රත්ගමයා ආයේ ඇවිල්ලලු..........

Sunday, January 30, 2011


රත්ගමයා බ්ලොග් කෙරුවාවට ඇවිල්ලා මාස 6ක් විතර ඇති මයේ හිතේ.මීට සති 3කට විතර කලින් ලමයා මුහුනු පොතේදි රත්ගමයට හම්බ උනා...උඹ ආයේ ලියන්නේ නැද්ද? ඕක තමා මුලින්ම අහපු ප්‍රශ්නේ."ලියනව නම් කියපන්.අපි අක්ෂරය කියලා බ්ලොග් එකක් ලියනවා කැමති නම් වරෙන්." එදා මම අක්ෂ‍රයට ලියන්න කැමැත්ත දුන්නා..එදා ඉදලා අක්ෂරයට ලියනවා.''කලින් බ්ලොග් එකට මොකද මලයෝ, උනේ'' කියලා ගොඩක් අය මගෙන් අහනවා.
ඒක ගොඩාක් දිග කතාවක්..රත්ගමයා ලියපු මාස 3 මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු උන මාස කීපයක් තමා..ජීවිතේ විදින්නේ කොහොමද කියලා බ්ලොග් ලියන කාලේ ඉගෙන ගත්තා.ඉස්සර සමහර විට මාසෙකට බ්ලොග් පෝස්ට් 20ක් විතර දානවා.මාස 3ක් ඇතුලත ගොඩාක් යාලුවෝ හම්බුනා.එයාල තාමත් බ්ලොග් එක ලියනවා..ඒත් රත්ගමයා බ්ලොග් එක නැවැත්තුවා..නැවැත්තුවම ගොඩක් අය හෙව්වා..ඊමේල් ආවා ගොඩාක්..මුහුනු පොතේ දන්න දන්න හැම කෙනාම ඇහුවේ මොකෝ යකෝ ලියන්නේ නැද්ද කියලා.මට දෙන්න උත්තරයක් තිබුනේ නෑ..මාසයක් ඇතුලත 10,000 ක් බ්ලොග් එක බලලා තිබ්බා.. 100ක් විතර යාලුවෝ රොත්තක් හිටියා..
මෙච්චර කට්ටිය රත්ගමයට ආදරේ කරනව කියලා මම දැනන් ඉදියේ නෑ..අඩුම ගානේ මම වත් දැනන් ඉදියේ නෑ මට ලියන්න පුලුවන් කියලා.ඒත් ලියන පෝස්ට් එකකට කොමෙන්ට් වැඩටෙනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..දැන් රත්ගමයා අලුතෙන් බ්ලොග් එක පටන් අරන්...ඒ නමින්ම වෙනස් තැනක..ගොඩක් දෙනෙක් දන්නේ නෑ ඒක...ආයේ බ්ලොග් එක පටන් ගන්න අක්ෂරය ලොකු උදව්වක් උනා කියලා හිතෙනවා..ආයේ ලියන්න කැමැත්ත ඇති කරේ අක්ෂරය..ලියන්න ඕනකම ඇති කරේ අක්ෂරය...මාව මේකට එකතු කරගත්ත ලමයට පින්..ඒ වගේමයි අක්ෂරය ලියන අනිත් යාලුවෝ හැමෝටමත් ගොඩාක් ස්තූති.රත්ගමයා කියන්නේ තව දුරටත් මගේ බ්ලොග් එකක් නෙමේ..ඒක බ්ලොග් කියවන ඔයාලගේම බ්ලොග් එකක්...
                          ඉස්සර රත්ගමයව ඉස්කෝලේ යාලුවෝ හිතන් ඉදියේ නිකම්ම නිකම් කොල්ලෙක් කියලා..ඒත් රත්ගමයා මට වටිනා කමක් දුන්නා...දැන් මොකක් හරි ලියමනක් ලියව ගන්න උනාම කියන්නේ...''අඩෝ. අරූට ලියන්න පුලුවන් ඔය වැඩේ ඌට බාර දෙමු කියලා....ඉතින් මේ රත්ගමයා මට වටිනවා...දැන් ඉතින් ආයෙත් වැඩ පටන් ගන්න කාලේකියලයි මම හිතන්නේ..මගේ ඉස්සර යාලුවෝ ඔක්කොම ආයේ රත්ගමයා පැත්තේ එයි කියලා හිතනවා.......
මෙන්න බ්ලොග් ලිපිනය මෙතනින් යන්න
                                                       රත්ගමයා
(     ප.ලි     -    මම ලියපු පරණ පෝස්ට් ඔක්කොම රත්ගමයට ඉම්පෝර්ට් කරා...)

5 ප්‍රතිචාර:

  • චතුවා says:
    January 30, 2011 at 3:43 PM

    හ්ම්ම්ම්ම්............. එල එල... :D

  • හිස් අහස says:
    January 30, 2011 at 6:21 PM

    මමනම් දන්නවා මුල ඉඳලම ...

  • රත්ගමයා says:
    January 30, 2011 at 8:14 PM

    @ලමයා කොදුරන්නේ මොකෝ යකෝ......

    @හිස් අහස සර් මක්කා යකෝ දන්නේ...අරකි ඔක්කොම කිව්වද....:O:O:O ඉකේයියා...........

  • Anonymous says:
    January 30, 2011 at 9:24 PM

    දිගටම ලියමු ගෙම්බෝ එහෙනම්... :)

  • Prabhath says:
    January 30, 2011 at 10:07 PM

    රත්ගමය අතුරුදන් උනාම මූව හොයන්න කොච්චර දත කෑව කියලද...හා හා.. ඇති යන්තම් රත්ගමය ආපහු ඇවිත්....

    ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත.... එක දේකටම නෙමේ.. හුගාක් දේවලට සමත්කම් දක්වනවා...

    ඉතිං තමුංගෙ හැකියාව හොයාගන්න රත්ගමයට හැකිවීම ගැන හුගාක් සතුටුයි. (මොකද පොඩි මහත්තයත් තාම උගේ හැකියාව මොකද්ද කියල හොයනවා. හම්බුවෙලා නෑනෙ)
    දිගටම ලියන්න මිත්‍රයා... අපි රත්ගමය එක්ක, අක්ෂරය හැමෝමත් අනිත් අයත් හැමෝම......

Post a Comment