරුණ,තරුණියන් කා අතරත් මෙහෙම තව කීප දෙනෙක් හෝ ඇති.කියවල හිතලම බලන්නකෝ ඉන්නවද කියලා... 

දර්ශනය:තරුණ යුවලක් දෑතින් දෑත පටලාගෙන ගමන් කරමින් සිටි..


තරුණයා-මගේ වස්තුවට මම කවදාවත් රිදවන්නෙ නෑ මම මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි පැටියෝ..

තරුණිය-ඔයා මට පණටත් වඩා ආදරෙයි..??

තරුණයා-ඔව් රත්තරන් පණටත් වඩා,ඇයි එහෙම ඇහුවේ?නෑ කියලද ඔයා හිතන්නේ?

තරුණිය-හ්ම්ම්..එහෙම නෙමෙයි මහත්තයෝ...කව්රුත් තමන්ගෙ පණට වඩා වෙන කෙනෙක්ට ආදරේ වේවිද?ඒකයි මම කිව්වේ.ඔයා එහෙම කියන්න එපා හිතන්නත් එපා.ඔයාගෙන් මේ ලැබෙන ආදරේ මට ඇති හොදටම..

තරුණයා-හ්ම් වෙන්න ඇති පැටියෝ..ඒත මම මගේ පණටත් වඩා ඔයාට අදරෙයි..ඒක මට ඔප්පු කරන්න උණත් පුළුවනි.හැබැයි මම එහෙම කළොත් අපිට අපි නැති වේවි.මම ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම්..
තරුණිය-අනේ දෙයියනේ එහෙම දෙයක් නම් කියන්නවත් එපා මගෙ සුදු මහත්තයෝ...

(ඈතින් දෙදෙනා ඉදිරියට පුද්ගලයෙක් වේගවත් ගමනින් පැමිනේ,යුවතිය අනේ රත්තරන් තාත්තා එනවා යැයි කියයි.නමුත් හැරී බලන විට පෙම්වතා දක්නට නැත..අවසන ඇයගේ මතකයේ ඇත්තේ කම්මුල හරහා පහරක් වැදෙනවා පමණි.යුවතියගේ කෙස් වල්ලෙන් අල්ලාගත් පියා මාවතෙහි පැමිනි බස් රථයකට අත වැනුවේය..)

9 ප්‍රතිචාර:

  • චතුවා says:
    January 4, 2011 at 11:43 PM

    කෙල්ලොත් ඔය වදන් දුන්නට එහෙම තමා..

    කිය කියා ඉන්නවාට වඩා හොඳා ඔප්පු කරලම පෙන්නන එක.. මේ මං වගේ.. :D

    නියම කතාව.. ලයික්..

  • Anonymous says:
    January 4, 2011 at 11:45 PM

    අත්දැකීමක්ද....

  • වෑලා says:
    January 4, 2011 at 11:48 PM

    අපි කවුරු කවුරුත් ඔහොම තමා නගා.කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.

  • ආඩම්බරකාරී says:
    January 4, 2011 at 11:50 PM

    @ළමයා-ඒකනේ මම කියුවේ දෙපාර්ශවයෙම එහෙම අය ඉන්නවා කියලා

    @ඇනෝ-මගේ අත්දැකීමක් නෙමෙයි..නමුත් මගේ හිතවතියකගේ

    ස්තුතියි දෙන්නාගෙම කමෙන්ටු වලට..

  • නදී says:
    January 4, 2011 at 11:51 PM

    අත්දෑකීමක්ද මන්ද?

  • dinnesh says:
    January 5, 2011 at 9:52 AM

    ආදරයට බාදා'''අන්තිමට ඔක්කොම මාඑ''

  • රත්ගමයා says:
    January 5, 2011 at 4:12 PM

    මේක පුද්ගලික ප්‍රශ්නයක්ය..මා සුරැකි උපකාරකයට යමි....
    ආදරය කියන්නේ මොකක්ද ?? :O

  • Anonymous says:
    January 5, 2011 at 5:33 PM

    මාත් ආසයි කතාවට නම්..මරු..
    ඇත්තටම මොකක්ද අප්පා මේ ආදරේ කියන්නේ..ඔක්කොම වච්න වලට විතරක් සීමා වෙච්ච දේවල්..

  • චේ උන්නැහේ... says:
    January 5, 2011 at 6:38 PM

    ආදරය වනාහි එහෙම්පිටින්ම කැදරයක්ය,ෆට්ට බොරුවක්ය, මෙලොරහක් නැත. එහෙයින් මමනම් ආදරය නොකරමි.

    සියලු සාක්කි සලකා බැලූ කල ආඩම්බරකාරිටනම් ආදරය පිලිබද (අ)මිහිරි අත්දැකීම් රාශියක් ඇති බව පෙනීයයි. කෙසේ වෙතත් ලිපියනම් එලය, එලම කිරිය, මමත් ෆට්ටම ලයික්ය......

Post a Comment