සිරිපා වන්දනාවට ගිය කස්ටිය...........

Monday, January 10, 2011

                           ඔන්න ඉතින් අපේ අක්ෂරයේ කොලු රැන සිරිපා පද්මය කරුණා කරන්න ගිහින් ආයෙමත් ගෙවල් වලට ආවා.. අපේ චාරිකාවට කොලුවන් 9 දෙනෙක් සහාභාගි උනා. අපේ අක්ෂරයේ කෙලි පැටවුන්නම් දැන් ඉරිසියාවෙන් පුපුර පුපුර ඉන්නේ. දැන් එයාලත් අපිව දාලා චාරිකාවක් යනවලු.... අපිට මොකෝ. අපිට ඉතින් හොරෙන් හරි එන්න පුලුවන්නෙ..........

                        ඉතින් මම කිව්වනෙ ගමනට 9 දෙනෙක් සහභාගි උනා කියලා... මම මේ හදන්නෙ ඒ 9 දෙනා ගැන විස්තර ටිකක් කියන්න. මේ කියන සියලුම දේවල් ඇත්තම ඇත්ත හරිද. කොහොමත් ඉතින් අපි බොරු කියන්නේ නැහැනේ. එහෙනම් පින්තූරේ තියන අංක පිලිවෙලට බලාගෙන එන්න හොදේ.




 



                                  දුටු පමණින් මකර තොරණේ වාමන රූපයක් සිහිගන්වයි. ප්‍රමාණයෙන් ගත්කල ඩයිනසෝරයෙකුට හෝ තල්මසෙකුට පමණක් දෙවනි වෙයි. මොහුට ළමයා කියනවානම් අනෙක් අයට ළදරුවෝ කිව හැකිය. මේ දිනවල රොමේෂ්  ලක්ෂාන් ගායනා කරන සුප්‍රසිද්ධ හිතුමතේ ගීතයට ඉතා සිතින් පෙම් බදී. ගාල්ල පැත්තේ නිවසක හිමිකාරයෙකු වීමේ නොතිත් ආශාවෙන් පසුවන මොහුට නිතරම ගැහැණු ළමුන්ගෙන් දුරකථන ඇමතුම් ගලා එයි.කැමට උපන් හපනෙකි. අතේ පත්තුවන බොරු වැලක් ගොතා චාරිකාවට සහභාගී වූ ළමයා ජීවිතේට නොදැකපු අය පවා සහෝදරයන් කිරීමට උපන් හපනෙකි. පොඩ්ඩක්වත් බයිට් වන්නෙක් නොවේ.



              සිහින් උස පඹයෙකුට සමාන රූපයකට හිමිකම් කියන රත්ගමයා  කන්නාඩි පළදී. ඒ ඇසේ ආබාධයක් නිසා නොව හුදෙක් කුප්පකමට බව පරීකෂණාත්මකව සොයාගෙන ඇත. යන යන සියලු තැන්වල සිය කුප්පකම හෙළිකිරීමේ ආශාවකින් පසුවන මොහු දුම් රියේදී අක්කා කෙනෙක් අරභයාද, සිරිපාදයේදී හා බසයේදී නංගියෙක් අරභයාද එය මනාලෙස ප්‍රකට කලේය.  නොදන්නා මැජික් පෙන්වීමට ගොස් නිකම් කිච වන මොහු ඊ බේ හරහා ලබාගත් ලාබ චයිනීස් සයිබර් ශොට් කැමරාවකින් සන්නද්ධව දැකිය හැකිය. සුදු මහත්වරුන් කෙරෙහි මහත් කැමැත්තක් ඇති නිසා යන යන තැන සුදු නෝනා වරුන්ගේ ප්‍රධාන එදිරිවාදියා ලෙස කටයුතු කරයි.



                     රා කලයක් වැනි බඩ ගෙඩියකට උරුමකම් කියන මොහු ගරා යකාගේ ලගම නැදැයෙක් ලෙස පෙනේ. දුටුපමණින් ලැජ්ජා දනවන කවරයක් සහිත කැමරාවක් අතින්ගෙන ගමනේ ප්‍රධාන ජායාරූප ශිල්පියා ලෙස කටයුතු කලේය. ලියන..ගේ.. තරම්ම කුප්ප නොවන මුත් මොහුගේ චරිතයේද කුප්පකම අම්බානෙකට ඇත. ඉහත ජායාරූපයට සිය මුහුණ හරිහැටි නොපෙන්වීමෙන්ද කුප්ප කම ඉස්මතුකර පෙන්වයි. චිලිපේස්ට්, මාගරින් සමග පාන් මොහුගේ ජාතික ආහාරය වන අතර පේරාදෙණිය දුම් රිය ස්ථානයේදී සුද්දියෙකු සමග ඇතිවූ හුටපටය ප්‍රසිද්ධ රහසකි. 



