ආදරණීය අම්මේ,
ගෙදර තත්වේ කොහොමද?මෙහේ නම් තත්වේ ගොඩක්ම දරුනුයි...මේ ලීයුම ලියන කොටත් ආටි බන්කරේ උඩින් යනවා.අම්මා බය වෙන්න එපා..අම්මගේ චූටි පුතාට මුකුත් වෙන්නෙ නෑ..
තාරුට කොහොමද අම්මේ...මගේ චූටියා දැන් ගොඩක් දගයි ලු නේද?දකින්න ආසයි ඔක්කොමලවම..කවද එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ අම්මේ..කොහොම උනත් තව ටික දවසයි..ඉවරයක් කරනව මුන්ව.කාලකන්නි යක්කු..ලොකු පස් බැම්මක් බැදල ඉස්සරහ..මුන් හිතන් ඇත්තෙ අපිව නවත්තන්න..ඒක කවදාවත් වෙන්නේ නෑ අම්මේ..අම්මගෙන් බීපු කිරි වල හයිය තාම මගේ ඇගේ තියෙයි.ඒ කිරි වල ණය පල්ල ඉවර කරන එක කරනවා.කොල්ලෝ ටික නම් මාර ගැම්මෙන් ඉන්නේ..ඒ මොරාල් එක නවත්තන්න කාටවත් බෑ.
සුමනේ බාප්පගේ පුතා ඉස්සර මාර බයගුල්ලෙක් නේ අම්මේ..අම්මට මතකද..ඌ ඉන්නෙත් අපේ එකේ..පෙරේදා ඌ මට කියනවා 'සහන් අයියේ...මම මැරෙන්න බය නෑ ලු..මරනවාලු..එකෙක් වත් තියන්නෙ නෑ ලු.."
හැම එකාම එහෙමයි අම්මේ..මමත් මැරෙන්න බය නෑ...මගේ චූටියට මේ මගේ රටේ බය නැතුව හුස්ම ගන්න පුලුවන් කරනවා..ඒක මේ තාත්තගෙන් මගේ චූටියට පොරොන්දුවක්.
පස් බැම්මට එහා මගේ තාරු වගේ කෙල්ලො මහා ගොඩක් බයෙන් වෙව්ල වෙව්ල ඇත්තෙ අම්මෙ...මගේ චූටියා වෙගේ පොඩි උනුත් ඇති..උන්වත් බේර ගන්න ඕන
..ගිය සතියේ තමා ජගත් අයියට වෙඩි වැදුනේ..කකුල කපලා කියල තමා ආරoචිය.
.මම ගියාට එයාව අල්ලන්නවත් දුන්නෙ නෑ..''උඹ පැත්තකට වෙයන් මල්ලී...මුන්ව බාවනවා..මම තාම මැරුනේ නෑ..එක්කො මැරෙනවා..නැතිනම් මරනවා..මට අම්මා තාත්තා නෑ..මේ පින් පොලව තමා මගේ අම්මා..මගේ අම්මව කාලකන්නිට උදුර ගන්න දෙන්නෙ නෑ..'' ඔහොම කියාගෙන ආයේ නැගිට්ටා......දැන් ඉස්පිරිතාලේ ඉදන් කෑ ගහනවලු මට අම්මාව බේරගන්න යන්න දියව් කියලා....ජගත් අයිය වගේ ගොඩක් කට්ටිය ඉස්පිරිතාලේ අම්මේ.
.මටත් ඉස්පිරිතාලේ නවතින්න වෙයිද නැතිනම්..............අනේ මම දන්නෙ නෑ මගේ අම්මේ.....තව ටිකකින් ඉර පායනවා...ආයේ අලුත් දවසක්..මම නවතින්නම් අම්මේ...වෙලාව ඉවරයි මට හම්බුවුන...මගේ තාරුවයි..චූටියවයි හොදට බලාගන්න...තාරුට කියන්න මම එයාගේ ආදරේ නිතරම මාව පරිස්සම් කරනව කියලා......මුන්ව ඉවර කරපු දවසට අපි හම්බෙමු..අම්මා බය වෙන්න එපා..මම දැන්ම මැරෙන්නෙ නෑ..මට අම්මගේ කිරිවල ණය ගෙවන්න තියෙනවා..
