මුහුදු තීරය ඔස්සේ ඇදී එන දුම්රියෙන් නැගුණු ගොෂාකාරි හඩ, මුහුදු රළ පරයා ඇසුණි. වන්දනා තම තෙත් වුණු දෑස් දුම්රිය මැදිරියේ වු අනෙකුත් මගීන් ගෙන් සගවන්නට වෙහෙසෙමින් රැළි පිට රැළි නැගෙන සයුරු රළ දෙසටම නෙත් යොමාගෙන උන්නාය ..
යාබද ඉදිරි අසුනේ උන් පෙම් යුවල ඔවුනගේම ලොකයක තනිවී සිටී.. වන්දනාට තරමක අපහසුවක් දැනුනි. හැගීමෙන් තොරව ඔවුන් දෙදෙනා දෙස බලා හිදීමෙන් තමා කලේ වරදක් යැයි සිතුනු නිසාදෝ ඇය යලිත් සයුරු රළ දෙසට වනත් පා කර හැරියාය.
නෙත් හුදෙකලා වු ඇසිල්ලෙන් ඇය මතකය ඔස්සේ තම ළමා කාලයට දිව ගියාය, ..... තාත්තාගේ මහ ගෙදර පවුලේ කවුරුත් කියනා ලෙස අත්තම්මාගේ ගෙදර ගෙවී ගිය තම සුන්දර ළමා කාලයේ දසුන් එකින් එක ඇගේ මනසේ ඇදෙන්නට විය . ලොකු අයියාත් පොඩි අයියාත් වන්දනාත් එකතුව සෙල්ලම් ගෙදරක් තැනු හැටි තාත්තා තමන්ට ගෙනැවිත් දෙන කෙලිබඩු පවා ඔවුන්ට දි සතුටු වුනු හැටි, ගම හැරදා ඔවුන් නගරයට යන විට එකිනෙකාට තුරුළුව හඩා වැටුණු හැටි ඇයි එකින් එක සිහි කලාය...
වන්දනාගේ පියා පාසැල් ගුරුවරයෙකි, මව පෞද්ගලික ආයතනයක සේවය කලාය, වන්දනාත් තාත්තාත් අතර වු සම්බන්ධය ඉතාමත් දැඩි එකක් විය... මව රාජකාරියට උවමනාවට වඩා කැපවී උන් නිසාදෝ ඇය වන්දනාට එතරම් ලං නොවූවාය.. බොහොවිට වන්දනාගේ මව තුෂාරි කාලය ගත කලේ නිවසින් පිටතයි. එනිසාදෝ වන්දනා කුඩා කල සිටි මව ගේත් පියාගේත් සෙනෙහස ලැබුවේ තාත්තාගෙන්මය.
සාමාන්‍යපෙළ විභාගය අවසන්වී සතියක් යන්නට මත්තේන් වන්දනාගේ පියා හදිසියේ රෝගාතුර වුවේය . දෙසතියකට පසු ඔහු වන්දනාව සදහටම තනිකර දමා දෙනෙත් පියා ගත්තේය. පියාගේ සුව දුක් බැලීමට රොහලට තනිවම ගිය වන්දනා එපුවත අසා සිහිසන් වුවාය... ඇය දෙදවසකින් දෙනෙත් හරිද්දි.. තාත්තාගේ අවසන් කටයුතු සදහා සියල්ලම සූදානම් ව තිබුණි, ඒ චාරුණී නැන්දාගේ මූලිකත්වයෙනි. ඒ වන තුරුත් අම්මා නිවසට පැම්ණ නොසිටියාය. අම්මා පැම්ණියේ දෙන සොහෙනටත් ගෙන ගිය පසුය.. ඒ වෙද්දි ඇය විදේශයකට ගොස් උන්නාය.
තාත්තාගේ අවසන් කටයුතු අවසන්ව සුමානයකක් ගෙවෙන්නටත් පෙර තුෂාරි යලිත් විදේශ ගත වුවාය වන්දනා නිවසේ උනනේ තනිවමය, දෙමසකින් යලිත් පැමිණි තුෂාරි විදේශයේ ස්ථිර පදිංවියට යන්නට අවැසිබව කීවාය. එහෙත් වන්දනා ඊට කිසිසේත්ම කැමති නොවූවාය,
"මගේ තාත්තිගේ සුවද තියෙන්නේ මේ පොළවේ... අත්තම්මාගේ සුවද තියෙන්නේ මේ ගෙදර... මේ දේවල් අත ඇරල නන්නාදුනන රටකට යන්න බැහැ. .... මාව බෝඩ්මක හරි නතර කරල අම්මි යන්න....." වන්දනා හඩමින් කීවාය.
අවසන මහ ගෙදරත් විකුනා දමා තුෂාරි විදෙස්ගත වන්නට සූදානම් වෙද්දී චාරුණි වන්දනාගේ සියලු වගකීමි භාරගෙන ඇයව තම නිවසට ගෙන්වා ගැනීමට එකග වුවාය. ඒ අනූව පාන්දරින්ම රුහුණු දුම්රියේ නැගුණූ වන්දනාට මේ ඉරනම් ගමන එන්නට සිදුවිය.
දුම්රිය ගමනාන්තය දක්වා පැමිණෙන තුරුම සිතිවිලි අතර උන් වන්දනා මගීන්ගේ කලබලකාරී ගෝසාවට ගැස්සී වට පිට නෙත් හෙලුවාය... මගීන් එකිනෙකා දුම්රියෙන් බසිමින් සිටී.. ඇයත් තම බෑගයන් රැගෙන සෙසු මගීන්ට එක් වූවාය ... ............
*******************************************************************************
දෙවන පියවරට අවසරයි
Subscribe to:
Post Comments (Atom)
හරි එහෙනම් දිගටම ලියමු සුදු හංසි නගෝ.....
අපි එන්නම්කෝ කියවන්න....
ලියන්නකෝ සුදු අක්කේ දිගටම... මං ආසම වැඩේ බ්ලොග්වල ලියවෙන දිග... කතා කියවන එක..! දැන් ඉතින් බ්ලොග් ලියන අයගෙන් මම කැමතිම කෙනෙක්ගේ කතාවක්.. නියමයි... මම නම් අනිවා කියවනවා!
මරු.. මමත් ආස කතා කියවන්න... අක්කේ දිගටම ලියමු....සුබ පැතුම්..
දිගටම ලියන්න සහොදරි.... අපිත් ආසාවෙන් කියවනවා.....
This comment has been removed by the author.
ස්තුතියි හසීයෝ........ ළමයෝ නීමේෂා......... සහ චේ උන්නැහේ........... දෙවන පියවර අද ලීවා.... හෙට උදෙන්ම පෝස්ට් කරන්නම් ඒකත් තියවන්න......
ස්තුතියි දිරිමත් කිරීමට........
පොච්චියේ දැන් නෙව මෙක අහුඋනේ...
මෙ අර මං දන්න හංසි නගාද..?නැත්තං වෙන කවුරුහරිද..?
මොනවා උනත් මොකෝ කියවන්න තහනමක්යෑ..
ඔං මාත් පැල පදියං උනා...
හැබැයි හුගාක් කල් බලං ඉන්ට බැහැ..එක හුස්මට කියවන්ට තියෙන්ට ඔන...
දිගටම ලියන්න.මමත් ආසයි කතා කියවන්න.