                     සීතල අවස්ථා වලදී සිරුරේ සමහර කොටස් ඇකිලී යාමේ අසාමාන්‍ය ලක්ෂණයක් මොහුට ඇත. උඩමළුවේදී උණුවතුර බෝතලයක් සමග කල විගඩම දන්නෝ දනිති.කූඩැල්ලන්ට දක්වන්නේ පුදුමාකාර ආදරයකි ( පන බයයි). ඉතාමත් කුඩා බැගයක් ගෙන සිරිපා වන්දනාවට සහභාගි වූයේ සිය අඩුම කුඩුම දමන්නටත් ඉඩ මදියැයි කියමිනි. හෝටල්වල ආහාර ගැනීමට දැඩි බියක් දක්වන සීතලයා පොදු වැසිකිලියක් මලත් භාවිතා නොකරයි. සීත ගගුලේ නැමට මහත් ආසාවකින් පසුවූ මුත් නාන්නට නොලැබීම ගැන මහත් වූ දුකකින් පසුවිය. තෙවරක්ම බූරුවා සම්මානයෙන් පිදුම්ලද මොහු බයිට් වීම අවමම අගයක් ගනී.


 05. ප්‍රභාත් හෙවත් පොඩි මහත්තයා :
                    සිරිපා නඩයේ ගුරාය. සිය කුප්ප කම උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් කාර්ඩ් එක රැකගැනීමට මහත් වූ උත්සහයක් දැරුවේය.හිනා යන නොවන විහිලුවකට වුවද හක හක ගාන මොහුගේ හිනාවට අනෙක් අයටද හිනායයි. නැවත ගමනේදි උවමනා කරන ඇදුම් පවා සිරිපා කන්ද මුදුනට ගෙනගොස් තෙමී ඇති නිසා තෙමිච්ච කුකුලෙක් ලෙස නැවත් ගමරට බලා යාමට සිදුවිය.නල්ලතන්නියේ සිට හැටන් බලා එන ගමනේදී අසල ආසනයේ නිදාසිටි පුද්ගලයාගේ උරහිසට හේත්තු වී සිට කොන්දාගෙන් කුණු බැනුම්නම් ඇසුවේ නැත. මොහුද පොඩ්ඩක්වත් කන්නට බැරි පුද්ගලයෙකි.



 06. ලොෂාන් මලයා : 

                 පොඩි මහත්තයාගේ තනිකම් දෝසය නැතිකිරීමට පැමිණි මොහු තම නම්බුව රැකගැනීම උදෙසා නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම ගමන පුරාවටම දක්නට ලැබුනි.නමුත් නල්ලතන්නිය දක්වා ගමනේදී සීතලයා සමග හරි හරියට ඕපාදූප කියවූ මොහුද ආහාර ගැනීමටනම් අතිශය පලපුරුද්දක් සහිත ප්‍රවීණ පුද්ගලයෙකි. 




 07. අනුශ්ක හෙවත් බනියා.:

                උපතේ පටන් දිග කන්දෙකකට හා කුඩා වලිගයකට උරුමකම් කියූ මෙම හාවා දැන් බොම්බයි මොටයි වැනි රැවුලකටද උරුමකම් කියයි. අනෙක් අයට බඩගිනි වෙලාවට මොහුට බඩගිනි නැතත් ,අනෙක අය නොකන වෙලාවට කැම සියල්ලටම වග කියන්නෙකි. හන්තාන හා ෆෙඩෝරා යන වචන මොහුගේ ජීවිතය වූ බැවින් චාරිකාවේදී ඒවා තහනම් වචන කිරීමටද සිදු විය. කන්ද නගිද්දී නිදාගැනීමට අවැසි බව කියමින් පෙරළි කල මොහු කන්ද බහිද්දී ඉක්මනින් බැසීම විශ්මයට කරුණකි. මේ දිනවල යුරෝපා රටක (ඉතාලිය) පුරැවැසිභාවය ලබාගැනීමට සැහෙන කට්ටක් කන හාවා ඉරු සමග සැහෙන්න තරහකින් පසුවෙයි. මොහු හාවෙක් වුවත් ඇතෙක් වැනි කොල්ලෙකි.