අපි ආයේ හම්බවෙන්නේ මුන්ව ඉවරයක් කරපු දවසට...ඒක අම්මාගේ චූටිපුතා අම්මට දෙන පොරොන්දුවක්.........
ප.ලි --- මේ විදිහට කී දෙනක් ගෙදරට ලියන්න ඇත්ද...කීදෙනෙක් අයේ අම්මව දකින්න ඇතිද...මොනවද මේ යුද්දය අපිට දුන්නෙ..මුකුත්ම නෑ නේද..රත්ගමයාට කවදාවත් අමතක වෙන්නේ නෑ අපේ කොල්ලෝ බන්කර් වල විදපු දුක...උන් රැක්කෙ අපේ ජීවිත..රත්ගමයා මෙහෙම ලීයන්නෙ උන් නිසා..මෙහෙම ලියල මදි අයියේ උඹලා ගැන..සත්තයි..ජීවිතේ තියනකල් අමතක වෙන්නේ නෑ...ඇත්තටම .....අපි උඹලට ණයගැති අයියේ.............
මල්ලියාගේ වටිනා ලිපියක් කියවන්න ලැබීම සතුටක්
ඇත්තම ඇත්ත බං.. මෙයාලා නැත්තං අද අපි ජීවත් වෙලා ඉදීද කියලත් විස්වාසයක් නෑ..
බොහෝම වැදගත් වටිනා ලිපියක්!
ඇත්ත තමයි රත්ගමයෝ..,අපේ අයට දැන් හමුදාවේ අය අමතක වෙලා වගේ.යුද්දෙ දින්න දවස්වල බෙර ගහල කස ගහල රතිඤ්ඤ(ලියා ගන්න වෙලා ගියා) පත්තු කරල ප්‍රීති වුනාට ඒ දවස්වල තුවාල වෙච්ච රණවිරුවන් ගැන දැන් කවුරුවත් කතාකරන්නෙවත් නැහැ.අපේ උන්ට කන්න තියෙනවනම් අනිත් සේරම අමතකයි.හොද සටහනක්
මේ ගැන නම් පෝස්ට් විස්සක් උනත් ලිව්වැකි.... රත්ගමයා උඹේ පපුව ගැන මේ ලිපියෙ තියෙනවා මචන්.. මම අද හම්බ කරන් කන්නෙ මේ මිනිස්සු නිසා.... ඒ නිසාම මගේ ජීවිතේ තියෙන තාක්කල් මම මේ මිනිස්සුන්ට ණයගැතියි....
සහතික ඇත්ත රත්ගමයෝ ...කොටි කටේ ජීවත් වෙච්ච අපි දන්නවා . අපේ කොල්ලෝ අපිව බේරගන්න කොයිතරම් නැහුනද කියලා ..දැන් කාටවත් මතක නෑ පරන අතීතය ..මටත් දැන් තමයි ඇත්තටම මතක් උනේ අපි ජීවත් වෙලා ඉන්නේ කවුරු නිසාද කියලා ..
මේ මතකය අවදි කරාට ස්තූතයි මචං ..
ජය වේවා !!
ඔන්න අද තමයි මේ බ්ලොග් එකේ මුලින්ම කොමෙන්ට් කරන්නෙ. ලස්සන ලිපියක් සහෝ. සෑහෙන්න හිතට වදින්න ලියලා තියෙනවා. දිගටම මේ වගේ ලියපන්
උපරිමයි රතගමයෝ... අපිට කවදාවත් අමතකවෙන්නෑ.......
අති විශිෂ්ඨයි සහෝදරයා..........
ජයවේවා