  08. චේතන හෙවත් චේ උන්නැහේ :
          චාරිකාවට සහභාගි වූ අහිංසකම පුද්ගලයාය. පරම පරමාදර්ශී කටක් හා නිවුනු සිතක් ඇත්තෙකි. නිර්මාංශ ආහාර පමණක් ගන්නා චේ නිතරම අනෙක් අයට ( ආච්චිලාට) උදව් කිරීමට කැමැත්තක් දක්වයි. කිසිවෙකුව බයිට් කිරීමට හෝ මඩ ගැසීමට එතරම් කැමැත්තක් නොදක්වන මොහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසක කොල්ලෙකි.



09. දිස්මික හෙවත් නිවැසියා.     

          ජායාරූපයේ පෙනෙන්නට නැති අපේ සගයාය. මොහු නොසිටින්නට කස්ටිය ගෙදර එන්නේ තෙමිච්ච කුකුලන් මෙන්ය. හැටන් වල පදිංචි මොහුගේ ගෙදර අපේ නවාතැන විය. මූත් එලමකිරි කොලු පොඩ්ඩෙකි.



                   
 ප.ලි 

මෙම ලිපියේ අඩංගු වන්නේ අතිශය සාධාරණ අවංක ලෙස ලියූ අපක්ශපාතී වාර්ථාවක් බවත් කිසිවෙකුට මඩ නොගසා ඇති බවත් කරුණාවෙන් සලකන්න.(නමුත් මේ ලිපියට කොමෙන්ටු ලෙස අමු අමුවේ මඩ වදින බවනම් සක්සුදක් සේ පැහැදිලිය.)

 

20 ප්‍රතිචාර:

  • sahan ළියනගෙරත්ගමයා says:
    January 10, 2011 at 6:14 PM

    08. චේතන නොහොත් චේ උන්නැහේ :
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෙජිටේරියන්ය.නමුත් ඉස්සන් වඩ කෑමට හෙනම ආසය.සිරිපා කරුනා කරනා ආච්චිලාට අම්බානෙක ආදරය දක්වයි(ඒ දුවෙක් සිටී නම් පමනි)
    .සිරිපා කරුනා කරනා විට කෙල්ලෙකුගේ අතකින් අල්ලා ඒ කෙල්ල ගැබ්බර කල හැටි අදටත් ගමනේ යෙදුනු ඇත්තෝ කතා වේ..කෙල්ලන් සම්බන්ධව අම්බානෙක සෙන්සිටිව්ය.විලි ලැජ්ජාව ඇත්තේම නැත..කොටු කොටු දැමිය යුතු වොයිස් රෙකෝර්ඩින්ග් එකක් ඇත.පවුල එය ඇසුවොත් උන්ඩුක පුච්චය ගල් ගැසෙන නිසා එය නොදමන මෙන් ඉල්ලා රේල් පීල්ලට බෙල්ල තබාගෙන සිටිනා ඡායාරූපය හොදම කැමරා ඇසට හිමි සම්මානය දිනා ගත්තේය...තව විස්තර ඇත..බ්ලොග් පෝස්ට් එකකින් ගොඩ දැමීමට බැරිය...බ්ලොගයක්ම ලියමි පසුවට

  • Bunny says:
    January 10, 2011 at 6:30 PM

    08. චේතන නොහොත් චේ උන්නැහේ 2:

    නල්ලතන්නියට යන බස්රථයේ රියදුරු මහතාට ඒ අඩෝ කාපං මචං හා සිරිපාදේ නැගීමේදි වෙන එවුන්ට හලෝ මචං කියා පිටට තට්ටු කර කිච විය..

  • නදී says:
    January 10, 2011 at 6:42 PM

    @ චේ -
    අනේ ළමය පව්.එයා හරි හොද යාලුවෙක්.

    ඉරුත් දෑක්කා පින්තූර වලින් ඕන්.මෙච්චර කල් හෑංගිලා නෙව හිටියෙ.

    හම්තුම් අය්යගෙ බඩ ගෙඩිය ගෑන කවුරුත් දන්නවනෙ ඉතින් :ඩී

    සීතී මල්ලි ගෑනනම් මම් දන්නෙ නෑ. :(

    පොඩ්ඩ හොදයි කිසි වරදක් නෑ වගේ.

    ලොශාන් & දිස්මික ව දන්නේ නෑත. :(

    අහ්.. බනී, ළමයටත් වඩා ලොකුයිලු නේද? :ඩී

    චේ.. අම්මේ හරි අහිංසක කටක් තමා ඔයාට තියෙන්නෙ.මටත් ඈහුනනෙ. :පි


    කොහොම හරි කරදරයක් නෑතුව ගිහින් ආව එකට උදව් කරපු හෑමෝටම පින් දෙන්න වෙයි ඕන්.

  • Prabhath says:
    January 10, 2011 at 8:02 PM

    අංක 8න් පෙන්නුම් කරන සුවච කීකරු, ලඳ බොලඳ, අහිංසක පරමාදර්ශී චරිතය පිළිබඳ කිසිවක් දෙඩීම උගහටය. එතරමටම හෙතේම අහිංසකය, පරමාදර්ශීය....

    අංක 5න් පෙන්නුම් කරන මා ගැන පවසා ඇත්තේ නම් සහතික ඇත්තය.
    හැබැයි එම කුප්ප කම නොවන්නට නඩේ මඩ අනාගෙන නෑමට සිදුවීමට ඉඩතිබුනි... නඩේ ගුරා හැටියට පරමාදර්ශී වීම වැදගත් හෙයින් එලෙස හැසිරුනෙමි ;)
    මා නම් කෑමට කිසිසේත් නොදනිමි. ඒ නිසාම රා කලයකට ‘පොඩ්ඩක්‘ ‘පොඩි‘ බඩකට හිමිකම් කියමි.
    @නදී අක්කා- සහතික ඇත්ත අක්කේ...මම බෝම හොද ගුන යහපත් කොලුවා... :) බොහෝම ස්තූතියි...

    අංක 6න් සහ 9න් පෙන්නුම් කරනුයේ මාගේ මිතුරන් දෙදෙනායි.
    ලොෂාන් උසය මහතය.
    දිස්මික කොටය සුදුය.

  • ඔයයිමමයි says:
    January 10, 2011 at 8:43 PM

    කස්ටියටම මඩ ප්‍රහාර දරුනු ලෙස වැදී ඇත.ඒ නිසා මම කාටවත් මඩ නොගසමි.ඇත්තටම මේ ගමන සුන්දරයි.මේ වගේ යාළුවෝ ටිකක් අපිට සෙට් කල නදී(බතලි) ට ගොඩාක් පිං. මේ අතර රෝස පාට ජර්සියක් ඇද සිටි තරුණියක් පසු පස විදුලි වේගයෙන් ගමන් කල රතු පාට ජර්සියක් ඇදගත් තරුණයකු පිලිබද සිරිපාද අඩවියේ පොලීසිය කරුනු විමසයි.

  • jhothishalanka says:
    January 10, 2011 at 8:47 PM

    කොල්ලො ටික කොහොම වුනත් කැමරාව නම් මරු.බොරුනම් රූපෙ උඩ ක්ලික් කරල ලොකු කරල බලන්න

  • චතුවා says:
    January 10, 2011 at 9:18 PM

    වැඩි කතා කියන්න ගිහින් නොකිව්ව දේවල් කියවන්න යන්නේ නෑ.. සියල්ලෝම ගැන හොඳින් දැනගත්තා.. චේ උන්නැහේට කියන්න තියෙන්නේ වැඩිය සද්දේ දාගෙන ආවෙත් ඕඩියෝ ක්ලිප් එක ප්‍රසිද්ධ වෙයි කියලා තමා..

  • Anonymous says:
    January 10, 2011 at 9:28 PM

    අම් අම්.. මමත් නම් ආසයි චිලි පෙස්ට් එක්ක පාන් කන්න.. මරුනේ.... කොහොම උනත් කට්ටිය ඇති වෙන්න මඩ නානවා වගේ බාල්දි පිටින්.. අනේ සාදු..
    ඔය චේ අයියාගේ අහිංසක කමත් එයි කොහෙන් හරි එලියට..

  • ayesh says:
    January 10, 2011 at 11:55 PM

    උඹලා අහලා තියෙනවද කරෝල නොකන ඒත් කරෝල හොදි කන වෙජිටේරියන් කෙනෙක්ව.මම නම් අහලා තියෙනවා.මම නම කියන්නෙ නෑ.පව්නේ.මම ඕන්නම් නම පටන්ගන්න මුල අකුර කියන්නම්.මුල අකුර තමයි "චේ".අකුරු තුනයි.මම හිතන්නෙ ගොඩක් අය අදුරන්නෙ නැති වෙයි කියලා.අදුරගත්තොත් ඒත් අදුරගත්තෙ නැහැ වගේ ඉන්න හොදේ.නැත්නම් පව්නේ.ඔන්න බලන්න 2011 අලුත්ම වෙජි රැල්ල.."මම කරෝල නොකමි නමුත් හොදි කමි"

    ඒක නෙමෙයි හලෝ මම,ඔයයි මමයිගෙ කමෙන්ට් එක කියවනකොටයි මතක් උනේ.අද දවසේ මේ පැත්තෙ පොලීසිය කැරකුනා මුගේ හැඩරුව තියෙන කෙනෙක් මේ පැත්තෙ ඉන්නවාද කියලා බලන්න.එහෙනම් ඒකට තමයි එන්න ඇත්තේ.එහෙනම් චේ,චී වෙයි වගේ..

  • dinesh says:
    January 11, 2011 at 7:11 AM

    @චතුවා (ළමයා),
    ආතල් එකක් එහෙම ගන්න බැරි උනැයි.

  • Prabhath says:
    January 11, 2011 at 9:42 AM

    @දිනේෂ්- ළමය ගත්ත ආතල් කෝටියයි...

  • චේ උන්නැහේ... says:
    January 11, 2011 at 12:09 PM

    මම කියූ දේ හරියටම හරිය. අහිංසක මටද අම්බානෙකට මඩ වැදී ඇත. මෙතන ඇත්තේ ඵල ඇති රුකට ගල් වැදීමේ තියරියය.

    @ රත්ගමයා........
    අහිංසක හැන්ඩ්සම් කොල්ලන් පසුපස කෙල්ලන් පෝලිමට පැමිණීම මුන් වැනි කුප්පයන්ට දරාගත නොහැකිව මඩ බාල්දි ගනන් ගසන බව පෙනේ. ඉරිසියාත්මක කුප්පයෙකි :)

    @ බනියා.........
    යාලුකම පෙන්නන්නට ගොස් කරගත් ගොං වැඩකි.

    @ නදි අක්කා.......
    මගේ කට කොහොමත් අහිංසකය. කොහොම උනත් ගමන සාර්ථක කරගැනීමට උදව් කල සියලුම දෙනට පිං දෙමි.විශේශයෙන් දිස්මිකටත් දිස්මිකගේ මවටත් හදපිරි ස්තූතිය පුදමි.

    @ පොඩී..........
    ටැන්කූ... ටැන්කූ...

    @ ඔයයි මමයි......
    ඇත්තටම බතලිට ගොඩාක් පිං.අර රතු ජර්සිය ඇදි තරුණයාත් සමග හරි හරියට ලුහුබැදීමේ නිරතවූ රතු තොප්පි කාරයා පිලිබදවද පොලීසිය විමසිලිමත්ව ඇත.

    @ JHOTHISHALANKA......
    අපේ ඔයයි මමයි සහෝදරයාගේ ප්‍රොෆෙසනල් කැමරාව නොවැ.

    @ ළමයා.......
    අම්මෝ මම බයවෙමි. කිසිවක් නොකියමි.

    @ නිම්ශා.......
    එහෙනම් මමත් ආසයි චිලි පෙස්ට් එක්ක පාන් කන්න.. චේ අයියා ගොඩාක් අහිංසකයි තමයි. ඒක එලියට එන්න දෙයක් නැ.

    @ අයේශ් නොහොත් සීතලයා........
    ඔබතුමාගේ පෞද්ගලික කෙරුවාවන් මෙතන නොකියමි. කෙසේ වෙතත් මට වඩා මඩ අයිතම ඔබට ඇතිබව තරයේ සිහි තබා ගන්න.

    @ දිනේශ්.... ළමයා ගත්ත ආතල් කෝටියක් වන අතර ළමයා හරහා අපි ගත් ආතල් කෝටියේ ඒවා කෝටියකි.

  • Kavindya says:
    January 11, 2011 at 6:33 PM

    මේ වගේ ලිපියකට කමෙන්ටු නොදා ඉන්නේ කොහොමද......
    පේන හැටියට මෙයාලට එහෙදි හරියට කුප්පමේනියා පෑගිලා තියෙනවා.... ඒකනේ ආව දවසේ ඉදන් හැම එකටම කුප්ප කුප්ප ගාන්නේ...... කොයි හැටි උනත්.... ළමය මල්ලි මහතයි මම හිතුවට වඩා.... පොඩි මහත්තයා චේතන දෙන්නනම් මම හිතපු විදියමයි...‍

    මමයි ඔයයි අයියනම් හාත්පසින් වෙනස්... මම හිතවේ ළමය වගේ පොඩි එකෙක් කියලා... බලද්දි නදී අක්කගෙක් අයියලුනේ..... වයසයි වයසයි......

    ඉරු ගැන කියන්න දෙයක් නැහැ ඔය හාදයා... මම මීට කලින් දැකල තියෙනවා....පොටෝ වලින්....

    හාවත් ඉතින් මගේ උපන් ගේ තරහ කාරයානේ... නෝ කමෙනිට්ස්....(වල් හාවා විහිලු හොදේ)

    අනිත් සහොදර වරුනම් මම දකින මුල් වතාවටම්....‍

    කටිටියමට දැන් කකුල් රුදාව හෙම අඩු ඇති කියල හිතෙනවා...
    (නැත්තම් උණූ වතුර එකක් හලාගන්න ගොරකා ටිකක් දාල... එහෙමයි අපේ ආත්තම්මා කියන්නේ...)

    ආයේ යන දේවස්තානෙක මමයි නදී අක්කයි ආඩම්බර නංගවයි නිමේෂවයි එක්ක යන්න අමතක කරන්න එපා.....

  • රත්ගමයා says:
    January 11, 2011 at 6:47 PM

    චා උන්නැහේ වෙත ආදරයෙන් ලියමි.....
    තෝ ගැන හෙන කුප්ප කතා ලෝඩ් එකක් ඇත....ඉදපිය...මම හෙනම කුප්පය

  • නදී says:
    January 11, 2011 at 7:36 PM

    @සුදු හංසි - අනේ... හම් තුම් අය්ය එච්චර වයස නෑ.මම් අය්ය කීවට එයත් මගෙ වයසෙමයි.එයා මට වඩා මාස 3ක් 4ක් වෑඩිමල් වෙන්නෙ.

    මටත් ඔය කුප්ප කතාව නම් තේරුනේ නෑ.මොකක් හරි නරක දෙයක් වෙන්ටෑ.

  • Prabhath says:
    January 11, 2011 at 9:32 PM

    සුදු හංසි- කොහොමද හප්පේ හරියටම එහෙමැයි කියල හිතුවේ....
    යන යන තැං වල යමුයි කිව්වට කස්ටිය එන එකක් යැ... ගමේ පන්සලටවත් යන්නේ නැතුව කොහේද මෙයාල අපි එක්ක යන්න එන්නේ... :)

  • චේ උන්නැහේ... says:
    January 12, 2011 at 4:03 PM

    @ සුදු හංසි........ ඔයා චේ කියලා හිතින් මවාගෙන හිටියෙත් මම වගේම අහිංසක, බොහෝම ගුණයහපත් කොලු පොඩ්ඩෙක්ගෙ රූපයක්ද...... ඔයානම් මරු ඇ.....

  • චේ උන්නැහේ... says:
    January 12, 2011 at 4:07 PM

    ඔයයි මමයි ගැන මොනාහරි වැරදි දෙයක් කියනකොට නදී අක්කගේ හිතට හරි අමාරුයි. මොකද මංදා......මම හිතන්නේ මගේ මංගල දැන්වීම වැඩකරලද කොහෙද......

    හික්ස්ය
    දෙවතාවක් තිත් දෙකයි පීය...

  • චතුවා says:
    January 12, 2011 at 7:49 PM

    චේ උන්නැහේගේ කතාවට මමත් ලයික්ය.. මගේ දීර්ඝ කාලීන නිරීෂණයන්ට අනුව එය සැබෑවකි. කුමක්හෝ හුට්ටප්පරයකට අරඅදිනා බවක් පෙනේ..

  • ayesh says:
    January 14, 2011 at 1:01 PM

    මටත් පේන්නෙ එවැනි සිදුවීමක් සිදුවන බවය...

Post a Comment